Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Posts Tagged ‘Elections’

Rajapaksa camp attempts election malpractices in North

Posted by Ajith on January 26, 2010

We know Rajapaksa. We are not stupid to assume him willingly giving up powers respecting the public opinion. To stay in power for the additional second is his will. So incidents of rigging, threats, blocking voters etc will happen throughout the day. We will try to pass this information on malpractices. Our international readers please note.

Two reports from Daily Mirror online:

Explosion sounds heard in Jaffna

At least 4 explosion sounds were heard in Jaffna over the past half an hour early this morning, residents in Jaffna told Daily Mirror online. Sources said they believe the sounds emanated from devices used to create a large noise but not cause any damage.

Vijitha Herath detained in Vavuniya

JVP MP Vijitha Herath was detained in Vavuniya this morning while he was on his way to Kilinochchi, the JVP media unit said. He was detained together with former Presidential candidate Channa Gamage who is supporting General Sarath Fonseka.

When contacted by Daily Mirror online Mr. Herath confirmed that he was at the Vavuniya police station.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , | 1 Comment »

LIVE BROADCAST ONLINE: Listen to Next President Gen. Sarath Fonseka at Bandaragama today (11th) from 3 pm

Posted by Ajith on January 11, 2010

Try: www.tharunaya.com or www.tharunaya.info for the live broadcast.

Posted in Uncategorized | Tagged: , , , , , , , | 2 Comments »

Find the reason why Elections Commissioner has no time to remove Rajapakse’s illegal cutouts!

Posted by Ajith on January 4, 2010

You will never guess it. This is why old man has no time to act. Dayananda Dissanayake is addicted to Face Book! He has to chat. Protect his friend stealing the Barn Buddy crops and tag himself in photos uploaded by Rajapakse’s campaign. From where he finds time to remove illegal cutouts and banners of Rajapakse uncle?

Poor guy.

However, unlike Rajapakses, we have hearts. We plan to let old man retire, as soon as possible, so he can play Barn Buddy for the whole day.

So Mr. Elections Commissioner, act now. Stop Rajapakse camps illegal acts. You will do something good for the country by doing that. It will be good for you too.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , | 1 Comment »

අපේ මහරජා, ගුණකඳ වනමු සිරි සොඳා!!

Posted by Ajith on December 8, 2009

අපූරු වැඩක් නෙවැ! දැන් බලාගෙන යනකොට සියල්ල සිදුවී ඇත්තේ මෙසේය!

1. වේලුපිල්ලෙයි ප්‍රභාකරන්ගේ LTTEය පැරදවිය හැකි බව නියත වශයෙන් දැන, යුද සංග්‍රාමයන් පිළිබඳව මළපොතේ අකුරක්වත් නොදැන පවා LTTEයට එරෙහිව කෙරෙන යුද හමුදා, නාවුක හමුදා, ගුවන් හමුදා ප්‍රහාර සියල්ලක් කම්පියුටරයක් මෙන් සැලසුම් කළේ කවුරුද?

අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (උන්නැහේ සුපිරි කම්පියුටරයක් නෙවැ! කොහොමද ටිකිරි මොළේ?)

2. වසර තිහක් තිස්සේ විවිධ යුද හමුදාපතිවරුන් යටතේ LTTEයෙන් ලද පරාජයන් සතයකට මායිම් නොකරමින්, හරිහැටි යුද්ධ කිරීම තුළින් යුද්ධය ජයගත හැකිය යන විශ්වාසය හමුදා භටයින්ගේ සිත් තුළට කාවද්දමින් හමුදා භටයින්ගේ චිත්ත ධෛර්යය නැංවූයේ කවුරුද?

අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (යුද්ධ කරලම තියෙයි එතුමා නොහිටියනං!)

3. LTTEයේ මරාගෙන මැරෙන කොටි කෙල්ලකගේ බෝම්බයකින් මාරාන්තික තුවාල ලබා, ඒ මත දමා සේවයෙන් විශ්‍රාම ගැනීමට හොඳින්ම හැකියාව තිබියදී, රට වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු සේවය නොපිරිහෙළා ඉටු කරමින් වීරෝදාර ලෙස හමුදාව ජයග්‍රහණය කරා ඉදිරියට ගෙනගියේ කවුරුද?

අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (අනේ, අපි නොදන්නවයැ!)

4. අවවාදයෙන් නොව ආදර්ශයෙන් නායකත්වය සපයමින් , දැඩි ස්වයං විනයක් පවත්වා ගැනීම තුළින්, ලෝකයේ හොඳම හමුදා හා සංසන්දනය කළ හැකි ආකාරයේ විනය ගරුක හා කාර්යශූර යුද හමුදාවක් ගොඩ නැංවූයේ කවුරුද?

අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (නාවුක හමුදාවට දානවය කියල පොතක් දාල පුතාව හොර පාරෙන් රට යැව්වෙ නං වෙන රටක ජනාධිපති කෙනෙක්.)

5. කොළඹ සීත කාමරයක සිට නොව, උතුරු නැඟෙනහිර රණබිමේ අව් වැසි, සුළං පීඩා විඳිමින්, කවර මොහොතේ මරණය තමන් කරා පැමිණෙන්නේදැයි නොදැන, රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තබා සටන් වැදුණේ කවුරුද?

අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (බලන්නකො අර සාටකේ ඔළුවෙ ඔතාගෙන, සරමත් උස්සගෙන, අගල්වල බැහැල යන ලස්සන තුවක්කුවත් කරේ තියාගෙන! මොන තරම් ධෛර්‍ය සම්පන්න සෙබළෙක්ද?)

6. ප්‍රභාකරන්ගේ හමුදාවන් ප්‍රති ප්‍රහාර එල්ල කරද්දී ඒ වෙඩි හඬ මැදින් ජීවිතය පිළිබඳ සියළු ආශා අතහැර, ගිණි අවිය පමණක් ආරක්ෂාවට අත ඇතිව, බඩ ගාමින් නිර්භයව ඉදිරියට ඇදුණේ කවුරුද?

අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (කොච්චර කැපවීම තියෙන්න ඕනැද ඒකට?)

7. පැරදවිය නොහැකි යැයි පූර්ව විශ්වාසයක් වූ ප්‍රභාකරන්ගේ හමුදාව හා නිර්භයව ගැටෙමින්, ඒ සුණු විසුණු කරලමින් අවසානයේ ද්වන්දව සටනකින් ප්‍රභාකරන් පරාජය කළ, තමන්ම හෙන්චයියන් ලවා කාඩ්බෝර්ඩ් කටවුට් ගහගන්නා බොරු වීරයින් මැද, රට එක්සේසත් කිරීමට මුල් වූ සැබෑ වීරයා කවුරුද?

අපේ සත්වැනි මහින්ද මහරාජෝත්තමයානන් වහන්සේය! (හික්. හික්. කටවුට් ගැහුවෙ ප්‍රේමදාසනෙ!)

අනේ මගෙ කට. මොකට කියනවද?

(ඉලෙක්ට්‍රොනික තැපෑල මාර්ගයෙන් සංසරණයවන පණිවිඩයකි. කර්තෘ අඥාතය.)

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

If Gen. Sarath Fonseka didn’t win the war for us…

Posted by Ajith on December 4, 2009

It is surprising how Rajapakse’s henchmen question what Gen. Sarath Fonseka did in the war, as if their memories have been completely wiped off. I thought it was already on record. But yes, some suffer from selective amnesia.

This image is not to be taken too seriously. It is a creative work that raises an important question. What would have been the fate of the cardboard heroes who print currency notes with their pictures of not for the real hero, Sarath Fonseka?

(This is not something I did. Took it from Face Book. It is also being circulated via e-mail.)

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

ජනරාල් සරත් ෆොන්සේකා විසින් යුද්ධය දිනා නොදෙන්නට…

Posted by Ajith on December 4, 2009

ජනරාල් සරත් ෆොන්සේකා විසින් යුද්ධ ජයග්‍රහණ ලබා නොදෙන්නට, තමන් මහා වීර කමක් කළාක් සේ අද තමන්ගේ පින්තූර යොදා මුදල් නෝට්ටු අච්චු ගසන කාඩ්බෝඩ් වීරයන්ට කුමක් විය හැකිව තිබුනේද?

මේ තනිකරම විනෝදය සඳහා කවුරුන් විසින් හෝ කරන ලද නිර්මාණයකි. (රූපයේද එය සඳහන්ය.) නමුත් එය හාස්‍යයට යටින් ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කරන්නේය. ජනරාල් සරත් ෆොන්සේකා නොසිටියේ නම් මේ පුහු වීරයන්ගේ ඉරණම මේ මනඃකල්පිත මුදල් නෝට්ටුව ඉඟි කරනවාට වඩා නොවෙනස් විය හැකිද?

(ඊ-මේල් මාර්ගයෙන් හා ෆේස්බුක් හි සංසරණය වන නිර්මාණයකි. නිර්මාපකයා අඥාතය.)

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a Comment »

Presidential Elections: Poll shows Gen. Sarath Fonseka leading

Posted by Ajith on December 3, 2009

A poll conducted within seven electorates in the Western Province has indicated Gen Sarath Fonseka is the more popular candidate, beating President Mahinda Rajapakse. 42% of the 2,000 plus sample believed Gen. Fonseka can do a better job. President Mahinda Rajapakse is trusted only by 39%, while 19% not expressing any opinion. The difference is expected to further expand within the next few weeks.

This clearly indicates a sheer slide in President Mahinda Rajapakse’s popularity. The only explanation for the deviation from the higher percentage of votes Peoples’ Alliance received in the recent provincial council elections is a possible diversion with the real hero of the war entering the political fray. It could be possible the people have better hopes for the real hero rather than the fake one.

The survey has also shows the key issue of the forthcoming Presidential Elections is economy. 62% had identified continuously rising cost of living as the key problem they face. This is another disadvantage for President Mahinda Rajapakse, who is yet to show any economic management skills. It can be assumed that the people want a future United National Party government to address the economic issues the present government has failed to solve.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | Leave a Comment »

ජෙනරාල් සරත් ෆොන්සේකා ජනපතිවරණ සටනේ ඉදිරියෙන්: සමීක්ෂණයකින් හෙළි වේ

Posted by Ajith on December 3, 2009

ජනාධිපතිවරණ සටනේ ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනා අතුරින් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඉදිරියෙන් සිටින බැව් බස්නාහිර පළාතේ පවත්වන ලද සමීක්ෂණයකදී හෙළිවී තිබේ. මේ සමීක්ෂණය පවත්වන ලද්දේ ජනරාල් සරත් ෆොන්සේකා මහතා තම අපේක්ෂකත්වය නිල වශයෙන් ප්‍රකාශ කිරීමටත් පෙර වීම විශේෂයකි.

බස්නාහිර පළාතේ ඡන්ද කොට්ඨාශ හතක 2,000කට අධික නියැදියක් මෙම සමීක්ෂණයට සහභාගිවූ අතර ඔවුන් අතුරින් සියයට 42%ක් සරත් ෆොන්සේකා මහතාට ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා ලෙස වඩා වැඩි සේවයක් කළ හැකි බැව් ප්‍රකාශ කොට ඇත. මහින්ද රාජපක්ෂ මහතා ගැන විශ්වාසය තබා ඇත්තේ 39%ක් පමණකි. ඉතිරි 19% මතයක් පළ කොට නැත. මේ අනුව සරත් ෆොන්සේකා මහතාගේ දේශපාලනයට අවතීර්ණවීමත් සමඟ මහින්ද රාජපක්ෂ මහතාගේ ජනප්‍රියතාවය ශීඝ්‍ර ලෙස බිඳ වැටීමක් පෙන්නුම් කරයි. පළාත්සභා මැතිවරණ වලදී පොදු පෙරමුණ ලද ඡන්ද වර්තමාන ජනාධිපතිවරයාගේ ජනප්‍රියතාවය නිසා ලද ඒවා නොව යුද්ධ ජයග්‍රහණය නිසා ලැබුණු ඒවා බවත්, දැන් මේ ඡන්දම වඩා සුදුසු අපේක්ෂකයකු ලැබීම තුළ විපක්ෂයට ලැබෙමින් පවතින බවත් මේ නිසා උපකල්පනය කළ හැකිය. ජනතාව ‘බොරු වීරයා’ වෙනුවට ‘සැබෑ වීරයා’ තෝරා ගත්තා විය හැකිය. ඉදිරි සති කිහිපය තුළ මේ වෙනස තවත් වැඩි විය හැකිය.

ජනාධිපතිවරණ සටනේ අවධානය මූලිකවම යොමුව ඇත්තේ ආර්ථිකය කෙරෙහි බවද සමීක්ෂණයෙන් අනාවරණය වී තිබේ. වැඩිවන ජීවන වියදම සමීක්ෂණයට මුහුණ දුන් බහුතරයක් (62%) තමන් මුහුණ දෙන ප්‍රධාන ප්‍රශ්ණය සේ හඳුනාගෙන ඇත. මෙයද මහින්ද රාජපක්ෂ මහතාට අවාසි සහගතව ඇත්තේ නිවැරදි ආර්ථික කළමනාකරණයක් කිරීමට ඔහු අසමත්ව ඇති බැවිනි. ජනතාව රාජපක්ෂ මහතාට කරන්නට බැරිවූ ආර්ථික කළමනාකරණය එක්සත් ජාතික පක්ෂයෙන් බලාපොරොත්තුවන බැව් පෙනෙන්නට තිබේ.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

සේනාධිනායක සරත් ෆොන්සේකා ඉදිරියේ රාජපක්ෂ නම් හිස් මිනිසා

Posted by Ajith on December 1, 2009

සරත් ෆොන්සේකා සේනාධිනායකයානන්ගේ දේශපාලන ආගමනය හා සමස්ත විරුද්ධ පක්ෂය ඔහු එක හඬින් පිළිගැනීම ලංකා දේශපාලනය නව මානයකට අවතීර්ණ කොට ඇත. මෙතෙක් අපට හුරුපුරුදු වූ ප්‍රධාන පක්ෂ දෙක බලය උදෙසා එකිනෙකා ඇණකොටා ගැනීමේ සම්ප්‍රදාය වෙනුවට විරුද්ධ පක්ෂය, තමන්ට පුද්ගලිකව වාසියක් නොවන එක පොදු අරමුණක් උදෙසා ඒකරාශී වීම හොඳ ලක්ෂණයකි. වඩා හොඳ ලංකාවක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගෙන ඇති සරත් ෆොන්සේකා සේනාධිනායකයානන් එක දේශපාලන පක්ෂයක් නියෝජනය නොකිරීම තුළින්ම ඔහුගේ දැක්මේ ඇති පුළුල් භාවය පෙන්නුම් කෙරේ. මෙසේ සමස්ත විපක්ෂය දූෂිත, අකාර්යක්ෂ්ම හා දුර්දාන්ත රජයක් පෙරළීම වෙනුවෙන් එක ධජයක් යටතේ ඒකරාශී වීම මේ උත්සාහයේ ජනතා අපේක්ෂාවන් මල් ඵල ගැන්වීමේ හැකියාව පෙන්නුම් කරයි.

මේ ප්‍රවණතාවය හොඳ වන පමණටම එය මෙතෙක් රට වනසමින් සිටි දූෂිත ඒකාධිපති පාලනය අන්ත අසීරු තත්වයකට පත් කොට තිබේ. “ජෙනරාල් ෆොන්සේකා අපෙ මහරජාගෙ ඔළුවට ගහලා” යි සංස්කරණය කරණ ලද ජනප්‍රිය ගීතයකින් කියැවෙන්නේ මේ යථාර්ථයයි.

ෆොන්සේකා සේනාධිනායකයානන් සමඟ කරට කර සටනකට එළඹීමේදී රාජපක්ෂ මුහුණදෙන ගැටළු ඔහු ස්වාර්ථය හා සිය පවුල වෙනුවෙන් ධනෝපායන මාර්ග විවර කරමින් දූෂිත පාලනයක් ගෙන ගිය බව රටවැසියා හොඳින් දැන සිටීමට සීමා නොවේ. එසේම රටේ ආර්ථිකය නැංවීමේ ඔහු දක්වා ඇති අකාර්යක්ෂ්මතාවය හා නොහැකියාවටද එය සීමා නොවේ. ඔහු මුහුණ දෙන තත්වය ඊට වඩා සංකීර්ණද, ඔහුට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිළට අවාසි සහගතද වේ.

මෙය පැහැදිළි කිරීමට රාජපක්ෂ යනු කවරෙක්දැයි විමසා බලමු. රාජපක්ෂ යනු ඉතා සරල, කිසිම දේශපාලන දැක්මක් නැති, වඩා පැසුණු දේශපාලකයන් හා සංසන්දනය කිරීමේදී ‘මෝඩ’ යන විශේෂණ පදයෙන් හඳුන්වන්නටද බැරි නැති දේශපාලන චරිතයකි. වෙනත් වචන වලින් පැහැදිළි කරන්නේ නම් කෝපිකඩේ අබිලිංට සමාන කළ හැකි පුද්ගලයෙකි. හිස් කළයකට තට්ටු කිරීමේදී නැඟෙන බොල් හඬම රාජපක්ෂ නම් දේශපාලන චරිතය විශ්ලේෂණය කිරීමේදී ඇසෙයි. ගමක මලපොතේ අකුරු නූගත් චණ්ඩියකුටද බලයක් ඇතිසේම රාජපක්ෂද යම් බලයක් තිබේ. චොප්පෙ අයියා සේම රාජපක්ෂද තම වැයික්කිය තුළ බලය පතුරවා ගැනීමට සමත් වී ඇත. ඔහු සිතා සිටිනවා ඇත්තේ තමන්ගේ ඔළුවට ඉහළින් කාක්කෙකු වත් නොපියඹනවා ඇත කියාය. ගස් නැති කැලෑවට ඇට්ටර ගසත් ගසක්ය කියන්න්නාක් මෙන් සීමිත කාලයක් තුළ මේ බලය ස්ථාපිත කර ගැනීමට ඔහුට හැකිව ඇත. එහෙත් චොප්පෙ අයියලා බඳු චණ්ඩීන්ගේ බලයටද සීමා තිබේ. හැමදාම ඔළුව නමා සිටින දුර්වලයන් මෙන් නොව හොඳ, හිතේ හයිය ඇති පොලිස්කාරයකු ගමට ආදා මේ චණ්ඩියන්ට වන්නේ නඟුට කකුල් දෙක අස්සේ රුවාගෙන සැඟවීමටය.

සේනාධිනායක සරත් ෆොන්සේකා විසින් නිරූපනය කරනු ලබන්නේ මේ අළුතින් ගමට එන කොන්ද පණ ඇති පොලිස් කාරයාගේ චරිතයයි. අහිංසක ගම්මුන්ට කොයිතරම් චණ්ඩිපාට් දැමුවද හරිහමන් නිලධරයකු හමුවේ ගමේ චණ්ඩියා පූස් පැටියකු සේ අහිංසකය. බල රහිතය. රාජපක්ෂටද අද සිදුව ඇත්තේ මෙයයි. තමන්ට යම් පෞරුෂයක් ඇතැයි ඔහු කල්පනා කරයි. එහෙත් සරත් ෆොන්සේකා සේනාධිනායකයානන් ඉදිරියේ සිට ගැනීමට වත් මේ පෞරුෂය අප්‍රමාණවත්ය. රුපුනොද බිඳ රණබිම ජයගත් සරත් ෆොන්සේකා වැනි යුග පුරුෂයකු ඉදිරියේ රාජපක්ෂ සමාන වන්නේ ලජ්ජාවෙන් මුළු ගැන්වෙන සුකොමළ ගැහැනියකටය. සේනාධිනායක ෆොන්සේකා ගලිවරයන් ඉදිරියේ රාජපක්ෂ ලිලිපුට්ටෙකි. සේනධිනායක සරත් ෆොන්සේකාගේ දැවන්ත ප්‍රතිරූපය ඉදිරියේ රාජපක්ෂ කුරුමිට්ටෙකි.

සේනාධිනායක සරත් ෆොන්සේකා මේ ප්‍රතිරූපය ගොඩ නඟාගෙන ඇත්තේ, සරම උස්සාගෙන බොරුවට පාරේ ගිරිය කඩාගෙන කෑගැසීමෙන් නොවේ. යුද හමුදාවේ හැම නිලධරයකුම යම්කිසි විනය ක්‍රියාවලියකින් පාලනය වේ. එසේම මෝඩ දේශපාලකයින් මෙන් නොව ඔව්හු විධිමත් අධ්‍යාපනයක් ලබති. සේනාධිනායක ෆොන්සේකාගේ පෞරුෂය මේ විනය ක්‍රියාවලියේ හා විධිමත් අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. එම විනය ක්‍රියාවලියම පුද්ගලයකු නායකත්වයට අතිශයින් සුදුස්සකු බවට පත් කරයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සේනාධිනායක සරත් ෆොන්සේකා අවංක නිලධරයෙකි. වෘත්තිකයෙකි. මෝඩ දේශපාලකයන්ට ආදර්ශයට ගත හැකි ශ්‍රේෂ්ඨ නායකයෙකි. රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ විශිෂ්ඨ නිලධරයෙකි. An Officer and a Gentleman ලෙසින් හඳුන්වාදිය හැකි ආකාරයේ මහාත්මයෙකි. රටක් හරියට පාලනය කළ හැක්කේ කෙසේද යන්න මෝඩ හා දූෂිත දේශපාලයකයන්ට ඉගැන්විය හැකි ආකාරයේ නැණවතෙකි.

සේනාධිනායක සරත් ෆොන්සේකා සටනකින් ජය නොලබතැයි කිසිවකුට කිව නොහැකිය. මන්ද ඔහු මේ වන විට දේශයේ පරම සතුරා පරදවා ජය ලබා තම හැකියාව පෙන්නා ඇති හෙයිනි. එය කිසිවකුට ප්‍රශ්න කළ නොහැකිය. වසර තිහක් තිස්සේ අපට බලය පෙන්නමින් සිටි ප්‍රභාකරන් දණ ගසන්නේ සේනාධිනායක සරත් ෆොන්සේකාගේ පෞරුෂය ඉදිරියේය. ඔහු රටේ නායකත්වයට ඊට වඩා සුදුසුවන බවට වෙනත් සාධක අවශ්‍යද?

මේ වන විට රාජපක්ෂ කෙතරම් බිය වී ඇතිද යන්න ඔහු හැසිරෙන ආකාරයෙන්ම පෙනේ. රාජපක්ෂගේ අළුත්ම මේනියාව වී ඇත්තේ යෝධ කටවුට් ගැසීමය. මේ තමාගේ කුඩා බව පිළිබඳව ඔහුට ඇතිවී තිබෙන හීන මානයේ ලක්ෂණයකි. තමාටම අවබෝධවන කුඩා බව ඔහු වසා ගැනීමට තැත් කරන්නේ යෝධ කටවුට් ගැසීමෙනි. එහෙත් සේනාධිනායක සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය මෙවැනි බොළඳ ක්‍රියාවලින් වැලැකීමට ඔහුට නොහැකි වනු ඇත. එය හෙට හිරු පායන්නා සේ නියතයකි. කටවුට් ගැසීමට යන කාලය, යළිත් සුළු කාලයකින් හම්බන්තොටට පදිංචිය සඳහා යෑමට ගෙදරදොර අස්පස් කර ගැනීමට වැය කරන්නේ නම් එය රාජපක්ෂට වඩා ප්‍රයෝජනවත් වනු ඇත.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

ජෙනරාල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි; අපි ඔහුගේ ඉදිරි ගමනට සුබ පතමු. ජයෙන් ජයම වේවා!

Posted by Ajith on November 12, 2009

7031_159714526959_151916326959_3363580_505887_n

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇත.  

කරුණු 16ක් සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යවන ජනරාල්වරයා සදහන්කර ඇත්තේ තමාගේ කැමැත්තට එරෙහිව හමුදාපති ධූරයෙන් ඉවත් කර කිසිදු බලයක් නොමැති තනතුරකට තමා පත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බවය. එසේම නොමග යන තොරතුරු මත පදනම් වෙමින් තමා කුමන්ත්‍රණයක සිටින බවට ජනාධිපතිවරයා තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කිරීමත්, තම කාර්යාලයේ නිලධාරීන් තමා දිවයිනේ නොසිටි මොහොතක ඉවත් කිරීමත් පිළිකුල් සහගත බවද ඔහු කියා සිටී.

යුද ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහත් අනාගත කැරලි ඇතිවීම වැළැක්වීම සදහාත් ප්‍රමාණවත් පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බව සදහන් කරන සරත් ෆොන්සේකා මහතා නාස්තිය හා දූෂණයත් ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීමත් හේතුවෙන් ජනතාව ආර්ථික වශයෙන් විදින දුෂ්කරතා වඩාත් වැඩිවී ඇති බවද පෙන්වාදෙයි. ‍මවු බිමට සාමය සහ සෞභාග්‍ය ගෙන එන නව යුගයක් කරා රට ගෙන යාමට සමත්වන්නේ නම් හමුදාව විශාල කැප කිරීමක් කර ලබා ගත් ජය අපතේ නොයනු ඇති බවද ඔහු එහි සදහන්කර තිබේ.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , | Leave a Comment »

 
Follow

Get every new post delivered to your Inbox.