Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Posts Tagged ‘Ethnic Issue’

ජෙනරාල් සරත් ෆොන්සේකාට ‘ඕඩර්’ දෙන්නට නිමල් වෙල්ගමට ඇති අයිතිය කුමක්ද?

Posted by Ajith on November 6, 2009

z_sec350

ජෙනරාල් සරත් ෆොන්සේකා - යුගයේ අභියෝගය පිළි ගැනීමට සූදානම්ව

”රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවනු” (දිවයින කතුවැකිය – නොවැම්බර් 04, 2009)

මේ අණ කිරීමකි. විධානයකි. නැතිනම් ඕඩරයකි. ‘ආදායකයාගේ ගිණුමට රුපියල් පන්දහසක් ගෙවනු’ වැනිම වූ ඕඩරයකි. ඕඩරය කරනු ලබන්නේ (නමින් කියා නැතද) අපේ රටේ ආරක්ෂක හමුදා ප්‍රධානි, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටය. කියන්නේ ඇමරිකානු බලධරයන් සමඟ කතා නොකරන ලෙස විය හැකිය. (පළ කෙරුණු දිනය අනුව මෙය ලියැවෙන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාවෙන් පිටත්වීමට මත්තෙනි.) තම බත් බැලයන් ලවා ලියවාගෙන දිවයින නැමැති තම ජාතිවාදී පඩංගුව මාර්ගයෙන් මේ විධානය කරනු ලබන්නේ උපාලි විජේවර්ධන අතුරුදන් වූවායින් පසුව ඔහුගේ වැන්දඹුව විවාහ කොටගෙන විජේවර්ධන විසින් ගොඩ නැඟූ ව්‍යාපාර ජාලයට, ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගා ගත්තාක් සේ රිංගාගෙන තමන් ලොකු මිනිහෙකැයි සිතා ඉන්නා නිමල් වෙල්ගමය.

මේ නිර්ලජ්ජිත ක්‍රියාව මාර්ගයෙන් නිමල් වෙල්ගම තමාගේ හා තම ස්වාමියාගේ සෙළුව කිහිප ආකාරයකින් ප්‍රකාශ කරයි. පළමුව ඔහු මෙරට රජෙක් විසින් ආණ්ඩු කරන්නේයයි සිතයි. මහ රජාණන්ගේ සුවච කීකරු බලු ගැත්තන් වන නිමල් වෙල්ගම වැන්නන්ට කොයිතරම් සුවදායී හැඟීමක් වුවද සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ මැරී ගොස් දැන් බොහෝ කල්ය. නිමල් වෙල්ගමලා පිළි ගැනීමට අකැමැති වුවද දැන් මෙරට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. තමන් දේශයේ රජයැයි සිතා සිටින මෝඩයින් කතිර පහරින් ගෙදර යවන්නට නොපැකිළෙන ජනතාවක් ඇති ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක බලයේ පවත්නා ආණ්ඩුව සමඟ එකඟ වීමට හෝ නොවීමට ජනතාවට පූර්ණ අයිතියක් ඇත. එය ඔවුන්ගෙන් උදුරාගත හැකි නොවේ. රජුට ද්‍රෝහීවීම ගැන නිමල් වෙල්ගමලා බයිලා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමට ඇති නොකැමැත්ත නිසාය. හෙට තමන්ගේ මහලොකු රජා ජනතා ඡන්දයෙන් පරාජය වී ගෙදර යා හැකිය යන භයානක සිතිවිල්ල ඔහු සිත පෙළනවා විය හැකිය. තම පුවත්පත් මාර්ගයෙන් ජනතාව මුළාකොට, බිය ගන්වා රජුට එරෙහිව වචනයක් හෝ දෙඩීම මහා අපරාධයකැයි යන සිතිවිල්ල පැතිරවීමට ඔහු උත්සුක වන්නේ එනිසා විය හැකිය.

දෙවනුව රටේ ආරක්ෂක හමුදා ප්‍රධානියාට මෙසේ විධාන කරන්නට නිමල් වෙල්ගමට ඇති අයිතිය කුමක්ද? මෙරට LTTE ත්‍රස්තවාදයෙන් නිදහස් කරන ලද්දේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු යුද හමුදාවය. නිමල් වෙල්ගම හා ඔහුගේ අතවැස්සන් එකල කළේ යුද්ධය හා දේශප්‍රේමය වවාගෙන කෑම තුළින් තම ජාතිවාදී පුවත්පත් (දිවයින හා The Island) විකිණා ගැනීමය. යුද්ධයෙන් සදාචාරාත්මක නොවන ලෙස විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලද මේ පත්තර මුදලාලි දැන් ඒ යුද්ධයේම නියමුවන්ට පල් පාට් දාන්නට පටන් ගෙන ඇත්තේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නොවන්නට තමන් හා තම පත්තර කොම්පැණියද ඒ යුද්ධයේම කොටසක්ව නැති භංගව යන්නට ඉඩ තිබුණු බව මේ මිනිසා විසින් මෙතෙක් පහසුවෙන් අමතක කරන ලද්දේද?

තෙවනුව නිමල් වෙල්ගම කිසිම හිරිකිතයක් නැතිව දේශපාලන විචාරකයින් විසින් කුණු මාළු කෑල්ලක් ලෙසින් ඉවත දැමිය යුතුය සිතන විධායක බලය වෙනුවෙන් පෙනීසිටී. (මෙහිදී ඔහුගේ අරමුණු පැහැදිළිය. තම ලොක්කාට වැඩි බලතල ලබෙන්නේ නම් තමන්ටද වැඩි බලතල ලැබෙන බැව් ඔහු දනී.) මේ පුවත්පතකැයි සමහරුන් තවමත් වරදවා සිතා සිටින ඔහුගේ ජාතිවාදී පඩංගුවෙන් උපුටා ගත් වචනය.

”යුද්ධය නිමව ඇති නිසා විධායක බලතල තවදුරටත් මොකටදැයි සමහරු ප්‍රශ්න කරති. ධාරානිපාත වැස්‌සක්‌ වැස පෑවූ සැනින් මිනිසුන් මඟට බසින්නේ නැත. යළි ඇතිවිය හැකි වර්ෂාවෙන් ආරක්‍ෂා වීම සඳහා ඔවුහු කුඩයක්‌ ගෙන මඟට බසිති. ශ්‍රී ලංකාවේ කොටි බලය වැනසී ගිය ද කොටින්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් නිමාවට පත්වී නැත. එම ජාලයේ ප්‍රධානියා වන කුමාරන් පද්මනාදන් වමාරන තොරතුරුවල හැටියට ප්‍රභාකරන් තව පරම්පරා හතකට ප්‍රමාණවත් කොටි ජාලයක්‌ හදා ඇත. ඒ නිසා තවත් කලකට මේ බලතල පවත්වාගෙන යා යුතු බව ඉතා කෙටියෙනුත් පැහැදිලිවත් කියමු. රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවන ලෙසට පැරණි සිංහල කියමනක්‌ තිබේ. මේ වෙලාවේදී සේනාධි නායකයා පළවා හැරීමට කරන උත්සාහයන් නිර්වචනය කළ හැක්‌කේ රටට ද්‍රෝහී වීමක්‌ ලෙස ය.”

අපි නිමල් වෙල්ගමට මෙසේ කියමු. බංකොළොත් දේශපාලකයින්ගේ වල්ගයේ එල්ලී ඔවුන්ට බැල මෙහෙවර කරමින්, තම පඩංගු ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් නිර්ලජ්ජිව, කිසිම සමබරතාවයක් නැතිව යොදවමින් කඩේ ගියාට කම් නැත. රට වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ මිනිසුන්ට විධාන කිරීම නවතනු. ඔවුන්ට තමන්ගේ රාජකාරිය, දෛවය විසින් තමන් වෙත පවරා ඇති යුගයේ අව්ශ්‍යතාවය සපුරා ලීමට ඉඩ දෙනු.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments »

රනිල්ගේ තරම නොදන්නෝ

Posted by Ajith on October 31, 2009

ranil4

(2009 අප්‍රේල් මස 16 වැනිදා “ලංකාදීප” පුවත්පතේ පළවූ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ “ගුරුදා විග්‍රහය” ලිපිය)

බැරි වෙලාවත් ප්‍රභාකරන්ට මොනවා හරි වුණොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යන්තර කොටි ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී ගැමෝම කතාබහ කරන මාතෘකාවක් වී ඇතැයි කියන්නේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් ගත්ත තීරණයයි.

“එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?”

සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්‍රහයකි.

“නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්‍රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ. රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක…”

ඒ ඔවුන්ගේ විග්‍රහයය.

“ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්‍රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්‍රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…”

අර විග්‍රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණේ ඔවැනි කථාවකි.

ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්‍රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්‍රමසිංහ කියලාය.

අරගෙන කියවන්න මෙන්න මේ පොත

“ඇයි එහෙම හිතන්නේ”

රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්‍රභාකරන් හොඳ හැටි දනී.

“රනිල් වික්‍රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ 1990 ප්‍රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්‍රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්‍රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්‍රයෝජන ගත්තා…”

මේ කොටි න්‍යායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි.

බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්‍රකට ආරක්‍ෂක විශ්ලේෂකයෙකි.

“අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව විසින්ම ප්‍රකාශයට පත් කළ පොත. ඒකෙ නම් 50th of Ceylon Army ඒ පොතේ ඩී. ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා. ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.”

ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව ප්‍රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන් තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්‍රභාකරන් පොත කියනව්වේවත් නැතිව ඒ බව දනී. එම පොත ප්‍රකාශයට පත් කළේ 1998 චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල හිටියේ චන්ද්‍රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්‍ෂක ලේකම්වරයෙකි. ඒත් හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය.

“හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අති මහත් වූ සහය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්‍ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…”

50th of Ceylon Army
පිටු අංක, 503
ශ්‍රී ලංකා හමුදාව

මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහය ඇතිව පුහුණු කිරීම, කැලැබද ප්‍රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්‍රී මෙහෙයුම් සහ රාත්‍රියේ එල්ල වන ප්‍රහාර සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම, දුරදිග විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්‍ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි.

මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්‍රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි.

“සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්‍ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය දුර්වල වුණා…”

වේළිපිල්ලේ ප්‍රභාකරන් මහවිරුදින කතාව
ටැමිල්නෙට්
2008.11.27

2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම ප්‍රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි.

සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්‍රභාකරන් නගන චෝදනාව හරිය. රනිල් 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්‍ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය.

“මා ආරක්‍ෂක අමාත්‍යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්‍ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…”

ඔස්ටින් ප්‍රනාන්දු
පිට – 143

එපමණක් නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන් කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්‍රිකා සහ කදිරගාමර් රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි නැතිකමත්, කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය.

ranil3

චන්ද්‍රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් සටන් විරාමය ප්‍රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව ප්‍රභාකරන්ට නොතේරුණා නොවේ.

ප්‍රභාකරන් 2003 අප්‍රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය.

ඒ වනවිට රනිල්, චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාවට ආයුධ සැපයීම ලංකාව සමඟ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්‍රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්‍ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. 2002 නොවැම්බර් 22 වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්‍රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්‍ෂක යුද නැවක් තෑගි ලැබුණි. 2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්‍යන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.

එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිල් ඉන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමටත් ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව ලංකාවට ආරක්‍ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්‍රියාත්මක වන නිසාය.

එසේම බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර පැතූ රනිල් වික්‍රමසිංහ හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්‍වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්‍ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි.

චන්ද්‍රිකා 2003 නොවැම්බරයේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ ගැන කතා කළේවත් නැත.

මෙම යුධ ආධාර සහ ආරක්‍ෂක ගිවිසුම් නතර කිරීමය ප්‍රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්‍රිකා ආරක්‍ෂක අමාත්‍යාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය.

ප්‍රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්නැද්දීත් 2005 රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින් මහින්ද ප්‍රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments »

රටට හානියක් වේ නම් මම යුනිෆෝම් එකෙන් ඉවත් වී රට ආරක්ෂා කරනවා – ජනරාල් සරත් ෆොන්සේකා වොෂින්ටනයේදී

Posted by Ajith on October 27, 2009

Sarath 1

ශ්‍රී ලංකාවේ ස්වෛරීභාවයට හෝ ජනතාවට හානියක් වේ නම් යුනිෆෝමය ගලවා දමා හෝ එය වැළැක්වීමට තමන් මොහොතකටවත් නොපැකිළෙන බව ආරක්ෂක හමුදා ප්‍රධානි ජනරාල් සරත් ෆොන්සේකා වොෂින්ටනයේ බෞද්ධ විහාරයේදී ප්‍රකාශ කළ බැව් ලංකා ඊ නිව්ස් පුවත් අඩවිය වාර්තා කරයි.

දැන් නම් හුඟ දෙනක් යුද්ධය ඉවර කිරීම ගැන කතා කරනවා. යුද්ධයේ අවසාන දින දහය තුළ අපේ හමුදාවේ සෙබළු 5,000කට ආසන්න පිරිසක් අපට අහිමි වුනා. සියල්ලටම පළමු අප මේ වීරෝධාර සෙබළුන්ගේ කැපවීම හා වීරත්වය අගය කළ යුතුයි. ජනරාල් ෆොන්සේකා පවසා ඇත.

දැන් යුද්ධය අවසානයි. දෙමළ ජනතාවට අප නිදහසේ ජීවත්වීමේ අයිතිය ලබා දිය යුතුයි. නැවත ප්‍රභාකරන් කෙනෙකු නිර්මාණය වන පරිසරයක් ඇතිවීමට අප ඉඩ නොතැබිය යුතුයිද ඔහු කියා තිබේ.

ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජාලිය වික්‍රමසූරියද, ආරක්ෂක කටයුතු පිළිබඳ මේජර් ජනරාල් සමන්ත සූරියබණ්ඩාරද මේ අවස්ථාවට සහභාගි වී නොමැති බැව් වාර්තා වේ.

මේ අතර ලංකාදීප පුවත් අඩවිය වාර්තා කළේ තායිලන්තයේ සිටින විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ හා ජනරාල් සරත් ෆොන්සේකා අතර දීර්ඝ දුරකථන සංවාදයක් පැවති බවයි.

sarath 2

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , | 2 Comments »

Prof. Rajiv Wijesinha speaks to Channel 4

Posted by Ajith on September 9, 2009

Posted in Uncategorized | Tagged: , , , , , , , , | 2 Comments »

Tissainayagam case: Sinhala Bloggers Show Solidarity

Posted by Ajith on September 6, 2009

Tissa 1

While Sinhala print and electronic media, with the rare exception of the Sinhala weekly Ravaya, showing either indifference or the endorsement of the twenty year rigorous imprisonment sentence given to journalist J. S. Tissainayagam for two articles he has written and purely based on his ‘confession’, some of the Sinhala bloggers have taken a hundred and eighty degree approach by expressing their solidarity and in some cases censure.

Beyond Frame, arguably the most popular Sinhala blogger, in his own way expresses the anguish – in verse. “Tissa, why didn’t you swim downstream (like everyone else)?” asks Beyond Frame. “Why you swam upstream? Then why you had to be a Tissainayagam, not a Tissanayake?” The two are slightly different Tamils and Sinhala versions of the same name.

Tissa 3

W3Lanka, the first Sinhala blogger to discuss the issue, obviously taking a certain amount of risk gets an interesting comment. “In 1989, Tissainayagam translated some documents on the human rights violations of then regime for (now President) Mahinda Rajapakse, a key human rights activist of the day, to be taken to Geneva. He was a hero then, but now a villain. Is this because then he was fighting for rights of the Sinhalese and now for Tamil rights?” Asks the commentator Pathum.

Two more popular Sinhala bloggers ‘Taboo Subjects’ and ‘Makabass’ innovatively use published Sinhala verses and songs in place of their comments. Taboo Subjects use a verse by poet Dayasena Gunasinghe, while Makabaas gets the best use of Nanda Malini’s popular ‘Nidahas Bailava’ – with its catchy line “This is the great country with the freedom to write, speak and reprimand” as his title. Their reluctance to comment further is understandable as not everyone is certain about the legal implications.

Tissa 2

Ramachandra, a keen political analyst blogger goes a step ahead by questioning if Tissainayagam were to be imprisoned for twenty years what should be the punishment for Gunadasa Amarasekera, who had made worse racist remarks about the Tamils, for not voting for Rajapakse regime. Ramachandra asks why Amarasekera were not punished for equating Tamils to cows in an article to a racist Sinhala weekly.

Meanwhile some pro-Rajapakse and pro-Sinhala extremist bloggers have posted approving the judgment.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , | 6 Comments »

Sri Lanka’s abuse of press freedom: Kurakkan maama’s ‘amude’ is showing

Posted by Ajith on September 1, 2009

JSTTC0502

Winston Churchill wrote in his history of the Second World War that the first trait required of victors was “magnanimity.” The Sri Lankan government would do well to remember that lesson in its treatment of its Tamil minority, whose insurgents it mercilessly crushed this past spring to end a 26-year civil war.

So far, the government in Colombo has shown little if any magnanimity toward the vanquished Tamils. More than a quarter of a million of them remain in refugee camps from which foreign aid workers and international journalists are barred. Conditions in some of these camps are “desperate,” according to the United Nation’s High Commission on Refugees.

Then on Monday, a Tamil journalist — the quiet, slight J. S. Tissainayagam — was sentenced to 20 years hard labour for alleged violations of Sri Lanka’s Prevention of Terrorism Act.

poddala

While he is accused of having taken money from the outlawed (and brutal) Tamil Tigers to operate a website providing the Tamil version of facts about the civil war, Mr. Tissainayagam’s main crime seems to have been writing two articles in the now-defunct Northeastern Monthly magazine in 2006 and 2007 criticizing the Sri Lankan persecution of the Tamils, who were seeking an independent homeland in the north-east corner of the island nation.

Mr. Tissainayagam criticized wartime tactics employed by Sri Lankan leaders, including the alleged withholding of food, medicine and other essential items from Tamil areas as a way to strike back at the Tigers. He also complained that the Sri Lankan army was conducting extrajudicial executions — murdering civilian Tamils as a warning to the Tigers that Colombo was not to be messed with and a caution to ordinary Tamils not to abet the Tigers.

For this, the Sri Lankans — who are mostly ethnic Sinhalese, not Tamil– charged Mr. Tissainayagam with “causing communal disharmony,” a serious offence under anti-terrorism laws there. His supporters, along with Amnesty International and the Asian Human Rights Commission, claim the evidence that he purportedly co-operated with the Tamil Tigers was fabricated.
They claim he is a political prisoner and that the criminal charges against him were trumped up in order to silence his anti-government views.

090429_ClintonSriLanka2

Sri Lanka has an abysmal record of press freedom. Not only is it keeping international reporters from its 30, soldier-guarded refugee camps for Tamil civilians, but over the course of the quarter-century-long civil war, at least 20 journalists critical of Colombo disappeared in a practice that became known as “white vanning.” A white van would pull up next to a target as he walked down the street. Masked men would jump out, throw the journalist inside and he would never be seen again. The International Committee to Protect Journalists ranks only Iran, Sierra Leone, Somalia and Colombia as worse in their mistreatment of reporters.

Throughout the final years of Sri Lanka’s civil war, this newspaper was broadly sympathetic to the Sri Lankan government’s goal of confronting and subduing the Liberation Tigers of Tamil Eelam (LTTE), also known as the Tamil Tigers. While the Tamil people had legitimate gripes against the Sinhalese majority government, nothing could justify the Tigers’ tactics.

The LTTE murdered civilians, including Tamils, to strike terror into the hearts of the Sinhalese and compel obedience from ordinary Tamils. They perfected the use of suicide bombers long before Palestinians employed the tactic against Israel. Tigers threatened the lives of Tamil families effectively held hostage within Tiger-held areas in Sri Lanka in order to extract war funds from expatriates worldwide.

Still, it is clear the Tamils have been persecuted since Sri Lanka was granted its independence in 1948. The ruling caste when Britain ruled the island, the Tamils have since been legally denied government jobs and places in business merely because of their ethnicity. In 1983, hundreds of innocent Tamils were murdered by roving Sinhalese mobs in what became known as Bloody July.

The U. S. State Department has urged Colombo to release Mr. Tissainayagam. U. S. President Barack Obama even singled him out for mention in his Press Freedom Day speech in May.

Now that it is at peace again, Sri Lanka has an obligation to honour freedom of the press and of speech.

Source: National Post: http://www.nationalpost.com/opinion/story.html?id=1948907&p=1

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment »

සිංහල ජීවිතයක වටිනාකම ලක්ෂ පහකි. දෙමළ ජීවිතයක් සත පහක් වත් නොවටින්නේද?

Posted by Ajith on August 23, 2009

මිය ගිය දෙමළ දියණියන් දෙදෙනාගේ දෙමාපියන්. මේ මිනිසුන්ද අපේ රටේම පුරවැසියන් බව අපි කවරදාක නම් අවබෝධ කරගනිමුද?

මිය ගිය දෙමළ දියණියන් දෙදෙනාගේ දෙමාපියන්. මේ මිනිසුන්ද අපේ රටේම පුරවැසියන් බව අපි කවරදාක නම් අවබෝධ කරගනිමුද?

මේ රටේ වර්තමාන ආණ්ඩුව හා සමාජය බහුතර සිංහලයන්ට හා සුළුතරයන්ට සැලකීමේ ඇති පරස්පරය දෛවය විසින් අපට පෙන්වනු ලබන්නේ පුදුමාකාර විදියටය.

කෲර ලෙස ඝාතනය කරන ලද අහිංසක සිංහල තරුණයන් දෙදෙනකුගේ සිරුරු අඟුලානේ තිබී හමුවන්නේ සති කිහිපයකට පෙරය. දැන් මේ සිද්ධිය ඉතිහාසයට එක්වී හමාරය. වරදකරුවන්ට නිසි දඬුවම් ලැබුනේය අපි නොකියමු. එහෙත් මේ සිද්ධියෙන් පසු යම් පියවර ගන්නට ආණ්ඩුවට සිදුව ඇත. සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයා තම සගයන්ද සමඟ රිමාන්ඩ්ය. සිංහල ජන මාධ්‍ය හැමෙකක්ම සිද්ධිය ගැන පිටු ගණන් කතා කොට ඇත. රටේ ජනාධිපතිවරයා මේ සිංහල ජීවිතයක් මිළ කරන්නේ රුපියල් ලක්ෂ පහකටය.

ඊට සතියකට පසු දෙමළ තරුණියන් දෙදනකුගේ සිරුරුද කොළඹ බෞද්ධාලෝක මාවතේ කුණු ඇලක තිබී හමුවේ. වයස අවුරුදු 13 හා 14 වයසේ මේ දැරියන් කොළඹ පැමිණ ඇත්තේ වැඩකාරකමටලු. පොලිසියට අනුව මේ මරණ ‘සිය දිවි නසා ගැනීම්ය’. අඟුලානේ තරුණයින් පාතාලයට සම්බන්ධ බව කීවේද පොලීසියමය. මාසයකට පමණ ඉහත අවාසනාවන්ත අන්දමින් මියැදුනු කාවින්දි අනුත්තරා දියණියගේම වයසේ මේ දෙමළ දියණියන් දෙදෙනා එකවිට දිවි නසා ගන්නට බෞද්ධාලෝක මාවතේ කුණු ඇළට ආවේ කොහොමදැයි පොලිසිය කියන්නේ නැත. ඔවුන් සිංහල බෞද්ධ නොවන නිසාදෝ සිංහල ජන මාධ්‍යවලට මේ නොවැදගත් ප්‍රවෘත්තියකි. එය වාර්තා කරන්නේද සන්ඩේ ටයිම්ස් බඳු මාධ්‍ය අතළොස්සක් පමණි.

සිංහල තරුණයන්ගේ මරණ වෙනුවෙන් කඳුළු හෙලූ, යළි එවැන්නක් සිදු නොවන්නේ යැයි මූණ ඉච්චාවට හෝ පොරොන්දු දුන්, රටේ ජනාධිපතිවරයාට මේ දෙමළ දියණියන් දෙදෙනාගේ මරණ ගැන කිසිම කැක්කුමක් නැත. උන් දෙමළනේ, ඔහු සිතනවා ඇත.

විහිළුව මේ සියල්ල මෙසේ සිදුවෙද්දීත් මේරටේ අන්ත වාර්ගික කොටස් දෙමළාට කිසිම ප්‍රශ්නයක් නැතැයි පුන පුනා කීමය. මේ රටේ සුළුතර ජන කොටස් හඬක් නැගීමට නොහැකි කමින් පීඩනයට බඳුන්වන ආකාරය ඉතාම ලෙහෙසියෙන් “ඕවා සිංහලයන්ටත් වෙනවාය” ආත්මාර්ථකාමී ලෙස ඕනෑකමින්ම සැඟවීමය.

ඇත්ත. මේ රටෙ සිංහලයන්ටද කිසි විටෙක සම්පූර්ණ සාධාරණය ඉටු වන්නේ නැත. අඟුලානේ තරුණයින් වෙනුවෙන් ලක්ෂ පහක් වත් ලැබෙන්නේද ගම් වැසියන් ඒ වෙනුවෙන් මහ හඬක් නැඟූ පසුය. නැතිනම් ඒ පවා විහාගයක් නැතිව යට යන්නට තිබුණේය. නමුත් හඬක් ඇති සිංහල බහුතරයටද එසේනම් හඬක් නැති දෙමළ සුළුතරයට මේ රජයෙන් සහනයක් ලැබේ යැයි අපි කෙසේ නම් සිතමුද?

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , | 7 Comments »

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අපකීර්තියට ලක්‌ නොවීමට නම් උතුරේ අවතැන් කඳවුරුවල සිටින ජනතාව ඉන් මුඳවා ගැනීමට වහා වැඩපිළිවෙළක්‌ ඕනෑගැනීමට වහා වැඩපිළිවෙළක්‌ ඕනෑ

Posted by Ajith on August 19, 2009

Hon_Ranil_Wickramasingheඋතුරේ අවතැන් කඳවුරුවල අති මහත් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති ජනතාව ඉන් මුදවා ගැනීමේ හදිසි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොකළහොත් තත්ත්වය ඉතා නරක අතට හැරී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වීම වැලැක්‌විය නොහැකි බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පෙරේදා (17 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්‌ඩායම අමතමින් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ අවතැන් කඳවුරුවල සිරවී සිටින ජනතාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක්‌ දියත් කරන ලෙස අවස්‌ථා ගණනාවකදීම ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියද, මේ වන තුරු ආණ්‌ඩුව ඒ ගැන කිසිදු සැළකිල්ලක්‌ දැක්‌වූයේ නැති බවය.

අවතැන් කඳවුරුවල සිටින ජනතාවට සහන සැළසීම සඳහා පූර්ණ සහාය ලබා දීමට එක්‌සත් ජාතික පක්‍ෂය සූදානම් බව පුන පුනා ප්‍රකාශ කරද්දීත් ආණ්‌ඩුව කළේ අප පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට කඳවුරු කරා යැම පවා තහනම් කිරීම බවද විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කඳවුරුවල වෙසෙන ජනතාවට සහන සැපයීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඉදිරිපත් කළ යෝජනා පවා ආණ්‌ඩුව නොසලකා හැරිය බවද දැන් වර්ෂා සමයේ මේ කඳවුරු බලවත් දුෂ්කරතාවනට මුහුණ දෙමින් ඇති බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රාමනාදන්, ආනන්ද කුමාරස්‌වාමි සහ මැණික්‌ ෆාම් යන කඳවුරු මේ වන විට ජලයෙන් යටවී තිබේ. මේ කඳවුරු පහත් බිම්වල පිහිටා ඇති නිසා වැසි ජලය ඉක්‌මණින් බැස යන්නේද නැත. තාවකාලික වැසිකිළි උතුරා යමින් පවතී. මේ නිසා කඳවුරු බිම්වල ඇති ළිං ජලය අපිරිසිදු වී ඇත. සෞඛ්‍ය තත්ත්වය සීග්‍රයෙන් පිරිහෙමින් පවතී. වසංගත රෝග පැතිරීමේ ඉඩකඩ බොහෝය. කූඩාරම්වල වෙසෙන පවුල්වල වැඩිහිටියන්, කාන්තාවන් සහ ළදරුවන් දැඩි අපහසුතාවයකට ලක්‌ව සිටිති” යනුයෙන් පැවැසූ වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ මේ තත්ත්වයෙන් කඳවුරුවල සිටින ජනතාව ගලවා ගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්‌ඩුව සතු බවත්, ඒ වගකීමෙන් ගැලවීමට ආණ්‌ඩුවට නොහැකි බවත්ය.

කොටි සාමාජිකයන් හෝ ත්‍රස්‌තවාදයට සම්බන්ධ පුද්ගලයන් හෝ කඳවුරුවල සිටී නම් ආණ්‌ඩුව කළ යුත්තේ එම සැකකරුවන් රඳවා ගැනීම විනා ලක්‍ෂ තුනකට අධික ජනතාවක්‌ අවතැන් කඳවුරුවල කටුකම්බි මැද සිරකරුවන් බවට පත් කිරීම නොවන බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , | 1 Comment »

Kurakkan mama abuses G.C.E (A/L) paper for his political gains?

Posted by Ajith on August 19, 2009

5580_116953827460_116024702460_2821874_8293254_n

I didn’t have time to check this (so please correct me if I am wrong) but it seems the G.C.E. (A/L) Sinhala II paper (Aug 19) today had been abused for Mahinda mama’s political gains.

According to what had been posted in my Face Book page these were two questions asked in the paper.

Question 1 : “The weapons of the LTTE which were taken into the custody of the SL Armed forces, during the Humanitarian Operations which in North, shows that the LTTE had an Agenda going beyond the EELAM Dream they showed to the world.” Write an essay with your views of this.

Question 2 : “There are various views on the negative impact some of the NGO’s operating in Sri Lanka are creating on the sovereignty, peace, culture and the development of the country” Write an essay elaborating your views on this.

It is sad the education has fallen into this low level under a government that sees no value of it.

Posted in Uncategorized | Tagged: , , , , , , | 1 Comment »

දෙමළ ජනතාවට ප්‍රශ්න ඇත්තේම නැත්ද?

Posted by Ajith on July 24, 2009

දෙමළ ජනතාවට දෙමළ වීම නිසා පමණක් ඇති වී තිබෙන ප්‍රශ්න මොනවාද?

මේ කාලයක සිට නලින් ද සිල්වා මහාචාර්යතුමනුත් ඔහුගේ ගෝල බාලයිනුත් නඟන ප්‍රශ්නයකි. මෙය අවංකව පිළිතුරු බලාපොරොත්තුවෙන් අසන ප්‍රශ්නයක් නොවේ. කුහක කමට (කුපාඩි කමට) අසන ප්‍රශ්නයකි. මෙය ඇසීමේ ඒකායන අරමුණ දෙමළුන්ට කිසිම ප්‍රශ්නයක් නැත; සියළු දෙමළුන් තාවතිංසයේ ඇත්තාක් බඳු සුර සැප විඳිමින් සිටින්නේය කියා රජය විසින් ඔවුන්ට මොනයම් හෝ දෙයක් දෙනු ලැබීම වළක්වාලීමය. මීට මොන විදියකින් උත්තර දුන්නද “කෝ (දෙමළ) ලක්ෂ්මන් කදිරගාමර්ට ඔය ප්‍රශ්න තිබුනද? (දෙමළ) කුමාර් පොන්නම්බලම්ට ඔය ප්‍රශ්න තිබුනද?” කියා ෂේප් වීම ද සිල්වා මහාචාර්යතුමන්ගේ සේම ගෝලයන්ගේද සිරිතය. (ඇත්ත. දෙමළ සාමාන්‍ය ජනතාව අත් දකින ප්‍රශ්න අතළොස්සක් දෙමළ ධනපතියන්ට කවදාවත් තිබුණේ නැත.)

මේ බව නොදන්නා සමහරු අවංකව මේ ප්‍රශ්නයට උත්තර් බැඳීමට ගොස් අනා ගනිති.

July_1983

මහාචර්යතුමාගේ 'බාප්පලා හා මස්සිනාලා' ඇතිකළ 1983 කළු ජූලිය

මේ ප්‍රශ්නයේ හරසුන් බව වටහා ගැනීමට මීට සමාන්තර ප්‍රශ්න කීපයක් නඟමු.

අපේ රටේ දුප්පතුන්ට පමණක් සුවිශේෂ වූ ප්‍රශ්න ඇත්ද? ඇතිනම් ඒ මොනවාද?

බැලූ බැල්මට හයක් ගැසිය හැකි බවුන්සර් එකකි. නමුත් දුප්පතුන්ටම පමණක් සුවිශේෂ වූ (අනෙක් ජන කොටස් වලට අදාළ නොවූ) ප්‍රශ්න කියා දෙයක් ඇත්ද?

ලංකාවේ අධ්‍යාපනය සේම සෞඛ්‍ය සේවයද ‘නිදහස්ය’. මුදල් අය කිරීමක් නැත. බහුතරයක් දුප්පතුන්ට වෛද්‍යවරුන් විය නොහැක්කේ ඔවුන්ගේ දුප්පත්කම නිසා නොව වෙනත් හේතූන් නිසා (උදා: උසස්පෙළ කඩඉමෙන් අවශ්‍ය ලකුණු ගැනීමට ඇති නොහැකියාව) යැයි මහාචාර්යතුමන්ගේම ලොජික් එකට අනුව තර්ක කළ හැකිය. ඉතාම දුගී පවුල්වලින් පැවත එන්නන් අතළොස්සක් හෝ වසරක් පාසා මේ කඩඉම පන්නා වෛද්‍ය විද්‍යාලය ප්‍රවේශය ලබති. ඒ නිසා, නලින් ද සිල්වාට අනුව, දුප්පතුන්ට වෛද්‍ය විද්‍යාලයේ දොර වැසේයැයි කියනු බැරිය. අනෙක් අතට කොළඹ ධනවත් හා මධ්‍යම පාංතික පවුල්වල සිසුන් පිරිසකට ඒ අවස්ථාව අහිමි වේ.

පහේ ශිෂ්‍යත්වයෙන් ‘හොඳ’ පාසලකට ඇතුළු වන්නට ඇති අවස්ථාවද මෙසේය. එහිදීද දුප්පත් පොහොසත් භේදයක් නැත. ඕනෑම දුප්පත් ළමයකුට පහේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු රටේ ඉහළම තලයේ විද්‍යාලයකට ඇතුළු විය හැකිය.

රජයේ රෝහලකින් බෙහෙත් ගන්නට යන රෝගියකුගෙන් (ඇමෙරිකාවේ මෙන්) රක්ෂණයක් ඇත්ද, පඩිය කීයද කියා ප්‍රශ්න කෙරෙන්නේ නැත. මේ නිසා ද සිල්වාගේ තර්ක ක්‍රමය අනුව අධ්‍යාපන හා සෞඛ්‍ය පහසුකම් දුප්පතුන්ට නොලැබේය යන්න බොරුවකි. සෞඛ්‍ය හා අධ්‍යාපන සේවයේ කොයි තරම් දුර්වලතා තිබුණද ඒවාද දුප්පතුන්ට පමණක් සීමාවූ ඒවාද නොවන්නේය.

මීට අමතරව දුප්පතුන්ට පමණක් සුවිශේෂ වූ ප්‍රශ්න කියා දෙයක් ඇත්ද?

මා දන්නා තරමින් කිසිම රජයේ කාර්යාලයකින් දෙමළුන්ට සේම දුප්පතුන්ටද වෙනසාකාරයක් (discrimination) කෙරෙන්නේ නැත. දුප්පත් ගොවියන්ගේ අදායම පහත වැටේ නම් ඒ වෙනසාකාරයක් (discrimination) නිසා නොව එක්කෝ නියඟය නිසාය. නැතිනම් අතිරික්ත නිෂ්පාදනය නිසාය. දුප්පත් ධීවරයන්ගේ අදායම අඩුවන්නේ වෙනසාකාරයක් (discrimination) නිසා නොව වාරකන් නිසාය. බුදු දහමේ කියන හැටියට මේවා ‘ඍතු නියාමය’.

මේ නිසා නලින් ද සිල්වා මහැදුරුතුමන්ගේ තර්ක ක්‍රමය අනුව මෙරට දෙමළුන්ට දෙමළ වීම පමණක් නිසා ප්‍රශ්න නැතුවා සේම දුප්පතුන්ට දුප්පත් වීම පමණක් නිසාද ප්‍රශ්න නැත. මේ නිසා ඔහුට අනුව අපේ රටේ දෙමළුන් සේම දුප්පතුන්ද තෘප්තිමත් වාසනාවන්ත ජන කොට්ඨාශ දෙකකි.

අනෙක් අතට එහෙම දුප්පතුන්ට පමණක් සුවිශේෂ වූ බාධා තිබුණා නම් ‘දෙමළ’ ලක්ෂ්මන් කදිරගාමර්ට විදේශ ඇමති වන්නට ලැබුණා සේම, දුප්පත් පවුලක උපන් සුසන්තිකාට ජාත්‍යන්තර ක්‍රීඩා ශූරියක් වන්නට ලැබෙන්නේද නැත. මහේශාක්‍ය වලව්වක නොව දුප්පත් පවුලක උපත ලැබූ රණසිංහ ප්‍රේමදාස රටේ ජනාධිපති වන්නේද නැත. වඩු කාර්මිකයකු වූ අජිත් බණ්ඩාර කොළඹ වැලිවේරියේ මධ්‍යම පාංතික ශිහාන් මිහිරංග පරදවා සුපර් ස්ටාර් වන්නේද නැත.

මේ සියල්ල හැකියාව ඇති (දෙමළුන්ගේ සේම) දුප්පතුන්ගේ මඟ අහුරා නැති බවට සාක්ෂිය. නමුත් මෙයින් අදහස් කෙරෙන්නේ මේ රටේ දුප්පතුන්ට ප්‍රශ්න නැති බවද? මේ උදාහරණ කිහිපයෙන් සියල්ල සාමාන්‍යීකරණය කළ හැක්කේද?

අද මහින්ද මැණික්ෆාම් මුඩුක්කුවේ නර දුක් විඳින්නේ 'ප්‍රශ්නයක් නැති' දෙමළුන්ද?

අද මහින්ද මාමාගේ මැණික්ෆාම් මුඩුක්කුවේ නර දුක් විඳින්නේ 'ප්‍රශ්නයක් නැති' දෙමළුන්ද?

තව පැත්තක් බලමු. මේ රටේ වෛද්‍යවරුන්ට පමණක් සීමා වූ ප්‍රශ්න තිබේද? ඇතිනම් ඒ මොනවාද? ඔවුන් සෞඛ්‍ය සේවයේ අන් හැම කොටසකටම (උදා: හෙදියන්, සාත්තු සේවකයින්) වඩා වැඩි වැටුප් ලබා ගන්නවා නේද? එසේ නම් වැටුප් මඳ වීම ඔවුන්ට පමණක් සුවිශේෂී වූ ප්‍රශ්නයක්ද? එසේ නැතිනම් ඔවුන් වැඩි වැටුප් ඉල්ලා වැඩ වර්ජනය කිරීම කෙතෙක් සාධාරණද? (සැ.යු. මේ මගේ තර්ක ක්‍රමය නොවේ. නලින් ද සිල්වාගේ තර්ක ක්‍රමයයි. ද සිල්වාට අනුව තමන්ට පමණක් සුවිශේෂී නොවන ගැටළුවකට විසඳුම් ඉල්ලීම වැරදිය.)

අප වටහා ගත යුත්තේ කිසිම ජන කොටසකට ඔවුන්ටම කියා ප්‍රශ්න නැති බවය. වර්ණභේදවාදී පෙර දකුණු අප්‍රිකාවේ මෙන් අපේ රටේ කිසිම ජන කොටසකට එරෙහිව ඍජු ක්‍රියාකාරී වෙනසාකාරයක් (active discrimination) නැත. ඇත්තේ ඍජු නොවන වෙනසාකාරයකි (passive discrimination). දෙමළුන්ට, කාන්තාවන්ට, සේම දුප්පතුන්ටද අදාළ වන්නේ මේ ඍජු නොවන වෙනසාකාරයයි.

මේ නිසා යම් ජන කොටසකට පමණක් සීමාවූ ප්‍රශ්න ඇත්දැයි අසීම විහිළුවකි. එසේ යම් ජන කොටසකට පමණක් සීමාවූ ප්‍රශ්න නැති පළියට සැම දෙනාම අඩු වැඩි වශයෙන් මුහුණ දෙන, එහෙත් සමහර ජන කොටස් වලට වැඩිලෙස දැනෙන ප්‍රශ්න වලට විසඳුම් නොසෙවීම මෝඩකමකි. (උදා: සමහර සිංහලයන්ද දුප්පත් වන නිසා දෙමළුන් දුප්පත් වීම කමක් නැතැයි සිතීම, ප්‍රවාහන සේවයේ ප්‍රශ්න හැම දෙනාටම බලපාන නිසා කාන්තාවන්ට ඒ නිසා වන ගැහැට නොසළකා හැරීම යනාදිය)

ඇත්තටම උත්තර බලපොරොත්තුවෙන් අසනවා නම් මේ ප්‍රශ්නය නිවැරදි විය යුත්තේ මෙසේය. වැදගත් ඊට උත්තරය සොයා ගැනීමයි.

ලංකාවේ දෙමළ ජනතාවට ප්‍රශ්න ඇත්ද? ඒ මොනවාද? (වඩාත් නිවැරදි වන්නේ නම් ඇසිය යුත්තේ උතුරු නැඟෙනහිර ජනතාවට ප්‍රශ්න ඇත්ද යන්නයි. දෙමළුන් එහි උප කුලකයක් පමණකි.)

චිරාත් කාලයක් තිස්සේ මේ දෙපළාතේ වැසියන්ට තිබුණු ප්‍රධාන ප්‍රශ්නයක් නම් කොළඹ සිට කෙරුණු ‘රිමෝට් කන්ට්‍රෝල්’ පාලන ක්‍රමය යටතේ රටේ අනෙකුත් පළාත් මෙන් උතුරු නැඟෙනහිර සංවර්ධනය නොවීමය. සංවර්ධනයට අවශ්‍ය මූල්‍යමය ප්‍රතිපාදන තිබුණේ ඇමතිවරුන් අතය. මේ ඇමතිවරුන් නියෝජනය කළේ සිංහල පළාත්ය. දෙමළ පළාත් නියෝජනය කළේ ආණ්ඩු බලයක් නොතිබුණු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ය. විමධ්‍යගත අයවැය කියා වත් කෙංගෙඩියක් නොතිබුණු මේ යුගයේ මේ දෙමළ මන්ත්‍රීවරුන්ට තම ආසනයේ බස් නැවතුම්පළක් වත් ඉදිකරන්නට මුදල් තිබුණේ නැත. කොළඹ රිමෝට් කන්ට්‍රෝල් පාලනය වෙනුවට තමන්ගේම පාලනයක් ඔවුන්ට අවශ්‍ය වූයේ ඒ අනුවය. නැතිව මේ රටේ වර්ගවාදී සිංහලයන් සිතා සිටින විදියට කාපු ආහාර දිරවා ගැනීම සඳහා නොවේ.(පසු කළෙක ත්‍රස්තවාදයක් බවටත් වසර තිහක දිග් ගැසුණු යුද්ධයක් බවට පත්වන්නේත් මේ ප්‍රශ්නයයි. ඒ ඒ සමයේ පැවති ආණ්ඩු මේ ප්‍රශ්නය විසඳනවා වෙනුවට දෙමළ ජනතාවගේ විශ්වාසය බිඳ ගනිමින් මේ ප්‍රශ්නය ප්‍රසාරණය කළ හැටි පියවරෙන් පියවර දැක්විය හැකිය. විශේෂයෙන් සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව යටතේ දෙමළ ප්‍රශ්නය ප්‍රසාරණය වූ හැටි ගැඹුරින් අධ්‍යයනය කළ යුතු කටයුත්තකි. එසේ වුවද මේ එයට තැන නොවේ.)

බලය බෙදිය යුත්තේ කෙලෙසද යන්න ගැන අප අතර වාද තිබිය හැකිය. එහෙත් බලය බෙදිය යුතුය යන්නට සංකල්පයක් හැටියට විරුද්ධ විය හැක්කේ මේ රට සිංහල බෞද්ධ ගොවිගම සුළු පිරිසක් විසින් කොළඹ කේන්ද්‍ර කොට ගත් ක්‍රමයක් යටතේ ‘රිමෝට් කන්ට්‍රෝල්’ ක්‍රමයට පාලනය කළ යුතු යැයි සිතන, මෙරට සුළු ජාතීන් සිංහලයන්ට ප්‍රමුඛත්වය ලබාදී සුළු ජාතීන් දෙවනපෙළ පුරවැසියන් හැටියට සිටිය යුතුයැයි සිතන අතළොස්සකට පමණකි. අනෙක් සියළුදෙනාට බලය බෙදීම ගැන සංකල්පමීය වශයෙන් එකඟ විය හැකිය.

බලය බෙදීම 13වන සංශෝධනයට සීමාවූ කතිකාවක් නොවිය යුතුය. බලය බෙදීම 13වන සංශෝධනයට සීමා කිරීම තවත් කුහක (කුපාඩි) කමකි. මෙය අළුතින් කළ යුතු දෙයක් නොව දැනටමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ කොටසකි. කළ යුත්තේ එය ක්‍රියාත්මක කිරීම විතරය. එය ක්‍රියාත්මක නොකරන්නේ නම් විධායකය නීතිවිරෝධී ලෙස හැසිරුණා වේ. මේ නිසා මේ ගැන කතා කිරීමට පවා දෙයක් නැත.

කන්කසන්තුරෙයිහි සුප්පයියාට සේම අඟුණකොළපැලැස්සේ සිරිපාලටද අම්පාරේ ෆාතිමාටද ප්‍රශ්න ඇත. ඒවා ඔවුන්ට පමණක් සීමාවූ ප්‍රශ්නද, ඔවුන් එක් කුලකයකට අයත් නිසා ඇතිවූ ප්‍රශ්නද යන්න නොව මෙහිදී වැදගත් වන්නේ ඔවුන්ට ප්‍රශ්න තිබේද නැත්ද යන්න පමණකි. මොවුන් තවදුරටත් කොළඹ කේන්ද්‍ර කොටගත් මධ්‍යගත පාලනයේ සිරකරුවන් බවට පත්විය යුතු නැත. බලය බෙදිය යුත්තේ එනිසාය.

svtamils_wideweb__470x3380

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , | 32 Comments »