Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Posts Tagged ‘සරත් ෆොන්සේකා’

සේනාධිනායක සරත් ෆොන්සේකාගේ දස වැදෑරුම් ජනපතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශයයි මේ

Posted by Ajith on January 8, 2010

1. මම ප්‍රජාතන්ත්‍රවාදය යළි ස්‌ථාපිත කරන අතර සාමය දිනා ගනිමි.

අප ඉදිරියේ ඇති ප්‍රධාන අභියෝගය වන්නේ ඒකාධිපති පාලනයට පාර කපන විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කොට ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කිරීමයි. ජනාධිපති ලෙස පත්වීමෙන් අනතුරුව මා සිදුකරන ප්‍රථම කටයුත්ත වන්නේ, ස්‌වාධීන කොමිෂන් සභා යළි පිහිටුවීමට ඉඩ සැලසෙන පරිදි ව්‍යවස්‌ථාදායක සභාව පත් කොට, 17 වැනි සංශෝධනය පණ ගැන්වීමයි. මම ඉන් ඉක්‌බිතිව දැනට පවතින යෝධ ඇමැති මණ්‌ඩලය අහෝසි කරමි. අනතුරුව මාගේ භාරකාර කැබිනට්‌ මණ්‌ඩලය සඳහා සාමාජිකයන් නම් කරන ලෙස දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්‍ෂවලට ආරාධනා කරමි. ඉන් පසු මම පාර්ලිමේන්තුව විසුරුවා හරිමි. හදිසි අවශ්‍යතාවක්‌ ලෙස සළකා පවතින හදිසි නීති රෙගුලාසි සංශෝධනය කරමි. මසක්‌ ඇතුළත විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමේ පනත හා තොරතුරු දැන ගැනීමේ නිදහස පිළිබඳ පනත සඳහා ද, කැබිනට්‌ පත්‍රිකා ඉදිරිපත් කරමි. මාගේ භාරකාර කැබිනට්‌ මණ්‌ඩලය යටතේ ශ්‍රී ලංකාවේ වඩාත්ම නිදහස්‌ හා සාධාරණ මැතිවරණය පැවැත්වීම සහතික කිරීම පිණිස අවශ්‍ය කරන ක්‍රියාමාර්ග මම ගනිමි. මෙම නව පනත් නව පාර්ලිමේන්තුවට මසක්‌ ඇතුළත ඉදිරිපත් කරමි.

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමෙන් පසු ජනතාවට වගකියන ජනාධිපතිවරයා ලෙස පාර්ලිමේන්තුව සමඟ කටයුතු කරමින් මවුබිමටත්, ජනතාවටත් මගෙන් ඉටුවිය යුතු සේවය නොපිරිහෙලා ඉටු කරමි.

2. මම දූෂණය හා නාස්‌තිය මුලිනුපුටා දමමි.

සති තුනක්‌ ඇතුළත මාගේ භාරකාර කැබිනට්‌ මණ්‌ඩලය දූෂණයට එරෙහි එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ සම්මුතියට අනුකූලව වංචාව සහ දූෂණය පිටුදැකීම සඳහා නව නීති සම්පාදනය කරනු ඇත.

අල්ලස හා දූෂණය සමඟ සටන් කිරීම සඳහා ප්‍රමාණවත් බලතල ඇති වඩා ශක්‌තිමත් නව ආයතනයක්‌ පිහිටුවමි. දූෂණයට වරදකරුවන් වූ අයගේ අයථා ලෙස උපයා ගත් දේපොළ රාජසන්තක කරමි. සියලුම මහජන මුදල් විගණනය කිරීම සඳහා ස්‌වාධීන කොමිෂන් සභාවක්‌ පත් කරමි. ලොව දියුණු ප්‍රජාතන්ත්‍රවාදී රටවල පවතින පරිදි පාර්ලිමේන්තු ආචාර ධර්ම පිළිබඳ නීති සම්මත කර ගන්නා මෙන් මම නව පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිමි. මුදල් පිළිබඳ පාර්ලිමේන්තු ආචාර ධර්ම පවත්වා ගෙන යැම සඳහා පාර්ලිමේන්තු ආචාර ධර්ම පිළිබඳ ස්‌වාධීන කොමසාරිස්‌වරයකු පත් කරමි. රාජ්‍ය මූල්‍ය විගණනය පිළිබඳ ඇති වී තිබෙන බාධා හා දුෂ්කරතා ඉවත් කිරීමට හා විගණන ක්‍රියාවලිය ශක්‌තිමත් කිරීමට අවශ්‍ය නීතිමය හා ප්‍රායෝගික පියවර ගනිමි. මහජන දේපළ නාස්‌ති කිරීම වැළැක්‌වීම සඳහා අවශ්‍ය කඩිනම් පියවර ගනිමි.

මගේ වත්කම් සහ බැරකම් වාර්ෂිකව මහජනතාවට ඉදිරිපත් කරමි.

3. අතමිට සරුකර ගැනීමට හැම පවුලකටම උපකාර කරමි.

මම රජයේ සේවකයන්ගේ වැටුප රු. 10,000 කින් වැඩි කරන අතර සියලු විශ්‍රාම වැටුප් විෂමතා ඉවත් කරමි. මම අවම සමෘද්ධි දීමනාව රු. 500 ක්‌ දක්‌වා වැඩි කරමි. මම දේශපාලන හේතු නිසා සමාජ රැකවරණය අහිමි කර ඇති සියලු පවුල්වලට එය ලබා දෙමි.

මම සමෘද්ධි නියාමකවරුන්ගේ දුක්‌ ගැනවිලිවලට විසඳුම් ලබාදෙමි. මම පෞද්ගලික අංශය සමඟ සාකච්ඡා කොට ඔවුන්ගේ ව්‍යාපාරවල වියදම අධික කොට ඇති අනවශ්‍ය බදු හා කප්පම් ඉවත් කිරීම තුළින් පෞද්ගලික අංශයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට පියවර ගනිමි.

ඇඟලුම් ක්‍ෂේත්‍රයේ තුන්ලක්‍ෂයක්‌ දෙනාගේ

රැකියා රැක ගැනීම පිණිස ජී.එස්‌.පී. ප්ලස්‌ බදු සහන නැවත ලබා ගැනීම සහතික කරමි. හදිසි කටයුත්තක්‌ සේ සලකා සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයන්ගේ දැවෙන ප්‍රශ්න විසඳීම සඳහා බලය සහිත කමිටුවක්‌ පත් කරමි.

පොහොර සහනාධාරය යටතේ යූරියා මිටියක්‌ රු. 350 කට ද, අනෙක්‌ පොහොර සඳහා සහනාධාරයද ඇතුළුව විවෘත වෙළෙඳපොළෙන් ලබාදීමට සහතික වෙමි.

හාල් මෝල් මාෆියාව බිඳ දමන බවටත්, වෙළෙඳපොළ මත පදනම් වූ සාධාරණ සහතික මිලක්‌ නියම කරන බවටත් සහතික වෙමි. මම 2010 මහ කන්නයේදී සම්බා වී කිලෝව රු. 40 කට ද, නාඩු කිලෝව රු. 35 කට ද මිලදී ගන්නා බවට සහතික වෙමි. මේ නිසා ගොවියාට ඊටත් වඩා වැඩි මිලක්‌ වෙළෙඳපොළෙන් ලබා ගැනීමට හැකි වනු ඇත. කාබනික කෘෂිකර්මය වර්ධනය කිරීමට ද මාගේ අවධානය යොමු කරමි. කිරි ගොවීන්ට කිරි ලීටරයක්‌ සඳහා ගෙවන අවම මිල රු. 45 ක්‌ දක්‌වා වැඩි කිරීමට සහතික වෙමි. අලුත් අවුරුද්ද සමයේ භාණ්‌ඩ හිඟයකින් තොරව දැරිය හැකි මිලකට ලබා ගැනීම සහතික කරමි. සියලුම උත්සව අත්තිකාරම් කලට වේලාවට ගෙවීමට කටයුතු කරමි.

වතු කම්කරුවන්ගේ වැටුප රු. 500 ක්‌ දක්‌වා වැඩි කිරීමට කෙරෙන සාකච්ඡා ඉදිරියට ගෙන යන අතර ඔවුන්ගේ ජීවන තත්ත්වය නංවාලීමට පියවර ගනිමි. මහ බැංකුවේ අකාර්යක්‍ෂමතා නිසා විවිධ මූල්‍යමය වංචාවලට ගොදුරු වූ පවුල්වලට හැකි උපරිම අයුරින් වන්දි ලබා දීමට සහතික වෙමි.

ගොවි විශ්‍රාම වැටුප වැඩි කරන අතර ධීවරයන් සඳහා නව විශ්‍රාම වැටුප් ක්‍රමයක්‌ හඳුන්වා දෙමි. අවිධිමත් රැකියාවන්හි නිරත වී සිටින අයට ඔවුන්ගේ විශ්‍රාම දිවියේ ආරක්‍ෂාව සැලසීමට පියවර ගනිමි.

4. මම ජීවන බර සැහැල්ලු කරමි.

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මත පනවා ඇති අධික බදු කපා හැර ආහාර මිල පහත හෙළීමට වහාම පියවර ගනිමි. මම ඩීසල් හා භූමිතෙල් මත පනවා ඇති සියලු බදු ඉවත් කරමි. ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව පරිදි පෙට්‍රල් මිල ද අඩු කරමි.

එල්. පී. ගෑස්‌ සහ අනෙකුත් අත්‍යවශ්‍ය භාණ්‌ඩවලට පනවා ඇති බදු ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කරමි.

පාසල් ළමුන් ප්‍රවාහනය කරන වෑන් රථ සහ ත්‍රිරෝද රථවලට දුම් සහතිකය සඳහා අය කරනු ලබන මුදල ඉවත් කිරීමෙන් සහ පෞද්ගලික බස්‌ රථ හා ත්‍රිරෝද රථ අමතර කොටස්‌ සඳහා බදු සහන ලබාදීමෙන් ප්‍රවාහන වියදම අඩු කරමි.

5. මම ජාතික ඒකාග්‍රතාව ගොඩනගමි.

මම යුද්ධයෙන් පීඩා විඳි සියලුම දෙමළ, මුස්‌ලිම්, සිංහල වැසියන්ට උපකාර කරමි.

යුද්ධය නිසා පීඩාවට පත් පුද්ගලයන්ට හා ප්‍රදේශවලට කඩිනම් සහන සලසන වැඩසටහනක්‌ ක්‍රියාත්මක කරන අතර එමගින් දෙමළ කතා කරන ජනතාවගේ දැවෙන ප්‍රශ්නවලට ද විසඳුම් ලබා දීමට හැකි වනු ඇත. කඳවුරුවල දැනට ඉතිරිවී ඇති අවතැන් වූවන් වහාම නැවත පදිංචි කරවමි.

නැවත පදිංචිවීම සඳහා පවුලකට දෙන අවම ආධාරය රුපියල් ලක්‍ෂයක්‌ දක්‌වා වැඩි කරන අතර. පවුලේ අවශ්‍යතා ඇගයීමෙන් පසු වැඩිමනත් ආධාර ලබාදීමට කටයුතු කරමි. මම පළමු මාසය තුළ මෙතෙක්‌ යුද්ධය නිසා අවතැන් වූ සියලුම දෙමළ, මුස්‌ලිම්, සිංහල වැසියන් ලියාපදිංචි කිරීමට පියවර ගන්නා අතර අප්‍රමාදව ඔවුන් නැවත පදිංචි කරවමි.

ත්‍රස්‌තවාදී කටයුතු සම්බන්ධයෙන් අත්අඩංගුවේ තබාගෙන සිටින සියලු දෙනා පිළිබඳ පරීක්‍ෂණ කඩිනම් කර අධිකරණයට ඉදිරිපත් කිරීම, පුනරුත්ථාපනය කිරීම හෝ නිදහස්‌ කිරීම සිදු කරමි. අපගේ වාර්ගික, ආගමික හා සංස්‌කෘතික විවිධත්වය මත පදනම් වූ ශ්‍රී ලාංකික අනන්‍යතාව මම ප්‍රවර්ධනය කොට පෝෂණය කරමි. පරිපාලනමය කටයුතු සිදුකර ගැනීමේදී දෙමළ කතා කරන ජනතාව මුහුණ දෙන භාෂාමය ගැටලු කඩිනමින් විසඳීමට පියවර ගනිමි.

ඕනෑම පුද්ගලයකුට කිසිදු බාධාවකින් හෝ මදිපුංචිකමකින් තොරව තම ආගම ඇදහීමට හා වන්දනාමාන කිරීමට තිබිය යුතු නිදහස සහතික කරමි.

6. මම සෞඛ්‍ය සේවය හා අධ්‍යාපනය ක්‍රමවත්ව නගා සිටුවමි.

පළමු මාසය ඇතුළත සෞඛ්‍ය සේවයේ හදිසි තත්ත්වයක්‌ ප්‍රකාශයට පත් කොට බාල ඖෂධ ආනයනය නැවැත්වීමට පියවර ගන්නා අතර, උසස්‌ තත්ත්වයේ ඖෂධ රජයේ රෝහල්වලින් ලබා ගැනීමට අවකාශ සලසමි. දැනට ඉවක්‌ බවක්‌ නැතිව පැතිර යන වසංගත රෝග මර්දනය කිරීම සඳහා පියවර ගනිමි. ඖෂධ ගෙන්වීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියක්‌ සකස්‌ කිරීමට පියවර ගනිමි.

මම පළමු මාසය ඇතුළත අපගේ අධ්‍යාපන ක්‍රමය පිළිබඳ විශ්වාසය යළි තහවුරු කරමි. විශ්වාසනීය විභාග පටිපාටියක්‌ ඇති කිරීමටත්, 2011 පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කර ගැනීම සඳහා සාධාරණ ක්‍රමවේදයක්‌ සකස්‌ කිරීමටත් විශේෂ කාර්ය සාධක බළකායන් පත් කරමි. අපගේ ගමේ සහ නගරයේ පාසල්වල පවතින “නගරෙට කිරි ගමට කැකිරි” ප්‍රතිපත්තිය මුලිනුපුටා දමමි. සියලුම සරසවි සිසුන්ට නේවාසික පහසුකම් ලබා දීම ඇතුළු සරසවි සිසුන්ගේ අවශ්‍යතා ඉටු කිරීමට පියවර ගනිමි.

7. මම කාන්තා අයිතීන් සුරකින ගෞරවනීය තත්ත්වයක්‌ ඇති කරමි.

මම මාස 2 ක්‌ ඇතුළත කාන්තා අයිතිවාසිකම් පනත ඉදිරිපත් කිරීම සඳහා ක්‍රියා කරන අතර කාන්තාවන්ගේ ආරක්‍ෂාව සහ රැකවරණය සඳහා ගත යුතු සෑම පියවරක්‌ම ගන්නා බවට සහතික වෙමි.

කාන්තාවන් මූලිකත්වය දරන ගෘහ ඒකකවලට උපකාර කිරීම සඳහා සැලසුම් සකස්‌ කිරීමට විශේෂ කාර්ය සාධක බළකායක්‌ පත් කරමි. ණය සැපයීම සඳහා කාන්තා බැංකුවක්‌ ආරම්භ කිරීමට කටයුතු කරමි.

විදෙස්‌ගත ශ්‍රී ලාංකික කාන්තාවන්ගේ ආදායම් ප්‍රවර්ධනය හා ආරක්‍ෂාව සහතික කරන නව වැඩපිළිවෙළක්‌ ක්‍රියාවට නඟන අතරම ඔවුන්ගේ පවුල් මුහුණ දී තිබෙන සමාජ ආර්ථික ගැටලු විසඳීම සඳහා සෘජුව මැදිහත් වන කාර්යාංශයක්‌ පිහිටුවමි.

8. මම තරුණ පරපුරට රැකියා ලබා දෙමි.

මාස 3 ක්‌ ඇතුළත “යොවුන් අභියෝගය” වැඩසටහන ආරම්භ කිරීමට පියවර ගනිමි. වයස අවු. 17 – 25 ත් අතර තරුණ තරුණියන්ට ජාතිය වෙනුවෙන් සේවය කිරීමටත්, තම ජීවිතය හැඩ ගස්‌වා ගැනීමටත් මෙමගින් අවකාශ ලැබේ.

පරිගණක මෘදුකාංග, තොරතුරු සන්නිවේදන තාක්‍ෂණය, මත පදනම් වූ සේවා සහ ඉංග්‍රීසි භාෂාව ඇතුළු වෘත්තීය පුහුණුව ලබා ගන්නා අතරතුර රු. 2000 ක මාසික දීමනාවක්‌ ද ඔවුන්ට ගෙවනු ලැබේ. මෙම යෝජනා ක්‍රමයට දහම් පාසල් ගුරුවරුන් ද ඇතුළත් වේ.

මේ සඳහා ඇතුළත්වීමට කැමැති උපාධිධාරීන් වෙතොත් ඔවුන්ට අමතර රු. 3000 ක දීමනාවක්‌ ගෙවනු ලැබේ. “යොවුන් අභියෝගය” වැඩසටහන සම්පූර්ණ කළ තරුණ තරුණියන් සඳහා රැකියා ලබාදීම පිණිස රජය හා පෞද්ගලික අංශය යටතේ “වැඩ කරන යොවුන් පරපුර” වැඩසටහන ආරම්භ කරමි.

9. මම යුක්‌තිගරුක සහ විනය ගරුක සමාජයකට අඩිතාලම දමමි.

සාරධර්ම සුරකින සමාජයක්‌ බිහිකිරීම සඳහා මම පෙරමුණ ගනිමි. අධිකරණයේ ස්‌වාධීනත්වයට එල්ල වී ඇති සියලු බාධක වහාම ඉවත් කිරීමට කටයුතු කරමි. අපක්‍ෂපාතී ගෞරවනීය පොලිස්‌ සේවයක්‌ මම ස්‌ථාපිත කරමි. ඔවුන්ගේ සේවයට ඇති කැපවීම අගයන අතර වසර 22 ක සේවා කාලයෙන් පසු විශ්‍රාම යැමට කැමැති අයට සම්පූර්ණ විශ්‍රාම වැටුප් සහිතව විශ්‍රාම යැමට අවසර දෙමි.

ඉහත කරුණු සියල්ල කඩිනමින් ඉටුකරමින් මම විනය ගරුක පුරවැසියන්ගෙන් සමන්විත රටක්‌ තුළ ශිෂ්ඨ සම්පන්න සමාජයක්‌ ගොඩනැගීමේ මූලික පදනම ඇති කරමි.

පාතාල ලෝකයේ මැර කණ්‌ඩායම් හා අවිගත් කණ්‌ඩායම් මුලිනුපුටා දැමීමට මම වහාම පියවර ගනිමි. සියලු පැහැර ගෙන යැම් සහ ඝාතන පිළිබඳව පරීක්‍ෂණ පවත්වා නීතියේ ආධිපත්‍යය යළි ස්‌ථාපිත කරමි.

10. මම ජාතික ආරක්‍ෂාව සුරකිමි.

අසල්වැසි රටවල ආරක්‍ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් 21 වැනි සියවසේ අභියෝගවලට මුහුණ දිය හැකි වන පරිදි අපගේ ආරක්‍ෂක හමුදා නවීකරණය කරමි.

ආරක්‍ෂක හමුදාවල සහ සිවිල් ආරක්‍ෂක බළකායේ සාමාජිකයන් සඳහා ඉහළ මට්‌ටමේ සුබසාධන ප්‍රමිතීන් පවත්වා ගෙන යැම සහතික කිරීමට අවශ්‍ය පියවර ගනිමි. අවාසනාවන්ත ලෙස ආබාධිත වූ ආරක්‍ෂක හමුදා සාමාජිකයන්ගේ සුබ සාධනය මම සහතික කරමි. රණවිරු සුබසාධනය සඳහා ජනතා ආධාර මත ඇති කළ “අපි වෙනුවෙන් අපි” අරමුදලේ අක්‍රමවත්, දූෂිත පරිපාලනය ඉවත් කොට කාර්යක්‍ෂමව මුළුමනින්ම රණවිරු සුබසාධනය සඳහා යොදවමි.

රට වෙනුවෙන් තම ජීවිත පරිත්‍යාග කළ සියලු දෙනා මම නිරන්තරයෙන් සිහිපත් කරන අතර ඔවුන්ගේ පවුල්වල සුබසාධනය සහතික කරමි.

අප රටේ අවශ්‍යතා සඳහා ලෝකයේ සියලුම රටවල් සමඟ මිත්‍ර සබඳතා පවත්වාගෙන යන බවට මම සහතික වෙමි.

Posted in Uncategorized | Tagged: , , , , , , , , | Leave a Comment »

විශ්වාසනීය වෙනසක් – සේනාධිනායක සරත් ෆොන්සේකාගේ ප්‍රතිපත්ති ප්‍රකාශය මෙතැනින් බාගත (ඩවුන්ලෝඩ්) කර ගන්න

Posted by Ajith on January 7, 2010

සිංහල ප්‍රතිපත්ති ප්‍රකාශනය මෙතැනින් බාගත (ඩවුන්ලෝඩ්) කර ගන්න.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , | Leave a Comment »

සංවේදී නායකයාගේ මඩ බලකාය වැඩ අරඹයි

Posted by Ajith on December 23, 2009

නියත පරාජය හමුවේ වියරු වැටී ඉන්නා රාජපක්ෂ කඳවුරේ අළුත්ම වෑයම වී ඇත්තේ මඩ ගසා සේනාධිනායක සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය වැළකීමය. මේ ඔවුන්ගේ දවල් හීනයක් පමණකි. මේ සඳහා මඩ මෙහෙයුම් කිහිපයක් ක්‍රියාත්මකය. ඉන් එකක් www.SFbalakaya.com වෙබ් අඩවිය හරහා ක්‍රියාත්මකය. අනෙක ජාතික චින්තන ප්‍රවාහයයි. මේ දුටු විට දුක හිතෙන අඩවි දෙකකි. මෙවා නිර්මාණය කොට ඇතැයි පෙනෙන්නේ කිසිම නිර්මාණ ශක්තියක් නැතැයි පෙනෙන පිරිසක විසිනි. අපේ පාඨකයන්ගේ පහන් සංවේගය උදෙසා මොවුන් විසින් නිර්මාණය කොට ඇති කිති කවාගෙන හිනා විය යුතු ආකාරයේ මඩ පෝස්ටර් කිහිපයක් මෙහි පළ කරමු.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , | 2 Comments »

Anandians, let us do our national duty together!

Posted by Ajith on December 23, 2009

Recently a business magazine cover portrayed 50 Sri Lankan business leaders. Inserted to the photos were the miniature sized school flags. Bit snobbish, but the message was clear. The only Anandian was Ashok Pathirage of Softlogic fame. Nearly 20 were from either Royal or St. Thomas.

What does this mean? Are Anandians not talented as Royalists or Thomians? Was anything wrong with the education we received?

I do not think so. Anandians have excelled in every field including business and politics. Especially in arts and science. Still no Anandians reached the top in either business or politics. No matter how talented they were, it was always till the second tire they could climb. Why?

Sad, but the class formation during the colonial period was the culprit. Royal and missionary schools were not just educational institutions. They were social entities that created the neo-bourgeois class in the late nineteenth and early twentieth century. That was a huge network, and exclusive club, more powerful than we ever imagined. The old school ties helped the Royalists, Thomians, Peterites, Josephians and Trinitians climb the corporate ladders. We were left out. Even the much hyped ‘Revolution of 1956’ didn’t bring anything to Anandians. If the 1956 reforms gave Anandians their deserved position in Sri Lankan society we would not have ended up with jokers like Dullas Alahapperuma and Rajitha Senaratne, whose only job is to run errands for their master.

True. There were N. M. Pereras, Philip Gunawardenas, S.A. Wickremasinghes and Karu Jayasuriyas. For different reasons none of them reached to the top. Certainly not because they were not capable. There are also Gotabhaya Rajapaksas and Basil Rajapaksas. But they were not self made. They are there because their brother was there. Pedigree should not count.

Gen. Sarath Fonseka is the first Anandian Presidential aspirant. He is not there because of his pedigree. He is there because he is smart and worked his way to the top. He is there because he put a full stop to the thirty year ‘unending war’ with the able help provided by few more Anandians. (The two troops that pinned the last nail in Prabhakaran’s coffin were led by two Anandians, Brigadier Prasanna De Silva – ‘Prasanna aiya’ to us – and Major General Kamal Gunaratne – ‘Gunaratne aiya’ to us – Both were 5-6 years senior to me at college. They were doing Advanced Level when I was in Grade 6 or 7 in early 1980s.)

Gen. Sarath Fonseka is honest. Having led the army when it did procurements of unprecedented levels, Gen. Fonseka could have made fortunes for seven more generations, even with 1% cuts. He did not. All he owned at retirement were a 15 perch land at Bokundara, Piliyandala with a house – that cost LKR 1.2 million for construction, a Mercedes Benz, and LKR 641,000 in bank. His wife has bank balances of LKR 23,307 and USD 2,952 and jewelry worth a little more than LKR 1.6 million. He is much poorer than Wimal Weerawansa, MP.

Given the opportunity, Anandians have always done their share to the nation. Unlike others we have never attempted to build our own private networks blocking everyone else. That is what makes us different. Being Anandians we have learnt to respect the plurality of the society. We have provided leadership to multiple communities. We don’t condone religious extremism. That is why you do not find a single Anandian among religious extremists like Jathika Hela Urumaya.

Gen. Sarath Fonseka is an Anandian who have learnt such qualities from Ananda matha. He is guided by Metta, Karuna, Muditha and Upekkha – the qualities of a good leader. Given what his achievements and what he did for all of us, nearly sacrificing his very life for the nation, he certainly deserves and opportunity. Frankly, I cannot think a better person to lead us at this moment.

I am sure all true Anandians will do their duty. Not only voting him, but doing whatever they can ensuing his victory, with the highest percentage of votes ever received in a Presidential Election.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

සොයුරු ආනන්දියයනි, අනඳ මවුන් වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කරන්නට කාලයයි මේ!

Posted by Ajith on December 22, 2009

වසරකට පමණ පෙර එක්තරා ව්‍යාපාරික සඟරාවක් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපාරිකයන් පනස් දෙනකු මුල් කර ගනිමින් කවරයේ කතාවක් කළේය. එහි මුල් පිටුවෙහි පළ කරන ලද මේ පනස් දෙනාගේ ඡායාරූප වලට පසෙකින් ඔවුන්ගේ පාසල් කොඩි කුඩාවට යොදා තිබිණි. පුදුමයකට මෙන් ඉන් ආනන්දියයන් වූයේ එක් අයෙකු පමණකි. ඒ සොෆ්ට්ලොජික් ව්‍යාපාර ජාලයෙහි කළමනාකාර අධ්‍යක්ෂක අශෝක් පතිරගේය. පනස් දෙනා අතුරින් විස්සකට ආසන්න සංඛ්‍යාවක් වූයේ එක්කෝ රාජකීයයන්ය. නැතිනම් ශාන්ත තෝමසුවන්ය.

මින් අදහස් කෙරෙන්නේ කුමක්ද? ආනන්දියයන් වන අප රාජකීයයන් හෝ ශාන්ත තෝමසුවන් සේ දක්ෂ නොවන බවද? නැතිනම් අප ලබා ගත් අධ්‍යාපනයේ යම් ලුහුඬුතාවයක් ඇති බවද?

අනඳ මවුන් තුරුළෙහි අප ලද අධ්‍යාපනය අන් කිසිවකු ලැබූ අධ්‍යාපනයට දෙවැනි වේ යැයි මම විශ්වාස නොකරමි. ආනන්දියයෝ ව්‍යාපාර කටයුතු හා දේශපාලනය ඇතුළුව හැම ක්ෂේත්‍රයකම දස්කම් පළ කොට සිටිති. මින්ද විද්‍යා හා කලා ක්ෂේත්‍රයන් ප්‍රධානය. එහෙත් තවමත් කිසිදු ආනන්දියයකුට ව්‍යාපාර හෝ දේශපාලන ක්ෂේත්‍රවල මුදුනටම ළඟා වන්නට පිළිවන්කම ලැබී නැත. ඔව්හු කෙතරම් දක්ෂ වුවද දෙවන තලයෙහි නතර වී සිටිති. කිසියම් අදිසි හස්තයකින් ඔවුන් නතර කළාක් සේය.

මේ සංසිද්ධිය අවබෝධ කර ගැනීම සඳහා දහනවවන සියවසෙහි මැද භාගයෙන් පටන් ගෙන විසිවන සියවසෙහි මැද භාගය දක්වා දිවෙන යටත් විජිත අධ්‍යාපන සමය වෙත ගමන් කළ යුතුව ඇත. මේ යුගයේදී රාජකීය විද්‍යාලය, ශාන්ත තෝමස් විද්‍යාලය, ශාන්ත පීතර විද්‍යාලය, ශාන්ත ජෝශප් විද්‍යාලය හා මහනුවර ත්‍රිත්ව විද්‍යාලය ප්‍රමුඛ එවකට ‘කිතුණු’ විද්‍යාල බිහි වන්නේ අධ්‍යාපනායතන ලෙසින්ම නොවේ. (දැන් වන විට මේ මුහුණුවර මේ සමහර විද්‍යාල සම්බන්ධව වෙනස් වී ඇත.) මේ අධ්‍යාපන ආයතන ශ්‍රී ලංකාවේ ඉංගිරිසි උගත් මධ්‍යම පංතිය නිර්මාණය කරති. මෙසේ බිහිවන බටහිරකරණයට නැඹුරු මධ්‍යම පංතිය ඉතා පරිස්සමෙන් තම අනන්‍යතාව සුරකිති. ඔවුන් එක්තරා ආකාරයක Exclusive Club එකකි. ඊට පිටතින් ඇතුළුවීම දුෂ්කරය. නිදහසින් දශක හයක් ගතවීත් තවමත් මේ පංතිය දැඩි බලයක් ඇතිව අප පාලනය කරනු ලබයි. එතුළ ආනන්දියකුට ඉහළ නැඟීමට දුෂ්කර වී ඇත්තේ එනිසාය. ලොකුවට කෑගැසූ 1956 පෙරළියෙන් පවා ආනන්දියයන්ට තවමත් අපේ සමාජය තුළ ලැබිය යුතු තැන ලැබී ඇති බවක් නොපෙනේ. ආනන්දියයන්ට එසේ ලැබිය යුතු තැන ලැබුණා නම් අනුන්ට කඩේ යන ඩලස් අලහප්පෙරුම, රාජිත සේනාරත්න වැනි ජෝකරයන් ආනන්දය තුළින් බිහි වන්නේ නැත.

ඇත්ත. ආනන්දයෙන් එන්. එම්.පෙරේරලා, ෆිලිප් ගුණවර්ධනලා, එස්. ඒ. වික්‍රමසිංහලා, කරු ජයසූරියලාද බිහිවූවෝය.එහෙත් මෙ කිසිම කෙනකුට රටේ ඉහළම තැන දක්වා ගමන් කළ නොහැකිවිය. ඒ ඔවුන්ගේ දුර්වලතාවයකිනියි මම නොසිතමි. එසේම ඒ ආනන්දයෙන්ම ගෝඨාභය රාජපක්ෂලාද, බැසිල් රාජපක්ෂලාද බිහිවූහ. ඔවුන් යම් මට්ටමකට බලයක් ලබා ගැනීමට සමත් වුවද ඒ ස්වශක්තියෙන් නොව තම සහෝදරයාගේ බලපුළුවන්කාරකම් මතය. දේශපාලන ඥාති සම්බන්ධතා මිස අන් කිසිවක් නැති මොවුන් ජීවිතයේ යම් වැදගත් ඉලක්කයක් අත්පත් කරගත්තවුන් සේ සිතීම වැරදිය.

සේනාධිනායක සරත් චන්ද්‍රලාල් ෆොන්සේකා වූ කලී රටේ නායකත්වයට තරග වදින පළමු ආනන්දියයාය. ඔහු එතැනට පැමිණ ඇත්තේ රාජපක්ෂ සහෝදරවරුන් මෙන් පවුල් බලයෙන් නොව ස්වශක්තියෙනි. ‘ලෝකයේ හොඳම සේනාධිනායකයා’ සේ විරුදාවලි ලත් සේනාධිනායක සරත් ෆොන්සේකා වසර තිහක කාලයක් තිස්සේ දිග් ගැසුණු නොවිසඳිය හැකියැයි උපකල්පිත යුද්ධයක් නිමාකළ සෙන්පතියාය. (තවත් ආනන්දියයන් ගණනක් මේ මෙහෙයුමේදී ඔහුට සහාය වෙති. ඉන් දෙදෙනෙක් ප්‍රභාකරන් හා මධ්‍ය LTTE නායකත්වය අල්ලා ගැනීමේ මහඟු මෙහෙවරක් කළ බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා – අපට ප්‍රසන්න අයියා – හා මේජර් ජනරාල් කමල් ගුණරත්න – අපට ගුණරත්න අයියා – ය. මේ දෙදෙනාම ආනන්දයේදී මගේ ජ්‍යෙෂ්ට සොහොයුරන් වූහ. ඔවුන් උසස්පෙළ පන්ති වල සිටින අවස්ථාවෙහි මා සිටිවේ සයවන හෝ සත්වන ශ්‍රේණියේය සිතමි.)

සේනාධිනායක සරත් ෆොන්සේකා අවංකය. ඔහු යුද හමුදාව මෙහෙය වන්නේ එය අන් කිසිදු කාලයකට වඩා යුද අවි මිළට ගත් සමයකදීය. ඉන් සියයට එකක් කොමිස් ගත්තේ නම් ඔහුට පහසුවෙන් පරම්පරා හතකට ධනය උපයා ගන්නට තිබුණේය. එහෙත් මේ අවංක රාජ්‍ය නිලධරයා විශ්‍රාම යන්නේ නිශ්චිත දේපළ ලෙස පිළියන්දල, බෝකුන්දර (කොළඹ හතේ නොව) ඉදි කිරීමට රුපියල් ලක්ෂ 12 වැයවූ නිවසක් සහිත, පර්චස් 15ක ඉඩමකටද මර්සිඩීස් බෙන්ස් රථයකටද පමණක් හිමිකම් කියමිනි. බැංකුවේ තැන්පත් මුදල රුපියල් 641,000 කි. භාර්යාව සතු වත්කම් බැංකු ගිණුම් වල රුපියල් 23,307 ක් හා ඩොලර් 2,952 කි. ඇගේ ආභරණ රුපියල් ලක්ෂ දහසයකි. දේශපාලකයන්ගේ වත්කම් හා සංසන්දනයේදී මේ ඉතාම පහළ, ‘දුප්පත්’ මට්ටමකි. කොටින්ම කෝටිපතියකු වන විමල් වීරවංශ පවා මින් කිහිප ගුණයක ධනවතෙකි.

සේනාධිනායක සරත් ෆොන්සේකාගේ අරමුණ දේශපාලනයෙන් තමන්ගේත් පවුලේත් බඩ වඩා ගැනීම නොවේ: පවුල් ගස් ලාංකීය දේශපාලනයේ සුලබය. දැනට ගොඩ නැඟෙමින් පවතින්නේ අතුරින්ද දැවැන්තම එකය. මේ විනාශකාරී පවුල් ගසට අතු ඉති දිගුකර වැඩී අපේ මහ පොළොවේ පොළොවේ සාරය උරා ගන්නට ඉඩ තැබිය යුතු නැත. මේ ඒ පවුල් ගස කපා ‘මට පෙර රට’ ගැන සිතන අවංක නායකයකුට රට භාර දෙන්නට කාලයයි මේ පැමිණ ඇත්තේ.

අවස්ථාවක් ලැබුණු හැමවිටෙකදීම ආනන්දියයෝ දේශයට තමන්ගෙන් ඉටුවිය යුතු සේවාව නොපිරිහෙළා ඉටු කළෝය. ඒ තමන් තනිව බුදු වීමට නොව සියළුදෙනා එකට එතෙරට යෑමටය. අනෙකුන් සේ අප කවර විටෙකත් අපේ පුද්ගලික සමාජ ජාල ගොඩනඟා නැත්තෙමු. අපි සමාජයේ විවිධත්වය අගය කරමු. ආනන්දියයන් හැටියට අපි අන්‍යජාතීන්ට, ආගම්වලට, ප්‍රජාවන්ට ගරු කරමු. ආගමික අන්තවාදය බැහැර කරමු. (ජාතික හෙළ උරුමයේ ආගමික අන්තවාදීන් අතර එකදු ආනන්දියයකු හෝ දැකීමට නැත්තේ එනිසාය.) බුදු දහමේ හරයන් මත පදනම් වූ සහජීවන සමාජට රටාවන්ට අනුව, සමාජයේ කොටසකට නොව, සමස්ත සමාජයට නායකත්වය දෙමු.

ආනන්ද මාතාව සෙවනෙහි සිප් කිරි බිව් සේනාධිනායක සරත් ෆොන්සේකා මෙත්තා, කරුණා, මුදිතා, උපෙක්ඛා ගුණයන්ගෙන් පරිපූර්ණවූ නායකත්වයේ ගුණ දනිතැයි අපට සහතිකය. ඔහු මෙතෙක් තම ජීවිතයේ සාක්ෂාත් කරගෙන ඇති දෑ, ඔහු අප සියළුදෙනා වෙනුවෙන් කර ඇති දෑ හා තම දිවිය පරදුවට තබා ඔහු රට වෙනුවෙන් කර ඇති කැපකිරීම් ගැන සලකා බලන කල්හි මේ මොහොතෙහි ඔහුට වඩා සුදුසු නායකත්වයක් අපට සොයා ගත හැකි වේදැයි සිතනු අසීරුය.

සමස්ත අනඳ පුතුන් මේ අවස්ථාවේ, රට වෙනුවෙන්, අනඳ මෑණියන් වෙනුවෙන් තමන්ගෙන් ඉටුවිය යුතු මෙහෙය ඉටුකරන බැව් මම අවංකව විශ්වාස කරමි.

ලකෙහී බෝ ආනන්දේ පතුරා – අනඳ තෙරුන් සේ ලෝ වැඩ සලසා
පේවී සේවා නිසා වෙසේවා – පමාද නොවෙමූ තිලෝනා දෙසුසේ
දින දින කිතු ගොස බෝවී වැජඹෙනු අනඳ’ප මාතා

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 1 Comment »

TEN Reasons why Gen. Sarath Fonseka should be the Next President of Sri Lanka

Posted by Ajith on December 21, 2009

1. HE IS CLEVER: Gen. Fonseka started at the lowest ranks of the army and rose to the very top. Then he ended a 30 year long ‘unending’ war. Need I say more?

Can you imagine even a distant relative of Rajapakse family living in a house like this?

2. HE IS HONEST: Having led the army when it did procurements of unprecedented levels, Gen. Fonseka could have made fortunes for seven more generations, even with 1% cuts. He did not. All he owned at retirement were a 15 perch land at Bokundara, Piliyandala with a house – that cost LKR 1.2 million for construction, a Mercedes Benz, and LKR 641,000 in bank. His wife has bank balances of LKR 23,307 and USD 2,952 and jewelry worth a little more than LKR 1.6 million. He is much poorer than Wimal Weerawansa, MP.

3. HE DOES NOT MAKE UNREALISTIC PROMISES: Voters, more than anything else, hate corrupt politicians who promise sun and moon but deliver stars. Gen. Fonseka is different. He is radically practical. Not the typical politician who robs the votes by exploiting the gullible.

4. HE INTENTIONS ARE NOT TO SERVE HIS FAMILY: Let us not kid ourselves. Why Rajapakse wants power? To make his family grew further – bigger and more powerful. Perhaps he wants to make his family the richest in South Asia. Aren’t we tired of this kind of petty politics? Isn’t this the time to give a chance for somebody who thinks about the country before himself?

5. HE KNOWS THE PULSE OF THE PEOPLE: Ever heard of a national level politician who could row a canoe? This is real Sarath Fonseka, without his uniform. The simple villager, not a “Walawve Hamu”. He knows the problems of the masses better than anyone else – as he is one of them.

The simple villager

6. HE REPRESENTS A NATION, NOT A SINGLE RACE: Can Rajapakse ever say he represents Tamils, or in that case even Muslims? Rajapakse’s JHU supported Peoples’ Alliance represents only the extreme Sinhala Buddhists – not even moderate Sinhalese. On the contrary, Gen. Fonseka’s United National Front, true to its name, represents all ethnic communities at the top level. He will be the only leader capable of uniting this divided land.

7. HE IS FOCUSSED: Winning a war is not an easy game. That needs focus. The Indian National Security Advisor M. K. Narayanan to described Gen. Sarath Fonseka as the “Best Army Commander in the world”. Why not utilise that kind of focus to develop this country?

8. HE DOES NOT RUN AWAY FROM CHALLENGES: We all know who left forces, ran away and took USA citizenship in the middle of war. On the other hand, Gen. Fonseka, ignoring the retirement option, after his fatal injuries from an LTTE suicide attack returned, took the leadership and ended the war for the country. Shouldn’t that kind of leaders we need for this country?

9. HE IS ABOVE POLITICS: Unlike Rajapakse, who is still very much within the political game (and thus not approved by nearly half of the country) Gen. Fonseka is above politics. He is not a candidate of this part or that party. He will unite the entire nation under a single flag.

10. HE HAS DONE HIS PART FOR THE COUNTRY: No two words about it. He nearly paid the supreme price for serving his motherland. Isn’t this the opportunity to show our gratitude?

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

හේතු දහයක්: සේනාධිනායක සරත් ෆොන්සේකා රටේ මීළඟ ජනාධිපති විය යුත්තේ ඇයි?

Posted by Ajith on December 20, 2009

1. ඔහු දක්ෂය. යුද්ධ හමුදාවේ පහළම තැනින් පටන්ගෙන වසර තිස් හතක සේවා කාලයක් තුළ එහි ඉහළම තැනට ළඟාවීමටද, ඉන්පසුව වසර දෙකහමාරක කෙටි කාලයක් තුළ දශක තුනක් තිස්සේ දිග් ගැසුණු, අවසානයක් නැතැයි උපකල්පනය කරන ලද යුද්ධය නිමා කිරීමට ඔහු සමත් වේ. මීට වඩා දස්කමක්, නායකත්වය සැබෑ ලෙස ප්‍රදර්ශනය කිරීමක් අපට සිතාගත හැකිද?

රාජපක්ෂ පවුලේ දුර නෑයකු වත් මෙවැනි කුඩා නිවසක ජීවත් වන්නේද?

2. ඔහු අවංකය. සේනාධිනායක සරත් ෆොන්සේකා යුද හමුදාව මෙහෙය වන්නේ එය අන් කිසිදු කාලයකට වඩා යුද අවි මිළට ගත් සමයකදීය. ඉන් සියයට එකක් කොමිස් ගත්තේ නම් ඔහුට පහසුවෙන් පරම්පරා හතකට ධනය උපයා ගන්නට තිබුණේය. එහෙත් මේ අවංක රාජ්‍ය නිලධරයා විශ්‍රාම යන්නේ නිශ්චිත දේපළ ලෙස පිළියන්දල, බෝකුන්දර (කොළඹ හතේ නොව) ඉදි කිරීමට රුපියල් ලක්ෂ 12 වැයවූ නිවසක් සහිත, පර්චස් 15ක ඉඩමකටද මර්සිඩීස් බෙන්ස් රථයකටද පමණක් හිමිකම් කියමිනි. බැංකුවේ තැන්පත් මුදල රුපියල් 641,000 කි. භාර්යාව සතු වත්කම් බැංකු ගිණුම් වල රුපියල් 23,307 ක් හා ඩොලර් 2,952 කි. ඇගේ ආභරණ රුපියල් ලක්ෂ දහසයකි. දේශපාලකයන්ගේ වත්කම් හා සංසන්දනයේදී මේ ඉතාම පහළ, ‘දුප්පත්’ මට්ටමකි. කොටින්ම කෝටිපතියකු වන විමල් වීරවංශ පවා මින් කිහිප ගුණයක ධනවතෙකි.

3. ඔහු බොරු පොරොන්දු නොදෙන්නේය: බොරු පොරොන්දු දෙන දේශපාලකයන් තරමට ජනතාව අප්‍රිය කරන වෙනත් දෙයක් නැත. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමන් 2005 දී පොරොන්දු වූ ගැබිණි කාන්තා පෝෂණ මල්ල තාමත් කරදාසියට සීමාවී පවතී. සේනාධිනායක ෆොන්සේකා මෙසේ ඡන්ද ගරා ගැනීම උදෙසා ගැබිණි කාන්තාවන්ද ඇතුළු ජනතාව මුළා කරන පවිටු දේශපාලුවකු නොවේ. ඔහුගේ පොරොන්දු අවංකය; ප්‍රායෝගිකය. ඉටු කළ නොහැකි පොරොන්දු දෙන සිරිතක් ඔහුට නැත.

4. ඔහුගේ අරමුණ දේශපාලනයෙන් තමන්ගේත් පවුලේත් බඩ වඩා ගැනීම නොවේ: පවුල් ගස් ලාංකීය දේශපාලනයේ සුලබය. දැනට ගොඩ නැඟෙමින් පවතින්නේ අතුරින්ද දැවැන්තම එකය. මේ විනාශකාරී පවුල් ගසට අතු ඉති දිගුකර වැඩී අපේ මහ පොළොවේ පොළොවේ සාරය උරා ගන්නට ඉඩ තැබිය යුතු නැත. මේ ඒ පවුල් ගස කපා ‘මට පෙර රට’ ගැන සිතන අවංක නායකයකුට රට භාර දෙන්නට කාලයයි මේ පැමිණ ඇත්තේ.

5. ඔහු මහ ජනතාවගේ හද ගැස්ම හඳුනන්නේය: පසුගියදා සිය ගම් පියසට යන සේනාධිනායක සරත් ෆොන්සේකා නතර වන්නේ මාදම්ප ගංගාවේ ඔරුවක් පදිමිනි. මේ සා ජන ජීවිතයට ළංවූ ජාතික තලයේ දේශපාලනඥයකු ගැන අප අසා ඇත්ද? සේනාධිනායක සරත් ෆොන්සේකා සරල සිංහල ගැමියෙකි. ඔහු ජනතා ප්‍රශ්න හඳුනා ගන්නේ ඔහුද ඒ ජන බලකායෙහිම කොටසක් වන හෙයිනි. ඔහු පොළොවට අඟල් හයක් ඉහළින් ගමන් කරන නායකයකු නොවේ.

අව්‍යාජ සිංහල ගැමියා

6. ඔහු එක ජාතියක් නොව සමස්ත දේශයක් නියෝජනය කරයි: ජාතික හෙළ උරුමයේ සිංහල බෞද්ධ අන්තවාදය කර පින්නාගෙන යන රාජපක්ෂ රෙජීමය දෙමළුන්, මුස්ලිමුන් තියා අඩු තරමින් මැදහත් සිංහලයන් නියෝජනය කරන්නේද? සේනාධිනායක සරත් ෆොන්සේකාගේ එක්සත් ජාතික පෙරමුණ රාජපක්ෂගේ හෙළ උරුමය පෙරටුකොටගත් අන්තවාදී ‘සන්ධානය’ ලෙසින් නොව සැබෑ ලෙස සුළු ජාතීන් නියෝජනය කරයි. මහ ජාතිය තුළින් බිහිවූවද මේ ජාතික නායකයා සියළු ජාතීන්ට එකසේ සලකන, ඔවුන්ගේ අයිතිවාසිකම් ලබා දිය හැකි දැවැන්ත කුඩයක් වැනිය. මේ කුඩය සෙවනේ සමස්ත දේශය එක් රොක් වනු ඇත්තේය.

7. ඔහුට නිශ්චිත අරමුණක් ඇත: ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශකයකු වන එම්. කේ. නාරායනන්ට අනුව සේනාධිනායක සරත් ෆොන්සේකා ‘ලෝකයේ හොඳම සේනාධිනායකයාය’. මේ උපහාරය ඔහු ලබන්නේ ඔහුට හැමවිටක නිශ්චිත ඉලක්කයක් තිබු හෙයිනි. දැන් මේ පැසුණු මිනිසාගේ නිරවුල් හිසෙන් රටට ඔහු ඉටුකළාටත් වඩා වැඩ ගන්නට කාලයයි.

8. ඔහු අභියෝග වලින් පැන නොදුවන්නේය: යුද්ධයේ තීරණාත්මකම අවස්ථාවේ එවකට ලෙෆ්ටිනන්ට් කර්නල් කෙනකු වූ ගෝඨාභය රාජපක්ෂ හමුදාවෙන් පැන, සැඟවී ඇමෙරිකා එක්සත් ජනපදයට පලායයි. සේනාධිනායක සරත් ෆොන්සේකා මෙසේ යුද්ධයෙන් පැන දිවූ බිය ගුල්ලකු නොවේ. සිය දිවි නසා ගන්නා LTTE බෝම්බකාරියකගේ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබන ඔහුට නියමිත කාලයට කලින් විශ්‍රාම යෑමේ සියළු අවස්ථාවන් හිමිවිය. එහෙත් ඔහු එය නොකොට රට වෙනුවෙන් තම ජීවිතයේ ඉතිරි කාලය කැප කළේය. අපට අද අවශ්‍ය මෙවන් නොසැලෙන වීරත්වයක් නොවේද?

9. ඔහු සිටින්නේ දේශපාලනයට ඉහළිනි: තමා බලවතෙකැයි රාජපක්ෂ සිතා සිටින මුත් ඔහු තවමත් සිටින්නේ දේශපාලන මඩ ගොහොරුවේ කරවටක් එරී ගෙනය. සේනාධිනායක ෆොන්සේකා මේ මඩගොහොරුවේ නොවැටී, ගොහොරු මඬින් මතුවන නොකිළිටි නෙළුමක් සේ ඊට ඉහළ තලයක ක්‍රියාකාරී වෙමින් සිටියි. අප විශ්වාස කළ යුත්තේ මඩේ ගිළුණු දේශපාලකයකුද නැතිනම් ඊට ඉහළින් සිටින වචනයේ පරිසමාප්තාථයෙන්ම මහත්මා ගතිගුණ වලින් හෙබි ’An Officer and a Gentleman’  ලෙසින් හඳුන්වාදිය හැකි සේනාධිනායකයානන්ද?

10. ඔහු තමන්ගේ කොටස රට වෙනුවෙන් ඉටුකර ඇත: එය තවදුරටත් පුන පුනා විස්තර කළ යුතු නොවේ. අපි එය නිසැකවම දනිමු. මේ අපට ඒ වෙනුවෙන් කෘතගුණ දක්වන්නට කාලයයි.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments »

සේනාධිනායක සරත් ෆොන්සේකා ඉදිරියේ රාජපක්ෂ නම් හිස් මිනිසා

Posted by Ajith on December 1, 2009

සරත් ෆොන්සේකා සේනාධිනායකයානන්ගේ දේශපාලන ආගමනය හා සමස්ත විරුද්ධ පක්ෂය ඔහු එක හඬින් පිළිගැනීම ලංකා දේශපාලනය නව මානයකට අවතීර්ණ කොට ඇත. මෙතෙක් අපට හුරුපුරුදු වූ ප්‍රධාන පක්ෂ දෙක බලය උදෙසා එකිනෙකා ඇණකොටා ගැනීමේ සම්ප්‍රදාය වෙනුවට විරුද්ධ පක්ෂය, තමන්ට පුද්ගලිකව වාසියක් නොවන එක පොදු අරමුණක් උදෙසා ඒකරාශී වීම හොඳ ලක්ෂණයකි. වඩා හොඳ ලංකාවක් නිර්මාණය කිරීමේ අපේක්ෂාව වෙනුවෙන් පෙරමුණ ගෙන ඇති සරත් ෆොන්සේකා සේනාධිනායකයානන් එක දේශපාලන පක්ෂයක් නියෝජනය නොකිරීම තුළින්ම ඔහුගේ දැක්මේ ඇති පුළුල් භාවය පෙන්නුම් කෙරේ. මෙසේ සමස්ත විපක්ෂය දූෂිත, අකාර්යක්ෂ්ම හා දුර්දාන්ත රජයක් පෙරළීම වෙනුවෙන් එක ධජයක් යටතේ ඒකරාශී වීම මේ උත්සාහයේ ජනතා අපේක්ෂාවන් මල් ඵල ගැන්වීමේ හැකියාව පෙන්නුම් කරයි.

මේ ප්‍රවණතාවය හොඳ වන පමණටම එය මෙතෙක් රට වනසමින් සිටි දූෂිත ඒකාධිපති පාලනය අන්ත අසීරු තත්වයකට පත් කොට තිබේ. “ජෙනරාල් ෆොන්සේකා අපෙ මහරජාගෙ ඔළුවට ගහලා” යි සංස්කරණය කරණ ලද ජනප්‍රිය ගීතයකින් කියැවෙන්නේ මේ යථාර්ථයයි.

ෆොන්සේකා සේනාධිනායකයානන් සමඟ කරට කර සටනකට එළඹීමේදී රාජපක්ෂ මුහුණදෙන ගැටළු ඔහු ස්වාර්ථය හා සිය පවුල වෙනුවෙන් ධනෝපායන මාර්ග විවර කරමින් දූෂිත පාලනයක් ගෙන ගිය බව රටවැසියා හොඳින් දැන සිටීමට සීමා නොවේ. එසේම රටේ ආර්ථිකය නැංවීමේ ඔහු දක්වා ඇති අකාර්යක්ෂ්මතාවය හා නොහැකියාවටද එය සීමා නොවේ. ඔහු මුහුණ දෙන තත්වය ඊට වඩා සංකීර්ණද, ඔහුට හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහින්ද පිළට අවාසි සහගතද වේ.

මෙය පැහැදිළි කිරීමට රාජපක්ෂ යනු කවරෙක්දැයි විමසා බලමු. රාජපක්ෂ යනු ඉතා සරල, කිසිම දේශපාලන දැක්මක් නැති, වඩා පැසුණු දේශපාලකයන් හා සංසන්දනය කිරීමේදී ‘මෝඩ’ යන විශේෂණ පදයෙන් හඳුන්වන්නටද බැරි නැති දේශපාලන චරිතයකි. වෙනත් වචන වලින් පැහැදිළි කරන්නේ නම් කෝපිකඩේ අබිලිංට සමාන කළ හැකි පුද්ගලයෙකි. හිස් කළයකට තට්ටු කිරීමේදී නැඟෙන බොල් හඬම රාජපක්ෂ නම් දේශපාලන චරිතය විශ්ලේෂණය කිරීමේදී ඇසෙයි. ගමක මලපොතේ අකුරු නූගත් චණ්ඩියකුටද බලයක් ඇතිසේම රාජපක්ෂද යම් බලයක් තිබේ. චොප්පෙ අයියා සේම රාජපක්ෂද තම වැයික්කිය තුළ බලය පතුරවා ගැනීමට සමත් වී ඇත. ඔහු සිතා සිටිනවා ඇත්තේ තමන්ගේ ඔළුවට ඉහළින් කාක්කෙකු වත් නොපියඹනවා ඇත කියාය. ගස් නැති කැලෑවට ඇට්ටර ගසත් ගසක්ය කියන්න්නාක් මෙන් සීමිත කාලයක් තුළ මේ බලය ස්ථාපිත කර ගැනීමට ඔහුට හැකිව ඇත. එහෙත් චොප්පෙ අයියලා බඳු චණ්ඩීන්ගේ බලයටද සීමා තිබේ. හැමදාම ඔළුව නමා සිටින දුර්වලයන් මෙන් නොව හොඳ, හිතේ හයිය ඇති පොලිස්කාරයකු ගමට ආදා මේ චණ්ඩියන්ට වන්නේ නඟුට කකුල් දෙක අස්සේ රුවාගෙන සැඟවීමටය.

සේනාධිනායක සරත් ෆොන්සේකා විසින් නිරූපනය කරනු ලබන්නේ මේ අළුතින් ගමට එන කොන්ද පණ ඇති පොලිස් කාරයාගේ චරිතයයි. අහිංසක ගම්මුන්ට කොයිතරම් චණ්ඩිපාට් දැමුවද හරිහමන් නිලධරයකු හමුවේ ගමේ චණ්ඩියා පූස් පැටියකු සේ අහිංසකය. බල රහිතය. රාජපක්ෂටද අද සිදුව ඇත්තේ මෙයයි. තමන්ට යම් පෞරුෂයක් ඇතැයි ඔහු කල්පනා කරයි. එහෙත් සරත් ෆොන්සේකා සේනාධිනායකයානන් ඉදිරියේ සිට ගැනීමට වත් මේ පෞරුෂය අප්‍රමාණවත්ය. රුපුනොද බිඳ රණබිම ජයගත් සරත් ෆොන්සේකා වැනි යුග පුරුෂයකු ඉදිරියේ රාජපක්ෂ සමාන වන්නේ ලජ්ජාවෙන් මුළු ගැන්වෙන සුකොමළ ගැහැනියකටය. සේනාධිනායක ෆොන්සේකා ගලිවරයන් ඉදිරියේ රාජපක්ෂ ලිලිපුට්ටෙකි. සේනධිනායක සරත් ෆොන්සේකාගේ දැවන්ත ප්‍රතිරූපය ඉදිරියේ රාජපක්ෂ කුරුමිට්ටෙකි.

සේනාධිනායක සරත් ෆොන්සේකා මේ ප්‍රතිරූපය ගොඩ නඟාගෙන ඇත්තේ, සරම උස්සාගෙන බොරුවට පාරේ ගිරිය කඩාගෙන කෑගැසීමෙන් නොවේ. යුද හමුදාවේ හැම නිලධරයකුම යම්කිසි විනය ක්‍රියාවලියකින් පාලනය වේ. එසේම මෝඩ දේශපාලකයින් මෙන් නොව ඔව්හු විධිමත් අධ්‍යාපනයක් ලබති. සේනාධිනායක ෆොන්සේකාගේ පෞරුෂය මේ විනය ක්‍රියාවලියේ හා විධිමත් අධ්‍යාපනයේ ප්‍රතිඵලයකි. එම විනය ක්‍රියාවලියම පුද්ගලයකු නායකත්වයට අතිශයින් සුදුස්සකු බවට පත් කරයි. වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම සේනාධිනායක සරත් ෆොන්සේකා අවංක නිලධරයෙකි. වෘත්තිකයෙකි. මෝඩ දේශපාලකයන්ට ආදර්ශයට ගත හැකි ශ්‍රේෂ්ඨ නායකයෙකි. රට වෙනුවෙන් තම ජීවිතය පරදුවට තැබූ විශිෂ්ඨ නිලධරයෙකි. An Officer and a Gentleman ලෙසින් හඳුන්වාදිය හැකි ආකාරයේ මහාත්මයෙකි. රටක් හරියට පාලනය කළ හැක්කේ කෙසේද යන්න මෝඩ හා දූෂිත දේශපාලයකයන්ට ඉගැන්විය හැකි ආකාරයේ නැණවතෙකි.

සේනාධිනායක සරත් ෆොන්සේකා සටනකින් ජය නොලබතැයි කිසිවකුට කිව නොහැකිය. මන්ද ඔහු මේ වන විට දේශයේ පරම සතුරා පරදවා ජය ලබා තම හැකියාව පෙන්නා ඇති හෙයිනි. එය කිසිවකුට ප්‍රශ්න කළ නොහැකිය. වසර තිහක් තිස්සේ අපට බලය පෙන්නමින් සිටි ප්‍රභාකරන් දණ ගසන්නේ සේනාධිනායක සරත් ෆොන්සේකාගේ පෞරුෂය ඉදිරියේය. ඔහු රටේ නායකත්වයට ඊට වඩා සුදුසුවන බවට වෙනත් සාධක අවශ්‍යද?

මේ වන විට රාජපක්ෂ කෙතරම් බිය වී ඇතිද යන්න ඔහු හැසිරෙන ආකාරයෙන්ම පෙනේ. රාජපක්ෂගේ අළුත්ම මේනියාව වී ඇත්තේ යෝධ කටවුට් ගැසීමය. මේ තමාගේ කුඩා බව පිළිබඳව ඔහුට ඇතිවී තිබෙන හීන මානයේ ලක්ෂණයකි. තමාටම අවබෝධවන කුඩා බව ඔහු වසා ගැනීමට තැත් කරන්නේ යෝධ කටවුට් ගැසීමෙනි. එහෙත් සේනාධිනායක සරත් ෆොන්සේකාගේ ජයග්‍රහණය මෙවැනි බොළඳ ක්‍රියාවලින් වැලැකීමට ඔහුට නොහැකි වනු ඇත. එය හෙට හිරු පායන්නා සේ නියතයකි. කටවුට් ගැසීමට යන කාලය, යළිත් සුළු කාලයකින් හම්බන්තොටට පදිංචිය සඳහා යෑමට ගෙදරදොර අස්පස් කර ගැනීමට වැය කරන්නේ නම් එය රාජපක්ෂට වඩා ප්‍රයෝජනවත් වනු ඇත.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

ජෙනරාල් සරත් ෆොන්සේකාට ‘ඕඩර්’ දෙන්නට නිමල් වෙල්ගමට ඇති අයිතිය කුමක්ද?

Posted by Ajith on November 6, 2009

z_sec350

ජෙනරාල් සරත් ෆොන්සේකා - යුගයේ අභියෝගය පිළි ගැනීමට සූදානම්ව

”රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවනු” (දිවයින කතුවැකිය – නොවැම්බර් 04, 2009)

මේ අණ කිරීමකි. විධානයකි. නැතිනම් ඕඩරයකි. ‘ආදායකයාගේ ගිණුමට රුපියල් පන්දහසක් ගෙවනු’ වැනිම වූ ඕඩරයකි. ඕඩරය කරනු ලබන්නේ (නමින් කියා නැතද) අපේ රටේ ආරක්ෂක හමුදා ප්‍රධානි, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටය. කියන්නේ ඇමරිකානු බලධරයන් සමඟ කතා නොකරන ලෙස විය හැකිය. (පළ කෙරුණු දිනය අනුව මෙය ලියැවෙන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාවෙන් පිටත්වීමට මත්තෙනි.) තම බත් බැලයන් ලවා ලියවාගෙන දිවයින නැමැති තම ජාතිවාදී පඩංගුව මාර්ගයෙන් මේ විධානය කරනු ලබන්නේ උපාලි විජේවර්ධන අතුරුදන් වූවායින් පසුව ඔහුගේ වැන්දඹුව විවාහ කොටගෙන විජේවර්ධන විසින් ගොඩ නැඟූ ව්‍යාපාර ජාලයට, ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගා ගත්තාක් සේ රිංගාගෙන තමන් ලොකු මිනිහෙකැයි සිතා ඉන්නා නිමල් වෙල්ගමය.

මේ නිර්ලජ්ජිත ක්‍රියාව මාර්ගයෙන් නිමල් වෙල්ගම තමාගේ හා තම ස්වාමියාගේ සෙළුව කිහිප ආකාරයකින් ප්‍රකාශ කරයි. පළමුව ඔහු මෙරට රජෙක් විසින් ආණ්ඩු කරන්නේයයි සිතයි. මහ රජාණන්ගේ සුවච කීකරු බලු ගැත්තන් වන නිමල් වෙල්ගම වැන්නන්ට කොයිතරම් සුවදායී හැඟීමක් වුවද සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ මැරී ගොස් දැන් බොහෝ කල්ය. නිමල් වෙල්ගමලා පිළි ගැනීමට අකැමැති වුවද දැන් මෙරට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. තමන් දේශයේ රජයැයි සිතා සිටින මෝඩයින් කතිර පහරින් ගෙදර යවන්නට නොපැකිළෙන ජනතාවක් ඇති ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක බලයේ පවත්නා ආණ්ඩුව සමඟ එකඟ වීමට හෝ නොවීමට ජනතාවට පූර්ණ අයිතියක් ඇත. එය ඔවුන්ගෙන් උදුරාගත හැකි නොවේ. රජුට ද්‍රෝහීවීම ගැන නිමල් වෙල්ගමලා බයිලා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමට ඇති නොකැමැත්ත නිසාය. හෙට තමන්ගේ මහලොකු රජා ජනතා ඡන්දයෙන් පරාජය වී ගෙදර යා හැකිය යන භයානක සිතිවිල්ල ඔහු සිත පෙළනවා විය හැකිය. තම පුවත්පත් මාර්ගයෙන් ජනතාව මුළාකොට, බිය ගන්වා රජුට එරෙහිව වචනයක් හෝ දෙඩීම මහා අපරාධයකැයි යන සිතිවිල්ල පැතිරවීමට ඔහු උත්සුක වන්නේ එනිසා විය හැකිය.

දෙවනුව රටේ ආරක්ෂක හමුදා ප්‍රධානියාට මෙසේ විධාන කරන්නට නිමල් වෙල්ගමට ඇති අයිතිය කුමක්ද? මෙරට LTTE ත්‍රස්තවාදයෙන් නිදහස් කරන ලද්දේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු යුද හමුදාවය. නිමල් වෙල්ගම හා ඔහුගේ අතවැස්සන් එකල කළේ යුද්ධය හා දේශප්‍රේමය වවාගෙන කෑම තුළින් තම ජාතිවාදී පුවත්පත් (දිවයින හා The Island) විකිණා ගැනීමය. යුද්ධයෙන් සදාචාරාත්මක නොවන ලෙස විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලද මේ පත්තර මුදලාලි දැන් ඒ යුද්ධයේම නියමුවන්ට පල් පාට් දාන්නට පටන් ගෙන ඇත්තේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නොවන්නට තමන් හා තම පත්තර කොම්පැණියද ඒ යුද්ධයේම කොටසක්ව නැති භංගව යන්නට ඉඩ තිබුණු බව මේ මිනිසා විසින් මෙතෙක් පහසුවෙන් අමතක කරන ලද්දේද?

තෙවනුව නිමල් වෙල්ගම කිසිම හිරිකිතයක් නැතිව දේශපාලන විචාරකයින් විසින් කුණු මාළු කෑල්ලක් ලෙසින් ඉවත දැමිය යුතුය සිතන විධායක බලය වෙනුවෙන් පෙනීසිටී. (මෙහිදී ඔහුගේ අරමුණු පැහැදිළිය. තම ලොක්කාට වැඩි බලතල ලබෙන්නේ නම් තමන්ටද වැඩි බලතල ලැබෙන බැව් ඔහු දනී.) මේ පුවත්පතකැයි සමහරුන් තවමත් වරදවා සිතා සිටින ඔහුගේ ජාතිවාදී පඩංගුවෙන් උපුටා ගත් වචනය.

”යුද්ධය නිමව ඇති නිසා විධායක බලතල තවදුරටත් මොකටදැයි සමහරු ප්‍රශ්න කරති. ධාරානිපාත වැස්‌සක්‌ වැස පෑවූ සැනින් මිනිසුන් මඟට බසින්නේ නැත. යළි ඇතිවිය හැකි වර්ෂාවෙන් ආරක්‍ෂා වීම සඳහා ඔවුහු කුඩයක්‌ ගෙන මඟට බසිති. ශ්‍රී ලංකාවේ කොටි බලය වැනසී ගිය ද කොටින්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් නිමාවට පත්වී නැත. එම ජාලයේ ප්‍රධානියා වන කුමාරන් පද්මනාදන් වමාරන තොරතුරුවල හැටියට ප්‍රභාකරන් තව පරම්පරා හතකට ප්‍රමාණවත් කොටි ජාලයක්‌ හදා ඇත. ඒ නිසා තවත් කලකට මේ බලතල පවත්වාගෙන යා යුතු බව ඉතා කෙටියෙනුත් පැහැදිලිවත් කියමු. රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවන ලෙසට පැරණි සිංහල කියමනක්‌ තිබේ. මේ වෙලාවේදී සේනාධි නායකයා පළවා හැරීමට කරන උත්සාහයන් නිර්වචනය කළ හැක්‌කේ රටට ද්‍රෝහී වීමක්‌ ලෙස ය.”

අපි නිමල් වෙල්ගමට මෙසේ කියමු. බංකොළොත් දේශපාලකයින්ගේ වල්ගයේ එල්ලී ඔවුන්ට බැල මෙහෙවර කරමින්, තම පඩංගු ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් නිර්ලජ්ජිව, කිසිම සමබරතාවයක් නැතිව යොදවමින් කඩේ ගියාට කම් නැත. රට වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ මිනිසුන්ට විධාන කිරීම නවතනු. ඔවුන්ට තමන්ගේ රාජකාරිය, දෛවය විසින් තමන් වෙත පවරා ඇති යුගයේ අව්ශ්‍යතාවය සපුරා ලීමට ඉඩ දෙනු.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

රනිල්ගේ තරම නොදන්නෝ

Posted by Ajith on October 31, 2009

ranil4

(2009 අප්‍රේල් මස 16 වැනිදා “ලංකාදීප” පුවත්පතේ පළවූ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ “ගුරුදා විග්‍රහය” ලිපිය)

බැරි වෙලාවත් ප්‍රභාකරන්ට මොනවා හරි වුණොත් ප්‍රභාකරන්ගෙන් පසු එල්.ටී.ටී.ඊ සංවිධානය ඉස්සරහට අරගෙන යා යුතු ආකාරය ගැන ජාත්‍යන්තර කොටි ජාලය තුළ දැනටමත් සාකච්ඡා ආරම්භ කොට ඇත. මෙම සාකච්ඡාවලදී ගැමෝම කතාබහ කරන මාතෘකාවක් වී ඇතැයි කියන්නේ 2005 ජනාධිපතිවරණයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් ගත්ත තීරණයයි.

“එතැන ලොකු වැරැද්දක් කර ගත්තා නේද…?”

සමහරු එහෙම අහද්දී කොටි ජාලයට සමීප සම්බන්ධකම් ඇති අය ඉදිරිපත් කරනවාය කියන්නේ වෙන විග්‍රහයකි.

“නැහැ. රනිල් වික්‍රමසිංහ දිනුවා නම් කරුණා වගේ තවත් අය ප්‍රභාකරන්ගෙන් කැඩෙනවා. අපේ සංවිධානය සී සී කඩ යනවා. අද දරුණු පරාජය අමුවේත් ප්‍රභාකරන් එක්ක නායකයෝ එකට ඉන්නවා. පිටරට ඉන්න අප හැමෝම එකට ඉන්නවා. හෙට ප්‍රභාකරන් මැරුණත් අපි සංවිධානය නැති කරන්න දෙන්නේ නැහැ. ප්‍රභාකරන්ගේ ලේ අපිට සංවිධානය ඉස්සරහට ගෙන යන්න ශක්තියක්. වැටුණු සංවිධානයට ඒකෙන් ඔක්සිජන් ලැබෙනවා. හැබැයි රනිල් වික්‍රමසිංහ දිනල සංවිධානය දෙකට තුනට බෙදිල විනාශ වුණා නම් ආපසු ගොඩගන්න බැහැ. අද අපිට නැතිවෙලා තියෙන්නේ භූමිය. අපේ නායකයෝ කීප දෙනෙක් කාඩර්ස්ලා නැති වෙලා තියෙනවා. ඒත් අපේ මතය නැති වෙලා නැහැ. සටන නැතිවෙලා නැහැ. රනිල් දිනල සාමය බෙදාගන්න බැරිව අපේ නායකයන් කුළල් කා ගන්න ගත්තා නම් අපිට අපේ මතයයි සටනයි දෙකම නැතිවෙනවා. එහෙම වුණා නම් අපිට තමිල්නාඩුව අවුස්සන්න පුළුවන්ද? ලෝකය මේ විදිහට අවුස්සන්න පුළුවන්ද? එහෙම වුණා නම් ලෝකයම ඉන්නේ රනිල් එක්ක…”

ඒ ඔවුන්ගේ විග්‍රහයය.

“ඒක හරි හතර බීරි කතාවක්නේ. සටන් විරාමයෙන් මේ රට දෙකට කඩල තිබුණ කියලනේ ආණ්ඩුව කියන්නේ. රනිල් දිනුවා නම් අදටත් රට දෙකට වෙලානේ. ඉතින් ඒකනේ ප්‍රභාකරන්ට ඕන. රනිල් දිනුවා නම් ප්‍රභාකරන්ට මේ විදියට වන්නියේ හැංගිලා මර බයේ දුක් විඳින්න වෙනවායැ…”

අර විග්‍රහය ගැන කිව්වාම යුරෝපයේ පදිංචි සිංහලයෙක් කියා තිබුණේ ඔවැනි කථාවකි.

ඇත්තටම බැලූ බැල්මට ඒ කතාව පේන්නේ හරි වගේය. හැබැයි ප්‍රභාකරන් අදටත් හිතන්නේ ඔහු විනාශ කළේ රනිල් වික්‍රමසිංහ කියලාය.

අරගෙන කියවන්න මෙන්න මේ පොත

“ඇයි එහෙම හිතන්නේ”

රනිල් කියන්නේ කවුද කියලා මේ රටේ සිංහල මිනිස්සු තියා යූ.ඇන්.පී. කාරයන්වත් නොදන්නවා වුණාට ප්‍රභාකරන් හොඳ හැටි දනී.

“රනිල් වික්‍රමසිංහ සාම වෙස් මූණ දමාගත්තෙත් පස්සෙනේ. අපි එයා දන්නේ 1990 ප්‍රේමදාස එක්ක සාකච්ඡා කරන කාලෙ ඉඳන්. ප්‍රේමදාස ඝාතනය වෙලා 1993 රනිල් වික්‍රමසිංහ අගමැති වුණ හැටියෙම හමුදාවේ ලොකු ප්‍රතිසංවිධානයක් කළා. ඒක කළේ රනිල්. එහෙම කළේ නැගෙනහිර මුදවාගෙන යාපනය අල්ලා ගන්න. ඊට කලින් යූ.එන්.පී. ආණ්ඩුව වැටුණා. පොදු පෙරමුණ ඇවිත් ඒකේ ප්‍රයෝජන ගත්තා…”

මේ කොටි න්‍යායාචාර්ය බාලසිංහම් 2005 නොවැම්බර් 28 ලන්ඩනයේ දී රනිල් පරද්දන්න ප්‍රභාකරන් තීරණය කළේ ඇයිද යන්න හේතු සාධක සහිතව ඔප්පු කරමින් කළ දේශනයෙන් උපුටාගත්තකි.

බාලසිංහම් කී කතාව හරිය. ඔහු කී කතාව හරි යැයි කීවේ ප්‍රකට ආරක්‍ෂක විශ්ලේෂකයෙකි.

“අරගෙන කියවන්න ලංකාවේ හමුදාවට පනස් වසරක් පිරෙන කොට හමුදාව ගැන හමුදාව විසින්ම ප්‍රකාශයට පත් කළ පොත. ඒකෙ නම් 50th of Ceylon Army ඒ පොතේ ඩී. ඇස්. හමුදාව හැදුවාට පස්සේ හමුදාව ඇතුළේ ලොකු වෙනසක් කරපු දේශපාලනඥයෙක්ගේ නමක් තියෙනවා. ඒ රනිල්ගේ නම. ඒ පොතේ හමුදාව රනිල්ට ස්තූති කරලා තියෙනවා. ඔහු හමුදාව වෙනස් කරන්න කළ සේවය ගැන.”

ඔහු කීවේය. ඔහු කිව්වා හරිය. හමුදාවට වසර පනහක් පිරෙන කොට හමුදාව ප්‍රකාශයට පත් කළ පොතේ රනිල්ට ස්තූති කරල තියෙනවා කියලා යූ.එන්.පී. කාරයන් තියා රනිල් දන්නවාද කියාවත් දන්නේ නැත. ඒත් ප්‍රභාකරන් පොත කියනව්වේවත් නැතිව ඒ බව දනී. එම පොත ප්‍රකාශයට පත් කළේ 1998 චන්ද්‍රිකාගේ පොදු පෙරමුණු ආණ්ඩු කාලයේය. ඒ පොදු පෙරමුණු ආණ්ඩුව රනිල්ට කොටියා කියලා ගහන කාලයේය. එකල හිටියේ චන්ද්‍රිකා පත් කළ හමුදාපතිවරුන් සහ ආරක්‍ෂක ලේකම්වරයෙකි. ඒත් හමුදාව ඒ පොතෙහි රනිල්ගේ සේවය අගය කළේ මෙලෙසය.

“හමුදා ප්‍රතිසංවිධානය සහ පුහුණුව සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ අති මහත් වූ සහය, ධෛර්ය සහ සහයෝගිතාව සම්බන්ධයෙනුත් මෙහිදී විශේෂයෙන් සඳහන් කළ යුතුය. සෑම පැත්තක්ම ආවරණය වන පරිදි සිදු කළ පුහුණු කටයුතු සිදු කිරීමට ඔහුගේ මැදිහත්වීම සහ මෙහෙයවීම හේතු විය. එසේම ඔහු පෞද්ගලිකව ම එම වැඩ කටයුතු නිරීක්‍ෂණය කිරීමෙන් පමණක් නොව පුහුණු මධ්‍යස්ථානවලට පෞද්ගලිකවම ගොස් අඩුපාඩු සොයා බැලීම හමුදා පුහුණුකරුවන්ගේ සහ පුහුණුව ලබන්නන්ගේ චිත්ත ධෛර්යය නංවනු ලැබීය. එය ඔවුන්ගේ ආත්ම විශ්වාසය දැඩි කිරීමට ද අවශ්‍ය විනය පවත්වාගෙන යාමට ද හේතුවක් විය…”

50th of Ceylon Army
පිටු අංක, 503
ශ්‍රී ලංකා හමුදාව

මෙම පොතෙහි පිටු අංක 500, 501, 502, 503, හි සඳහන් වන පරිදි රනිල්ගේ මෙහෙයවීමෙන් සිදුවූ පුහුණුවට ඇතුළත් වී ඇත්තේ හමුදාවේ කණිෂ්ඨ නායකයින් 10,000 ක් පමණ ඉන්දියාවේ සහ පකිස්ථානයේ සහය ඇතිව පුහුණු කිරීම, කැලැබද ප්‍රදේශවල සටන් සඳහා විශේෂ කණ්ඩායම් පුහුණු කිරීමද රාත්‍රී මෙහෙයුම් සහ රාත්‍රියේ එල්ල වන ප්‍රහාර සඳහා විශේෂ පුහුණුවක් ලබා දීම, කුඩා කණ්ඩායම් වශයෙන් ගෙන ප්‍රහාරක ඒකක පුහුණු කිරීම, දුරදිග විහිදුම් බළකායක් පුහුණු කිරීම, සාමාන්‍ය හමුදා භටයන් පුහුණු කාලය සති හතරේ සිට සති 14 දක්වා වැඩි කිරීම යනාදියයි.

මේවා පොත්වල තිබුණාට වඩා හොඳින් ප්‍රභාකරන්ගෙයි බාලසිංහම්ගෙයි හිතේ තිබුණි.

“සටන් විරාම කාලය තුළ රනිල්ගේ ආණ්ඩුව රජයේ හමුදා ශක්තිමත් කළා. විදේශ රටවල් සමඟ ආරක්‍ෂක ගිවිසුම් අත්සන් කළා. ඔහුගේ ආණ්ඩුව සාමයට අවංකව කැප වූයේ නැහැ. අප අවංකවම සාමයට කැප වුණා. මේ නිසා සටන් විරාමයෙන් අප සංවිධානය දුර්වල වුණා…”

වේළිපිල්ලේ ප්‍රභාකරන් මහවිරුදින කතාව
ටැමිල්නෙට්
2008.11.27

2005 ජනාධිපතිවරණයෙන් රනිල් පරාජය කළාට පසු හැම මහ විරු දින කතාවකදීම ප්‍රභාකරන් රනිල් පරද්දන්න තමන් ගත් තීරණය හරි යැයි දමිල ජනතාව ඉදිරියේ සාධාරණීකරණය කරන්නේ සටන් විරාමය රනිල් හමුදාව ශක්තිමත් කිරීමට ප්‍රයෝජනයට ගත්තා යැයි චෝදනා කරමින් ය. පරාජය හමුවේ ඇද වැටී මහවිරු දින කතාව කළ 2008 දීත් ඔහු එය මතක් කරන්නේ තමන් විනාශ කළේ රනිල් බවත්, ඔහුට සමාව නොදෙන ලෙසත් දමිළ ජනතාවට මතක් කර දෙමිනි.

සටන් විරාම කාලය තුල රනිල් හමුදාව ශක්තිමත් කළා යැයි ප්‍රභාකරන් නගන චෝදනාව හරිය. රනිල් 2001 ආණ්ඩුව භාර ගන්නා විට හමුදාවේ තත්ත්වය හිටපු ආරක්‍ෂක ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු ඔහුගේ “මයි බේලි ඊස් වයිට්” ග්‍රන්ථයේ සඳහන් කරන්නේ මෙසේය.

“මා ආරක්‍ෂක අමාත්‍යාංශය භාර ගන්නා විට හමුදාවේ පුහුණුවීම් සඳහා වෙඩි තියන්න උණ්ඩවත් නිතිබූ බව වත්මන් හමුදාපති සරත් ෆොන්සේකා සාක්‍ෂි දරනු ඇත. ඔහුත් දියතලාවේ පුහුණු මධ්‍යස්ථානයේ නිළධාරීනුත් නොකඩවා කළ ඉල්ලීමකට අනුව පළමුව උණ්ඩ මුලදී ගැනීමට මම කටයුතු කළෙමි…”

ඔස්ටින් ප්‍රනාන්දු
පිට – 143

එපමණක් නොව උතුරු – නැගෙනහිර තුනෙන් දෙකක් පමණ වූ භූමිය එල්.ටී.ටී.ඊ ය අල්ලාගෙන හමුදාව සිටියේ යාපනය ඇතුළු ප්‍රදේශ කිහිපයක් පමණී. රනිල් අත්සන් කළ එකකි. ඔවුන් එය සකස් කළේ සටන් විරාම ගිවිසුම චන්ද්‍රිකා සහ කදිරගාමර් රනිල් බලයට ඒමට පෙර සකස් කළේ ආර්ථිකය බිංදුවට ගොස් යුද්ධ කරන්න සල්ලි නැතිකමත්, කොයි මොහොතේ හෝ එල්.ටී.ටී.ඊ ය යාපනයත් අල්ලාගෙන හමුදා ජීවිත අනතුරට හෙලනු ඇතැයි යන බියෙන් ය.

ranil3

චන්ද්‍රිකා සහ කදිරගාමර් සකස් කල සටන් විරාම ගිවිසුමට අත්සන් කළ රනිල් සටන් විරාමය ප්‍රයෝජනයට ගෙන තමන්ට යුද්ධ කිරීමට බැරි වන සේ සටන් විරාම වගන්තිවලින් තම අතපය බඳ රටේ ආර්ථිකයත් හමුදාවත් ගොඩනගන්න කටයුතු කළ බව ප්‍රභාකරන්ට නොතේරුණා නොවේ.

ප්‍රභාකරන් 2003 අප්‍රේල් සාම සාකච්ඡාවලින් ඉවත් වූයේ ඒ නිසාය.

ඒ වනවිට රනිල්, චන්ද්‍රිකාගේ ආණ්ඩු කාලයේ ශ්‍රී ලංකාවට ආයුධ සැපයීම ලංකාව සමඟ ආරක්‍ෂක කටයුතු සම්බන්ධයෙන් ගනුදෙනු කිරීම තහනම් කරමින් ඇමෙරිකාව, ඉන්දියාව, බ්‍රිතාන්‍ය පනවා තිබූ තහනම ඉවත් කරවා ගන්නට කටයුතු කළේය. ඔහු 2002 ජුලි මාසයේ ජනාධිපති බුෂ් හමුවී හමුදාව ශක්තිමත් කරන්න උදව් ඉල්ලා සිටියේය. බුෂ් ශ්‍රී ලංකාවේ හමුදාවේ වත්මන් තත්ත්වය සහ එය දියුණු කිරීමට කළ යුත්තේ කුමක්දැයි යන්න පිළිබඳ වාර්තාවක් ලබාගැනීමට ඇමෙරිකානු සහකාර ආරක්‍ෂක ලේකම් පීටර් රොඩ්මාන් එව්වේය. 2002 නොවැම්බර් 22 වාර්තාව ලැබුණි. බුෂ්-රනිල් සාකච්ඡාවල ප්‍රථිඵලයක් වශයෙන් ලංකාවට මුහුදු ආරක්‍ෂක යුද නැවක් තෑගි ලැබුණි. 2007 දී කොටි ආයුධ නැව් විනාශ කළ හැකි වුණේ එම ඇමෙරිකානු නැව නිසා යැයි මහින්දම කී බව පත්තරවල පළ විය. එසේම ඇමෙරිකානු ඔත්තු සේවා කොටි ජාත්‍යන්තර ආයුධ මිලදී ගැනීමේ ජාලය කැඩුවේ රනිල්ගේ ආණ්ඩු කාලයේ ඇමෙරිකානු සහ ශ්‍රී ලංකා ඔත්තු සේවා ඒකාබද්ධව කටයුතු කරන්න පටන් ගැනීමේ ප්‍රතිඵලයක් ලෙසය.

එසේම 2003 ඔක්තෝම්බර් ඉන්දියා අගමැති වජ්පායි හමුවූ රනිල් ඉන්දියාවේ ආයුධ හුවමාරු කර ගැනීමටත් හමුදා ආධාර ලබා ගැනීමටත් ආරක්‍ෂක ගිවිසුමක් අත්සන් කිරීමට පෙර ඇති කරගත් එකඟතාව ඉක්මන් කරන්න සාකච්ඡා කළේය. ඉන්දියාව ලංකාවට ආරක්‍ෂක උපකරණ දීමට එකඟ වූයේ හමුදා පුහුණුවට එකඟවූයේ මෙම සාකච්ඡාවල ප්‍රතිඵලයක් වශයෙන් ය. අද එල්.ටී.ටී.ඊ ය පමණක් නොව තමිල්නාඩුව ද ශ්‍රී ලංකා ආණ්ඩුවට යුද්ධයට උදව් කරනවා යැයි චෝදනා කරන්නේ රනිල් වික්‍රමසිංහ වජ්පායි සමඟ සාකච්ඡා කොට ඇති කරගත් එකඟතා අද ක්‍රියාත්මක වන නිසාය.

එසේම බ්‍රිතාන්‍ය අගමැති ටෝනි බ්ලෙයාර් හමුවී පෝක්ලණ යුද්ධයේ වීරයකු වූ ජෙනරාල් මයිකල් රෝස් ගේ සහය ලංකාවේ හමුදාව ශක්තිමත් කිරීමට යොදවා ගන්න අවසර පැතූ රනිල් වික්‍රමසිංහ හමුදාවට අවශ්‍ය පුහුණුව සහ උපකරණ ලබා ගැනීමට සමත් විය.

ශ්‍රී ලංකාවට ඇමෙරිකානු යුධ ආධාර ලැබෙන අවසන් සාකච්ඡා වටය 2003 නොවැම්බර් දී බුෂ් සහ රනිල් හමු වූ විට පැවැත්‍වීමට නියමිතව තිබුණි. ඉන්දියාවේ යුද ආධාර ලැබෙන ආරක්‍ෂක ගිවිසුම් 2003 ඔක්තෝම්බරයට පසු රනිල් සහ වජ්පායි හමුවන විටදී අත්සන් කිරීමට නියමිතව තිබුණි.

චන්ද්‍රිකා 2003 නොවැම්බරයේ ආරක්‍ෂක අමාත්‍යාංශය පවරා ගැනීමෙන් ඒ සියල්ල විනාශ විය. ඉන්පසු ඇමෙරිකාව, ඉන්දියාව හෝ බ්‍රිතාන්‍ය සන්ධාන ආණ්ඩුව සමඟ ඒ ගැන කතා කළේවත් නැත.

මෙම යුධ ආධාර සහ ආරක්‍ෂක ගිවිසුම් නතර කිරීමය ප්‍රභාකරන්ට ලොකු වුවමනාවක් තිබුණි. ඔහු චන්ද්‍රිකා ආරක්‍ෂක අමාත්‍යාංශය පවරාගත් විට නිහඬව සිටියේත් 2005 දී රනිල් ජනාධිපතිවරණයෙන් පැරැද්දුවේත් ඒ නිසාය.

ප්‍රභාකරන් ජීවත්ව සිටිනා තුරු රනිල් යළි රජ කරන්න ඉඩ දෙන්නේ නැති බව එල්.ටී.ටී.ඊ ය පිටිපස්ස කසා ගන්න නියපොත්ත නැති තරමට ඇද වැටිලා ඉන්නැද්දීත් 2005 රනිල් පරද්දන්න ගත්ත තීරණය හරි යැයි කියන කීමෙන් පැහැදිලිය. ඉතින් මහින්ද ප්‍රභාකරන් ඉවර කරනවා නම් මහින්ද කරන්නේ රනිල්ට උදව්වකි.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , | 2 Comments »

 
Follow

Get every new post delivered to your Inbox.