ටී. එම්. ජී. චන්ද්‍රසේකර: මර්වින් සිල්වාගෙන් ගුටි කෑ අහිංසකයාගේ වර්තමාන කතාව

main8pic42007 දෙසැම්බර් මාසයේ දිනෙක, තමන් මෙරට බුදුන්ට පමණක් දෙවැනි මිනිසාය සිතා සිටින මර්වින් සිල්වා නම් මැරයා, තම තග් සහචරයන්ද කැටුව රූපවාහිනි සංස්ථා ගොඩ නැඟිල්ලට කඩා වදින්නේය. ඒ ඉන් පෙර දිනයෙහි ඔහු මාතරදී මංගල සමරවීරයන්ගේ මෑණියන් ගැන කී කුණු කතාවක් රූපවාහිනියෙහි ප්‍රචාරය නොකළැයි කේන්තියෙනි. විනය හා හැදියාව ගැන නිතර පොර ටෝක් දෙන කුරක්කන් රජ්ජුරුවන්ද මුල්පෙළෙහි තියාගෙන, මර්වින් සිල්වා කරන මේ ප්‍රකාශය මේ රටේ රජයේ මාධ්‍යයකින් පවා ප්‍රචාරය නොකළ හැකි අන්දමේ, ඔහුටම අපූරුවට ගැළපෙන වනචර කතාවකි.

මේ ඓතිහාසික රූපවාහිනි ගමනේදී මර්වින් සිල්වා හා ඔහුගේ තගයෝ රූපවාහිණියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී. එම් ජී. චන්ද්‍රසේකරට පහර දෙති. මර්වින් සිල්වා, චන්ද්‍රසේකර කමිස කොලරයෙන් ඇදගෙන සභාපතිවරයාගේ කාමරයට ඇද ගෙන යන්නට තැත්කරන මුත් ඒ උත්සාහය අසාර්ථක වේ. මේ අතර තම සගයාට නිරපරාදේ පහර දෙනු දකින රූපවාහිනී සේවකයෝ මර්වින් සිල්වාට අමතක නොවන පාඩමක් උගන්වති. තම ජීවිතයේ ප්‍රථම හා විශාලතම පරාජය මර්වින් සිල්වා ලබන්නේ එදිනය. හිසින් ලේ පෙරාගෙන, රෝස පැහැති තීන්ත නා ඔහු සංස්ථා භූමියෙන් පිට වන්නේ තෙමිච්ච කුකුළකු ලෙසිනි.

මින් සති කිහිපයකට පසු වරින් වර රූපවාහිනී සේවක පිරිසට මැර ප්‍රහාර එල්ල වේ. ඒවා පිටුපස සිටින්නේ කවරකුදැයි කිසිවකුට රහසක් නොවේ. අවසානයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මේ සිද්ධි මාලාව නතර වේ. අරුමයකි. කිසිදු වරදකරුවෙක් දඬුවම් නොලබති. ඒ කුරක්කන් රජ්ජුරුවන්ගේ විජිතයේ නීතියය.

ඒ අතීත කතාවය.

වර්තමාන කතාව මීට වඩා ශෝචනීයය. මර්වින් සිල්වාගේ මැර ක්‍රියාවට සැබැවින්ම දඬුවම් ලබන්නේ ඒ අවාසනාවන්ත සිද්ධියට මැදි වූ අහිංසකයාමය. සිද්ධිය වන අවස්ථාවේ රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩිවී සිටි ටී. එම්. ජී. චන්ද්‍රසේකර මේ වන විට කාර්ය භාරයක් නැති නිලධරයකුගේ තත්ත්වයට ඇද දමා ඇත. ඔහු Eye චැනලයට මාරුකර යවා ඇති එකම නිලධරයා වේ. එහි ඔහුට කරන්නට යමක් නැත. වරෙක ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රවෘත්ති වාර්තාකරුවකු වූ චන්ද්‍රසේකර දැන් උදෑසන වැඩට පැමිණ පොත අස්සන් කොට නැවත සවස පොත අස්සන් කර ගෙදර යයි. ඔහුට වැටුප් ලැබෙතත් කරන්නට වැඩක් නැත.

මෙය ටී. එම්. ජී. චන්ද්‍රසේකරට පමණක් සීමාවූ දඬුවමක් නොවේ. මර්වින් සිල්වා සිද්ධියට සම්බන්ධ හැම කෙනකුටම මෙවන් දඬුවම් මාරු ලබා දී ඇත. ඒ ඔවුන්ගේ හැකියාවට කිසිසේත් නොගැළපෙන අංශ වලටය. මූල්‍ය අංශයේ නිලධරයන් පරිපාලන අංශයට මාරුකර යවා ඇත. ගණකාධිවරයකු පර්යේෂණ අංශයට යවා තිබේ. මේ කිසිම කෙනකුට තම නව පදවි යටතේ රූපවාහිනියට හෝ රටට කළ හැකි සේවාවක් නැත. එක අතකින් එය ඔවුන්ගේ කාලය වැනසීමකි. අනෙක් අතින් රටේ ජාතික ධනය වැනසීමකි.

රටේ මාධ්‍ය සියල්ලක්ම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම උදෙසා නිර්ලජ්ජි ලෙස යොදා ගත යුතුය සිතන මෝඩ නායකයකු යටතේ මේවා සිදුවීම එක අතකින් පුදුමයට කාරණාවක්ද නොවේ. එය මේ කාලකණ්ණි පාලන තන්ත්‍රයේ තවත් අවාසනාවන්ත පැතිකඩක් පමණය.

SRI LANKA-MEDIA-KIDNAP-RESCUE

Advertisements

Who is Lasantha Wickramatunga? (Ha Ha Ha) කවුද ලසන්ත වික්‍රමතුංග කියන්නේ? (හික් හික් හික්)

කවුද ලසන්ත වික්‍රමතුංග කියන්නේ?

මේ අසන්නේ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂය. ඉනික්බිති වියරු සිනහවක් පාන ඔහු යුද්ධය නිසා කීදෙනෙකු මියගොස් ඇත්ද විමසයි. මේ එක් මිනිස් ජීවිතයක අගය අවතක්සේරු කිරීමේ වෑයමකයි අවංකව අපි නොසිතමු.

හැම ආගමක්ම මිනිස් ජීවිතයකට ගරු කරන්නේය. මහායාන බෞද්ධයෝ හැම මිනිසකුම මතු බුදුවන බෝධිසත්තයෙකැයි අදහති. ක්‍රිස්තූන් හා යුදෙව්වෝ දෙවියන් වහන්සේ තමන්ගේ රූපකාය මිනිසාට ලබා දුන්නේයැයි විශ්වාස කරති.

මදුරුවන් සිය දහස් ගණනක් මැරූවෙකුට මදුරුවකුගේ ජීවිතයක වටිනාකමක් නැත. ඒ වටිනාකම දැනෙන්නේ සාමාන්‍ය මිනිසුන් වන අපටය.

කෙසේවෙතත් උත්තරයක් අපේක්ෂාවෙන් මේ ප්‍රශ්නය නැඟූයේ නම් රාජපක්ෂ මහතාට පිළිතුරක් ලබා දීම අපේ යුතුකමකි.

කවුද ලසන්ත වික්‍රමතුංග කියන්නේ?

ඔහු ඔහුගේ තෙදරුවනට දයාබර පියෙක් විය.
ඔහු ඔහුගේ බිරිඳට දයාබර සැමියක් විය.
ඔහු ඔහුගේ දෙමාපියනට දයාබර පුතෙක් විය; සොහොයුරු සොහොයුරියන්ට දයාබර සොහොයුරෙක් විය
ඔහු අප වන් මිතුරු කැළකට දයාබර මිතුරෙක් විය. ඔහු බොහෝ දෙනකුට ආදරය කළ මනුෂ්‍යයෙක් විය.
ඔහු එබඳු අවාසනාවන්ත මරණයකට ගොදුරු නොවිය යුතු ශ්‍රී ලාංකික පුරවැසියෙක් විය.
අවසන, ඔහු මිනිසෙක් විය. මදුරුවෙක් නොවීය.

Who is (sic) Lasantha Wickramatunga? Asks Defence Secretary Gotabhaya Rajapaksha. Then he laughs hysterically and queries how many died in the war. Does one life matter? We sincerely hope it is not what he implies.

Every religion gives utmost importance to human life. Mahayana Buddhists believe every human being is a Bodhisatta – somebody waiting to attain Buddhahood in a next life. Christians and Jews believe God created man in his own appearance.

For somebody who has killed hundreds and thousands of mosquitoes the life of one mosquito means nothing. For us, the ordinary human beings, there is a big difference between a human life and the life of a mosquito.

If Mr. Rajapaksha raised this question sincerely looking for an answer, shouldn’t we provide one?

Who was Lasantha Wickramatunga?

He was a loving father to his three children.
He was a loving husband to his wife.
He was a dear son to his parents; dear brother to siblings.
He was a dear friend to many of us; he was dear to everyone who knew him.
He was a citizen of Sri Lanka, who shouldn’t have died in that pathetic manner, irrespective of his politics.
Finally, Lasantha Wickramatunga was a human being, not a mosquito.

Keith Noyahr and ‘The Last King of Mihinland’

If the Keith Noyahr incident brings back the memories of any movie, it would be ‘The Last King of Scotland’ It is based on a true story about young and newly-qualified Scottish doctor Nicholas Garrigan (James McAvoy) heading to Idi Amin’s Uganda seeking adventure. He works in a small clinic on the countryside. At the time of Garrigan’s arrival, General Idi Amin (Forest Whitaker) leads a coup against current president Milton Obote.

Garrigan and Amin meet on a chance encounter on a country road, where he treats Amin’s hand. Amin is impressed when Garrigan takes his gun (without asking) and shoots a wounded cow. He likes Garrigan because he is Scottish, and offers Garrigan the job of becoming his personal physician, and, after some hesitation, Garrigan accepts.

The movie builds up the close relationship between the two until the dictator loses trust on his doctor. The scariest scenes of the movie, that would perhaps make the more sensitive audience vomit, are how Garrigan was beaten and tortured nearly to death by Idi Amin’s ruthless thugs. He escapes only because of a Ugandan colleague, Dr. Junju, who offers his help (and ultimately his life) in exchange for Garrigan’s promise to return to Europe and tell the world the truth about Idi Amin.

Now, wasn’t that the same happened to Keith Noyahr last Thursday night? Wasn’t he too was beaten nearly to death? Who was behind that? Was it an NGO initiated move to discredit the government, as we are told? Or was it an abduction by Martians?


This is what ‘The Nation’ has to say about the incident to the President in its editorial today.

What the country needs from you now is the political will to put an end to this type of savagery. And that direction has to come from you, not from your pathetic minister of mass media and information or from your omnipotent doctor-minister of labour- or even from your younger sibling the Defence Secretary.

This country does not need a ‘fifth estate’ that decides who should live and who should die, who should be punished and who should be rewarded, who should say what and what everyone else should believe. The fourth estate is there to do its job and it will-it does not need a ‘fifth estate’ telling them what to do.

And that is why, Mr. President, you would have to take steps to stop the rot – and do so now. After all, it is but a short step from the sublime to the ridiculous – as it would be, from Mahinda to Mugabe.

Well, one also observes in the map of African continent, Mugabe’s Zimbabwe is not too far from Uganda. If President Rajapakse ever wants to travel from one to the other, we assume it might take only a few hours flight.

Keith Noyhar (Deputy Editor “The Nation”) abducted and beaten by Aliens from Mars

The Nation deputy editor and former Daily Mirror deputy editor Keith Noyhar has been reported missing and suspected to have been abducted after his car was found abandoned near his house yesterday night, Daily Mirror reported. Later he was released after badly beaten up, and had been admitted to the hospital.

One might say it is too early to point fingers as investigations are still going on. One may even suggest (I am sure Anura Priyadharshana Yapa will do) personal motives. If one wants one can even suggest this was done by aliens. (Reports of alien abductions of human beings are common) However Keith Noyhar is not the only Sri Lankan journalist to meet such unfortunate fate during the last few years and I am sure any rational mind can put two and two together.

Most interesting is what Mahinda Chinthana promised to media personal in Sri Lanka in 2005, which I reproduce below (Pages 81 and 82 of Mahinda Chinthana). Not sure how many media personnel voted and supported for the ‘baits’ of tax free computers and  vehicles, but it is apparent now that is not what in for them.