Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Posts Tagged ‘Mahinda Rajapakse’

BREAKING NEWS: Thugs attack a peaceful demonstration at Bandaragama

Posted by Ajith on December 29, 2009

A tensed situation developed in Bandaragama this afternoon after an armed group attacked a peaceful demonstration organised by the JVP over the arrest of the Venerable Dambara Amila thero on fake complaints,

The clash occurred when the JVP staged a protest against the arrest of the monk while Peoples’ Alliance supporters had attacked them. Daily Mirror quoted police spokesman SSP I.M Karunaratne confirming the incident, but he has not named the party that attacked.

According to eye witnesses, the attack was led by the Peoples’ Alliance Provincial Council supporters Tudor Dayaratne, Nimal Chandraratne and Chairmal of the Bandaragama Pradesheeya Sabha Manoj Sanjaya Hettige.

The injured were admitted to the Panadura base hospital.

Please note there is a difference in the version by the Police reproduced in the Daily Mirror online and the reality.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a Comment »

ලැජ්ජයි මහරජෝ! සංවේදී නායකයාගේ සන්නද්ධ මැරයෝ බණ්ඩාරගමදී නිරායුධ විරෝධතාවයකට පහර දෙති!

Posted by Ajith on December 29, 2009

නියත පරාජය හමුවේ වියරු වැටී ඇති රාජපක්ෂ හෙන්චයියන්ගේ මැරවර ක්‍රියා මේ වන විට අතිශය පහත් මට්ටමකට පැමිණ ඇති අතර, එහි තවත් පරිච්ඡෙදයක් අද බණ්ඩාරගමදී නිරාවරණය විය.

දේශපාලන වාසි ලබා ගැනීම සඳහා දඹර අමිල හිමියන් බොරු චෝදනා මත රහස් පොලිසිය විසින් අත් අඩංගුවට ගැනීම හේතු කොට ගෙන ජනතා විමුක්ති පෙරමුණ විසින් සංවිධානය කරන ලද සාමකාමී විරෝධතා ව්‍යාපාරයකට අද උදෑසන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැරවර කල්ලියක් විසින් පහර දෙන ලදී. මේ මැරවර කල්ලියට නායකත්වය සපයන ලද්දේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රීන් වන ටියුඩර් දයාරත්න, නිමල් චන්ද්‍රරත්න හා බණ්ඩාරගම ප්‍රාදේශීය සභා සභාපති මනෝජ් සංජය හෙට්ටිගේ විසිනි.

මේ සිද්ධිය මෙසේ සිදුවෙද්දී පොලිස් නිලධරයන් කිසිම පියවරක් නොගෙන බලා සිටි අතර අහසට වෙඩි තබා පිරිස විසුරුවා හැරීමට තැත්කළ එක් පොලිස් නිලධරයකු ඉහළ නිලධරයකු විසින් වළක්වා ඇත.

සිද්ධියෙන් බරපතළ තුවාල ලද ජවිපෙ ආධාරකරුවන් පිරිසක් මේ වන විට පානදුර මූලික රෝහලට ඇතුළත් කර සිටිති.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments »

ජෙනරාල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි; අපි ඔහුගේ ඉදිරි ගමනට සුබ පතමු. ජයෙන් ජයම වේවා!

Posted by Ajith on November 12, 2009

7031_159714526959_151916326959_3363580_505887_n

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇත.  

කරුණු 16ක් සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යවන ජනරාල්වරයා සදහන්කර ඇත්තේ තමාගේ කැමැත්තට එරෙහිව හමුදාපති ධූරයෙන් ඉවත් කර කිසිදු බලයක් නොමැති තනතුරකට තමා පත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බවය. එසේම නොමග යන තොරතුරු මත පදනම් වෙමින් තමා කුමන්ත්‍රණයක සිටින බවට ජනාධිපතිවරයා තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කිරීමත්, තම කාර්යාලයේ නිලධාරීන් තමා දිවයිනේ නොසිටි මොහොතක ඉවත් කිරීමත් පිළිකුල් සහගත බවද ඔහු කියා සිටී.

යුද ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහත් අනාගත කැරලි ඇතිවීම වැළැක්වීම සදහාත් ප්‍රමාණවත් පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බව සදහන් කරන සරත් ෆොන්සේකා මහතා නාස්තිය හා දූෂණයත් ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීමත් හේතුවෙන් ජනතාව ආර්ථික වශයෙන් විදින දුෂ්කරතා වඩාත් වැඩිවී ඇති බවද පෙන්වාදෙයි. ‍මවු බිමට සාමය සහ සෞභාග්‍ය ගෙන එන නව යුගයක් කරා රට ගෙන යාමට සමත්වන්නේ නම් හමුදාව විශාල කැප කිරීමක් කර ලබා ගත් ජය අපතේ නොයනු ඇති බවද ඔහු එහි සදහන්කර තිබේ.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , | Leave a Comment »

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඇත්තටම මී ගවයන් බිලිදුන්නාද?

Posted by Ajith on September 27, 2009

1231_E38චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පියා වූ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කොට පනස් වසක් පිරුණේ ඊයේටයි. මේ සමරු උත්සවයටවත් එතුමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හෝ අඩු තරමින් ලේකම්වත් සහභාගි නොවූ බව ආරංචිය. පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා නොසළකා හරින වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළේ කිසිම අලෙවියක් නැති අලෙවි මවුලානා වැනි සොක්කන් කිහිප දෙනෙකි.

මේ අතර සති අන්ත සිංහල ඉංග්‍රීසි පුවත්පත් ගණනාවක් වාර්තාකළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඉන්දියාවේ කෝවිලකදී මී ගවයන් දෙදෙනෙකු යාගයක් සඳහා බිලි දුන් බවය. බොහෝ පුවත්පත් ඇය නම්කොට නොතිබුණ මුත් සමහර ඒවා ඇය නමින්ම හඳුන්නා දී තිබුනේය. මේ නිමල් වෙල්ගම නැමැති ව්‍යාපාරිකයා විසින් පළ කරනු ලබන දිවයින වාර්තා කළ හැටියි.

ඒ උත්තමිය ඉන්දියාවේ මේ කෝවිලට ගිහින් අපිට සාප කරලා. මටයි ගෝඨාභයටයි. අපි දෙන්න හැඳිගෑවිලා යන්න කියලයි පූජාව කරල තියෙන්නේ. අපරාදේ.. ඒකට අර අහිංසක මී ගවයෝ දෙන්නෙක්‌ ගෙන්නලා උන්ගේ බෙලි කපල තමයි මේ පූජාව කරල තියෙන්නේ. මහ මීහරක්‌ වැඩ.. ජනාධිපති මහින්ද ඒ ගැන කතා කළේ තද සිත් වේදනාවකිනි.

හික්කා බීච් ෆෙස්ටිවල් පිළිබඳව වෙන තැනකින් ගත් ඡායාරූප පළ කරමින් අමූලික බොරු ගෙතූ දිවයින මේ සිද්ධියේ ඇත්ත නැත්ත දෙවරක් සොයා බැලුවාද අපි නොදනිමු. ඔවුන් එසේ නොකළේ නම් පුදුම වන්නට දෙයක්ද නැත. නිමල් වෙල්ගමගේ දිවයින දේශපාලන වාසි තකා ඇදබාන චේතිය පච අප දන්නා නිසාය.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඇත්තටම මී ගවයන්  බිලිදුන්නාද?

මගේ අදහස නැත යන්නයි. ඉන්දියාව බහුතරය හින්දු බැතිමතුන් වෙසෙන රටකි. එරට ජනගහණයෙන් හින්දූන්ගේ ප්‍රතිශතය 80% කි. හින්දූහු ගවයා දේවත්වයෙන් අදහති. ඉන්දියාවේ සුළුතර මුස්ලිම් ජනතාව ගවයන් මැරීම ගැන පවා සාම්ප්‍රදායික හින්දූන් එකහෙළා විරුද්ධය. එහෙව් රටක, අහිංසා ධර්මය මත පදනම් වූ හින්දු කෝවිලක මී ගවයින් බිල්ලට දෙන්නේය කීම විහිළුවකි.

මෝඩ පාලකයෝ හැමවිටම තොරතුරු සඳහා කේලාම්කාරයන් මත විශ්වාසය තබති. මේ රජ කපටීන් ගොත ගොතා කියන්නේ තමන් ඇසීමට කැමති කතා මිස ඇත්ත නොවේයයි ඔවුන්ට කල්පනා වන්නේ නැත. තමන්ගේ සතුරන්ගේ වැරදි ගැන මේ කපටියන් කරන ඇදබාන ඕනෑම මුසාවාදයක් ඔවුන් විශ්වාස කරන්නේ ඒ සිතිවිල්ල සුවදායක නිසාය.

චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හැමවිටම හරි යැයි මම නොකියමි. මමද ඇය දරුණු ලෙස විවේචනය කොට ඇත්තෙමි. එහෙත් කවුරුන් ගැන වුවත් සොයා නොබලා බේගල් ඇදබෑම මාධ්‍ය සදාචාරයට හොඳ නැත. අපේ මාධ්‍යකරුවන් කඩේ යනකොට වුවද මීට වඩා ටිකක් හොයා බලා යෑම හොඳය.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

Sri Lankan Soldiers Open Fire on Refugees Fleeing Camp, Wound two – Bloomberg

Posted by Ajith on September 27, 2009

Civilians stand behind the barbed-wire perimeter fence of the Manik Farm refugee camp located on the outskirts of northern Sri Lankan town of Vavuniya

Civilians stand behind the barbed-wire perimeter fence of the Manik Farm refugee camp located on the outskirts of northern Sri Lankan town of Vavuniya

Sri Lankan soldiers fired at refugees trying to escape from a camp in the country’s north, wounding two of them, the Defense Ministry said.

The incident occurred yesterday at the Menik Farm, according to a statement posted on the Media Centre for National Security’s Web site today. The refugees attacked soldiers guarding the camp with “clubs and stones.”

The soldiers defended themselves with “warning fire” after one of the refugees tried to throw a hand grenade, according to the statement. Police have arrested 19 refugees.

More than 280,000 people, mostly Tamils, have been held in camps since Sri Lanka’s army defeated the Liberation Tigers of Tamil Eelam in May, ending its 26-year fight for a separate Tamil homeland in the north and east.

United Nations Secretary-General Ban Ki-moon sent his political affairs deputy Lynn Pascoe to the South Asian island nation on Sept. 16 to press for a swift release of the refugees.

President Mahinda Rajapaksa said earlier this month he wants to achieve reconciliation with the Tamil community and bring permanent peace to the country. Tamils make up almost 12 percent of Sri Lanka’s 20 million population. Sinhalese account for 74 percent, according to a 2001 census.

Sri Lanka on Sept. 15 rejected an assertion by Navi Pillay, the UN human rights commissioner, that Tamil refugees are being held in “internment” camps, saying they will leave when security is established and the region is cleared of mines.

The government is undertaking a program providing relief, resettlement and reconciliation to displaced people, Mahinda Samarasinghe, Sri Lanka’s minister for disaster management and human rights, said in an address to the UN Human Rights Council the same day.

http://www.bloomberg.com/apps/news?pid=20601080&sid=ap42ovLqZNek

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , | Leave a Comment »

Child malnutrition high in Mahinda mama’s IDP camps – BBC

Posted by Ajith on June 29, 2009

SRILANKA-WAR/

The high rate of malnutrition reported among children in camps for displaced people in Sri Lanka is a cause for concern, a senior UN official says. 

The UN’s representative on children and armed conflict told the BBC’s Sinhala service that the government should set up special feeding programmes. 

Her comments come after a Sri Lankan charity said 5,000 children in the camps are malnourished.

Almost 300,000 people are being held in camps after they fled the civil war.

It was in the final weeks of the war that hundreds of thousands of civilians streamed out of territory held by the rebel Tamil Tigers.

Since then they have been kept in government-run camps in the northern district of Vavuniya.

26lanka_600

Radhika Coomaraswamy, the UN’s special representative on children and armed conflict, told the BBC Sinhala Service’s Saroj Pathirana that the UN hopes to send a delegation to advise the government on a range of issues relating to child welfare.

“The malnutrition rates are very high, especially among young children, and [there is a] need for special feeding programmes and all those kind of things in the camps for the children.

“So, our sense is that the sooner they can get back to normalcy, to education, to schools, it is the best thing,” she said.

Her comments follow concern expressed by Sri Lankan charity Sarvodaya about rates of chronic malnutrition in the camps.

Dr Vinya Ariyaratne, chief executive of Sarvodaya, told the BBC Sinhala service on Tuesday that the malnutrition was a result of fleeing from place to place in the final stages of war, without having a proper meal.

He added that the Sri Lankan health ministry was working with the charity and other aid agencies to tackle the problem.

Ms Coomaraswamy said that a UN delegation would also hope to provide advice on how to treat former child soldiers.

“The issue for us are child soldiers. Are they being separated from the adults and given the special treatment and rehabilitation they deserve, she said.

She added that the UN is also concerned about the plight of children separated from their families.

“The delegation is to look into whether there is enough effort being taken to reunite them with parents,” she said.

http://news.bbc.co.uk/2/hi/south_asia/8121198.stm

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , | Leave a Comment »

Kumarasiri Hettige – Presidential Secretary – Parliamentary Affairs, shows the true colours of him and his master

Posted by Ajith on June 7, 2009

Shame Kurakkan uncle, shame!

This is how the officers of the President talk to the media, taking the powers of their masters. (Of course,  it is not too different from the master using the same language to Lasantha Waickramatunga!)

We do not mind Kumarasiri Hettige using language of this nature to address his wife, children or parents.  Still as a public officer whose salary is paid by the general public he is expected to respect them. The public of this country is not as cheap as his wife or mother.

May be it is time for the public of this country to use the same language to Hettige’s wife, returning the compliment!

(I am sorry to reproduce the filth here, but the damage so done is far smaller to the damage caused by retaining such rotten individuals in public service.)

Posted in Uncategorized | Tagged: , , , , , | 2 Comments »

University of Colombo gives “MAHA RAJAANO” a fake doctorate; but can they give him a BRAIN?

Posted by Ajith on June 3, 2009

car-la

Till yesterday I thought only Mervin Silvas and Dhanawardena Guruges need fake doctorates to boost their otherwise shallow profiles. I also thought only dubious ‘universities’ like Medicina Alternativa offered such fake degrees. It was a surprise to see a prestigious institution like University of Colombo, apparently the only Sri Lankan one to be selected under the best 100 Asian universities by Asiaweek in 2002, joining the same game by bamboozling the gullible offering them something they rightly never deserve.

This is what the state owned ‘Sunday Observer’ reported:

The Senate of the University of Colombo unanimously resolved that the Degree of Doctor of Laws (Honoris Causa) be conferred on President Mahinda Rajapakse. The Senate has also resolved that the Degree of Doctor of Letters (Honoris Causa) be conferred on Defence Secretary Gotabhaya Rajapakse.

The degrees will be conferred on President Rajapaksa and Gotabhaya Rajapaksa in recognition of their yeoman service to the nation in safeguarding sovereignty, territorial integrity; restoring peace and harmony among all Sri Lankan communities and uplifting the image of Sri Lanka within the international community, a statement of the Senate of the Colombo University states.

Political achievements needs appreciation, no doubt, but why mix them with academic honours? The academic honour system should be dedicated to recognize the appreciable work done by experts in their respective fields, and should not be exploited by corrupted and stupid politicians to boost their images. Can’t we just have some respectable universities offering these honorary degrees to those who truly deserve them, instead of making the whole system a big joke?

Let so called maha sanga honour the politicians they blindly worship. ‘Sri Rohana Janaranjana’ and ‘Vishva Keerthy Sri Thrisinhaladhishvara’ are quite mouthfuls. That is more than enough. Let the joke end there. There is absolutely no need for University of Colombo to join the game making fun of a stupid man. If he wants to be the emperor, let him enjoy that illusion, for this limited period, till he loses the next election. Why subject the poor man to a never ceasing stream of jokes by offering him fake doctorates?

003

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , | 5 Comments »

Suicide bomb blast in Visuamadu, Mullaittivu kills 28 – BBC

Posted by Ajith on February 9, 2009

A female Tamil Tiger rebel has blown herself up, killing 28 people and injuring dozens more in the north-east, the Sri Lankan military says.

A military spokesman told the BBC the woman blew herself up as she travelled with civilians fleeing fighting.

He said 20 of those killed in the attack in the Vishwamadu area of Mullaitivu district were soldiers. The rebels have made no comment yet.

Thousands of civilians have fled the fighting over the past few days.

Military spokesman Brig Udaya Nanayakkara told the BBC: “[The civilians] were coming to an area where there were security forces. A woman in that group blew herself up when she was being checked by female soldiers.”

Brig Nanayakkara said 20 soldiers, including three women, were killed along with eight civilians. About 50 troops and 40 civilians, mostly women and children, were hurt, he said.

The injured, Brig Nanayakkara said, were being evacuated to hospitals in the area.

The rebels have made no comment but on Sunday the pro-rebel TamilNet web site again accused the army of firing shells into civilian zones, killing 80 and wounding 200.

Independent journalists cannot travel to the war zone so information cannot be verified.

The rebel-held enclave is coming under sustained pressure from the army.

Sri Lankan President Mahinda Rajapaksa has called on the Tamil Tigers to let thousands more civilians leave and then unconditionally surrender.

Aid agencies have expressed grave concern for the more than 200,000 civilians believed trapped.

http://news.bbc.co.uk/2/hi/south_asia/7878240.stm

Posted in Uncategorized | Tagged: , , , , , , , , , | 1 Comment »

නිදහස් සිතිවිලි: ඒකීය සිංහල රටක දෙමළාගේ අනාගතය

Posted by Ajith on February 1, 2009

lion-flag-2

රාජ්‍ය මාධ්‍ය මේ දිනවල අපට ඇඟිල්ලෙන් ඇණ මතක් කර දෙන එක් කාරණයක් වන්නේ මෙවර නිදහස් උළෙලේ ඇති වෙනසය. මෙහි යම් සත්‍යතාවක් ඇති බව මම පිළිගනිමි. එහෙත් ඒ ඔවුන් සිතනවාට වඩා බෙහෙවින් වෙනස් ආකාරයකටය.

දෙවුන්දර තුඩුවේ සිට බලන කෙනෙකුට පෙනෙන්නේ උතුර හා දකුණ යාවී ඇති බවය. වසර තිහක කාලයක්, සිට දෙවසරක් හැරුණු විට, අප පෙළු යුද්ධය තාවකාලිකව හෝ නතර වී ඇත. ත්‍රස්තවාදය කෙසේ වෙතත්, අප්‍රසන්න කේමෝතෙරපියකින් LTTE පිළිකාව විනාශ කොට ඇත. යුදමය වශයෙන් මෙය රාජපක්ෂ රජය ලබා ගත් ජයග්‍රහණයක් බව අවිවාදිතය. ඒ වෙනුවෙන් අති විශාල කැපකිරීමක් කළ සිංහල ජනතාව කල්පනා කරන්නේ මේ සව්දිය පිරීමට නිසි අවස්ථාවක් ලෙසය. ඒ එක පැත්තකි.

අනෙක් අතට, මේ යුදමය ජයග්‍රහණය රටට ඵලදායී දේශපාලන ජයග්‍රහණයක් බවට පරිවර්තණය කරගැනීමේ කිසිදු දීර්ඝකාලීන වැඩ පිළිවෙලක් රජයට නැත. රාජපක්ෂ රජයක් යටතේ බලය බෙදීම හිතළුවකි. දෙමළුන්ට 1970 ගණන් වලට පෙර තිබු අයිතීන් වත් ලබා දීමට මේ රජයට උවමනාවක් හෝ හැකියාවක් නැත. දෙමළුන්ට ඉතාම සුළු තීරණයක් ගැනීමට පවා රාජපක්ෂ රජයෙන් ලැබෙන ඉඩ ජාතික හෙළ උරුමය හා වීරවංසගේ ත්‍රීවීලර් පාටිය විසින් වලකනු ඇත්තේය.

අදින් වසරකට පමණ ඉහත දිවයිනේ හැම පළාතක්ම සඳහා ආවේනික පුෂ්පයක් නම් කරනු ලැබීය. මෙහිදී උතුරු නැඟෙනහිර පළාත් සඳහාද පුෂ්ප නම් කරන ලද්දේ කොළඹ කේන්ද්‍රීය රජයේ තනි කැමැත්තෙනි. මෙබඳු සරල තීරණයක් වත් ගැනීමට දෙමළුන්ට ඉඩක් ලබා දීමට රාජපක්ෂ රජය කැමති නැත. (මෙය දෙමළුන්ට පමණක් නොව අනෙකුත් සුළු ජාතීන්ටද මුහුණ දීමට සිදුවන පොදු ගැටළුවකි. සිංහල තලිබාන් සමාජය අනෙකුත් වාර්ගික අනන්‍යතා රුස්සන්නේ නැත.උදාහරණයක් විදියට අද ලාංකික මුසල්මානයන්ට පර්දාව අඳින හැටි කියා දෙන්නේ සිංහල අන්ත වාදියකු වන චම්පික රණවකය. හෙට දෙමළුන්ට පොට්ටුව තියන තැන කීමටත් මොහු ඉදිරිපත්වනු ඇත.)

LTTEය පැරදවීමෙහිලා අනුපමේය මෙහෙයක් ඉටුකළ කරුණා තවමත් නිකම්ම නිකං මන්ත්‍රී කෙනෙකි. ඡන්ද දහයක් වත් ගන්නට බැරි තිස්ස විතාරණලාට ඩිව් ගුණසේකරලාට ඇති තැන වත් ඔහුට නැත. පුදුමයකට මෙන් තිස්ස විතාරණට බලයක් ඇත්තේ ඔහු සමසමාජ වීම නිසා නොව සිංහල වීම නිසාය. පිල්ලායන්ට මැතිවරණයට පෙර පොරොන්දුවූ ලෙස ඔහුගේ කාඩර් වරුන් පිරිසක් තවමත් කොරියාවට යවා නැත. දේවානන්දට, තොන්ඩමන්ට හා චන්ද්‍රසේකරන්ට ලබා දී ඇත්තේ මතක තියා ගැනීමට පවා නොහැකි ආකාරයේ අවැදගත් ඇමති ධුර තුනකි. ලක්ෂ්මන් කදිරගාමර් මැරුණේ ඔහුගේ වාසනාවටය. නැත්නම් අද ඔහුට හිමි වන්නේ දෙමළ සංස්කෘතිය පිළිබඳ ඇමතිකමය. මේ දෙමළකුට සිංහල කේන්ද්‍රීය රාජපක්ෂ රජය යටතේ බලාපොරොත්තු විය හැකි ඉහළ තැනකි. දෙමළුන් අග්‍ර විනිශ්චය ධුර දැරුවේ ඉස්සරය. වර්තමාන ආණ්ඩුව යටතේ දෙමළකුට ලබා ගත හැකි ඉහළම තැන උතුරු හෝ නැඟෙනහිර පළාත් දෙකින් එකක මහ ඇමතිකමය. ඒද ඕනෑම මොහොතක පළාත් සභාව විසුරුවා හැරීමට බලතල ඇති සිංහල ආණ්ඩුකාරයකු යටතේය.

2005 ජනාධිපතිවරණයේදී රාජපක්ෂට තම සහය දැක්වීම සඳහා හෙළ උරුමය සේම ජවිපෙද ඉල්ලුවේ ඉතාම සුළු දෙයකි. ඒ ‘ඒකීය රටක්’ යන පදය තම ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අඩංගු කරන ලෙසය. මොකද්ද මේ ඒකීය රට? එහි ලක්ෂණ මෙසේ ලඝු කළ හැකිය.

  1. සමස්ත පාලනය මධ්‍යගත (centralised) හා කොළඹ කේන්ද්‍රීය (colombo centered) විය යුතුය. යාපනයේ දෙමළුන්ට තියා හම්බන්තොට සිහළුන්ටවත් තීරණ ගැනීමට අයිතිය නැත.
  2. මුළු රට එකට ගතහොත් අනිවාර්යයෙන්ම සිංහල බෞද්ධ ප්‍රතිශතය ඉහළ නිසා සිංහල බෞද්ධයකුට හැර අන් කිසිවකුට නායකත්වය ලැබීම ඉබේම සීමා කෙරේ. අපේ බරක් ඔබාමාලා හූල්ලමින් බලා සිටිය යුතුය.

මුලින් භාවිතා නොකළද, දැන් මේ පදය පුන පුනා සඳහන් කරන රාජපක්ෂ උතුර ආණ්ඩු කිරීමට යොදා ගනු ලබන ක්‍රමය ඔහු නැඟෙනහිර ආණ්ඩු කිරීමට අද යොදාගන්නා රිමෝට් කන්ට්‍රෝල් ක්‍රමයම විය හැකිය. රාජ්‍ය තන්ත්‍රයේ සියළු බල යොදා රූකඩයක් (puppet) මහ ඇමති බවට පත් කෙරෙයි. මේ රූකඩයට තීරණ ගැනීමට බලයක් නැත. සියළු තීරණ ගනු ලබන්නේ කොළඹ කේන්ද්‍රීය ‘සිංහල’ රජයෙනි. පළාතේ සංයුතිය වෙනස් කිරීමට සිංහල ජනතාව මේ දෙපළාතෙහිම පදිංචි කෙරෙනු ඇත. මේ පළාත් වලට ආර්ථික නිදහසක් ලැබෙනු ඇතැයි සිතීම උගහටය.

ඊට අමතරව දෙමළ ජනතාව අතරින් මතුවන හැම දේශපාලන බලවේගයක්ම ‘ත්‍රස්තවාදය’ නම් බලගතු මන්තරය මතුරා නිහඬ කෙරෙනු ඇත. මුස්ලිම් කොන්ග්‍රසය බඳු දේශපාලන පක්ෂයක් වත් බිහිකර ගැනීමට උතුරු හා නැඟෙනහිර දෙමළුන්ට අවකාශ නොලැබෙනු ඇත.

දෙමළ තරුණයන් අවි අතට ගත්තේ ඔවුනට ලැබිය යුතු සරල අයිතීන්වත් නොලැබුනු තැන 1970 මැද හරියේදීය. මීට පෙර 1920 තරම් ඈත කාලයකට දිවෙන දෙමළ අයිතීන් දිනා ගැනීමේ ප්‍රජාතාන්ත්‍රීය වැඩ පිළිවෙලක් තිබිනි. බණ්ඩාරනායක ආණ්ඩු මුලින්ම ගැහුවේ මේ ප්‍රජාන්ත්‍රවාදී ව්‍යාපාරයටය. අන්තිම දෙමළා මරා ඔහුගේ (හෝ ඇයගේ) සමින් සපත්තුවක් සාදා පළදින තුරු නින්ද නොයන වග කීවේ චම්පික රණවක හා නලින් ද සිල්වාගේ පුර්වගාමික කේ.එම්.පී. රාජරත්නය. සිරිමා බණ්ඩාරනායක රජය යාපනයේ දෙමළ මහා සම්මේලයනට ගසා නව දෙනෙකු මරා දැමුවේ ඇල්ෆ්‍රඩ් දොරෙයිඅප්පා මරා දැමීමට ඉහත 1974දීය. ආයුධ ආවේ ඉන් පසුවය.

2009න් පසු දෙමළුන් සිංහල කේන්ද්‍රීය ඒකීය රජය මෙසේ තවදුරටත් තම අයිතීන් කප්පාදු කිරීම කෙසේ ඉවසනු ඇත්ද?

ආර්ථිකය පිළිබඳ ප්‍රශ්නය පමණක් ගනිමු. ආචාර්ය එන්. එම්. පෙරේරා වරෙක යාපනය දුටුවේ ‘මනි ඕඩර් ආර්ථිකයක්’ හැටියටය. 1948 දී අප නිදහස ලබන විට ලංකාවේ දෙවන ප්‍රධාන නගරය වූ යාපනය ඉන් පසු ලැබුවේ කුඩම්මාගේ සැලකිල්ලය. ඇමතිවරුන් වැඩ කළේ තමන්ට ඡන්දය දෙන සිංහල ජනතාවටය. දෙමළ පළාත් නියෝජනය කළ ඇමතිවරුන් සිටියේ නැත. මේ නිසා උතුරට හා නැඟෙනහිරට ලැබුනේ ආර්ථික ඉඳුල්ය. යාපනයේ ජනතාව පණ නළ ගැට ගසා ගත්තේ කොළඹ වැඩ කරන ඥාතීන් මාසය අන්තිමට එවූ මනි ඕඩර් වලිනි.

අප නැවත ගමන් කරන්නේ මේ මනි ඕඩර් යුගයට නම් ය පරදා ලද ජයග්‍රහණයේ අරුත කුමක්ද? ‘මානුෂීය මෙහෙයුමෙන්’ උතුරු නැඟෙනහිර දෙමළ ජනතාව මුදාගන්න ලද්දේ ඔවුන් මෙසේ කබලෙන් ලිපට තල්ලු කිරීමටද?

2134527890_ec5e700fa5

දෙමළු ශ්‍රී ලංකාවට ආගන්තුක පිරිසක් නොවෙති. දක්ෂිණ භාරතයේද මෙහි දෙමළ ජනයා වෙසෙන පළාත්වලද හමුවන කසලපිටි ඇසුරින් ඔවුන්ගේ ප්‍රාරම්භය කිතු වසට පෙර තුන්වන හා පළමුවන ශතක අතර කාල පරාසයකට සම්පාත කරන්නේ මහැදුරු සෙනරත් පරණවිතානය. පොළොන්නරු යුගයේදී අප දෙමළ සංස්කෘතියෙන් ඍජුව පෝෂණය වීමු. පොළොන්නරු යුගයෙන් පසු ආර්ය චක්‍රවර්තීහු නල්ලුර් අගනගරය කොට ගෙන රාජ්‍ය වංශයක් බිහි කලහ. සවැනි පැරකුම්බා රජ දවස සපුමල් කුමරු සටන් වැදුනේ ආර්ය චක්‍රවර්තීන් සමඟය. දෙමළ නිසා සිංහල සංස්කෘතියද; සිංහල නිසා දෙමළ සංස්කෘතියද අන්‍යොන්‍ය වශයෙන් පෝෂණය වී ඇත. අද උග්‍ර දෙමළ විරොධී ස්ථාවරයක් ගන්නා ජාතික හෙළ උරුමයෙහි නමේ ‘උරුමය’ කොටස බිඳී ආයේ දෙමළ ‘උරුමෙයි’ වචනයෙනි.

මේසා ඉතිහාසයක් ඇති දෙමළ ජනතාව රිමෝට් කන්ට්‍රෝල් වලින් සිංහලුන් විසින් පාලනය කරනු ලබන දෙවන පන්තියේ ජන කොටසක් විය යුතුද?

බලය බෙදීම සඳහා මහින්ද රාජපක්ෂ අළුතින් යමක් කිරීම පවා අනවශ්‍යය. ඔහුට කිරීමට ඇත්තේ දහතුන්වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ කිරීමට නියමිත වෙනස්කම් ක්‍රියාත්මකකිරීම පමණය. එය 100%ක් නීත්‍යනුකූලය. 100%ක් ව්‍යවස්ථානුකූලය. නමුත් මේ සරල වෙනස් කිරීම පවා කිරීමට ඔහු සූදානම් නැත. ඒ සමස්ත සිංහල ජනතාව පිනවීම පිණිස නොව ඉතා සුළු පිරිසක් වන හෙළ උරුම/වීරවංස අන්තවාදීන් තුටු කිරීම පිණිසය.

මෙවර නිදහස් උළෙල කාට කෙසේ වෙතත් දෙමළුන්ට විශේෂ වනු ඇතැයි මා සිතන්නේ ඒ නිසාය. තමන් උපන් බිමෙහිම දෙවන පන්තියේ ජන කොටසක් වීමේ ඛේදවාචකයට ඔව්හු මුහුණ දී සිටිති. මෙයින් මිදිය හැකි එකම මඟ යළි අවි අතට ගැනීම නොව ඔවුන්ගේ අයිතිවාසිකම් වලට ගරු කරන, එක්සත් ලංකාවක් තුළ හැම ජාතියකටම හිස කෙළින් තබා කටයුතු කළහැකි වාතාවරණයක් ගොඩනැඟිය හැකි දේශපාලන බලවේගයක් සමඟ එක් වීමය. එසේ වීම ඔවුන්ගේ සේම සමස්ත දේශයේද සැබෑ නිදහස දිනා ගැනීම වන්නේය.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , | 10 Comments »

 
Follow

Get every new post delivered to your Inbox.