Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Posts Tagged ‘Mahinda’

ජෙනරාල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි; අපි ඔහුගේ ඉදිරි ගමනට සුබ පතමු. ජයෙන් ජයම වේවා!

Posted by Ajith on November 12, 2009

7031_159714526959_151916326959_3363580_505887_n

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇත.  

කරුණු 16ක් සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යවන ජනරාල්වරයා සදහන්කර ඇත්තේ තමාගේ කැමැත්තට එරෙහිව හමුදාපති ධූරයෙන් ඉවත් කර කිසිදු බලයක් නොමැති තනතුරකට තමා පත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බවය. එසේම නොමග යන තොරතුරු මත පදනම් වෙමින් තමා කුමන්ත්‍රණයක සිටින බවට ජනාධිපතිවරයා තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කිරීමත්, තම කාර්යාලයේ නිලධාරීන් තමා දිවයිනේ නොසිටි මොහොතක ඉවත් කිරීමත් පිළිකුල් සහගත බවද ඔහු කියා සිටී.

යුද ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහත් අනාගත කැරලි ඇතිවීම වැළැක්වීම සදහාත් ප්‍රමාණවත් පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බව සදහන් කරන සරත් ෆොන්සේකා මහතා නාස්තිය හා දූෂණයත් ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීමත් හේතුවෙන් ජනතාව ආර්ථික වශයෙන් විදින දුෂ්කරතා වඩාත් වැඩිවී ඇති බවද පෙන්වාදෙයි. ‍මවු බිමට සාමය සහ සෞභාග්‍ය ගෙන එන නව යුගයක් කරා රට ගෙන යාමට සමත්වන්නේ නම් හමුදාව විශාල කැප කිරීමක් කර ලබා ගත් ජය අපතේ නොයනු ඇති බවද ඔහු එහි සදහන්කර තිබේ.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , | Leave a Comment »

අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය ජනාධිපති රුව ගත් පඹයා පුළුස්සයි

Posted by Ajith on October 29, 2009

04

අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කළ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු උදුල් ප්‍රේමරත්න වහාම නිදහස් කිරීම වෙනුවෙන් මැදිහත් වන ලෙසත්, අධ්‍යාපන පෞද්ගලීකරණය වහාම නතර කරන ලෙසත් ඉල්ලා ඊයේ (28) අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ මෙහෙයවීමෙන් සමස්ත සරසවි සිසුහු විරෝධතාවයක නිරත වූහ. අද දහවල් කොළඹ විහාරමහාදේවී උද්‍යානයෙන් ආරම්භ කරන ලද මෙම විරෝධතාවයේදී සමස්ත විශ්වවිද්‍යාලයීය සිසුන් එක්ව සටන් පාඨ කියමින් කොළඹ නගර ශාලාව හරහා කොල්ලුපිටිය ප්‍රදේශයට පා ගමනින් ගමන් ගත්හ. කොල්ලුපිටිය මංසන්ධියේ පොලිස් නිලධාරීන් උද්ඝෝෂකයින්ගේ මාර්ගය අවුරා මාර්ග බාධක යොදා තිබූ අතර  එම ස්ථානයේ ද සිසුන් සටන් පාඨ කියමින් පැයකට ආසන්න කාලයක් විරෝධය දැක්වීය.

02

පසුව උද්ඝෝෂකයින් අමතා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ වැඩබලන කැඳවුම්කරු සංජීව බණ්ඩාර මහතා “අපි මෙතෙනට ආවේ ඉතා සාමකාමි විදියට මහින්ද මහත්තයට අපේ ගැටළුව ඉදිරිපත් කරල විසඳුම් ලබා ගන්න. නමුත් මහින්ද මහත්තය කැමති නැහැ අපිත් එක්ක සාකච්ඡා කරන්න. ඒකයි එතුමා කේවට්ටයො එවල තියෙන්නේ සාකච්ඡාවට. අපි බොහොම පැහැදිලිව කියනව අපිට මහින්ද මහත්තයත් එක්ක මිස එයාගෙ කොවට්ටයින් එක්ක සාකච්ඡා නැහැ කියල. අද වෙනකොට උදුල් සහෝදරයා සිරගත කරල දින හතළිස් හතරක් වෙනව. උදුල් සහෝදරය කරපු වැරැද්ද තමයි අධ්‍යාපනය රැක ගන්න කටයුතු කරපු එක. අධයාපනය රැකගන්න මැදිහත් වෙච්ච උදුල් සහෝදරයා සිරගත කරල. නමුත් ත්‍රස්තවාදීන් වෙච්ච ජෝර්ජ් මාස්ටර්, දයා මාස්ටර් නිදහස්. මේක තමයි මේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදය” යනුවෙන් පැවසීය.

මෙසේ අදහස් දැක්වීමෙන් අනතුරුව ජනාධිපතිවරයාට භාර දීමට ගෙනා ලිපිය හා ජනාධිපතිවරයාගේ රුවට සමාන පඹයෙකු පුළුස්සා සටන් පාඨ කියමින් සිසුන් පැවසුවේ ‍මින් ඉදිරියට මීට වඩා දැඩි ක්‍රියාමාර්ගවලට තමන් අවතීර්ණ වන බවයි.

01

පුවත හා ඡායාරූප: www.lankatruth.com

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , | 3 Comments »

විමල් වීරවංශගේ රෝමානු මතක සටහන් කිහිපයක්

Posted by Ajith on October 25, 2009

image007

image008

image009

සීගිරි, සිරීපාදෙ ගිහින් නැති වුනාට දැන් මම රෝමෙට ගිහිල්ලා තියෙනවනේ. කවුද මේවගේ මට සලකන්නේ මහ රජතුමා මිසක?

දුක් සැප කුමන්දා – අසන නිරිඳෝ වෙන කොයින්දා?

Posted in Uncategorized | Tagged: , , , , , , , | 7 Comments »

ආණ්ඩුවේ හෙළුව වසා ගන්න ජනපති මාධ්‍ය ඒකකයෙන් මාධ්‍යයට බලපෑම්

Posted by Ajith on October 12, 2009

np_fronts

දකුණු පළාත් සභා මැතිවරණයෙන් එක්සත් ජනතා නිදහස් සන්ධානය අපේක්ෂාකළ මැතිවරණ ප්‍රතිඵලය නොලැබීමත් සමඟ එම කඩා වැටීම ජනමාධ්‍යයෙන් ප්‍රකාශයට පත්වීම වැළැක්වීම සදහා ජනාධිපති මාධ්‍ය ඒකකය සෘජුව මැදිහත්වී ඇති බව ජනමාධ්‍ය ආයතනවලින් ලැබෙන ආරංචි මාර්ග සදහන් කරයි. තමන් දකුණු පළාත් සභා මැතිවරණයෙන් 90%ක පමණ ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව ආණ්ඩුව මුලින් ප්‍රකාශ කළේය.

නමුත් ආණ්ඩුවට ලැබී ඇත්තේ ඊට වඩා බෙහෙවින් අඩු 68%ක පමණ ඡන්ද ප්‍රතිශතයකි. නමුත් එම පසු බැසීම වසන් කිරීම සදහා සියලු ජනමාධ්‍යන්හි පාලනය අතට ගැනීමට ජනාධිපති මාධ්‍ය ඒකකය ක්‍රියාකර ඇතැයි වාර්තාවේ.

මෙහි පළමු පියවර ලෙස ඊයේ රාත්‍රී සියලු විද්‍යුත් මාධ්‍යවල ප්‍රවෘත්ති විකාශයන්හි මැතිවරණ ප්‍රතිඵල වි‍ශ්ලේෂණය සදහා ජනාධිපති මාධ්‍ය ඒකකය මැදිහත්වී තිබේ. එහි ප්‍රතිඵලයක් ලෙස බොහෝ මාධ්‍යවල ඊයේ රාත්‍රී ප්‍රවෘත්ති විකාශයන්හි මැතිවරණයට අදාල පුවත්වල අන්තර්ගතය එක සමාන විය.

එමෙන්ම අද සියලු ජාතික පුවත්පත්වල ප්‍රධාන පුවත එකම අන්තර්ගතයක් ගෙන ඇති අතර සියලු පුවත්පත්වල ප්‍රධාන ඡායාරූපය ලෙස ජනාධිපතිවරයාගේ එකම ඡායාරූපය යොදාගෙන ඇත. එම ඡායාරූපයද ප්‍රධාන පුවතේ අන්තර්ගතයද පුවත්පත් කතුවරුන්ට යවා ඇත්තේ ජනාධිපති මාධ්‍ය ඒකකය විසින් යැයි විශ්වාස කටයුතු ආරංචි මාර්ග හෙළි කරයි. එය අප රටේ ජනමාධ්‍ය නිදහස පිළිබද නිවැරදිම චිත්‍රය අපට මවා දෙනු ඇත.

www.lankatruth.com

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , | 5 Comments »

නව ආරම්භයක්: රාජපක්ෂ රෙජීමයේ පසුබෑම ඇරැඹේ; එජාප ප්‍රතිශතයේ 4%ක වැඩිවීමක්!

Posted by Ajith on October 11, 2009

results 2

ඊයේ පැවැත්වුණු දකුණු පළාත් සභා මැතිවරණ ප්‍රතිඵල සංඛ්‍යාත්මකව එක්සත් ජාතික පක්ෂයේ ජයග්‍රහණය පිළිබිඹු නොකළා විය හැකිය. එහෙත් එය අපූරුවට රාජපක්ෂ රෙජීමය බිඳවැටීමේ ආරම්භය සනිටුහන් කරයි.

2008 මැයි මාසයේ පැවති නැඟෙනහිර පළාත් සභා මැතිවරණයේ සිට ඌව පළාත් සභා මැතිවරණය දක්වා සිදුවූයේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ඡන්ද ප්‍රතිශතය 52% සිට 72% දක්වා වැඩිවී එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද ප්‍රතිශතය 42% සිට 22%ක අවමයකට බැසීමය. නමුත් දකුණු පළාත් සභා ප්‍රතිඵලය මේ ප්‍රවණතාවයේ පැහැදිළි අපගමණයක් පෙන්නුම් කරයි. ඒ අනුව රාජපක්ෂ රෙජීමයේ ජනප්‍රියතාව වැටෙමින් පවතින බවත් එක්සත් ජාතික පක්ෂය එහි වාසිය ලබා ගනිමින් සිටින බවත් පැහැදිළිය.

රාජපක්ෂ රෙජීමයේ 80%ක් 90%ක් ලබා ගන්නවායැයි කියූ “පොර ටෝක්” කෙසේවෙතත්, මෙතෙක් නොවූ විරූ ලෙස මහජන මුදල් මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදීමෙන් හා මැදමුලන “ෆ්‍රයිඩ් රයිස් දන්සැල්” පැවැත්වීමෙන්ද පසු රාජපක්ෂ රෙජීමයට ලබා ගත හැකිවූ ඡන්ද ප්‍රතිශතය 68% දක්වා පහත බැස ඇත. ඒ අතරම එජාපය ඌවෙන් ලබා ගත් 22% ක අවමයේ සිට 26%ක ඡන්ද ප්‍රතිශතයේ වැඩිවීමක් පෙන්නුම් කොට ඇත.

මේ ආරම්භය පමණකි. ගමන සුභයි. අනාගතය දෙස ශුභවාදීව බලමු.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , | 6 Comments »

A New Beginning: TREND REVERSES! UPFA LOSES ITS POPULARITY while UNP INCREASES ITS BY 4%

Posted by Ajith on October 11, 2009

results

Numerically, the Southern Provincial Council election result was not a victory for the UNP. We should have done better. However, it clearly marks a ‘New Beginning’ where the trend has now been reversed. Starting from the Eastern Province in May 2008, UPFA gradually increased its share from 52% in Eastern to 72% in Uva. Meanwhile UNP’s percentage fell from 42% to 22% till August 2009.

In Southern Provincial Council elections despite the high expectations of the Rajapakse regime to achieve more than 80-90%, it could score only 68%.

The results clearly show a reversal of the trend. In spite of the colossal amount of public money spent in campaigning and grand ‘Fried Rice Dansel’ at Medamulana, it is crystal clear UPFA is losing ground. The 72% share they showed in Uva has dropped to 68% in South – the most prominent UPFA stronghold. Meanwhile UNP has gained the 4% UPFA lost.

This is only the beginning. Please wait and see.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , | 2 Comments »

දෙණියායේ මාළිගාව පරීක්‍ෂා කරන්න ගිය එජාප මහ ලේකම් ඇතුළු පිරිසට මැර ප්‍රහාරයක්‌ – දිවයින

Posted by Ajith on October 5, 2009

b01

දෙණියාය බෙවර්ලි වතුයායේ මහජන මුදලින් මාර්ගයක් ඉදිවන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥතියකුට අයත් සුවිසල් සුඛෝපභොගී මාළිගාව ගැන තොරතුරු සොයා බැලීමට ඊයේ (04 දා) දහවල් එම ස්‌ථානයට ගිය එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එජාප ක්‍රියාකාරීන් පිරිසකට ගල්මුල් ප්‍රහාරයක්‌ එල්ල වීමත් සමග ඒ අවට ප්‍රදේශය පැය දෙකකට ආසන්න කාලයක්‌ යුද පිටියක්‌ බවට පත්ව ඇත. ප්‍රහාරයෙන් පස්‌ දෙනකු තුවාල ලබා වාහන දහසකට පමණ අලාභහානි සිදුව ඇතැයි ද වාර්තාවේ. මෙම සුවිසල් නිවසට යන මාර්ගය මග නැගුමෙන් වාහන සහ රජයේ වියදමින් කෝටි 90 කට අධික මුදලක්‌ යොදවා ඉදිකිරීමට එරෙහිව එජාපය ඊයේ දහවල් දෙනියාය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක්‌ද පැවැත්වූ අතර එම උද්ඝෝෂණයෙන් අනතුරුව, මහලේකම්වරයා ඇතුළු පිරිස අලුතින් ඉදිවන මන්දිරය සහ මාර්ගය නැරඹීමට ගොස්‌ ඇත.

මහලේකම් තිස්‌ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්‌ඩාර, සාගල රත්නායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක, මාතර දිස්‌ත්‍රික්‌ පළාත් සභා මැතිවරණ අපේක්‍ෂක වින්දන හපුතන්ත්‍රී යන මහත්වරුන් ප්‍රමුඛ ආධාරකරුවන් 200 කට අධික පිsරිසක්‌ මාධ්‍යවේදීන්ද සමග එම මන්දිරය වෙත ගොස්‌ ඇත.

මේ අයගේ ගමන වැළැක්‌වීම සඳහා නිවසට පිවිසෙන මාර්ගයේ ස්‌ථාන කිහිපයක්‌, කොන්ක්‍රීට්‌ කණු සහ විශාල කොටන් දමා මාර්ගය හරස්‌ කර තිබූ අතර ඒ සියලු බාධක ඉවත් කරගෙන ඒ නිවස ආසන්නයට යනවාත් සමග එහි රැඳී සිටි පිරිසක්‌ ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත.

මේ එජාප මන්ත්‍රීවරුන් සමග ගමන්ගත් පිරිසට පැයකට ආසන්න කාලයක්‌ ප්‍රහාර එල්ල කරගෙන තිබේ.

මෙම ප්‍රහාර එල්ල වනවාත් සමග මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් ආරක්‍ෂක නිලධාරීන්, දැඩි වෙහෙසක්‌ දරා මන්ත්‍රීවරු වාහන වලට නංවාගෙන ආරක්‍ෂාව සපයා තිබේ.

මෙලෙස ආරක්‍ෂක නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව සපයා තිබුණත්, ඒ මාර්ගයේ ස්‌ථාන කිහිපයක නැවත මාර්ගය අවහිර කර, එක්‌සත් ජනතා නිදහස්‌ සන්ධානයේ දකුණු පළාත් සභා මාතර දිස්‌ත්‍රික්‌ අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් විශාල පිරිසක්‌ වාහන වල පැමිණෙන අයට ප්‍රහාර එල්ල කිරීම නිසා පැයකට අධික කාලයක්‌ මේ අයට අදාළ නිවස ආසන්නයේ රැඳී සිටීමට ද සිදුව ඇත.

මෙහි ප්‍රථම ප්‍රහාරය එල්ල වීමට පෙර එම ස්‌ථානයට පැමිණි ඇමැති ඩිලාන් පෙරේරා මහතා සහ ආධාරකරුවන් පිරිසක්‌ සමග උණුසුම් ආකාරයෙන් වචන හුවමාරුවක්‌ සිදු වන විට ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සමග පැමිණ සිටි පිරිස සහ එතැනදී රැඳී සිටි පිරිස්‌ ප්‍රහාර එල්ලකිරීමට පටන් ගෙන ඇතැයි ද කියති.

මහජන මුදල් කෝටි ගණනක්‌ වැයකරමින් ඉදිකරන නිවස සිය මාර්ගයේ වැඩකටයුතු ගැන සොයා බලා ඊට විරෝධය පළකිරීමට එම ස්‌ථානයට තමන් ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක්‌ ගිය බවත්, ඒ අවස්‌ථාවේදී එල්ල වූ මැර ප්‍රහාරය එජාපය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා “දිවයින” ට පැවැසීය.

අලුතින් ඉදිවන නිවස සහ එම මාර්ගය කටයුතු සොයාබැලීමට ඒ ස්‌ථානයට ගිය අවස්‌ථාවේ නිවසේ හිමිකරු සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මස්‌සිනා තුසිත රණවක තමන් ඉදිරියට පැමිණ මේ අලුතින් ඉදිකර තිබෙන්නේ පුද්ගලික මාර්ගයක්‌ යෑයි පවසා එය පරීක්‍ෂා කිරීමට අයිතියක්‌ නැති බවද පැවැසීමෙන් පසු මග නැගුමෙහි වාහන අනෙකුත් සම්පත් සහ මුදල් යොදා පුද්ගලික මාර්ගයක්‌ ඉදිකරන්නේ කෙසේදැයි තමන් ඔහුගෙන් ප්‍රශ්න කළ බවද අත්තනායක මහතා පැවැසීය.

මෙම ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන් 5 දෙනකුගේ පමණ කැමරාවලට අලාභ හානි සිදුකරමින් ඔවුන්ට පහරදී වාහන 10 කට වැඩි ප්‍රමාණයකට අලාභහානි සිදුකොට තිබෙන බවත් අනාවරණය කළේය.

මේ සිද්ධිය ගැන සාකච්ඡාකොට පොලිස්‌පතිවරයාට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව තිස්‌ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment »

A Battle at Beverly Palace, Deniyaya: Ravi Karunanayake injured; 20 vehicles damaged

Posted by Ajith on October 4, 2009

abkcxf55jye1xu45lyw2mcmj_Deni600_2

abkcxf55jye1xu45lyw2mcmj_Deni600_3

abkcxf55jye1xu45lyw2mcmj_Deni600_4

abkcxf55jye1xu45lyw2mcmj_Deni600_5

abkcxf55jye1xu45lyw2mcmj_Deni600_main

General Secretary Tissa Attanayake and the UNP MPs on the way to the ‘Palace’ at Beverly estate were brutally attacked by People’s Alliance henchmen. This construction has come under heavy criticism from the opposition as Maha Neguma funds are being misused. It was said to be owned by President Mahinda Rajapaksha’s brother-in-law.

Ravi Karunanayake MP received head injuries while 20 vehicles were damaged. More than 80 vehicles were en route with Matara District UNP candidates and thousands of supporters.

The PA supporters had come prepared for the attack. The Police had to use tear gas to stop them.

Tissa Attanayake said Minister Dilan Perera with Thusitha Ranawaka, the ‘Beverly Palace’ owner were behind the attack.

Story: http://www.lankaenews.com/English/news.php?id=8431
Photos: http://www.dailymirror.lk/DM_BLOG/Sections/frmNewsDetailView.aspx?ARTID=63573

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , | 6 Comments »

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඇත්තටම මී ගවයන් බිලිදුන්නාද?

Posted by Ajith on September 27, 2009

1231_E38චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පියා වූ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කොට පනස් වසක් පිරුණේ ඊයේටයි. මේ සමරු උත්සවයටවත් එතුමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හෝ අඩු තරමින් ලේකම්වත් සහභාගි නොවූ බව ආරංචිය. පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා නොසළකා හරින වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළේ කිසිම අලෙවියක් නැති අලෙවි මවුලානා වැනි සොක්කන් කිහිප දෙනෙකි.

මේ අතර සති අන්ත සිංහල ඉංග්‍රීසි පුවත්පත් ගණනාවක් වාර්තාකළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඉන්දියාවේ කෝවිලකදී මී ගවයන් දෙදෙනෙකු යාගයක් සඳහා බිලි දුන් බවය. බොහෝ පුවත්පත් ඇය නම්කොට නොතිබුණ මුත් සමහර ඒවා ඇය නමින්ම හඳුන්නා දී තිබුනේය. මේ නිමල් වෙල්ගම නැමැති ව්‍යාපාරිකයා විසින් පළ කරනු ලබන දිවයින වාර්තා කළ හැටියි.

ඒ උත්තමිය ඉන්දියාවේ මේ කෝවිලට ගිහින් අපිට සාප කරලා. මටයි ගෝඨාභයටයි. අපි දෙන්න හැඳිගෑවිලා යන්න කියලයි පූජාව කරල තියෙන්නේ. අපරාදේ.. ඒකට අර අහිංසක මී ගවයෝ දෙන්නෙක්‌ ගෙන්නලා උන්ගේ බෙලි කපල තමයි මේ පූජාව කරල තියෙන්නේ. මහ මීහරක්‌ වැඩ.. ජනාධිපති මහින්ද ඒ ගැන කතා කළේ තද සිත් වේදනාවකිනි.

හික්කා බීච් ෆෙස්ටිවල් පිළිබඳව වෙන තැනකින් ගත් ඡායාරූප පළ කරමින් අමූලික බොරු ගෙතූ දිවයින මේ සිද්ධියේ ඇත්ත නැත්ත දෙවරක් සොයා බැලුවාද අපි නොදනිමු. ඔවුන් එසේ නොකළේ නම් පුදුම වන්නට දෙයක්ද නැත. නිමල් වෙල්ගමගේ දිවයින දේශපාලන වාසි තකා ඇදබාන චේතිය පච අප දන්නා නිසාය.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඇත්තටම මී ගවයන්  බිලිදුන්නාද?

මගේ අදහස නැත යන්නයි. ඉන්දියාව බහුතරය හින්දු බැතිමතුන් වෙසෙන රටකි. එරට ජනගහණයෙන් හින්දූන්ගේ ප්‍රතිශතය 80% කි. හින්දූහු ගවයා දේවත්වයෙන් අදහති. ඉන්දියාවේ සුළුතර මුස්ලිම් ජනතාව ගවයන් මැරීම ගැන පවා සාම්ප්‍රදායික හින්දූන් එකහෙළා විරුද්ධය. එහෙව් රටක, අහිංසා ධර්මය මත පදනම් වූ හින්දු කෝවිලක මී ගවයින් බිල්ලට දෙන්නේය කීම විහිළුවකි.

මෝඩ පාලකයෝ හැමවිටම තොරතුරු සඳහා කේලාම්කාරයන් මත විශ්වාසය තබති. මේ රජ කපටීන් ගොත ගොතා කියන්නේ තමන් ඇසීමට කැමති කතා මිස ඇත්ත නොවේයයි ඔවුන්ට කල්පනා වන්නේ නැත. තමන්ගේ සතුරන්ගේ වැරදි ගැන මේ කපටියන් කරන ඇදබාන ඕනෑම මුසාවාදයක් ඔවුන් විශ්වාස කරන්නේ ඒ සිතිවිල්ල සුවදායක නිසාය.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හැමවිටම හරි යැයි මම නොකියමි. මමද ඇය දරුණු ලෙස විවේචනය කොට ඇත්තෙමි. එහෙත් කවුරුන් ගැන වුවත් සොයා නොබලා බේගල් ඇදබෑම මාධ්‍ය සදාචාරයට හොඳ නැත. අපේ මාධ්‍යකරුවන් කඩේ යනකොට වුවද මීට වඩා ටිකක් හොයා බලා යෑම හොඳය.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

Sri Lankan Soldiers Open Fire on Refugees Fleeing Camp, Wound two – Bloomberg

Posted by Ajith on September 27, 2009

Civilians stand behind the barbed-wire perimeter fence of the Manik Farm refugee camp located on the outskirts of northern Sri Lankan town of Vavuniya

Civilians stand behind the barbed-wire perimeter fence of the Manik Farm refugee camp located on the outskirts of northern Sri Lankan town of Vavuniya

Sri Lankan soldiers fired at refugees trying to escape from a camp in the country’s north, wounding two of them, the Defense Ministry said.

The incident occurred yesterday at the Menik Farm, according to a statement posted on the Media Centre for National Security’s Web site today. The refugees attacked soldiers guarding the camp with “clubs and stones.”

The soldiers defended themselves with “warning fire” after one of the refugees tried to throw a hand grenade, according to the statement. Police have arrested 19 refugees.

More than 280,000 people, mostly Tamils, have been held in camps since Sri Lanka’s army defeated the Liberation Tigers of Tamil Eelam in May, ending its 26-year fight for a separate Tamil homeland in the north and east.

United Nations Secretary-General Ban Ki-moon sent his political affairs deputy Lynn Pascoe to the South Asian island nation on Sept. 16 to press for a swift release of the refugees.

President Mahinda Rajapaksa said earlier this month he wants to achieve reconciliation with the Tamil community and bring permanent peace to the country. Tamils make up almost 12 percent of Sri Lanka’s 20 million population. Sinhalese account for 74 percent, according to a 2001 census.

Sri Lanka on Sept. 15 rejected an assertion by Navi Pillay, the UN human rights commissioner, that Tamil refugees are being held in “internment” camps, saying they will leave when security is established and the region is cleared of mines.

The government is undertaking a program providing relief, resettlement and reconciliation to displaced people, Mahinda Samarasinghe, Sri Lanka’s minister for disaster management and human rights, said in an address to the UN Human Rights Council the same day.

http://www.bloomberg.com/apps/news?pid=20601080&sid=ap42ovLqZNek

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , | Leave a Comment »