Congratulations Eran Wickramaratne and Dr. Harsha De Silva

It does not come as a surprise but the news of the appointment of Eran Wickremaratne and Dr. Harsha De Silva to parliament as national list MPs still makes me happy. Professionals becoming law makers is good for the country. It shows the UNP takes governance seriously than the government that appoints Vinayagamoorthy Muralitharans, as if it seriously lacks individuals with real caliber.

I wish the very best for Eran and Harsha. I am happy to be a companion in the political journey you have begun today.

Brief bios for those few who have not yet heard about them.

Eran Wickramaratne
Dr. Harsha De Silva

හෙන්රි ජයසේන අභාවප්‍රාප්ත වෙයි Henry Jayasena No More

z_arts-p31-Onප්‍රවීණ කලාකරු හෙන්රි ජයසේන මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. රෝගාතුරව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ. හෙන්රි ජයසේන මහතා වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා සිය කලා කෞශල්‍ය විදහා දැක්වු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. වේදිකාවෙන් හුණුවටයේ කථාව, සිනමාවෙන් ගම්පෙරලිය සහ රූපවාහිනියෙන් දූ දරුවෝ වැනි නිර්මාණ තුළින් හෙන්රි ජයසේන මහතා ජනතාවට වඩාත් සමීප විය. දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ.

Veteran film and stage drama artist Henry Jayasena passed away this morning at the Kalubowilla Hospital .He was 78. Funeral arrangements will be notified later according to his family members.

Dr Henry Jayasena was born on July 6, 1931 in Bendiyamulla, Gampaha is an actor and dramatist. He had his primary Schooling in Padiyapellela in the Nuwara Eliya district in 1950. He passed the General Clerical Service Examination and secured a job with the Public Works Department (PWD). While with the PWD, Jaysena produced many of his most famous plays, Janelaya (1962), Thavath Udesenak (1964), Manaranjana Wedawarjana(1965), Ahas Malilga (1966), Hunuwataye Kathawa (1967), Apata Puthey Magak Nethey (1968), Diriya Mawa (1972), Makara (1973) and Sarana Siyoth Se Puthini Habha Yana (1975) were some of his well acclaimed plays.

Before retiring from government service, he also served as Deputy Director for the National Youth Services Council (Arts and Sports Division) and also at the Sri Lanka Rupavahini Corporation (Programmes Division).

(Ethayala.com and Wikipedia)

රනිල්ගේ තරම නොදන්නෝ

ranil4

(2009 අප්‍රේල් මස 16 වැනිදා “ලංකාදීප” පුවත්පතේ පළවූ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ “ගුරුදා විග්‍රහය” ලිපිය)

බැරි වෙලාවත් ප්‍රභාකරන්ට මොනවා හරි වුණොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යන්තර කොටි ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී ගැමෝම කතාබහ කරන මාතෘකාවක් වී ඇතැයි කියන්නේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් ගත්ත තීරණයයි.

“එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?”

සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්‍රහයකි.

“නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්‍රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ. රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක…”

ඒ ඔවුන්ගේ විග්‍රහයය.

“ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්‍රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්‍රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…”

අර විග්‍රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණේ ඔවැනි කථාවකි.

ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්‍රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්‍රමසිංහ කියලාය.

අරගෙන කියවන්න මෙන්න මේ පොත

“ඇයි එහෙම හිතන්නේ”

රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්‍රභාකරන් හොඳ හැටි දනී.

“රනිල් වික්‍රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ 1990 ප්‍රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්‍රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්‍රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්‍රයෝජන ගත්තා…”

මේ කොටි න්‍යායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි.

බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්‍රකට ආරක්‍ෂක විශ්ලේෂකයෙකි.

“අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව විසින්ම ප්‍රකාශයට පත් කළ පොත. ඒකෙ නම් 50th of Ceylon Army ඒ පොතේ ඩී. ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා. ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.”

ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව ප්‍රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන් තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්‍රභාකරන් පොත කියනව්වේවත් නැතිව ඒ බව දනී. එම පොත ප්‍රකාශයට පත් කළේ 1998 චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල හිටියේ චන්ද්‍රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්‍ෂක ලේකම්වරයෙකි. ඒත් හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය.

“හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අති මහත් වූ සහය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්‍ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…”

50th of Ceylon Army
පිටු අංක, 503
ශ්‍රී ලංකා හමුදාව

මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහය ඇතිව පුහුණු කිරීම, කැලැබද ප්‍රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්‍රී මෙහෙයුම් සහ රාත්‍රියේ එල්ල වන ප්‍රහාර සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම, දුරදිග විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්‍ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි.

මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්‍රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි.

“සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්‍ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය දුර්වල වුණා…”

වේළිපිල්ලේ ප්‍රභාකරන් මහවිරුදින කතාව
ටැමිල්නෙට්
2008.11.27

2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම ප්‍රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි.

සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්‍රභාකරන් නගන චෝදනාව හරිය. රනිල් 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්‍ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය.

“මා ආරක්‍ෂක අමාත්‍යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්‍ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…”

ඔස්ටින් ප්‍රනාන්දු
පිට – 143

එපමණක් නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන් කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්‍රිකා සහ කදිරගාමර් රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි නැතිකමත්, කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය.

ranil3

චන්ද්‍රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් සටන් විරාමය ප්‍රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව ප්‍රභාකරන්ට නොතේරුණා නොවේ.

ප්‍රභාකරන් 2003 අප්‍රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය.

ඒ වනවිට රනිල්, චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාවට ආයුධ සැපයීම ලංකාව සමඟ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්‍රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්‍ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. 2002 නොවැම්බර් 22 වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්‍රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්‍ෂක යුද නැවක් තෑගි ලැබුණි. 2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්‍යන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.

එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිල් ඉන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමටත් ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව ලංකාවට ආරක්‍ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්‍රියාත්මක වන නිසාය.

එසේම බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර පැතූ රනිල් වික්‍රමසිංහ හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්‍වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්‍ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි.

චන්ද්‍රිකා 2003 නොවැම්බරයේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ ගැන කතා කළේවත් නැත.

මෙම යුධ ආධාර සහ ආරක්‍ෂක ගිවිසුම් නතර කිරීමය ප්‍රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්‍රිකා ආරක්‍ෂක අමාත්‍යාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය.

ප්‍රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්නැද්දීත් 2005 රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින් මහින්ද ප්‍රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.

ශ්‍රී ලංකාවේ අලි වංශය

ශ්‍රී ලංකාවේ අලි සම්බන්ධ ඉතිහාසය බොහෝ ඈතට විහිද යයි. විශේෂයෙන් ලංකාවේ සමාජ ඉතිහාසය පිළිබද තොරතුරු හමුවන ආදි යක්ෂ දේව හා නාග ගෝත්‍ර පිළිබදව ඇති විවිධ කතාවලදීත් අතීත පුරාකතාවලදීත් අලි ඇතුන් පිළිබද තොරතුරු හමුවෙයි. ඊට අමතර ව අප රටතුළ ඇති ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් ලෙන් චිත්‍රවලදීත් අලි ඇතුන් පිළිබද සිතුවම් හමුවීමෙන් පෙනෙන්නේ එකල පවා මිනිසුන් අලින් හා සම්බන්ධ කටයුතුවලට සමීපතාවක් දැක් වූ බවයි. මේ නිසා ශ්‍රී ලංකාවේ අලින් පිළිබදව ක්‍රිස්තු පූර්ව 5000 පමණ ඈත කාලයේ සිට වාර්තාවන බව පෙනී යයි.

Elllllffffff%20(1)

අලි හා මිනිසුන් අතර සම්බන්ධය පවත්වා ගැනීමට අලි අල්ලා හීලෑ කරගැනීම දිගින් දිගටම සිදු වී තිබේ. අලි ඇල්ලීමට විවිධ ක්‍රම උපයෝගිකරගනිමින් ඔවුන් තම අත්අඩංගුවට ගැනීමට මිනිසුන් කටයුතු කර ඇත. ඇතැම් විට මිනිසුන් කණ්ඩායම් ලෙස කැළෑ වැදී උගුල් අටවමින් අති ඇල්ලු ආකාරය ද තවත් අවස්ථාවල දේශීය වෛද්‍ය ක්‍රම භාවිතයට ගනිමින් අලින් මත් කරවා අල්ලා ගත් බව ද සදහන් වෙයි. මේ හැරුණු විට හීලෑ අලින් හා ඇතුන් සමග ඇතින්නියන් කැළෑවට රැගෙන ගොස් ඔවුන් යොදා ගනිමින් වල් වැදුණූ අලින් කොටුකර ගත් අතර ඔවුන්ට විලංගු ලා දින ගණන් නිරාහාරව තබන අතර ඉන් අනතුරුව ඔවුන් මිනිසුන්ගේ අත් අඩංගුවට පත් කරගන්නා ලද බව සදහන් වෙයි.

ශ්‍රී ලංකාවේ ඉතිහාසය තුළ විවිධ රජවරුන්ගේ කාල වකවානුවලදී අලින් හා ඇතුන් රාජ්‍ය සේවයේ කටයුතුවලට ද යොදාගෙන ඇත. විශේෂයෙන් ඒ එ ් රජුන් සතු වූ චතුරංගනී සේනාවට අලි හා ඇත්තු අයත් වූහ. ඇත්, අස්, රිය හා පා බල යනුවෙන් එකී චතුරංගනී සේනා හැඳින් වූ අතර එහි සුවිශේෂී කාර්යයක් අලි හා ඇතුන්ට බාර විය.

අපගේ පැරණි සාහිත්‍ය කෘතීන්වල එබඳු තොරතුරු රැසක් හමුවෙයි. පන්සිය පණස් ජාතක පොතේ කුස ජාතකයෙදී සත් රජුන්ගේ සේනා ආක්‍රමණය කරන අවස්ථාවේ දී අලි ඇතුන් සිටි බවත් බුත්සරණ නම් වූ පොළොන්නරු සමයේ රචිත කෘතියේ නාලාගිරි දමනයේ නාලාගිරි ඇතා බීමතින් බුදුරදුන් වෙත පැමිණි ආකාරයත් සදහන් වෙයි.

ක්‍රීස්තු පූර්ව 2 සියවසේ දී අනුරාධපුරයේ එළාර රජුගේ ආරක්ෂක බලකොටු නැසීමට දුටුගැමුණු කුමරු ‘කඩොල්’ නම් වූ ඇතකු රාජ්‍ය සේවයට යොදා ගත් බව මහාවංශය ඇතුළු කෘතීන් කිහිපයකම ලියැවී තිබේ. මේ ‘කඩොල්’ හෙවත් ‘කණ්ඩුල’ ඇතු කාවන්තිස්ස රජුගේ ඇත් සේනාවේ සිටි බව ද රජු මිය ගිය පසු එතුමාගේ ආරක්ෂකයෝ දුටුගැමුණු කුමරු සොයා මලය රටට ගිය ගමනේ දී කඩොල් ඇතා කොත්මලේ පුසුල්පිටිය විහාරය දක්වා රැගෙන ගොස් ගැමුණු කුමරු ඇතුගේ කර පිටින් මාගමට කැදවාගෙන ගිය පුවතක් ඓතිහාසික ලේබනවල දැක්වෙයි. ක්‍රිස්තු පූර්ව 3 සියවසේ පමණ සිට රජුගේ කටයුතුවලට සම්බන්ධ අලියා හෝ ඇතා හැඳින්වූයේ ‘මංගල හස්තියා’ හෙවත් ‘මඟුල් ඇතා ‘යනුවෙනි. කුස ජාතකයෙදී රජුගේ ඇතා සිටින ස්ථානය හඳුන්වන්නේ ‘ඇත්හල’ හැටියට යි.

ක්‍රිස්තු වර්ෂ 13 වැනි සියවසේ දී දඹදෙණිය රාජධානි අවධියේ දී එහි රජකළ 11 විජයබාහු රජුගේ ගේ ඇමතියකු වූ දේවප්‍රතිරාජ නමැත්තෙක් ගම්පොළ සිට ශ්‍රී පාදය දක්වා පෙරහැරකින් සමන් දෙව්රුවක් රැගෙන ගිය පුවතක් නූතන දීප වංශයේ ඇත. එම දෙව්රුව සකස් කොට ගෙන යන ගමනේ දී ගම්පොළ කණාමැදිරි හොය මතින් අලි ඇතුන් යා හැකිවන පරිදි පාලමක් හැදූ බව ද පෙරහැර ඊ මතින් ගිය බව ද සදහන් වෙයි.

මේ සමයේ දී ම විසූ සාහිත්‍යධරයෙක් වූ මයුරපාද පරිවේණාධිපතිව වැඩ විසූ බුද්ධපුත්‍ර හිමියන් පූජාවලිය නම් වූ මහා ග්‍රන්ථය රචනා කිරීමෙන් පසු එය ඇතකු පිට තබා රාජකීය පෙරහැරින් රැගෙන ගිය බව ද කියයි.

ගම්පොළ රාජ්‍ය සමයේ දී එනම් ක්‍රිස්තු වර්ෂ 14 සියවසේ දී උඩරට ප්‍රදේශවල දේව ඇදහිල්ල පුළුල්වීම නිසා බිහි වූ දේවාල ගණනාවක පෙරහැර පැවැත්වීමේ ආරම්භයක් සිදු විය. එම පෙරහැරවලට අලි හා ඇතුන් පිට නැඟී රජු හා විවිධ නිලයන් දැරූ නිලමක්කාර ද්‍රවිඩ ජනයා සමග පෙරහැර පැවැත් වූ බව පෙනේ. දකුණු ඉන්දියානු රාජ පරම්පරා හා ඔවුන්ගේ අනුගාමිකයින් සමග තම බල පරාක්‍රමය ඉස්මතු කිරීමට මෙම පෙරහැර පවත්වන ලදී. මේ නිසා ඇම්බැක්ක වේගිරිය ලංකාතිලක ගඩලාදෙණිය වල්වාසගොඩ ගනේගොඩ හඟුරන්කෙත හා දොඩන්වල යන ස්ථානවල එසේ පෙරහැර ඇරඹී තිබේ.

15 වන සියවසේ දී කෝට්ටේ යුගයේ දී දෙමළ බලය තවත් ස්ථාපිත වූ අතර දෙමළ සමාජය විසින් අප රටට ගෙන එනු ලැබූ සංස්කෘතික අංග තවත් පුළුල් විය. ඒ අනුව සමාජයේ විවිධ උත්සවවලට අලි සහභාගිවන හැටි අපට දැකිය හැකි ය. එකළ රචිත ගුත්තිල කාව්‍යයයේ දී ගුත්තිල මූසිල වීණා වාදනය ඇසීමට ආ සතුන් අතර අලින් හා ඇතුන් නිසොල්මනේ වීණා නාදයට කන් දුන් බව සදහන් වෙයි.

මහනුවර රාජධානි සමයේ දී විශේෂයෙන් නරේන්ද්‍රසිංහ රජුගෙන් පසු සිංහල රාජ්‍යත්වයට පත් වූ දෙමළ වඩුග පරපුරේ නායක්කාර් රජවරු උඩරට දෙමළ සංස්කෘතිය ඉතා පුළුල් ලෙස ප්‍රචලිත කළහ. ඒ කාලයේ සිට දේව ඇදහිල්ල බෞද්ධ සංස්කෘතිය තුළට උරාගෙන සම්මිශ්‍රණය කළේය. එහි ප්‍රතිපලයක් ලෙස පෙරහැර පැවැත්වීමේ ක්‍රමය දළදා පෙරහැරට ඇතුළු කළේ දකුණු ඉන්දියානු සංස්කෘතියෙන් ඔප් නැංවෙන ආකාරයට ය. දළදා කරඩුව අලි ඇතුන් පිට රැගෙන යාමත් එහි අංගයක් බවට පත්විය. මේ නිසාම මහනුවර දළදා පෙරහැරේ අලි සම්බන්ධ කටයුතු කරන නිලධාරියෙක් ද එකළ පත් කළේ ය ඔහු ගජනායක නිලමේ නම් වෙයි. දෙමළ රාජකීය කාන්තාවන් පෙරහැරේ ඔසවාගෙන යන රන් දෝලිය දළදා පෙරහැරට අතුල් කළේ ඒ නිසා ය.

ක්‍රිස්තු වර්ෂ 5වන සියවසේ දී බුද්ධඝෝෂ හිමියන් ලංකාවේ දී පාලි බස ඉගෙන හෙළ අටුවා පාලියට පෙරළා ඉන් පසුව ලක්දිව තිබූ සියලු අටුවා පොත් ගොඩ ගසා ගිනි තැබූ බව මහාවංසය කියයි. එහිදී එම පුවත උපමා කරන්නේ ඇතුන් හත් තෙනෙකුගේ (7) උසට අටුවා පොත් ගොඩ ගසා තිබූ බවයි. මේ ආකාරයට උස පිළිබද මිනුම් සදහන් කිරීමට ද අලි උපමා කිරීමෙන් පෙනෙන්නේ මිනිස් ජීවිතයට ඒ තරමටම අලි සමීප වූ නිසාවෙනි.

eli3

ලංකාවේ විවිධ පාලන යුගවල රාජ්‍ය හා රජු විසින් සමාජයේ යුක්තිය පසිදලීමට පවත්වාගෙන ආ දඬුවම් දීමේ ක්‍රම වලදී ද අලි ඇතුන් භාවිත කර ඇත. එහිදී විවිධ අපරාධවලට ලක් වූවන් අලි ඇතුන් ලවා පාගා මරා දැමීම එක් දඬුවම් ක්‍රමයක් ද විය. රොබට් නොක්ස්ගේ දේශාටන වාර්තාවල ද එය සදහන් කර ඇත.

ශ්‍රී ලංකාවේ පැරණි සමාජයේ අලි ඇතුන් ලවා බර ඇදීම ද ප්‍රධාන කාර්යයක් විය. ගල් ගස් ලී කදන් එහා මෙහා කිරීම වැලි පස් ආදිය බඳුන්ගත කර කරපිට තබාගෙන යාමට අලි ඇතුන්ගේ සහාය ලබා ගත්තේ ය. තවද පැරණි වැව් කර්මාන්තයේ දී වැව් බැමි ඉදිකර එය නිසි පරිදි ශක්තිමත් කිරීමට අලින් ලවා පාගා තැලීම සිදු කරන ලදී. එකළ ලංකාවේ මහා පරිමාණ ඉදිකිරීම් කර්මාන්තය වූයේ ද වැව් කර්මාන්තය යි. ඒ නිසා අලින් ගේ සහාය අති විශාල එකක් විය.

අලි හීලෑ කිරීම නිසා ශ්‍රී ලංකාවේ අලින් සදහා භාවිත කරන අලි භාෂාවක් ගොඩ නැඟී තිබේ. අතියාගෙන් මිනිසුනට කරගත යුතු වූ කාර්යයන් පමණක් නොව අලියා ඇමතීමේ සිට සියලු සන්නිවේදනයන් කරන්නේ අලි බස උච්චාරණය කිරීමෙනි. එය මැනවින් දන්නේ අලි බලන්නන් (අලි පාලනය කරන පුද්ගලයන්) පමණි.

ශ්‍රී ලංකාවේ අලි පසුබිම් කරගත් ජන සාහිත්‍යයක් මෙන්ම ළමා සාහිත්‍යයක් ද සමාජය පුරා ව්‍යාප්ත ව ඇත. ජනසාහිත්‍යයේ විවිධ කල්පිත කතා බොහොමයක් ඇත. අලියාගේ වලිගයේ එල්ලී දෙව්ලොව යාම, අලියා බටකොළ කෑම එවැනි කතා දෙකකි.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන පෙළේ ජාතික මංගල්‍යයක් ලෙස සලකන සිංහල අලුත් අවුරුදු උත්සවයේදී පවත්වන ජාතික ක්‍රීඩාවලින් එකකි අලියාට ඇස් තැබීම. අදින ලද අලියෙකුගේ රූපයකට ඇස් තිබීම මෙහිදී කරනු ලබයි. සළුවකින් දෑස් බඳින ලද තරගකරුවන් එක් එක්කෙනා බැගින් ගොස් අලියාගේ රුවේ ඇස සටහන් කරයි. නිවැරදිව සටහන් කරන්නාට තෑග්ගක් හිමි වෙයි.

ළමා කවි හා ගීතවල දී නිරතුරුවම අලි පිළිබදව සදහන් වෙයි.

ඔන්න බබෝ ඇතින්නියා
ගල් අරඹේ සිටින්නියා
ගලින් ගලට පනින්නියා
බබුට බයේ දුවන්නියා

නූතන කාව්‍ය රචනයේ දී ද ඉතා ගීතවත් රිද්මයක් ඇති කවි රචනා කර තිබේ. ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහයන් ඇත්ගාලේ දරුපෙම යනුවෙන් අලි හා ඇතින්නියන් පිළිබද දාරක ප්‍රේමය අළලා ලියු කවි පංතියක් තිබේ. එහි එක කවියකි මේ.

එක දරුවෙක් ඇති වුණොත් කැළේ අප
කාටත් කිරි එරිලා එනවා
වෙනස් කමක් නැහැ එක සෙනෙහසමයි
කාගෙත් දරුවොයි සැලකෙනවා

ශ්‍රී ලංකාවේ ගීත සාහිත්‍යයට ද අලි ඇතුන් පිළිබද ව ඇතුළත් වී තිබේ. විසිවෙන් සියවසේ මැද භාගයේ දී ඇතකුට මුහුණ පෑමට සිදු වූ අනුවේදනීය සිදුවීමක් අළලා රචනා වූ ගීතයක කොටසකි මේ.

පනාමුරේ//
පනාමුරේ ඇත් රාජා

eli1

ක්‍රිස්තු පූර්ව 200 දී පමණ කාලිංග දේශයට ශ්‍රී ලංකාවෙන් අලි ඇතුන් රැගෙන ගිය පුවතක් පිළිබද ව ක්‍රිස්තු පූර්ව 175 දී ටොලමි වාර්තා කරයි. එම අලි ඇතුන් මාන්තෙයි තොටුපළින් (මන්නාරමෙන්) නැව් ගත කළ බව ද කියයි.

ලංකාව බටහිර යටත්විජිත රාජ්‍යක් බවට පත්වීමෙන් ඉක්බිතිව පෘතුගීසි ලංදේසි හා ඉංග්‍රීසි ජාතින් යටතේ අලි ඇතුන්ට විවිධ හිරිහැර සිදු වූ කාලයක් විය. විශේෂයෙන් ඉංග්‍රීසි පාලන සමයේ මේජර් තෝමස් රොජර් වෙඩි තබා අලි 1500ක් මරා දැමීමෙන් වාර්තාවක් තබා ඇත. ඔහු ලංකාවේ සිටි අවුරුදු හතරක කාලය තුළ දිනකට එක් අලියෙක් බැගින් වන සේ මරා ඇති බව කියයි. කැප්ටන් ගල්වේ හා මේජර් ස්කිනර් යන දෙදෙනා මේජර් තෝමස් රොජර්ගේ වාර්තාවේ සංබ්‍යාවෙන් අඩක් මරා දැමීමට සමත් වූ බවද කියයි.

ක්‍රිස්තු වර්ෂ 1796 වන විට එනම් ඉංග්‍රීසි ජාතිකයින් ලංකාවට පැමිණෙන විට අලි ඇතුන් 10000 දහදාහක ගහණයක් සිටි බව වනජීවි දෙපාර්තමේන්තුවේ වාර්තාවල දැක්වෙයි. 20වෙනි සියවසේ අග වන විට එම සාබ්‍යාව 1600ත් 2000ත් අතර සංබ්‍යාවකට පහත බැස්සේ ය. 1973දි මැකේ විසින් කළ අධ්‍යයනයකට අනුව 1600ත් 2000 ත් අතර විය. 1993 දී වනජීවි දෙපාර්තමේන්තුව ප්‍රදේශ පහක් පාදක කරගෙන කළ සමීක්ෂණයකට අනුව අවම අලි සංබ්‍යාව 2000ක් විය. එම ප්‍රදේශ නම් වයඹ, මහවැලි ප්‍රදේශ, මධ්‍යම, නැගෙනහිර හා දකුණු යන ඒවා ය. ක්‍රිස්තු වර්ෂ 200 දී කරන ලද සම්පූර්ණ සමීක්ෂණයකට අනුව 3160ත් 4405ත් අතර සංබ්‍යාවක් රට පුරා ව්‍යාප්ත ව සිටින බව පෙන්වා දෙයි. එයින් 2000ත් 2870ත් අතර සංබ්‍යාවක් ආරක්ෂිත ප්‍රදේශවල සිටිති.

eli2

අලි ඇතුන්ගේ සාමාන්‍ය චර්යා හා පුරුදු අනුව ඔවුන් හැසිරෙන ප්‍රදේශවලට මිනිස් වාස සමීප වීමත් සමග අලි හා මිනිස්සු අතර ගැටුමක් වර්ධනය විය. අලින්ගේ ආහාර හා ජලය සපයා ගැනීම, ඔවුන්ගේ ජීවත්වීමේ පරිසරය, ගමන් බිමන් යන ප්‍රදේශ සීමා වීම, කැළෑ කුඩා වීම යනාදි කරුණු රැසක් මත අලි, මිනිස් වාසස්ථානවලට කඩා වැදීමට පටන් ගත්තෝය. විශේෂයෙන් 1950න් පසු ශ්‍රී ලංකාවේ නව ජනපද ව්‍යාප්ත වීම ඒ සදහා බෙහෙවින් බලපෑ කාරණයක් විය. ඒ නිසාම 1369ක් තරම් අලි සංබ්‍යාවක් 2000 වන විට මිනිස් ක්‍රියාකාරකම් නිසා අකාලයේ මිය ගොස් තිබිණි. උතුරු නැගෙනහිර පමණක් 526ක් මිය ගොස් තිබිණි. මෙසේ මිය යාමට ලක් වූ සිදුවීම්වලට හේතු අතර වෙඩිතබා මරා දැමීම්, විදුලි කම්බි දැමීම, වස විස දීමෙන්, බිම් පෝම්බවලට ගොදුරුවීමෙන්, අත්හැර දැමූ ළිං වලට වැටීමෙන්, මැණික් ගරා අත් හරින ලද පතල්වලට වැටීමෙන් හා දුම්රියට හැපීමෙන් මෙසේ මිය ගොස් තිබිණී.

මේ අතර අලි මිනිස් ගැටුම නිසා අලින්ගේ පහර දීම්වලින් මිය ගිය මිනිසුන්ගේ සංබ්‍යාව 1992 හා 2001 අතර කාලයේ 536කි. එයින් 400ක් පිරිමි අය ද 70ක් ගැහැණු අය ද 66ක් ළමයි ද වුහ. අලි මිනිස් ගැටුමට වැඩියෙන්ම ගොදුරුවන ප්‍රදේශ හැටියට හඳුනාගෙන ඇත්තේ වයඹ පළාතේ කොටවෙහෙර, කැලේගම, නවගත්තේගම,ගල්ගමුව, ගිරිබාව, කහල්ල , පල්ලේකැලේ, ගලේවෙල පිබිදුනුගම, ගල්කිරියාගම, කරුවලගස්වැව ගම්මානවලත්, වස්ගමුව ජාතික වනොද්‍යානයේ හීන් ගඟ ප්‍රදේශයෙත්, මහවැලි ප්‍රදේශයේ ඇලහැර, හබරණ, සීගිරිය, රිටිගල හා කලාවැව ප්‍රදේශවලත්, ඌව පළාතේ හල්දුම්මුල්ල උමා ඔය, ලුනුගම්වෙහෙර හා උඩවලවේ ප්‍රදේශවලත්, හම්බන්තොට බූන්දලත් ය.

අලි මිනිස් ගැටුම අවම කිරීමට විවිධ වැඩ සටහන් ද රජය විසින් ක්‍රියාත්මක කර ඇත. විශේෂයෙන් වැඩමුළු හා දැණුවත් කිරීම් ආදිය මහජනයා වෙනුවෙන් ද, අලින් සදහා අලිවෙඩි භාවිතය, ශබ්ද නැගීම මගින් පලවා හැරීම කරනු ලබයි. රජයේ නිලධාරින්, ස්වේච්ඡා සංවිධානවල නියෝජිතයින්, අධ්‍යයන කාර්යයේ නිරත වන්නන්, ජීව විද්‍යාඥයින් හා සාමාන්‍ය මහජනතාව මේ සදහා දායක කරගනී.

අලි ඇතුන් සදහා ඔවුන් ගමන් ගන්නා සාම්ප්‍රදායික ගමන් මාර්ග හඳුනාගෙන ඒවා ඔවුන් සදහා ම වෙන් කිරිම ප්‍රමුබ කාර්යයක් ද වෙයි. අලින්ගේ ආදීතමයින් ගමන් කළ මාර්ගයේ ඉන්පසු පරම්පරා කිහිපයකට පසුව හෝ ඔවුන්ගේ නව පරම්පරා ගමන් කිරීමේ ජානමය පුරුද්දක් ඇති බව සත්ව වේදීන්ගේ මතය වෙයි. ශ්‍රී ලංකාවේ නව ජනාවාස ඉදිකිරීම නිසා බොහෝ තැන්වල අලින්ගේ ගමන් මාර්ග අවහිර වීම් සිදු වූ අතර ඒ හැම තැනකදීම අලි මිනිස් ගැටුම උග්‍ර විය. ඇලහැර ප්‍රදේශයේ රණවිරු නිවාස යෝජනා ක්‍රමයක් සදහා යෝජනා වූ දියබෙදුමට නුදුරු ස්ථානයක් අලින්ගේ ගමන් මාර්ගයක් බව අවුරුදු කිහිපයකට පෙර වනජවි දෙපාර්තමේන්තුව කියා සිටියත් නිවාස යෝජනා ක්‍රමයේ අවශ්‍යතාව ප්‍රමුබ වීම නිසා එය ක්‍රියාත්මක කිරීමට සිදුවිය. ගිරිතලේ ඇලහැර මාර්ගයේත්, මින්නේරිය ජාතික වනෝද්‍යානය සිට කවුඩුල්ල ජාතික වනෝද්‍යානය දක්වාත් අත්‍යවශ්‍ය අලින්ගේ ගමන් මාර්ග ඇත. කරුවලගස්වැව සිට විල්පත්තු ජාතික වනෝද්‍යානයටත් අලින්ගේ ගමන් මාර්ග ඇත. ඒවා සුරක්ෂිත කරදීම අපගේ වගකීමක් වෙයි.

eli5

ශ්‍රී ලංකාවේ සංවර්ධන කාර්යයෙහිලා අලි ඇතුන් සුවිශේෂ වටිනාකමක් ඇති සත්ව විශේෂයකි. ඒ සංචාරක කර්මාන්තය ඇසුරු කරගෙන ය. වසරක් පාසා ශ්‍රී ලංකාවට පැමිණෙන විදේශීය සංචාරකයින් අති විශාල පිරිසක් අලි නැරඹීමට රට පුරා සැරිසරති. ඒ සදහා අප රට තුළ ජාතික වනෝද්‍යාන දහතුනක් හා අභය භූමි තුනක් ද ජාතික උරුමයක් ද ස්වාභාවික රක්ෂිතයක් ද වෙන් කර ඇත.

බූන්දල, මනම්පිටියේ ජලගැලුම් නිම්නය, ගල් ඔය, ලාහුගල, මාදුරු ඔය, මින්නේරි ගිරිතලේ, රුහුණ හෙවත් යාල, සෝමාවතිය, උඩවලවේ, වස්ගමුව, විල්පත්තු, යාල නැගෙනහිර හා කවුඩුල්ල යන ජාතික වනෝද්‍යාන දහතුනත් (13) වික්ටෝරියා රන්දෙණිගල රන්ටැඹේ හා මඩු පාර අභ්‍ය භූමි දෙකත් සිංහරාජ ජාතික උරුමයත් තිරිකෝනමඩු ස්වභාව රක්ෂිතයක් ඒ අතර වෙයි.

මේ අතර හබරණ අලි නැරඹීමේ සංචාර විශාල ආදායම් ලබාදෙන සංචාරක ව්‍යාපාරයක් බවට පත් වී තිබේ. ඒ සදහා හීදෑ අලින්ගේ කරපිට බඳින ලද ආසනයක් මත සංචාරකයින් නැඟී කැළෑවට වැදී අලි නැරඹීම එයයි. වර්තමානයේ එය විදේශීය පමණක් නොව දේශීය සංචාරකයින් අතර ද ජනප්‍රිය වී තිබේ.

තවද ශ්‍රී ලංකාවේ විවිධ අතුරු ආබාධවලට මුහුණ දෙන අලි ඇතුන් රැක බලාගැනීම සදහා විශේෂ වැපිළිවෙළක් යොදා ඇත. ඒ අනුව පින්නවල අලි අනාථාගාරය හුදෙකලා වන සතුන් සදහා වෙන් කරන ලද්දකි. එය ද සංචාරකයින් සදහා විවෘතව ඇති අතර එය සංවර්ධණ කාර්යයෙහිලා මහත් දායකත්වයක් ලබාදෙයි. මේ අතර ආබාධවලට මුහුණ දෙන හා හුදෙකලා වන අලි ඇතුන් පුනරුත්ථාපනය කිරීමෙන් පසු යළිත් ස්වාභාවික පරිසරයට හුරු කිරීමට උඩවලවේ ඇත් අතුරු සෙවනක් පිහිටුවා තිබේ. මෙය ද සංචාරක කර්මාන්තයේ දී සුවිශේෂ වැදගත් කමක් අත්කරගෙන ඇත.

ඇතුන්ගෙන් ලබාගන්නා දත් ශ්‍රී ලංකාවේ පුරාණයේ සිටම ප්‍රකට වෙළදාමකි. පසුව ඒවා විවිධ කැටයමින් යුක්තව ආභරණ, පළදනා, මංජුසා, සමරු ඵලක, බුදු පිළීම ආදි කලා නිර්මාණවලට යොදාගෙන තිබේ. එසේ කරන ලද කලා නිර්මාණවලට සුවිශේෂ වටිනාකමක් ඇතිව ජාත්‍යන්තර වෙළදපොළක් ද හිමි ව තිබේ.

ඇතැම් විට ඇතුන්ගේ දළ තුළ ස්වාභාවිකව ඇතිවෙන මුතු විශේෂයක් ඇත. ඒවා හඳුන්වන්නේ ගජමුතු නමිනි. ඒවායේ ආර්ථික වටිනාකම තක්සේරු කළ නොහැකි තරම් ය. ගජමුතු සහිත ඇත් දතක් ඇති ඇතකු එය මහත් ආදරයෙන් ආරක්ෂා කරන බව ද කියති.

අලි හීලෑ කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තරව පිළිගත් හා ශ්‍රී ලංකාව තුළ පිළිගත් සත්ව අයිතිවාසිකම් පමණක් නොව අණපනත්වලට යටත් විය යුතු ය. අතීතයේ දී මේවා එතරම් සැළකිල්ලකට ලක් නොවූවත් වර්තමානයේ දී අනිවාර්ය වී තිබේ. ශ්‍රී ලංකාව නූතන ලෝකය සමග ඉදිරියට යා යුතු රටක් වන නිසා අලින්ට හිමි විය යුතු වනයේ ජීවිතය උදුරා ගැනීම කිසිසේත් නොකළයුතුවා මෙන්ම අනාථ වූ පමණින් අලින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීම ද නොකළ යුතු ය. ආගමික රූපයට මුවා වී යළිත් දකුණූ ඉන්දීයාවෙන් ආනයනය කළ වැඩවසම් ක්‍රමයකට ආපසු යායුතු නැත. රජයක් සතුන් වෙනුවෙන් කරන කැප කිරීම අව තක්සේරුවට ලක් නොකිරීමටත් රජය අපහසුතාවට පත් නොකිරීමටත් මහජනතාව වගකීමෙන් කටයුතු කළ යුතු ය. උතුම් වූ බුදු දහමේ බුදුන්ට පෙරහැර කිරීමට අලි හෝ වෙනත් කුමන සතෙකු හෝ යොදා ගන්නා ලෙස බුදුරජාණන් වහන්සේ වදාරා නැත. කිතු දහමේ හෝ හින්දු දහමේ ද එවැන්නක් නැත. මිනිසුන්ගේ කුහක වත පිළිබිඹු කිරීමට අහිංසක අලි යොදා නොගෙන ඔවුනට සුපුරුදු කැළේ ජීවත් වීමටත් අනාථ වු අය නම් ඊට උපකාර කිරීමත් හැර වෙන කළ යුතු යමක් නැති බව සත්ව අයිතිවාසිකම් විසින් සනාථ කරනු ඇත.

විමල් රණතුංග (M.Phil) විසින් http://www.news.lk ට ලියන ලද ලිපියකි.

http://www.news.lk/sinhala/index.php?option=com_content&task=view&id=13710&Itemid=52

Uthum Herat, Homo economicus la excepción (1957-2009)

uthumherath

Uthum Herat, PhD., Deputy Governor of Central Bank of Sri Lanka is no more. At the relatively young age of 52, an unexpected stroke took the life of this brilliant economist, only few months after he assumed duties as the senior most non-political appointee with the old lady of Janadhipathi Mawatha.

This is no ordinary obituary as Herat was no ordinary human being. He was an economic man – of a different breed.

Parents couldn’t have named him better. He lived upto the name. Uthum (Great) was everything he did.

The term ‘Economic Man’, says Wikipedia, is largely associated with the works of John Stuart Mill on political economy. Mill proposed an arbitrary definition of man, as a being who inevitably does that by which he may obtain the greatest amount of necessaries, conveniences, and luxuries, with the smallest quantity of labour and physical self-denial with which they can be obtained. In ‘The Wealth of Nations’, Adam Smith wrote: “It is not from the benevolence of the butcher, the brewer, or the baker that we expect our dinner, but from their regard to their own interest.”

Herat was different from Smith’s butcher, brewer and the baker – or for that matter many of us ordinary economic men and women. His contribution to society was not purely in self interest. Never did exist the ‘smallest quantity of labour’. He selected to pay irrationally more, and thus fell out of the typical definition. In ‘The Logic of Life’, Tim Harford may argue that too is rational, but one may not necessarily agree. Spending billable time sharing one’s knowledge with postgraduate students at a local university for a fee of three thousand rupees a day is hardly economical.

Herat believed in markets in his profession, but when observing Sabbath, appreciated the importance of charity. He did both with a passion.

He was a legend, even in his university days. Anecdotes galore. His batchmates remember how they avoid smoking in front of Herat, out of sheer respect – reciprocating the respect he showed others. An assistant lecturer of his was recruited to the Central Bank in the same batch. Herat never stopped calling the former teacher ‘sir’. It was with great difficulty he was convinced such formal addressing is no more necessary between equals.

Having never played the political game, he may not have gained the fame of a typical Sri Lankan economist, but his mastery of the subject was exceptional. Deductions were based purely on evidence, never on politics. Presenting the Annual Report of 2003, to a packed audience, as then head of Economic Research, he denied the popular theory of ‘poor becoming poorer’ under the Wickremasinghe government that was hastily losing its popularity: “I am not kidding anyone. The rich have become richer, but poor too are better off.” Even when challenged by the equally distinguished peers during Q&A, Herat firmly stood on his grounds.

His loss will be felt seriously at the Central Bank. Having entered to fill the vacuum created by the departure of W. A. Wijewardena and Rani Jayamaha, two of the most experienced Central Bankers, who retired recently, Herat now will not serve for eight more years, as expected. The intellectual capacity these three took with them is not something the old lady will easily satiate from its second ranks, even after considerable amount of training.

Larger will be the loss to the country. With a dominant and politically biased Monetary Board (Read the latest Annual Report, if you doubt) the sole consolation to the nation was the professionally trained Central Bankers behind them carefully scrutinizing every move and safeguarding the national interests. Thank them for Sri Lanka still not following Mugabe’s footsteps. The highest currency note is LKR 2,000 not LKR 1 billion. The demise of Herat, unfortunately, will take away this sense of security. The coming years will surely see currency notes with larger denominations and no prizes for guessing whose smiling face will decorate them.

Herat was someone who has certainly made his due contribution to the nation. May his soul rest in peace.

ටී. එම්. ජී. චන්ද්‍රසේකර: මර්වින් සිල්වාගෙන් ගුටි කෑ අහිංසකයාගේ වර්තමාන කතාව

main8pic42007 දෙසැම්බර් මාසයේ දිනෙක, තමන් මෙරට බුදුන්ට පමණක් දෙවැනි මිනිසාය සිතා සිටින මර්වින් සිල්වා නම් මැරයා, තම තග් සහචරයන්ද කැටුව රූපවාහිනි සංස්ථා ගොඩ නැඟිල්ලට කඩා වදින්නේය. ඒ ඉන් පෙර දිනයෙහි ඔහු මාතරදී මංගල සමරවීරයන්ගේ මෑණියන් ගැන කී කුණු කතාවක් රූපවාහිනියෙහි ප්‍රචාරය නොකළැයි කේන්තියෙනි. විනය හා හැදියාව ගැන නිතර පොර ටෝක් දෙන කුරක්කන් රජ්ජුරුවන්ද මුල්පෙළෙහි තියාගෙන, මර්වින් සිල්වා කරන මේ ප්‍රකාශය මේ රටේ රජයේ මාධ්‍යයකින් පවා ප්‍රචාරය නොකළ හැකි අන්දමේ, ඔහුටම අපූරුවට ගැළපෙන වනචර කතාවකි.

මේ ඓතිහාසික රූපවාහිනි ගමනේදී මර්වින් සිල්වා හා ඔහුගේ තගයෝ රූපවාහිණියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී. එම් ජී. චන්ද්‍රසේකරට පහර දෙති. මර්වින් සිල්වා, චන්ද්‍රසේකර කමිස කොලරයෙන් ඇදගෙන සභාපතිවරයාගේ කාමරයට ඇද ගෙන යන්නට තැත්කරන මුත් ඒ උත්සාහය අසාර්ථක වේ. මේ අතර තම සගයාට නිරපරාදේ පහර දෙනු දකින රූපවාහිනී සේවකයෝ මර්වින් සිල්වාට අමතක නොවන පාඩමක් උගන්වති. තම ජීවිතයේ ප්‍රථම හා විශාලතම පරාජය මර්වින් සිල්වා ලබන්නේ එදිනය. හිසින් ලේ පෙරාගෙන, රෝස පැහැති තීන්ත නා ඔහු සංස්ථා භූමියෙන් පිට වන්නේ තෙමිච්ච කුකුළකු ලෙසිනි.

මින් සති කිහිපයකට පසු වරින් වර රූපවාහිනී සේවක පිරිසට මැර ප්‍රහාර එල්ල වේ. ඒවා පිටුපස සිටින්නේ කවරකුදැයි කිසිවකුට රහසක් නොවේ. අවසානයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මේ සිද්ධි මාලාව නතර වේ. අරුමයකි. කිසිදු වරදකරුවෙක් දඬුවම් නොලබති. ඒ කුරක්කන් රජ්ජුරුවන්ගේ විජිතයේ නීතියය.

ඒ අතීත කතාවය.

වර්තමාන කතාව මීට වඩා ශෝචනීයය. මර්වින් සිල්වාගේ මැර ක්‍රියාවට සැබැවින්ම දඬුවම් ලබන්නේ ඒ අවාසනාවන්ත සිද්ධියට මැදි වූ අහිංසකයාමය. සිද්ධිය වන අවස්ථාවේ රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩිවී සිටි ටී. එම්. ජී. චන්ද්‍රසේකර මේ වන විට කාර්ය භාරයක් නැති නිලධරයකුගේ තත්ත්වයට ඇද දමා ඇත. ඔහු Eye චැනලයට මාරුකර යවා ඇති එකම නිලධරයා වේ. එහි ඔහුට කරන්නට යමක් නැත. වරෙක ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රවෘත්ති වාර්තාකරුවකු වූ චන්ද්‍රසේකර දැන් උදෑසන වැඩට පැමිණ පොත අස්සන් කොට නැවත සවස පොත අස්සන් කර ගෙදර යයි. ඔහුට වැටුප් ලැබෙතත් කරන්නට වැඩක් නැත.

මෙය ටී. එම්. ජී. චන්ද්‍රසේකරට පමණක් සීමාවූ දඬුවමක් නොවේ. මර්වින් සිල්වා සිද්ධියට සම්බන්ධ හැම කෙනකුටම මෙවන් දඬුවම් මාරු ලබා දී ඇත. ඒ ඔවුන්ගේ හැකියාවට කිසිසේත් නොගැළපෙන අංශ වලටය. මූල්‍ය අංශයේ නිලධරයන් පරිපාලන අංශයට මාරුකර යවා ඇත. ගණකාධිවරයකු පර්යේෂණ අංශයට යවා තිබේ. මේ කිසිම කෙනකුට තම නව පදවි යටතේ රූපවාහිනියට හෝ රටට කළ හැකි සේවාවක් නැත. එක අතකින් එය ඔවුන්ගේ කාලය වැනසීමකි. අනෙක් අතින් රටේ ජාතික ධනය වැනසීමකි.

රටේ මාධ්‍ය සියල්ලක්ම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම උදෙසා නිර්ලජ්ජි ලෙස යොදා ගත යුතුය සිතන මෝඩ නායකයකු යටතේ මේවා සිදුවීම එක අතකින් පුදුමයට කාරණාවක්ද නොවේ. එය මේ කාලකණ්ණි පාලන තන්ත්‍රයේ තවත් අවාසනාවන්ත පැතිකඩක් පමණය.

SRI LANKA-MEDIA-KIDNAP-RESCUE

Sarath Ranawaka, Kalutara district UNP leader no more

Ajith 5

It is with great sorrow that I report the demise of Mr. Sarath Ranawaka, MP and the UNP leader for the Kalutara district. He passed away at the age of 63 at a private hospital in Colombo, after a brief illness.

MP Ranawaka has entered active politics in 1977 by representing the Lanka Samasamaja Party. He joined the main opposition United National Party in 1984.

The late MP has represented the Sri Lankan parliament for the last twenty years after he was elected in 1989 for the first time.

Mr. Sarath Ranawaka has been a guide to me teaching my first steps in politics. I always remember that with respect.

Ajith 11

මිරිදිය ඉස්සෙක්ද, පොකිරිස්සෙක්ද මේ?

Slide4

මේ හඳුනානොගත් අපූරු අමුත්තා මගේ කැමරාවට හසු වන්නේ මොරගල තානායමට යාබද ස්වාභාවික දිය තටාකයට නුදුරින් ගලායන තවමත් මිනිස් අපද්‍රව්‍ය වලින් ඉඳුල් නොවී ඇතැයි සිතිය හැකි කුඩා දිය පහරකදීය. බනිස් කැබලි කෑමට පොරකන කුඩා දියමසුන් අතරින් ඔහු මතුවන්නේය. එහත් ඔහුගේ ඉලක්කය බනිස් කැබලි නොව මසුන් විය හැකිය.

පහත ඇත්තේ විකිපීඩියාව මිරිදිය පොකිරිස්සන් ගැන කියන දේය. ඉංගිරිසියෙන් මිරිදිය පොකිරිස්සන් හඳුන්වන්නේ Crayfish ලෙසිනි. එහෙත් අපේ අමුත්තා එහි පැණෙන සියළු ඡායාරූපයන්ට වඩා වෙනස් වෙයි. මේ සත්‍ය වශයෙන්ම පොකිරිස්සෙක්ද යන සංශය තවමත් මසිත ඇත්තේ එනිසාය. දිවි විදු තතුදත්තෝ වැරදිනම් නිවැරදි කරත්වා!

Crayfish, crawfish, or crawdads — members of the superfamilies Astacoidea and Parastacoidea — are freshwater crustaceans resembling small lobsters, to which they are related. They breathe through feather-like gills and are found in bodies of water that do not freeze to the bottom; they are also mostly found in brooks and streams where there is fresh water running, and which have shelter against predators. Most crayfish cannot tolerate polluted water, although some species such as the invasive Procambarus clarkii are more hardy. Crayfish feed on living and dead animals and plants.

In Australia, New Zealand and South Africa, the term crayfish or cray generally refers to a saltwater spiny lobster, of the type Jasus that is indigenous to much of southern Oceania, while the freshwater species are usually considered a yabby, or a koura, from the Indigenous Australian, and Māori, names for the animal respectively.

වැඩි විස්තර සඳහා බලන්න: http://en.wikipedia.org/wiki/Crayfish

Velupillai Prabhakaran | වේලුපිල්ලේ පිරබාහරන් | வேலுப்பிள்ளை பிரபாகரன் (1954-2009)

He was a terrorist, no doubt, but Prabhakaran deserves an obituary, even in a language he barely understood.

When Lanka Guardian, edited by Mervyn de Silva then, chose Prabhakaran as the ‘Man of the Decade’ in 1989, there was no dispute. He wasn’t a martyr – Osama Bin Laden too wasn’t when he was considered for TIME’s Man of the Year in 2001 – but Prabhakaran was one individual who changed the destiny of a country. Not that it would have been a Singapore, but at least it could have been a country better known for its tea, than for terrorism.

faces_of_terror

Sinhalese typically saw him as their arch enemy. (Many are eagerly waiting for the good news to start grand celebrations. It can happen any time now.) Feelings of Tamils were mixed. While some showed a passive solidarity, thousands spend hours on net eulogizing their Surya Thevan – The Sun God. “Terrorist to one” they said “…a freedom fighter to another” Only a handful of educated Tamils saw him in his true terrorist outfit. To the rest he was the typical smiling, child-kissing politician. At least few Tamil boys and girls were ready to exchange their lives for a last supper with him.

There was nothing ‘elusive’ about Prabhakaran, as political pundits liked to remind us. Had he shaved his thick moustache, spoken Sinhalese quoting religious texts and worn national dress probably with a shawl, Prabhakaran could have passed for a typical Sothern politician, with his big belly and smile. Lack of education (He was a tenth standard dropout, just like Wimal Weerawansa) might not have been treated a serious flaw. He could have easily been a minister in President Rajapakse’s jumbo cabinet. In fact, his once second in command made it.

celebrating

Little is known about Prabakaran’s early history. This is what Wikipedia says.

Velupillai Prabhakaran was born on November 26, 1954 in the northern coastal town of Velvettithurai. A Hindu by birth, he joined the student group TIP, during the standardization debates. In 1972, Prabhakaran founded an organization named Tamil New Tigers (TNT) which was a successor to many initial organizations that protested against the post colonial political direction of the country that pitted the minority Sri Lankan Tamils against the majority Sinhalese.

In 1975, after becoming heavily involved in the Tamil movement, he carried out his first political murder against the mayor of Jaffna, Alfred Duraiappah, by shooting him at point blank range while he was about to enter the Hindu temple at Ponnaalai. The assassination was in response to the 1974 Tamil conference incident, and the Tamil radicals had blamed Alfred Duraiappah, because he backed the then Sri Lanka Freedom Party (SLFP) implicated in the violence as well as for allegedly betraying the Tamil nationalist sentiments in the Jaffna peninsula.

In May 5, 1976, the TNT was renamed the Liberation Tigers of Tamil Eelam (LTTE), commonly known as the Tamil Tigers.

Some of these facts are disputed. Contrary to the popular belief, there is a school that believes Alfred Duraiappah was killed by a rival  gang. With nobody to certify, these minor details will now be forever lost.

Prabhakaran’s political origins were closely linked with the splitting up of nation on cultural and linguistic lines in mid 1970s, what was later termed as an ‘ethnic issue’. A radical youth in his early 20s, he was in the ideal position to exploit the increasing gap between Tamil politics and the mainstream. He was more the ‘first among equals’. Uma Maheshvaran, Sabaratnam and even Kuttamani – assassinated by Sinhalese prisoners in the immediate aftermath of 1983 Black July were either his seniors or equals. Instead of condemning, the senior Tamil politicians like Amirthalingam encouraged the growing unrest among youth, certainly to be exploited for their own political objectives. Little did they realize they nurtured a treacherous scorpion, who would one day bite the same hands that fed him. Then it was too late.

Prabhakaran was never guided by any strong political ideology. All he had was shamelessly hijacked SJV Chelvanayakam’s political agenda. His political immaturity never let him change the boundaries of the original map of the mythical Tamil Eelam. It was based on the first colonial segregation of administrative districts (only five then) and included not just present North and East but parts of Puttalum and Polonnaruva districts, where no Tamil inhabitations exist now. Wthere he was too dumb to imagine the majority presenting such a vast geographical area in a plate of silver or that was only a cover for receiving the continuous support of Diaspora Tamils, the younger generations of whom had little idea of the issue is not clear. Now he is dead and gone, we will never know.

Further, Prabhakaran’s mythical state of Tamil Eelam, was a only cut down version of the feudal state Rajapakse is planning to create in South. It was meant to be a monarch, with a royal family and all, not even a twentieth century autocracy. There wouldn’t have been even a trace of modernity. Just like Rajapakse wants to take us few centuries back to the days of King Rajasinghe, Prabhakaran wanted the resurrection of the dynasty of Nallur kings. He certainly wouldn’t have tolerated elections, a parliament or an opposition. Had it ever materialized, it would have been an isolated kingdom, with no Diaspora Tamil ever wanted to return or invest in. In fact, Diaspora Tamils have never tolerated Prabhakaran as their ‘king’ for too long. He was only their instrument against the real or imagined oppression by Sinhalese majority.

behind_every_monster

What made Prabhakaran’s larger than life image was his ability to survive for thirty long years against both the Sri Lanka forces and IPKF. Rest of the rebels, including Minister Douglas Devananda laid down their arms and joined mainstream, but not him. In retrospective, Prabhakaran’s survival should not be a surprise. The Government of Sri Lanka never. had a consistent strategy to match his. Successive governments attempted to find an everlasting solution to the ethnic issue, through democratic means rather than focusing their strengths on eliminating Prabhakaran or LTTE, till somebody made it his life mission. Past presidents, three of them from UNP, knew when ethnic issue was solved Prabhakaran would cease to exist. However, none of them, till Ranil Wickremasinghe bravely did, sacrificing his political future at least temporarily, offered a viable solution to the ethnic issue. There was hardly any attempt to win the moderate Tamils. So the opportunity was forever lost with Prabhakaran receiving a walkover. The only Sri Lankan leader who ever politically weakened Prabhakaran was Ranil Wickremasinghe. It is not a surprise he fondled such a grudge against Wickremasinghe.

A myth fondly propagated by the present government is that Mahinda Rajapakse alone defeated LTTE. He didn’t. Jaffna peninsula, the historical stronghold of Tamil rebels was overtaken by security forces in 1996, during Chandrika kumaratunge regime. Killinochchi was only their temporary shelter. LTTE was further weakened during the Ceasefire period as the return to normal life after a long last war made many leave the movement. The restart of economic activities were the main reason for the fast disintegration of the LTTE at the time of the fall of Ranil Wickremasinghe’s government. The security forces, under Mahinda Rajapakse regime hit this already weakened set up. So it is unfair for the current government to disregard the indispensable contributions of the former President Chandrika Kumaratunge and former Prime Minister Ranil Wickramasinghe, in making a job lot easier for them. In the dog-eating-dog world of Sri Lanka politics however, it is too much to expect such a gratitude.

Even a bigger myth is that the ethnic issue will vanish with Prabhakaran. Well, he didn’t create it, so why assume his demise would bring end to the hatred between the two communities? Contrary to what President Rajapakse wants us to believe (in vain), the mistrust between the Sinhalese and Tamils will continue. Tamils will never recognize Rajapakse as their leader. So even though the armed struggle is over temporarily the Herculean task of uniting the nation remains to be a task to be completed by a more capable and wiser leader then the present President.

eelam-map

Back to Prabhakaran. Did he achieve anything worthwhile for his community? The answer is a big NO. Ethnic (Jaffna) Tamils are worse off than they were in 1970s. More than half of the Tamil population has already left for good. Thousands of Tamil families had to live with eternal grief of losing one or more family members. Ethnic Tamils, the largest minority in Sri Lanka then, has now reduced to the pathetic third place after Muslims and Indian Tamils. Jaffna, the second most advanced city in Sri Lanka, with its famous education system, is now far behind. As a community Tamils, at least the unfortunate ones to still remain, have moved ten or twenty years backward. They were termed as terrorists across the world. North and East have become more and more economically dependent on Colombo. At least for the next few years, till a UNP government implements a political solution, they will be remotely controlled from Colombo. All thanks to Prabhakaran.

idp151-(2)-11

Prabhakaran’s life was a book of mistakes – a manual of how not to do things – but even among them there are three big blunders. First was the assassination of Rajiv Gandhi. Whatever the reasons, with this emotional act, he lost the only possible international ally. (Had India been neutral it would not have been so easy to eliminate LTTE) The second was his decision to kill civilians – irrespective of their ethnicity. Even ethnic (Jaffna) Tamils were not spared in these random killings. The southern equivalent of LTTE, Janatha Vimukthi Peramuna (JVP) never killed civilians and had a section of masses supporting them till the end. Majority of the Sinhalese were not racists and till mass civilian killings began in Colombo and Anuradhapura some were even politically sympathetic to their cause. Killing of innocents changed that forever. The third and the biggest mistake was Prabhakaran’s decision to indirectly support Mahinda Rajapakse in the 2005 Presidential election. If not for the LTTE’s boycott Ranil Wickremasinghe could have been the President and could have brought a more humane and ever lasting solution to the ethnic issue. Now that opportunity is lost forever. A political solution is only a dream under the present regime.

Prabhakaran is no more a hero than Hitler or Pol Pot, but he is a legend that will live on. I am sure for centuries to come mothers use his name to scare little children. I am personally happy to see the ‘king maker’ gone. In future people of this country will elect their leaders, not Prabhakaran.

(Edited photographs are from http://www.defence.lk)