පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු සිංහල බ්ලොග් රචකයා සිය කෘතඥතාවය පළකරයි
Posted by Ajith on April 11, 2010
මේ සටහන කෙටිය. මම නව දේශපාලන ගමනක් අරඹන්නට සූදානම්ව සිටිමි. මා වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ කළුතර දිස්ත්‍රික් සහෘදයින්ගේ බලාපොරොත්තු මගේ ප්‍රමුඛතාව වනු ඇත්තේය.
බොහෝ දේශපාලඥයෝ වෙබ් අඩවි පවත්වාගෙන යාමට කැමැත්තක් දක්වති. වසර දෙක හමාරකට පමණ පෙර ඉලෙක්ට්‍රොනික පැවැත්මක් තෝරා ගැනීමට අවශ්‍ය වූ මොහොතෙහි පැරණි මිතුරකුගේ උපදෙස් මත මම බ්ලොග් එකක් පවත්වාගෙන යන්නට අදහස් කළෙමි. ඒ වන විට දේශපාලනයට නොපිවිසි නීතිඥයකු පමණක් වූ මට වෙබ් අඩවි පවත්වාගෙන යන්නට තරම් සම්පත් නොතිබිණි. මට අවශ්‍ය වූයේ සරල ඉලෙක්ට්‍රොනික ද්වාරයකි. බ්ලොග් එක ඒ අවශ්‍යතාව ඉටු කළේය.
මට ඉඩ කඩ ඇති ලෙසින් ඔබ හමුවට ආයෙමි. ඔබ මා ලියූ දේ ගැන අදහස් පළ කළේය. අපි දේශපාලනය ගැන පමණක් නොව තවත් බොහෝ දේ ගැන සාකච්ඡා කළෙමු;වාද කළෙමු. ඔබ ලබා දුන් ඒ සහාය මගේ ඉදිරි ගමනට රුකුලක්ම විය. මගේ කෘතඥතාවය ඔබ සැම වෙනුවෙන් පළ කරමි.
මගේ බ්ලොග් එක සින්ඩිකේට් කර වඩා විශාල පිරිසකට විවෘත කිරීම වෙනුවෙන් Kottu.org ට හා සිංහල බ්ලොග් කියවනයටද කෘතඥතාවය පළ කරමි. සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සමහර පක්ෂග්‍රාහී ක්‍රියා නොවේ නම් මා තවදුරටත් සිංහලෙන් ලියන්නට ඉඩ තිබුණේය. තවමත් මගේ අදහස ඔවුන්ගේ අසමතුලිත දැඩි නීතිරීති වලින් සිංහල බ්ලොග් රචකයින් විශාල පිරිසක් අධෛර්‍යයට පත්වන බවයි. මේ බව ඔවුන් අවබෝධ නොකැර ගැනීම අවාසනාවකි.
අවසාන වශයෙන් මහජන ඡන්දයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ පළමු සිංහල බ්ලොග් රචකයා වීම ගැන මම සතුටු වෙමි.
අජිත් පී. පෙරේරා,
පාර්ලිමේන්තු මන්ත්‍රී (තේරී පත් වූ)
කළුතර දිස්ත්‍රික්කය












saman said
මම ගම්පහ දිස්ත්‍රිකයේ අයෙක් වන අතර ඔබ ගැන පසුගිය ජනාධිපතිවරණය වන තෙක් අසා තිබ්බෙ නැත.ජනාධිපතිවරණ සමයේ රතු ඉර හෝ සටන වැඩසටහනට පැමිනියා මතකයි. ඔබ ගැන එහිදි මම පැහදිනි. ඔබට අපගේ සුබ පැතුම්!!!
තිලාන් පෙරේරා said
ඔබට සුභ පැතුම් !!!
ඔබට මෙම වරම ලබා දුන් ජනතාව අමතක නොකරන්න !!
rachiyo said
ඔබට දිරිය සහ ජය!
තට්ට සෝමෙ said
පාර්ලිමේන්තුවට තේරීපත්වූ පළමු සිංහල බ්ලොග් රචකයා?
අපොයි පාර්ලිමේන්තුව!
Thilina said
ඔබට කිරීමට බොහෝ වැඩ රාජකාරි ඇති මොහොතක ඔබට ඡන්දය දුන් සීමිත පිරිසක් වන ඔබගේ බ්ලොග් පාඨකයන් වෙත ස්තූති කර සටහනක් දැක ගන්නට ලැබීම සතුටකි. ඉදිරියේදීත් ඔබගේ අදහස් මේ බ්ලොග් අඩවිය තුලින් දකින්නට ලැබේවායි පතමි.
බ්ලොග් ලියන්නෙකු වශයෙන්, නීතිවේදියෙකු වශයෙන් හා ආදි ආනන්දීයෙකු වශයෙන් ඔබ තුලින් ඉටුවිය යුතු යුතුකම් ඉටුකීරීම සඳහා ඔබේ නව තනතුර ශක්තියක් වේවා යැයි පතමි.
ඔබට සුභ පැතුම්!!
Chanaka said
මකර අධිරාජයාගේ උණුසුම් සුභපැතුම්.
හැබැයි ගොයියෝ දෑත් ශක්තිමත් කරන්න පනිනව හෙම නෙවෙයි ඕං
නාමල් යටිලමත්ත said
//සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයේ සමහර පක්ෂග්‍රාහී ක්‍රියා නොවේ නම් මා තවදුරටත් සිංහලෙන් ලියන්නට ඉඩ තිබුණේය.//
පක්ෂාග්‍රාහීව කටයුතු කරන්නේ සිංහල බ්ලොග්කරුවන්ගේ සංසදයට අරක්ගත් කළුකුමාරයන් පමණි. සංසදය තුල ඔබ ඊමේල් වලින් කොපි කර ලියන බ්ලොග් සටහන් සඳහා ඉඩනොලැබුනද දිවයිනේ කතුවැකිය කොපි කරන චූ බබාලාගේ බ්ලොග් නම් සිංහල බ්ලොග් කියවනයේ මුල් පිටුව තුළම වැජඹේ. ඔවුන්ගේ පහත් තත්වයට ලා සිංහල බ්ලොග්කරුවන් ගැන කතා නොකරන ලෙස ඉල්ලමු. පක්ෂාග්‍රාහී සිංහල බ්ලොග්කරුවන්කීම ඔවුන්ට කරන අපහාසයකි. තවත් සිංහලෙන් ලියන්න, සිංහල බ්ලොග් කියවනය යනු ලෝකයේ එකම බ්ලොග් කියවනය නොවේ. එයින් ඉවත්කිරීමෙන් ඔබ සිංහලෙන් ලිවීම නතර නොකලයුතුය. දැන් අපට ඇති තරම් බ්ලොග් කියවන ඇත. බ්ලොග් එක අයින් කලවිට තවතුරටත් ඔවුන්ගේ ඔවුන්ගේ අධෝමුඛය සිපගතයුතු නැත. බ්ලොග් ඉවත් කිරීමෙන් ඔවුන්ගේ අරමුණ වන්නේද ඔබව නිහඬ කිරීම නොවේද. එසේ නම් ඔබ නිරායාසයෙන්ම පරාජය වී නොවේද?
ඉදිරි ගමනට උනුසුම් සුභ පැතුම්. ජනතාවගේ බලාපොරොත්තු ඉටු කරන්න. ඔබට ජයෙන් ජය.
Hasiya said
දිගු ගමනකට කෙටි සුභ පැතුමක් මගෙන්
Nilo said
ඔබට අපේ සුභ පැතුම්… අපේ මව්බිමටත් එක්සත් ජාතික පක්ෂයටත් හොඳ සේවාවක් කරනු ඇතැයි අපට විශ්වාසයි… විශේෂයෙන්ම කළුතර වගේ ශ්‍රීලනිප බලකොටුවක ඔබ වැනි නැගී එන තරුවක් එජාපය තුල සිටීමම එක්සත් ජාතික පාක්ෂිකයන්ට හයියක්… අපේ “සදාහරිත” බ්ලොග් අඩවියට සුභ පතපු, සහය දුන්නු පළමු ක්‍රියාකාරී දේශපාලනඥයා පාර්ලිමේන්තු යෑම අපට ලොකු සතුටක්… ඔබට සාර්ථක දේශපාලන ගමනකට අපෙන් ආශිර්වාද..!!!
නදී said
ඔබට සුභ පැතුම් !!!
dilee said
go forward ,
we R with U!
kathandarakaraya said
මටත් හිතෙනව පලා බබෙක්වත් වෙන්න.
බණ්ඩාරගම හරියෙදිද කොහෙද දැක්ක ෆොටෝ එකක්. ජය වේවා.
අපි දියවන්නාව පැත්තෙ ආවොත් අර රුපියක් දහයේ බත් එකක් කන්න ඇහැකි වෙයිද?
කතන්දරකාරයා
upulpp said
උණුසුම් සුභ පැතුම්!
ඔබගේ සමහර මතවාද වලට මා තදින්ම විරෝධය පාන්නෙක් උවද,පාර්ලිමේන්තුව රියැලිටි ෂෝ එකක් වෙන්නට යන යුගයක ඔබ වැනි ස්ථාවර මතයක් සහිත දේශපාලකයන් සතු කාර්යභාරය සුලු පටු එකක් නොවන බව මාගේ විශ්වාසයයි.
බුධාජීව said
රටක් හැදෙන්නට ශක්තිමත් ආණ්ඩුවක් මෙන්ම, ශක්තිමත් විපක්‍ෂයක් සිටිය යුතුය. මෙතැනදී “විපක්‍ෂය” කියන්නේ ආණ්ඩුව කරන කියන හරි හා වැරදි හැමදේටම විරුද්ධ වන, රට ගැන නොව මීළඟට බලයට එන හැටි ගැන විතරක් හිතන රටේ විපක්‍ෂයක් ගැන නොවේ.
ඔබගේ පක්‍ෂයේ අකර්මන්‍ය නායකයා හා ඔහුගේ අදූරදර්ශී බව නොවන්නට, ලංකාවටද ශක්තිමත් විපක්‍ෂයක් තිබෙන්නට තිබුනේය.
කෙසේ වෙතත්, අලුත් ගමනට සුභ පැතුම්! ඉක්මනට පක්ෂය හදාගන්න!
බුද්ධි said
ඔබට සුබ පැතුම්!!!
Darshana said
ඔබ වැනි බුද්ධිමත් පිරිසක් පාර්ලිමේන්තුවේ සිටිනවා දැකීම තරම් වෙනත් සතුටක් ඡන්ද දායකයෙකුට නැත. විශේෂයෙන්ම ප්‍රබල විපක්ෂයක අවශ්‍යතාවය අපට තදින්ම දැනෙනව. අපිට දැන් පක්ෂ පාට භේද වලින් වැඩක් නෑ. නිවැරදි දිශාවකට රට මෙහෙයවීමට අවශ්‍ය ශක්තිය හා ධෛර්‍යය ඔබ ඇතුලු ආණ්ඩු පක්ෂ සහ විපක්ෂ සියලු පාර්ලිමේන්තු කණ්ඩාමට ලැබේවායි එක සිතින් ප්‍රාර්තනා කරමි.
තවද 50% කට ආසන්න පිරිසක් ඡන්දය වර්ජනය කළ අවස්ථාවක එම පිළ නියෝජනය කරන්නෙකු වශයෙන් ඉදිරි අවු 6 තුළ ප්‍රගතිය තව දුරටත් පාර්ලිමේන්තුවක් පවත්වාගෙන යනවාද නැද්ද යන වග අපි තීරණය කරන්නෙමු
ඔබට ජය
Thejan Rathnayake said
මතවාදීමය වශයෙන් වෙනත් තලයක සිටියත් ඔබ පාර්ලිමේන්තුවට පිවිසීම හිතපුරා සවුදිය පුරන්නට හේතුවක් මහත්මයාණෙනි. දැන් අලුත් මගක යන්නට ලංකාවේ දේශපාලන සම්ප්‍රදාය අලුත් කරන්නට හැකි තවත් පුද්ගලයෙක් පාර්ලිමේන්තුවේ සිටිනවා යයි ආඩම්බර විය හැකියි.ඔබටත් වෙහෙසෙන්නට වේවි. ඒ ලංකාවේ තොරතුරු තාත්ෂණය අදහස් ප්‍රකාශනයේ අයිතිය සුරැකීමට භාවිතා කළ යුතු අලුත් මගක් කරගන්නා ආකාරය පෙන්වා දීම උදෙසා යි. අපේ සහයෝගය ඔබ වෙත දිගටම ලබා දීමට බලාපොරොත්තු වෙමු. පටු පක්ෂ වාද භේද අතහැර වඩාත් උසස් මතවාදීමය සංවාදයන් සඳහා ඔබේ බ්ලොග් අඩවිය දිගටම සිංහලෙන් ද ලියන ලෙස ඉල්ලා සිටිනවා. එයට SBU හි පැවැත්ම අදාල කරගත යුතු නැහැ.
Harsha said
රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ එක්සත් ජාතික පක්ෂයට යළි බලයට පත්විය හැකිද?
හසිත ජයසූරිය said
එජාප පාක්ශිකයෙකු හැටියටද ආනන්දියෙකු හැටියටද මම ඔබට එක සිතින් සුබ පතමි.
Dharmapala Senaratne said
Wish You All the Best.
Hope you will maintain integrity and honesty at all times, unlike most politicians.
කණිෂ්ක said
යූඇන්පී කාරයෙකු වශයෙන් මගේ සතුට ප්‍රකාශ කරන අතර ඔබට ජය !!
dammike said
Congratualations!
rajaratamba2010 said
congradz sir!!!!!!!!!!