Posts Tagged ‘Divaina’
Posted by Ajith on November 6, 2009

ජෙනරාල් සරත් ෆොන්සේකා - යුගයේ අභියෝගය පිළි ගැනීමට සූදානම්ව
”රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවනු” (දිවයින කතුවැකිය – නොවැම්බර් 04, 2009)
මේ අණ කිරීමකි. විධානයකි. නැතිනම් ඕඩරයකි. ‘ආදායකයාගේ ගිණුමට රුපියල් පන්දහසක් ගෙවනු’ වැනිම වූ ඕඩරයකි. ඕඩරය කරනු ලබන්නේ (නමින් කියා නැතද) අපේ රටේ ආරක්ෂක හමුදා ප්‍රධානි, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටය. කියන්නේ ඇමරිකානු බලධරයන් සමඟ කතා නොකරන ලෙස විය හැකිය. (පළ කෙරුණු දිනය අනුව මෙය ලියැවෙන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාවෙන් පිටත්වීමට මත්තෙනි.) තම බත් බැලයන් ලවා ලියවාගෙන දිවයින නැමැති තම ජාතිවාදී පඩංගුව මාර්ගයෙන් මේ විධානය කරනු ලබන්නේ උපාලි විජේවර්ධන අතුරුදන් වූවායින් පසුව ඔහුගේ වැන්දඹුව විවාහ කොටගෙන විජේවර්ධන විසින් ගොඩ නැඟූ ව්‍යාපාර ජාලයට, ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගා ගත්තාක් සේ රිංගාගෙන තමන් ලොකු මිනිහෙකැයි සිතා ඉන්නා නිමල් වෙල්ගමය.
මේ නිර්ලජ්ජිත ක්‍රියාව මාර්ගයෙන් නිමල් වෙල්ගම තමාගේ හා තම ස්වාමියාගේ සෙළුව කිහිප ආකාරයකින් ප්‍රකාශ කරයි. පළමුව ඔහු මෙරට රජෙක් විසින් ආණ්ඩු කරන්නේයයි සිතයි. මහ රජාණන්ගේ සුවච කීකරු බලු ගැත්තන් වන නිමල් වෙල්ගම වැන්නන්ට කොයිතරම් සුවදායී හැඟීමක් වුවද සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ මැරී ගොස් දැන් බොහෝ කල්ය. නිමල් වෙල්ගමලා පිළි ගැනීමට අකැමැති වුවද දැන් මෙරට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. තමන් දේශයේ රජයැයි සිතා සිටින මෝඩයින් කතිර පහරින් ගෙදර යවන්නට නොපැකිළෙන ජනතාවක් ඇති ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක බලයේ පවත්නා ආණ්ඩුව සමඟ එකඟ වීමට හෝ නොවීමට ජනතාවට පූර්ණ අයිතියක් ඇත. එය ඔවුන්ගෙන් උදුරාගත හැකි නොවේ. රජුට ද්‍රෝහීවීම ගැන නිමල් වෙල්ගමලා බයිලා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමට ඇති නොකැමැත්ත නිසාය. හෙට තමන්ගේ මහලොකු රජා ජනතා ඡන්දයෙන් පරාජය වී ගෙදර යා හැකිය යන භයානක සිතිවිල්ල ඔහු සිත පෙළනවා විය හැකිය. තම පුවත්පත් මාර්ගයෙන් ජනතාව මුළාකොට, බිය ගන්වා රජුට එරෙහිව වචනයක් හෝ දෙඩීම මහා අපරාධයකැයි යන සිතිවිල්ල පැතිරවීමට ඔහු උත්සුක වන්නේ එනිසා විය හැකිය.
දෙවනුව රටේ ආරක්ෂක හමුදා ප්‍රධානියාට මෙසේ විධාන කරන්නට නිමල් වෙල්ගමට ඇති අයිතිය කුමක්ද? මෙරට LTTE ත්‍රස්තවාදයෙන් නිදහස් කරන ලද්දේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු යුද හමුදාවය. නිමල් වෙල්ගම හා ඔහුගේ අතවැස්සන් එකල කළේ යුද්ධය හා දේශප්‍රේමය වවාගෙන කෑම තුළින් තම ජාතිවාදී පුවත්පත් (දිවයින හා The Island) විකිණා ගැනීමය. යුද්ධයෙන් සදාචාරාත්මක නොවන ලෙස විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලද මේ පත්තර මුදලාලි දැන් ඒ යුද්ධයේම නියමුවන්ට පල් පාට් දාන්නට පටන් ගෙන ඇත්තේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නොවන්නට තමන් හා තම පත්තර කොම්පැණියද ඒ යුද්ධයේම කොටසක්ව නැති භංගව යන්නට ඉඩ තිබුණු බව මේ මිනිසා විසින් මෙතෙක් පහසුවෙන් අමතක කරන ලද්දේද?
තෙවනුව නිමල් වෙල්ගම කිසිම හිරිකිතයක් නැතිව දේශපාලන විචාරකයින් විසින් කුණු මාළු කෑල්ලක් ලෙසින් ඉවත දැමිය යුතුය සිතන විධායක බලය වෙනුවෙන් පෙනීසිටී. (මෙහිදී ඔහුගේ අරමුණු පැහැදිළිය. තම ලොක්කාට වැඩි බලතල ලබෙන්නේ නම් තමන්ටද වැඩි බලතල ලැබෙන බැව් ඔහු දනී.) මේ පුවත්පතකැයි සමහරුන් තවමත් වරදවා සිතා සිටින ඔහුගේ ජාතිවාදී පඩංගුවෙන් උපුටා ගත් වචනය.
”යුද්ධය නිමව ඇති නිසා විධායක බලතල තවදුරටත් මොකටදැයි සමහරු ප්‍රශ්න කරති. ධාරානිපාත වැස්‌සක් වැස පෑවූ සැනින් මිනිසුන් මඟට බසින්නේ නැත. යළි ඇතිවිය හැකි වර්ෂාවෙන් ආරක්‍ෂා වීම සඳහා ඔවුහු කුඩයක් ගෙන මඟට බසිති. ශ්‍රී ලංකාවේ කොටි බලය වැනසී ගිය ද කොටින්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් නිමාවට පත්වී නැත. එම ජාලයේ ප්‍රධානියා වන කුමාරන් පද්මනාදන් වමාරන තොරතුරුවල හැටියට ප්‍රභාකරන් තව පරම්පරා හතකට ප්‍රමාණවත් කොටි ජාලයක් හදා ඇත. ඒ නිසා තවත් කලකට මේ බලතල පවත්වාගෙන යා යුතු බව ඉතා කෙටියෙනුත් පැහැදිලිවත් කියමු. රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවන ලෙසට පැරණි සිංහල කියමනක් තිබේ. මේ වෙලාවේදී සේනාධි නායකයා පළවා හැරීමට කරන උත්සාහයන් නිර්වචනය කළ හැක්‌කේ රටට ද්‍රෝහී වීමක් ලෙස ය.”
අපි නිමල් වෙල්ගමට මෙසේ කියමු. බංකොළොත් දේශපාලකයින්ගේ වල්ගයේ එල්ලී ඔවුන්ට බැල මෙහෙවර කරමින්, තම පඩංගු ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් නිර්ලජ්ජිව, කිසිම සමබරතාවයක් නැතිව යොදවමින් කඩේ ගියාට කම් නැත. රට වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ මිනිසුන්ට විධාන කිරීම නවතනු. ඔවුන්ට තමන්ගේ රාජකාරිය, දෛවය විසින් තමන් වෙත පවරා ඇති යුගයේ අව්ශ්‍යතාවය සපුරා ලීමට ඉඩ දෙනු.
Posted in Uncategorized | Tagged: ආරක්ෂක හමුදා ප්‍රධානි, උපාලි විජේවර්ධන, නිමල් වෙල්ගම, ශ්‍රී වික්‍රම රාජසිංහ, සරත් ෆොන්සේකා, හමුදාපති, Democracy, Divaina, Elections, Ethnic Issue, Executive Presidency, Gen. Sarath Fonseka, LTTE, National Securoty, Nimal Welgama, racism, Sarath Fonseka, Security Forces, Sri Wickrama Rajasinghe, Terrorism, The Island, Upali Wijewardena, war in Sri Lanka | 3 Comments »
Posted by Ajith on October 5, 2009

දෙණියාය බෙවර්ලි වතුයායේ මහජන මුදලින් මාර්ගයක් ඉදිවන ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ඥතියකුට අයත් සුවිසල් සුඛෝපභොගී මාළිගාව ගැන තොරතුරු සොයා බැලීමට ඊයේ (04 දා) දහවල් එම ස්‌ථානයට ගිය එජාප මහ ලේකම් තිස්‌ස අත්තනායක මහතා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ එජාප ක්‍රියාකාරීන් පිරිසකට ගල්මුල් ප්‍රහාරයක් එල්ල වීමත් සමග ඒ අවට ප්‍රදේශය පැය දෙකකට ආසන්න කාලයක් යුද පිටියක් බවට පත්ව ඇත. ප්‍රහාරයෙන් පස් දෙනකු තුවාල ලබා වාහන දහසකට පමණ අලාභහානි සිදුව ඇතැයි ද වාර්තාවේ. මෙම සුවිසල් නිවසට යන මාර්ගය මග නැගුමෙන් වාහන සහ රජයේ වියදමින් කෝටි 90 කට අධික මුදලක් යොදවා ඉදිකිරීමට එරෙහිව එජාපය ඊයේ දහවල් දෙනියාය නගර මධ්‍යයේ උද්ඝෝෂණයක්‌ද පැවැත්වූ අතර එම උද්ඝෝෂණයෙන් අනතුරුව, මහලේකම්වරයා ඇතුළු පිරිස අලුතින් ඉදිවන මන්දිරය සහ මාර්ගය නැරඹීමට ගොස් ඇත.
මහලේකම් තිස්‌ස අත්තනායක, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්‌ඩාර, සාගල රත්නායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, රවී කරුණානායක, බස්‌නාහිර පළාත් සභා මන්ත්‍රී කිත්සිරි මංචනායක, මාතර දිස්‌ත්‍රික් පළාත් සභා මැතිවරණ අපේක්‍ෂක වින්දන හපුතන්ත්‍රී යන මහත්වරුන් ප්‍රමුඛ ආධාරකරුවන් 200 කට අධික පිsරිසක් මාධ්‍යවේදීන්ද සමග එම මන්දිරය වෙත ගොස් ඇත.
මේ අයගේ ගමන වැළැක්‌වීම සඳහා නිවසට පිවිසෙන මාර්ගයේ ස්‌ථාන කිහිපයක්, කොන්ක්‍රීට් කණු සහ විශාල කොටන් දමා මාර්ගය හරස් කර තිබූ අතර ඒ සියලු බාධක ඉවත් කරගෙන ඒ නිවස ආසන්නයට යනවාත් සමග එහි රැඳී සිටි පිරිසක් ගල් මුල් වලින් ප්‍රහාර එල්ල කිරීමට පටන් ගෙන ඇත.
මේ එජාප මන්ත්‍රීවරුන් සමග ගමන්ගත් පිරිසට පැයකට ආසන්න කාලයක් ප්‍රහාර එල්ල කරගෙන තිබේ.
මෙම ප්‍රහාර එල්ල වනවාත් සමග මහලේකම් තිස්‌ස අත්තනායක මහතා ඇතුළු සෙසු මන්ත්‍රීවරුන් ආරක්‍ෂක නිලධාරීන්, දැඩි වෙහෙසක් දරා මන්ත්‍රීවරු වාහන වලට නංවාගෙන ආරක්‍ෂාව සපයා තිබේ.
මෙලෙස ආරක්‍ෂක නිලධාරීන් මන්ත්‍රීවරුන්ට ආරක්‍ෂාව සපයා තිබුණත්, ඒ මාර්ගයේ ස්‌ථාන කිහිපයක නැවත මාර්ගය අවහිර කර, එක්‌සත් ජනතා නිදහස් සන්ධානයේ දකුණු පළාත් සභා මාතර දිස්‌ත්‍රික් අපේක්‍ෂකයකුගේ ආධාරකරුවන් විශාල පිරිසක් වාහන වල පැමිණෙන අයට ප්‍රහාර එල්ල කිරීම නිසා පැයකට අධික කාලයක් මේ අයට අදාළ නිවස ආසන්නයේ රැඳී සිටීමට ද සිදුව ඇත.
මෙහි ප්‍රථම ප්‍රහාරය එල්ල වීමට පෙර එම ස්‌ථානයට පැමිණි ඇමැති ඩිලාන් පෙරේරා මහතා සහ ආධාරකරුවන් පිරිසක් සමග උණුසුම් ආකාරයෙන් වචන හුවමාරුවක් සිදු වන විට ඩිලාන් පෙරේරා මන්ත්‍රීවරයා සමග පැමිණ සිටි පිරිස සහ එතැනදී රැඳී සිටි පිරිස් ප්‍රහාර එල්ලකිරීමට පටන් ගෙන ඇතැයි ද කියති.
මහජන මුදල් කෝටි ගණනක් වැයකරමින් ඉදිකරන නිවස සිය මාර්ගයේ වැඩකටයුතු ගැන සොයා බලා ඊට විරෝධය පළකිරීමට එම ස්‌ථානයට තමන් ඇතුළු මන්ත්‍රී කණ්‌ඩායමක් ගිය බවත්, ඒ අවස්‌ථාවේදී එල්ල වූ මැර ප්‍රහාරය එජාපය දැඩි පිළිකුළෙන් යුතුව හෙළා දකින බවත් එජාප මහලේකම් තිස්‌ස අත්තනායක මහතා “දිවයින” ට පැවැසීය.
අලුතින් ඉදිවන නිවස සහ එම මාර්ගය කටයුතු සොයාබැලීමට ඒ ස්‌ථානයට ගිය අවස්‌ථාවේ නිවසේ හිමිකරු සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමාගේ මස්‌සිනා තුසිත රණවක තමන් ඉදිරියට පැමිණ මේ අලුතින් ඉදිකර තිබෙන්නේ පුද්ගලික මාර්ගයක් යෑයි පවසා එය පරීක්‍ෂා කිරීමට අයිතියක් නැති බවද පැවැසීමෙන් පසු මග නැගුමෙහි වාහන අනෙකුත් සම්පත් සහ මුදල් යොදා පුද්ගලික මාර්ගයක් ඉදිකරන්නේ කෙසේදැයි තමන් ඔහුගෙන් ප්‍රශ්න කළ බවද අත්තනායක මහතා පැවැසීය.
මෙම ප්‍රහාරයෙන් මාධ්‍යවේදීන් 5 දෙනකුගේ පමණ කැමරාවලට අලාභ හානි සිදුකරමින් ඔවුන්ට පහරදී වාහන 10 කට වැඩි ප්‍රමාණයකට අලාභහානි සිදුකොට තිබෙන බවත් අනාවරණය කළේය.
මේ සිද්ධිය ගැන සාකච්ඡාකොට පොලිස්‌පතිවරයාට පැමිණිලි කිරීමට පියවර ගන්නා බව තිස්‌ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවැසීය.
Posted in Uncategorized | Tagged: එක්සත් ජනතා නිදහස් සන්ධානය, එජාප, කිත්සිරි මංචනායක, ඩිලාන් පෙරේරා, තිස්‌ස අත්තනායක, තුසිත රණවක, දිවයින, දෙණියාය, පළාත් සභා මැතිවරණ, පාලිත රංගේ බණ්‌ඩාර, පොලිස්පතිවරයා, බෙවර්ලි මාළිගාව, බෙවර්ලි වතුයාය, මහලේකම්, මහින්ද රාජපක්‍ෂ, මාතර, මාධ්‍යවේදීන්, රවී කරුණානායක, ලක්‍ෂ්මන් කිරිඇල්ල, වින්දන හපුතන්ත්‍රී, සාගල රත්නායක, Beverly Palace, corruption, Deniyaya, Deniyaya Palace, Dilan Perera, Divaina, Election violence, IGP, Maga Neguma, Mahinda, Mahinda Rajapaksa, Media Freedom, Thusitha Ranawaka, Tissa Attanayake, UNP, UPFA | 1 Comment »
Posted by Ajith on September 27, 2009
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනියගේ පියා වූ හිටපු අගමැති එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක මහතා ඝාතනය කොට පනස් වසක් පිරුණේ ඊයේටයි. මේ සමරු උත්සවයටවත් එතුමන් නිර්මාණය කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකයා හෝ අඩු තරමින් ලේකම්වත් සහභාගි නොවූ බව ආරංචිය. පක්ෂ නිර්මාතෘ බණ්ඩාරනායක මහතා නොසළකා හරින වත්මන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළේ කිසිම අලෙවියක් නැති අලෙවි මවුලානා වැනි සොක්කන් කිහිප දෙනෙකි.
මේ අතර සති අන්ත සිංහල ඉංග්‍රීසි පුවත්පත් ගණනාවක් වාර්තාකළේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඉන්දියාවේ කෝවිලකදී මී ගවයන් දෙදෙනෙකු යාගයක් සඳහා බිලි දුන් බවය. බොහෝ පුවත්පත් ඇය නම්කොට නොතිබුණ මුත් සමහර ඒවා ඇය නමින්ම හඳුන්නා දී තිබුනේය. මේ නිමල් වෙල්ගම නැමැති ව්‍යාපාරිකයා විසින් පළ කරනු ලබන දිවයින වාර්තා කළ හැටියි.
ඒ උත්තමිය ඉන්දියාවේ මේ කෝවිලට ගිහින් අපිට සාප කරලා. මටයි ගෝඨාභයටයි. අපි දෙන්න හැඳිගෑවිලා යන්න කියලයි පූජාව කරල තියෙන්නේ. අපරාදේ.. ඒකට අර අහිංසක මී ගවයෝ දෙන්නෙක් ගෙන්නලා උන්ගේ බෙලි කපල තමයි මේ පූජාව කරල තියෙන්නේ. මහ මීහරක් වැඩ.. ජනාධිපති මහින්ද ඒ ගැන කතා කළේ තද සිත් වේදනාවකිනි.
හික්කා බීච් ෆෙස්ටිවල් පිළිබඳව වෙන තැනකින් ගත් ඡායාරූප පළ කරමින් අමූලික බොරු ගෙතූ දිවයින මේ සිද්ධියේ ඇත්ත නැත්ත දෙවරක් සොයා බැලුවාද අපි නොදනිමු. ඔවුන් එසේ නොකළේ නම් පුදුම වන්නට දෙයක්ද නැත. නිමල් වෙල්ගමගේ දිවයින දේශපාලන වාසි තකා ඇදබාන චේතිය පච අප දන්නා නිසාය.
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය ඇත්තටම මී ගවයන් බිලිදුන්නාද?
මගේ අදහස නැත යන්නයි. ඉන්දියාව බහුතරය හින්දු බැතිමතුන් වෙසෙන රටකි. එරට ජනගහණයෙන් හින්දූන්ගේ ප්‍රතිශතය 80% කි. හින්දූහු ගවයා දේවත්වයෙන් අදහති. ඉන්දියාවේ සුළුතර මුස්ලිම් ජනතාව ගවයන් මැරීම ගැන පවා සාම්ප්‍රදායික හින්දූන් එකහෙළා විරුද්ධය. එහෙව් රටක, අහිංසා ධර්මය මත පදනම් වූ හින්දු කෝවිලක මී ගවයින් බිල්ලට දෙන්නේය කීම විහිළුවකි.
මෝඩ පාලකයෝ හැමවිටම තොරතුරු සඳහා කේලාම්කාරයන් මත විශ්වාසය තබති. මේ රජ කපටීන් ගොත ගොතා කියන්නේ තමන් ඇසීමට කැමති කතා මිස ඇත්ත නොවේයයි ඔවුන්ට කල්පනා වන්නේ නැත. තමන්ගේ සතුරන්ගේ වැරදි ගැන මේ කපටියන් කරන ඇදබාන ඕනෑම මුසාවාදයක් ඔවුන් විශ්වාස කරන්නේ ඒ සිතිවිල්ල සුවදායක නිසාය.
චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනාධිපතිනිය හැමවිටම හරි යැයි මම නොකියමි. මමද ඇය දරුණු ලෙස විවේචනය කොට ඇත්තෙමි. එහෙත් කවුරුන් ගැන වුවත් සොයා නොබලා බේගල් ඇදබෑම මාධ්‍ය සදාචාරයට හොඳ නැත. අපේ මාධ්‍යකරුවන් කඩේ යනකොට වුවද මීට වඩා ටිකක් හොයා බලා යෑම හොඳය.
Posted in Uncategorized | Tagged: අලෙවි මවුලානා, ඉන්දියාව, එස්. ඩබ්ලිව්. ආර්. ඩී බණ්ඩාරනායක, කේලාම්කාරයන්, ගෝඨාභය, චන්ද්‍රිකා කුමාරතුංග, දිවයින, නිමල් වෙල්ගම, බණ්ඩාරනායක සමරු උත්සවය, මාධ්‍ය සදාචාරය, මී ගවයන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, හික්කා බීච් ෆෙස්ටිවල්, හින්දු, Buffaloes, Divaina, Fake photos, Gotabaya Rajapaksa, Hikka Beach Fest 2009, Hindu, India, Mahinda, Mahinda Rajapakse, media, Media ethics, Politics, President, S W R D Bandaranaike, SLFP, Sri Lanka | 3 Comments »
Posted by Ajith on September 20, 2009
The moment I saw them in Divaina Sunday Edition, August 23, 2009, I knew something was wrong. I have seen real Hikka Beach Fest 2009 photos from Face Book and the ones with semi-nude bathers looked certainly odd. Having better things to do than proving their fakeness, I waited for someone else to find and tell me.
Criminal Investigations Department (CID) has done so apparently – ‘after months of investigation’, according to Sunday Times. (Could not be more than a month because Beach Fest ended only in Aug, but given that an opportunity to praise CID comes so rarely, ST may have wanted to do their best.) Following a complaint by the Ceylon Tourist Board, CID had arrested three employees of Alcohol and Drug Information Centre. (ADIC), who allegedly photo-shopped some photographs taken in Thai beaches. The suspects were produced before Colombo’s Magistrate Aisha Abdeen and remanded till Tuesday.
According to Sunday Times, Detectives alleged that the three suspects had doctored the pictures by using hi-tech equipment inside the ADIC office, with the apparent knowledge of their ‘bosses’. The tourism authorities had complained to the Terrorist Investigation Department and the CID since the fake pictures were circulated to VIPs here and abroad in an apparent bid to tarnish the image of the country.
This is fine. Tourist Board invests heavily on Hikka Beach Festival, a significant foreign income earner, so any attempt to ruin all their good work based on false allegations should not be tolerated.
However, it wasn’t just ADIC. So called ‘national’ newspapers went to town with the ‘news’ giving prominence to the photographs. Divaina Sunday Edition, edited by Gamini Sumanasekera published three photographs, in an article titled ‘හික්‌කඩුව වැල්ලේ.. මෙන්න හෙළු වැල්ලේ!’ (See the nudity at the Hikkaduwa beach) written by its correspondent Boolitha Pradeep Kumara.

Few extracts:
අතේ ඇති තරම් සල්ලි වියදම් කර කන්නට, බොන්නට මුහුදෙ නාන්නට නිදහසේ පෙම් කරන්නට රාත්‍රියට ඩී. ඡේ. නටන්නට හැකි වෙන කිසිවෙකුටත් ඇතුළු විය නොහැකි ආරක්‌ෂිත කලාපයක පැවැත්වෙන වෙන කවර දිනෙකවත් නොවූ විරූ අන්දමේ සැණකෙළියක් හික්‌කඩුවේ පැවැත්වෙන බවට ආරංචිය පැතිර යන්නට වැඩි කලක් ගියේ නැත. හික්‌කඩුව, ගාල්ල ප්‍රදේශයේ පමණක් නොව, කොළඹ මහ හෝටලවල, සමාජ ශාලාවලද නගරයේ සියලුම කැරෝකේ සමාජ ශාලාවලද කොල්ලන්, කෙල්ලන්ගේ මිතුරු සමාජවලද පවනේ වේගයෙන් මේ ආරංචිය පැතිර යන්නට වූහ.
එහෙයින් සංචාරකයෝ කෙසේ වෙතත් කොළඹ හැන්දෑවට, හැන්දෑවට උස් පහත් සමාජ ශාලාවලට එක්‌රැස්‌වන තරුණ තරුණියෝ බුරුතු පිටින් අගෝස්‌තු 01 වැනිදා වනවිට හික්‌කඩුවට ඇදී එන්නට පටන් ගත්හ.
අනේ මං දන්නේ නැහැ… කොහේ ඉඳලා ආපු සෙනඟක්‌ද කියලා. කොහොම හරි පිටරට සුද්දෝ සුද්දියෝ නම් හිටියේ නම් බොහොම අඩුවෙන්. ඔක්‌කොම කොළඹ ඉඳලා ආපු අපේ කොල්ලෝ, කෙල්ලෝ. බලනකොට හැමෝම වගේ දැලි රැවුල් යාන්තමට එන පාසල් යන වයසේ කෙල්ලො, කොල්ලෝ. අපි ඉස්‌සර මේ හෝටල කාමරයක් දුන්නේ දවසකට රු. 4000 ක් 5000 ත් වගේ මිලකට. ඒත් දවසකට ගියේ එකයි දෙකයි. මේ දවස් ටිකේ නම් දෙයියන්ගේ පිහිටෙන් අපි රුපියල් හත් අට දාහකට කාමර ඔක්‌කොම විකුණ ගත්තා.
මම දන්නා හික්‌කඩුවේ හෝටල් හිමියෙකු හික්‌කා 2009 පසුබිම ගැන කීවේ එසේය.
ඔය කියන කලාපයට අපට ඇතුල් වෙන්න දුන්නේ නැහැ. හමුදාව, පොලිසිය දාලා තව තව ආරක්‌ෂක සේවාවල් දාලා වට කරලයි තිබුණේ. දවල් වරුවේ කිසිම උණුසුමක් තිබුණේ නැහැ. නමුත් රාත්‍රියේ තියෙන ඩී ඡේ පාටිය තමයි කවුරුත් ටාගට් කරගෙන හිටියේ. ඒකට යන්න එක්‌කෙනෙකුට ටිකට් එක විතරක් රුපියල් 2500 යි. අනිත් එක කිසිම කෙනෙකුට ඒක ඇතුලට මත්පැන් ගෙනියන්න ලැබුණේ නැහැ. මත්පැන් ඕන නම් දෙගුණයක් මිලට ගන්න මත්පැන් ඕන තරම් සැණකෙළිය ඇතුලේ තිබුණා. අපිටත් ඉතින් හොඳ හොද්ද. අපි තමයි මේ ආපු කෙල්ලො කොල්ලන්ගෙන් භාගෙකට කාමර හොයල දුන්නේ. මත්පැන් ගෙනල්ල දුන්නෙත් අපි. ඇතුළට බොන්න අරන් යන්න බැරි හින්ද හුඟ දෙනෙක් කළේ හොඳට කරටි කැඩෙන්න ගහලා ඇතුළට යන එක. අනේ බලන්න දුකයි. මේ මෙතනට ආපු වැඩි දෙනෙක් ඉස්‌කෝලේ යන වයසේ ළමයි. හැම කොල්ලෙකුටම කෙල්ලෙක් හිටියා. හරි පුදුමයි.
මා දන්නා ත්‍රීවීලර් රියෑදුරෙක් හික්‌කා 2009 ගැන ඔහු දන්නා පසුබිම කීවේ එසේය…

පළවැනි දවසේ මේ ඩී ඡේ පාටිය තිබුණේ වෑවල. නමුත් එතරම් ලොකු සෙනගක් හිටියේ නැහැ. දෙවන දවසේ මේ ආරංචිය හැම තැනම පැතිරිලා ගියානේ. කට කපල සෙනග එකයි. තුන්වන දවසේ පාටිය නාරිගමට ගියා. හුඟක්‌ම හිටියේ සුද්දෝ සුද්දියෝ නොවෙයි. අපේ අය හරිම බාල වයස්‌වල ළමයි. දැක්‌කම දුකයි. ඒත් උන් හොඳට විනෝද වුණා. තවත් අයකු එසේ කීවේය.
අනේ මහත්තයෝ මම මේ සෙකියුරිටි වැඩේ කරන්න පටන් අරන් අවුරුදු 20 ක් විතර වෙනවා. හුඟක් තැන්වල වැඩ කරලත් තියනවා. ඒත් කවදාවත් මම මේ වගේ දේවල් නම් දැකල නැහැ. හොඳ ලස්‌සනට අත්වැල් අල්ලගෙන මෙතනට ආව දරුවෝ දැරිවියෝ පැය දෙක තුනකට පස්‌සේ මෙතන හැසිරුනේ පිස්‌සු වැටිල වගේ. සමහරුන්ගේ ඇඟේ වස්‌තර තිබුණෙම නැහැ. කෙල්ලො කොල්ලො කියල මෙයාලට කිසි වෙනසක් ලඡ්ජාවක් තිබුණෙත් නැහැ. කොටින්ම කියනවා නම් සමහරු හැසිරුනේ මේ ඇඳුම් මේ ඇඟපත මේ අවයව තමුන්ගේ නෙමෙයි කියන තරම් පිස්‌සුවෙන් කියලයි මට හිතුනේ.
අගෝස්‌තු 01, 02, 03 යන තෙදින තුළ හික්‌කඩුවේ නාරිගම හා වෑවල කේන්ද්‍ර කරගෙන පැවැති හික්‌කා 2009 සැණකෙළියේ ඩී. ඡේ. පාටිය ගැන මීටත් වඩා විස්‌තර කර කීමෙන් පලක් නැත. මේ සමග පළකර ඇති ඡායාරූප සියල්ල වචන 1000 කින් කියා නිම කළ නොහැකි දේ පිළිබඳ විස්‌තර ඔබට කියාපානු නියතය.
So if these photographs are fake, Gamini Sumanasekera and Upali Newspapers too should take the full responsibility for spreading false information. Shouldn’t a newspaper that questions the media ethics of Channel 4 for not checking the authenticity of the infamous war crimes video, be more careful when they do similar things?
Posted in Uncategorized | Tagged: Nudity, Ceylon Tourist Board, Gamini Sumanasekera, Divaina, Sunday Times, Divaina Sunday Edition, Media ethics, Hikka Beach Fest 2009, Hikkaduwa, Nude pics, Nude photos, Criminal Investigations Department, CID, Alcohol and Drug Information Centre, ADIC, Tourism, Boolitha Pradeep Kumara, Upali Newspapers, Nimal Welgama | 3 Comments »
Posted by Ajith on August 3, 2009
දියවඩන නිලමේ යනු ආගමික වැදගත්කමක් ඇති, හොඳ බෞද්ධයින් පමණක් විසින් දරණු ලබන වැදගත් පදවියකැයි බොහෝදෙනා විශ්වාස කරති. පදවිය පමණක් ගත් කළ එවැන්නක් නැත. පොලිස් කොස්තාපල් කෙනෙකුට ඇති රාජ්‍ය බලය පවා නැති, මේ නාමික පදවිය අතීතයේ වැඩවසම් යුගයේ සිට පැවත එන්නා වූ නෂ්ඨාවශේෂයකි. එහෙත් යම් යම් වකවානුකල වැදගත් මහත්වරුන් විසින් දැරීම තුළින් මේ පදවියටද ගෞරවයක් හා පිළිගැනීමක් හිමිවිය. නිශ්ශංක විජේරත්න හා නෙරන්ජන් විජේරත්න යනු මෑත භාගයේ එසේ පදවියට ගෞරවයක් ලබාදුන් වැදගත් දියවඩන නිලමේවරුන් දෙදෙනෙකි.
අනෙක් අතට නුසුදුස්සන් විසින් දැරීම තුළින් ඉතිහාසයේ යම් යම් වකවානු වල දියවඩන නිලමේ පදවිය ඊට හිමි ගෞරවය ලබා නොගත් අවස්ථාද ඇත. අද අන්තර්ජාලයේ විහිළුවක් බවට පත්ව සිටිනා, “අයි ඈම් ලෝඩ් බුද්ධාස් ඩෙන්ටිස්ට්” කියුවායැයි කියන හීන්බණ්ඩා උඩුරාවණද අපේ හිටපු දියවඩන නිලමේ කෙනෙකි.
වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල එතැනට එන්නේ තනිකරම දේශපාලන බලපුලුවන්කාරකමටය. දෑලට අවශ්‍ය වන්නේ කතරගම දේවාලයේ බස්නායක නිලමේකමය. එහෙත් ඒ පදවිය තම ඥාතිපුත්‍ර ශෂින්ද්‍ර රාජපක්ෂට දීමට බලාගෙන ඉන්නා රාජ්‍ය නායකයා උපක්‍රමශීලීව දෑලව දළදා මාළිගාවේ දියවඩන නිලමේ බවට පත් කරයි. මේ වෙනුවෙන් නොයෙක් පුද පඬුරු දීමටද රාජ්‍ය නායකයාට සිදුවේ. එහෙත් රට තම රජ පවුලේ පෞද්ගලික බූදලයක් යැයි සිතාසිටින ඔහුට ඒවා කරන්නට බැරි හිරිකිත දේවල්ද නොවේ. මේ වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුහක සදාචාරයයි.
අරවින්ද ද සිල්වා මෝටර් රථ එකතු කරන්නාක්සේ ප්‍රදීප් නිලංග දෑලගේ විනෝදාංශය අලි ඇතුන් එකතු කිරීමයි. තමන්ගේ ආසාව නිසා කෙනකු අලි නොවේ කොටි එකතු කළත් අපට කමක් නැත. එහෙත් ඒ සඳහා කෙනකු තම පදවියේ බලය භාවිතා කර මහජන මුදල් වැය කරන්නේ නම් එය වරදකි. නිලංග දෑල කරන්නේ මෙයයි. ඔහු මුලින්ම රාජ්‍ය නායකයා ලවා තායිලන්තයෙන්ද බුරුමයෙන්ද අලි ගෙන්වා ගනී. ඉන්පසු ඔහුගේ ඇස ගැටෙන්නේ පින්නවල උපත ලබන කුඩා ඇත් පැටවුන් දෙදෙනෙකි. පින්නවලදී උපත ලබන එකම ඇත් පැටවුන්ද මොවුන්ය. (අලින් හා ඇතුන් අතර ඇති වෙනස ඇතුන්ට දළ තිබීමය.)
පුදුමයකට මෙන් මේ ප්‍රශ්නයේදී එක්තරා දුරකට තම සාම්ප්‍රදායික රාජ්‍යපාක්ෂිකභාවය හා ජාතිවාදී පුවත්පත් කලාව අතහැර සිටින ‘දිවයින’ පුවත්පත කියන හැටියට නිලංග දෑල මේ ඇත් පැටවුන් බැලීමට කිහිප වාරයක් පින්නවලට ගොස් ඇත. “ඔහොම හිටපන්, කවදා හරි උඹලා මගේ තමා” යි ඔහු මේ ගමන් වලදී සිතා ගන්නට ඇත.
["පුංචි" නමැති අම්මාටත් "නීලගිරි" නමැති තාත්තාටත් දාව "රාජු" නමැති සිඟිත්තා පින්නවලදී එළිය දුටුවේ 2006 වසරේ සැප්තැම්බර් මස දෙවැනිදාය. එසේම "ශාන්ති" නමැති අම්මාටත් "ජයසු" නමැති තාත්තාටත් දාව "සින්දු" නමැති සිඟිත්තා එහිදීම මෙලොව එළිය දුටුවේ 2006 නොවැම්බර් මස නවවැනිදාය. මෙසේ එළිය දුටු රාජුටත් සින්දුටත් අප මේ කතාකරන අලි හොරුන්ට තරම් මහා මේරු පර්වතය තරම් විශාල බලාපොරොත්තු තිබුණේ නැත. අම්මාගේ සෙනෙහෙ ගැලී, අම්මාගේ කිරිපොදක මිහිර විඳ කෙළි දෙලෙන් පසුවනවා මිස තවත් සතුටක් මොවුන් දෙදෙනාට වෙන මොකටද?
මේ අලි පැටවුන් දෙදෙනා ගැන (අලි හොරුන්ට අමතරව) මහා මේඝයක් තරම් බලාපොරොත්තු තිබුණා නම් ඒ වෙනකාටවත් නොව පින්නවල අලි රැකවලුන්ගේ කාර්ය මණ්‌ඩලයට පමණි. ලෝකයේ හොඳම අලි අභිජනන හා සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය වශයෙන් පින්නවල නමක් දිනා යන ගමනේදී උපන් ප්‍රථම ඇත්පැටවුන් දෙදෙනා මොවුන්වීමද පැහැදිලිවම මව්-පියන් නමින්ම හඳුනා ගෙන තිබූ පෙළපත ඇත් ජානය ඉදිරියට ගෙනයැමට තිබු අනර්ඝතම අවස්‌ථාවක් මෙය වීමද ඊට හේතුවයි. එහෙත්, කාටත් වඩා මේ පුංචි පැටවුන්ගේ දළ සටහන්වන තුරු ඇඟිලි ගනිමින් සිටි අයද පින්නවලට නිතර ආගිය බව වැටහුණේ කිරිවැරීමටත් පෙර මේ දඟකාරයින් දෙදෙනාට පසුගියදා මුහුණ දෙන්නට සිදුවු ඉරණම ගැන කල්පනා කිරීමේදීය.
- දිවයින ඉරිදා සංග්‍රහය 02-08-2009]

එක් පියවරකින්ම තමන්ට පුද්ගලිකව මෙම ඇත් පැටවුන් හිමි කර ගත නොහැකි බව දන්නා නිලංග දෑල තමන් රාජ්‍ය නායකයා සමඟ ඇති කිට්ටු සම්බන්ධතාවය භාවිතා කර ඔවුන් අස්ගිරි හා මල්වතු විහාර වලට ‘පූජා කිරීමට’ කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගනියි. ඉන්පසු දිනක රාත්‍රියේ තමාම පොලිසිය සමඟ පැමිණ අවි බලය යොදවා මහ ජරමරයක් කොට මේ කිරි බොන කුඩා පැටවුන් අමානුෂිකව හා බුදුන් වහන්සේ වදාළ අහිංසා ධර්මයට ඉඳුරා පටහැනිව මව් ඇකයෙන් උදුරාගෙන ගෙන යයි. ‘දිවයින’ මෙ පුවත් වාර්තා කරන්නේ මෙසේය (දිවයින මේ ප්‍රශ්නය ගැන දරණ ස්ථාවරය අනුමත කිරීමක් මින් අදහස් නොකෙරේ. මේ පහසුව තකා වාර්තාවක කොටසක් උපුටා ගැන්මක් පමණකි.):
[ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් (පින්නවල අලි අනාථාගාරය අයත්වන්නේ ඔහුගේ අමාත්‍යාංශයටයි.) 2009-06-10 දින අංක 09/0970/341/012 දරන කැබිනට් පත්‍රිකාව මගින් මල්වතු, අස්‌ගිරි උභය විහාරස්‌ථාන සඳහා අලි පැටවුන් දෙදෙනකු පින්නවලින් ලබාගැනීම සඳහා අනුමැතිය පතන අතර ඊට ලැබෙන කැබිනට් අනුමැතියේ පරිදි අලි පැටවුන් දෙදෙනකු ලබාදීම සඳහා අවසර ලැබේ. එහෙත් එහිදී කිසි ලෙසකින්වත් ඇත් පැටවුන් දෙදෙනකු ලබාගැනීමට අනුමැතිය පළ නොවන අතර එම අනුමැතියේ "රාජු" සහ සින්දු යන පැටවුන් දෙදෙනා ලබා ගැනීමටද අනුමැතිය පළ නොවේ.
ඉහත තීරණය දඩමීමා කරගනිමින්, සහ මීට ප්‍රථම අභියාචනාධිකරණය මගින් ලබාදී ඇති තීරණයක් පරිදි වයස අවුරුදු පහට අඩු පැටවුන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් (පින්නවල අයත්වන්නේ එම දෙපාර්තමේන්තුවටයි) ඉවත් නොකිරීමේ කොන්දේසියද කඩා දමමින් ඉකුත් (25) සෙනසුරාදා රාත්‍රි 8-9 ට පමණ අලි අනාථාගාරයට ස්‌වයංක්‍රීය අවිවල ආධාර හා රැකවරණය මැද්දේ පැමිණෙන දියවඩන නිලමේවරයා මාර්ග වසා බලහත්කාරයෙන් මවුඇකයේ කිරිඋරාබොමින් සිටි රාජු සහ සින්දු නමැති මේ ලාබාල පැටවුන් දෙදෙනා රැගෙන යන්නේ කිරි බුරුල තෙත්වු මවු ඇතින්නන්ගේ පමණක් නොව උන් රැක බලාගත් සේවක මණ්‌ඩලයේද හදවත් තුළ වේදනා ජනිත කරලමිනි.
"සින්දු" තවමත් වයස අවුරුදු 2 යි මාස 8 ක් වන කෙළිලොල් වියේය. "රාජු" ට වයස අවුරුදු 2 යි. මාස 10 සම්පූර්ණ වූවා පමණි. තවත් අවුරුදු දෙකක්‌වත් අම්මාගේ කිරි උරමින් කෙළි දෙලෙන් ඉන්නට තිබූ මේ දඟකාරයින් දෙදෙනා දැන් මව්වරුන්ගෙන් වෙන්ව දළදා මාලිගාව පිටුපස දියවඩන නිළමේ නිල නිවසට යාබද ගරාජයක් තුළ රඳවා ඇත. ඒ නිකම්ම නොව හීලෑ කිරීම සඳහා මුගුරුවලින් පහර දෙමින් සහ හීලෑකිරීම සඳහාම කරනු ලබන යකඩ රත්කර පුළුස්‌සා දැමීම් මධ්‍යයේය.
- දිවයින ඉරිදා සංග්‍රහය 02-08-2009]

රාජ්‍ය නායකයා සමඟ තමාගේ ඇති කිට්ටු සම්බන්ධතාව නිසා ලබන බලපුළුවන්කාරකම නිසා ප්‍රදීප් නිලංග දෑල තවත් කියන්නේ පරිසර වේදීන් මොනවා කිව්වත් ඇත් පැටවුන් යළි පින්නවලට භාර නොදෙන බවය. රාජ්‍ය නායකයා කියන කියන තැනකට වඳින නිවට තත්වයට පත්ව සිටින ජාතික හෙළ උරුමයේ චම්පික රණවක පරිසර අමාත්‍යවරයාද මේ ප්‍රශ්නයේදී කසාය බිව් ගොළුවකු මෙන් නිහඬය.
අප තවදුරටත් මේ පාපතරයින් බුදුන් වහන්සේගේ නාමයෙන් කරන මේ තුච්ඡ හිංසක ක්‍රියාවලියට ඉඩ දිය යුතුද?
Posted in Uncategorized | Tagged: JHU, Champika Ranawaka, Buddhism, Kataragama, Ministry of Environment, Divaina, Sunday Divaina, Temple of tooth relic, දිවයින, Diyavadana Nilame, Pradeep Nilanga Dela, Elephants, Pinnawala orphanage, නිශ්ශංක විජේරත්න, නෙරන්ජන් විජේරත්න, දියවඩන නිලමේ, Malvathu, Asgiri, හීන්බණ්ඩා උඩුරාවණ, udurawana, uduravana, ප්‍රදීප් නිලංග දෑල, කතරගම දේවාලය, Buddhist culture, බස්නායක නිලමේ, Basnayake, ශෂින්ද්‍ර රාජපක්‍ෂ, Shashindra Rajapaksha, environmentalists, Gamini Lokuge, ජාතික හෙළ උරුමය | 4 Comments »
Posted by Ajith on August 1, 2009
පසුගිය ජූලි 25 වැනිදා ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකකදී, එකකට එකක් සම්බන්ධයක් නැති එහෙත් එකිනෙකට අතිශයින් සමාන සිද්ධීන් දෙකක් සිදුවූයේය. එකක් කොළඹය. අනෙක පොළොන්නරුවට නුදුරු බකමූනේය.
ජංගම දුරකථනයක් සම්බන්ධ සිද්ධියක් නිසා කොළඹ මියුසියස් විද්‍යාලයේ අනුත්තරා කාවින්දි ජයවර්ධන (14) ගෙළ වැළ ලා දින තුනකට පසුව එදින මිය ගිය අතර බකමූණ ගඟේයාය කනිෂ්ඨ විද්‍යාලයේ අයේෂා ගයානි කුමාරි (15)ද, නිරෝෂා සංජීවනී (15)ද හේතුව අපැහැදිළි සිද්ධියක් නිසා එදිනම කනේරු ඇට කා දිවි තොර කර ගත්හ. සිද්ධීන් දෙකම සම්පූර්ණයෙන් පැහැදිළි නැති මුත් අඩු වැඩි වශයෙන් ගැටවර වියේ ප්‍රේම සම්බන්ධතාවයන් ඒවාට මුල් වන්නට ඇතැයි සිතිය හැකිය. එනයින්ද සිද්ධීන් දෙක අතර යම් සම්බන්ධතාවයක් ඇත.

එකම දිනයේ එක හා සමාන වයසේ මල් කැකුළු තුනක් පරවී ගියේය. සමාජයක් හැටියට අප පොදුවේත් ජන මාධ්‍ය විශේෂයෙනුත් මේ ජීවිත තුනට දී ඇත්තේ එකම අගයක්ද?
නැත. අපි මින් එක ජීවිතයක් ගැන දුක්වෙමු. මහ සයුර පිරෙන්නට මෙන් කඳුළු හෙළමු. පත්තර පිටු පුරවමු. (සති අන්තයේ මා දුටු සියළු පුවත්පත් කාවින්දිගේ මරණය වෙනුවෙන් අඩු තරමින් පිටුවක් වෙන් කොට තිබිණි.) බ්ලොග් ලියමු. වාද කරමු. ශෝකය පළ කරමු. කාවින්දිගේම වයසේ අයේෂාත්, නිරෝෂාත් අපට අවැදගත්ය. ඔවුන් වෙනුවෙන් හෙළන්නට අපට කඳුළු නැත. හරියට “මේ ගොඩේ කෙල්ලො කනේරු ඇට කාල මළාම අපි මොනව කරන්නද?” අහනවා වගේය.
සමාජයේ පිරිහීම ගැන අනුන්ට බණ කියන අපේ සමහර ජන මාධ්‍ය ඇතුළතින් කොයිතරම් පිරිහී ඇත්ද යන්න පෙන්වීමට ඔවුන් මේ සිද්ධි දෙක වාර්තා කළ එකිනෙකට ඉඳුරාම වෙනස් ආකාර පමණක් දැක්වීම සෑහේය.
කාවින්දි පිළිබඳ සිද්ධිය වාර්තා කිරීමේදී පුවත්පත් ඇගේ නම හෝ විද්‍යාලයේ නම සඳහන් නොකිරීමට වග බලාගත්හ. ඇය ගැන සඳහන් කරන ලද්දේද ‘සිසුවිය’ ලෙසිනි.
[මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ මාලඹේ පදිංචි නවය වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවියක බව දන්වා සිටි පොලිසිය ඒ පිළිබඳව කීප දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු කළ බවත් මහෙස්‌ත්‍රාත් පරික්‍ෂණයට සාක්‌ෂි කැඳවීමට අවශ්‍යව ඇති බවත් කියා සිටියේය. - දිවයින 2009.07.29]
මේ දිවයින පුවත්පතම අයේෂාගේත් නිරෝෂාගේත් මරණ වාර්තා කරන්නේ ඊට ඉඳුරා වෙනස් ලෙසය. එහිදී පාසලේ නම හෝ ඔවුන්ගේ සම්පුර්ණ නම් දෙමාපියන්ගේ නමත් ඇතුළුව සඳහන් කිරීමට දිවයිනට කිසිම පැකිළීමක් නැත. කොළඹ දියණියට ‘සිසුවිය’ ලෙසින් කෙරෙන ආමන්ත්‍රණය ගමේ දියණියන් සම්බන්ධයෙන් ‘නැමැත්තිය’ වෙයි.
[...ඒ මහතා එසේ පැවැසුවේ බකමූණ ගඟේයාය කනිෂ්ඨ විද්‍යාලයේ 10 වසරේ සිසුවියක වන මොහොට්‌ටාලලාගේ අයේෂා ගයානි කුමාරි (15) නමැත්තිය කනේරු ඇට කා මිය යැමෙන් පසු 2009 ජූලි 25 දින (ඊයේ) දඹුල්ල රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වමිනි.
දඹුල්ල මූලික රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හදිසි මරණ පරීක්‍ෂක පියදාස වනසිංහ මහතා ඉදිරියේ සාක්‍ෂි දුන් මියගිය මොහොට්‌ටාලලාගේ අයේෂා ගයානි කුමාරි සිසුවියගේ මව වන හේරත් මුදියන්සේලාගේ පොඩිමැණිකේ (55) නමැත්තිය මෙසේ පැවැසුවාය.
"මේ මියගියේ මගේ හයවන දරුවා. ලොකු දරුවන් දෙදෙනා විවාහකයි. ඉතිරි අය අපේ ගෙදරයි ඉන්නේ. සිද්ධිය වුණු 24 වැනිදාත් දුව පාසල් ගිහින් ඇවිත් කෑම කාලා නාන්න ගියා. ඊට පැය කාලකට විතර පස්‌සේ බකමූණ පොලිසියෙන් ඇවිත් දුව ඉන්නවද ඇහුවා. මම ඔව් කිව්වා. එතකොටත් ජීප් එකේ තව ළමයෙක් හිටියා. පොලිසියෙන් කිව්වා මේ ළමයි කනේරු ඇට කාලා රෝහලට ගෙනියනවා කියලා. රෑ අටයි තිහට විතර දුව මියගිහින් කියලා දැනගත්තා. දුවගේ ප්‍රේම සම්බන්ධයක් ගැන දන්නේ නැහැ. මොනවා හරි වැරැද්දකට ගුරුවරු දෙමවුපියන් ගෙන්වනවා කියාවි කියන බයට කනේරු ඇට කන්න ඇති." - දිවයින 27-07-2009]
කණගාටුවට මෙන් බ්ලොග් අවකාශයෙහි හැසිරීමද මීට නොවෙනස්ය. කාවින්දි වෙනුවෙන්ම දැනටමත් අඩු තරමින් සිංහල ඉංග්‍රීසි බ්ලොග් විසිපහක් වත් ලියැවී ඇතැයි සිතමි. අයේෂාත් නිරෝෂාත් වෙනුවෙන් එකම බ්ලොග් එකක් වත් නැත. ඔවුන් වෙනුවෙන් කතා කරන්නට කෙනෙක් නැත. හැම කෙනෙකුටම වැදගත් කොළඹ දියණියයි. හැමෝටම වටින්නේ ඇගේ ජීවිතයයි. ගමේ දියණියන් කාටවත් වැදගත් නැත. ඔවුන්ගේ ජීවිත තුට්ටුවකට වත් වටින්නේ නැත.
අනේ, එකම විදියට අපට අහිමි වන ජීවිත වෙනුවෙන් අපට එකම විදියට සලකන්නට බැරි ඇයි? ගමේ-කොළඹ; දුප්පත්-පොහොසත්; සිංහල-දෙමළ භේදයකින් තොරව මිනිස් ජීවිත වලට මිනිස් ජීවිත වලට ලැබිය යුතු සැබෑ වටිනාකම දෙන්නට අපට බැරි ඇයි?
ලක්බිම පුවත්පත කාවින්දි දියණියගේ මරණ දැන්වීම පළ කළේය. කිසිම පුවත්පතක් අයේෂාගේත්, නිරෝෂාගේත් මරණ දැන්වීම් පළ නොකළ නිසා මට ඒවා උපුටා දක්වන්නට නොහැකිය.
අපට අකාලයේ අහිමි වූ මේ දියණියන් තිදෙනාටම සසර කෙළවර නිවන් සුව ප්‍රාර්ථනා කරමි. නැවත මනු ලොව උපදිතොත් මේ පහත් සමාජයේ නොව දුප්පත්-පොහොසත්, ගමේ-කොළඹ, සිංහල-දෙමළ භේදයකින් තොරව හැම දෙනාගේම ජීවිත වලට ගරු කරන සමාජයක උපත ලැබීමට වාසනා වේවායිද ප්‍රාර්ථනා කරමි.
Posted in Uncategorized | Tagged: anuththara kavindi jayawardena, ayesha gayani kumari, අනුත්තරා කාවින්දි ජයවර්ධන, අයේෂා ගයානි කුමාරි, කනේරු, කොළඹ, ජන මාධ්‍ය, දිවයින, නිරෝෂා සංජීවනී, පොළොන්නරුව, බකමූණ, බ්ලොග් අවකාශය, මියුසියස් විද්‍යාලය, Bakamuna, blogsphere, Divaina, media, Museaus College, nirosha sanjeevani, Polonnaruwa, suicide | 19 Comments »
Posted by Ajith on January 5, 2009
All eyes are now at Killinochchi, or Oddusudan – but a war elsewhere, perhaps for its hilarity distracts me. This weekend Gamini Sumanasekera, the ultra racist Sunday Divaina editor amused us by releasing his verbal diarrhea against a former colleague at Public Performance Board (Censor Board) Ashoka Serasinghe. His ranting to the rag-sheet he edits had everything – mud, stones, backstabbing and of course jokes – just short of filth. (If we have two more jokers of the ilk of Gamini Sumanasekera surely the Tennyson Cooreys of our times will go jobless.)
To unprofessional Gamini Sumanasekera prostituting media for personal favors is nothing new. This time he comes to save his buddy Prof. Sunil Ariyaratne. Interestingly, Ashoka Serasinghe, Chairman of the Censor Board had questioned the new CD released by Sunil Ariyaratne and Co. with Jayamangala gatha and some other copyright free Buddhist chanting. The law mandates every artistic material issued for public consumption to be first filtered by the Censor Board. Apparently Sunil Ariyaratne, a key political supporter of the President has not obtained prior permission. After all, Wimal Weerawansa is not the only character that shows us his political strength.

No sensible person believes that every literary work should be pre-screened – let alone that done by philistines like Asoka Serasinghe. We do not need Gamini Sumanasekeras to tell that. 
Then why Gamini Sumanasekera waited for so long to react? Wasn’t he aware about previous tyrannies of Serasinghe? What this new found free thinker had done when Ashoka Serasinghe banned Ashoka Handagama’s ‘Aksharaya’ and cut several important scenes from Ranjan Ramanayake’s ‘Leader’? Was Gamini Sumanasekera deaf and dumb then? Does his seat get warmed only when Asoka Serasinghe hits his friend?
To make the matters more interesting Asoka Serasinghe was the very lawyer of Sunil Ariyaratne some time back. It surely looks like the client has not paid him for some work.
The best part of the drama is Gamini Sumanasekera’s prepossessed solution. He wants President Mahinda Rajapakse to take the Censor Board under his control. Ho Ho Ho. Please forgive me if you fallen from chair hearing that…There is a Sinhalese saying about assigning a fox to look after chicken. (Nariyata kukullu baara denava)
No secret that all three actors of this drama, Gamini Sumanasekera, Asoka Serasinghe and Sunil Ariyaratne are just pawns in the bigger chess board of our Kurakkan uncle. Still it is amusing to see such pawns fighting with each other.
Posted in Uncategorized | Tagged: Aksharaya, art, Ashoka Handagama, Ashoka Serasinghe, Censor Board, Divaina, Gamini Sumanasekera, Jayamangala gatha, Leader, Mahinda, Mahinda Rajapaksa, Mahinda Rajapakse, media, Prof. Sunil Ariyaratne, Public Performance Board, Ranjan Ramanayake, Sunday Divaina | 1 Comment »
Posted by Ajith on December 8, 2008
Opposition leader Ranil Wickremasinghe’s comments on Gamini Sumanasekera, Editor, Divaina (Sunday Edition) is somewhat belated but spot on. It is high time somebody should expose the social costs of Sumanasekera’s ultra racist journalism – if at all such pathetic vocation can be termed such.
The present conditions of two once grand newspapers, Divaina and The Island are more than unfortunate. These two have become nothing more than two racist rags, catering only the needs of a niche extremist group, instead of national newspapers, as they claim to be.
When Upali Wijewardena thought of starting his own publishing house in late 1970s, his intentions were far from political. He was very much a political animal, but Wijewardena’s priority was business. He sensed the need for the independent press in a highly polarised space created by the pro-govt publications of Lake House and (then) Times Group. All he wanted to offer public was independent and trustworthy national newspapers.
Wijewardena picked the best in the field. Vijitha Yapa was to edit The Island. Edmund Ranasinghe was the officially the editor of Divaina, but the true creative contribution that made it a national newspapers beating then highest ever circulation figures came from Dayasena Gunasinghe. It was Gunasinghe who created a new phase in the Sinhala journalism with his witty columns like Ukussa and Seeyage Kolama. His previous experiences as the Features Editor of Silumina and News Editor of Ceylon Daily News were invested in creating a weekly newspaper that balanced news and features in a manner never known before in Sinhala journalism. Within few months Divaina (Sunday Edition) became the best selling newspaper. In its heyday it sold over 325,000 copies, the highest ever achievement in any newspaper in Sri Lanka.
Gamini Sumanasekera was a ‘podiyen’ in that team. So were Karunadasa Suriyaarachchi (Editor, Silumina), Upali Tennakone (Editor, Rivira) and Merrill Perera (Editor, Divaina Daily).
The Golden days of Upali Newspapers prematurely ended with the disappearance of Wijewardena’s private Lear Jet over the straits of Malacca leaving no trace of the wreckage or survivors in 1983. The subsequent management had no intention of following the high ideals of Wijewardena. Instead of publishing national newspapers Ratwattes first and then Welgamas were more interested in catering to a pro-Sinhalese Buddhist racist niche market.
Gamini Sumanasekera was the new found pet of the subsequent management, ear picked to launch their racist agenda. Dayasena Gunasinghe was unceremoniously removed for his post, ostensibly for criticising then government, by one of his hard hitting editorials, but the real reason was management was not ready to tolerate his independence. All they wanted was a poodle who would easily be motivated only by a bone. Sumanasekera was made the Editor of Divaina (Sunday Edition) in early 1990s.
Then began one of the worst racist press campaigns Sri Lanka ever knew. Intellectuals from pro-Sinhalese Buddhist pro-war camp were given unlimited space to propagate their extremist ideologies. Pro-war leaders like Wimal Weerwansa were bloated beyond apprehension. Past terrorist history of JVP was conveniently forgotten and they were given enough prominence, at least till they broke out from the government. The main focus was war. The military achievements were exaggerated for the convenience in consumption of their readers. Disinformation campaign was strong and intentional. Anybody who stood against war was ridiculed and insulted.
Today, as opposition leader correctly points out, Divaina is more pro-government than even Lake House papers. Waging war unconditionally is its only policy. Circulation has dropped drastically. Experienced scribes have left leaving on a set of armatures producing probably the worst Sunday newspaper in Sri Lanka, not only in content, but in its appearance as well.
Remains unknown, how frequently Upali Wijewardena crawls in his grave in sea bed seeing what Gamini Sumanasekera and his team did to his brainchild.
Posted in Uncategorized | Tagged: Ceylon Daily News, Dayasena Gunasinghe, Divaina, Ethnic Issue, Gamini Sumanasekera, journalism, Karunadasa Suriyaarachchi, Lake House, Merrill Perera, Politics, Ranil, Ranil Wickremasinghe, Ratwatte, Seeyage Kolama, Silumina, Sinhala journalism, The Island, Times Group, Ukussa, Upali Newspapers Ltd, Upali Tennakone, Upali Wijewardena, Vijitha Yapa, war in Sri Lanka, Welgama, Wimal Weerawansa | Leave a Comment »