Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Archive for November, 2009

ජෙනරාල් සරත් ෆොන්සේකා ඉල්ලා අස්වෙයි; අපි ඔහුගේ ඉදිරි ගමනට සුබ පතමු. ජයෙන් ජයම වේවා!

Posted by Ajith on November 12, 2009

7031_159714526959_151916326959_3363580_505887_n

ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. ඒ සම්බන්ධයෙන් වන ඔහුගේ ඉල්ලා අස්වීමේ ලිපිය අද දහවල් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත යොමුකර ඇත.  

කරුණු 16ක් සඳහන් කරමින් ජනාධිපතිවරයා වෙත ඉල්ලා අස්වීමේ ලිපිය යවන ජනරාල්වරයා සදහන්කර ඇත්තේ තමාගේ කැමැත්තට එරෙහිව හමුදාපති ධූරයෙන් ඉවත් කර කිසිදු බලයක් නොමැති තනතුරකට තමා පත් කිරීම පිළිබඳව දැඩි කනස්සල්ලට පත්වන බවය. එසේම නොමග යන තොරතුරු මත පදනම් වෙමින් තමා කුමන්ත්‍රණයක සිටින බවට ජනාධිපතිවරයා තමන්ට දිගින් දිගටම චෝදනා එල්ල කිරීමත්, තම කාර්යාලයේ නිලධාරීන් තමා දිවයිනේ නොසිටි මොහොතක ඉවත් කිරීමත් පිළිකුල් සහගත බවද ඔහු කියා සිටී.

යුද ජයග්‍රහණය තහවුරු කර ගැනීම සඳහත් අනාගත කැරලි ඇතිවීම වැළැක්වීම සදහාත් ප්‍රමාණවත් පියවර ගැනීමට ආණ්ඩුව අසමත් වී ඇති බව සදහන් කරන සරත් ෆොන්සේකා මහතා නාස්තිය හා දූෂණයත් ජනතාවගේ අයිතීන් කප්පාදු කිරීමත් හේතුවෙන් ජනතාව ආර්ථික වශයෙන් විදින දුෂ්කරතා වඩාත් වැඩිවී ඇති බවද පෙන්වාදෙයි. ‍මවු බිමට සාමය සහ සෞභාග්‍ය ගෙන එන නව යුගයක් කරා රට ගෙන යාමට සමත්වන්නේ නම් හමුදාව විශාල කැප කිරීමක් කර ලබා ගත් ජය අපතේ නොයනු ඇති බවද ඔහු එහි සදහන්කර තිබේ.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , | Leave a Comment »

හෙන්රි ජයසේන අභාවප්‍රාප්ත වෙයි Henry Jayasena No More

Posted by Ajith on November 11, 2009

z_arts-p31-Onප්‍රවීණ කලාකරු හෙන්රි ජයසේන මහතා මීට ස්වල්ප වේලාවකට පෙර අභාවප්‍රාප්ත විය. රෝගාතුරව දකුණු කොළඹ ශික්ෂණ රෝහලට ඇතුළත් කර සිටියදී ඒ මහතා අභාවප්‍රාප්ත වු බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ. හෙන්රි ජයසේන මහතා වේදිකාව, සිනමාව හා රූපවාහිනිය හරහා සිය කලා කෞශල්‍ය විදහා දැක්වු ජ්‍යෙෂ්ඨ කලාකරුවෙකි. වේදිකාවෙන් හුණුවටයේ කථාව, සිනමාවෙන් ගම්පෙරලිය සහ රූපවාහිනියෙන් දූ දරුවෝ වැනි නිර්මාණ තුළින් හෙන්රි ජයසේන මහතා ජනතාවට වඩාත් සමීප විය. දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙන බව පවුලේ ඥාතීහු ප්‍රකාශ කළහ.

Veteran film and stage drama artist Henry Jayasena passed away this morning at the Kalubowilla Hospital .He was 78. Funeral arrangements will be notified later according to his family members.

Dr Henry Jayasena was born on July 6, 1931 in Bendiyamulla, Gampaha is an actor and dramatist. He had his primary Schooling in Padiyapellela in the Nuwara Eliya district in 1950. He passed the General Clerical Service Examination and secured a job with the Public Works Department (PWD). While with the PWD, Jaysena produced many of his most famous plays, Janelaya (1962), Thavath Udesenak (1964), Manaranjana Wedawarjana(1965), Ahas Malilga (1966), Hunuwataye Kathawa (1967), Apata Puthey Magak Nethey (1968), Diriya Mawa (1972), Makara (1973) and Sarana Siyoth Se Puthini Habha Yana (1975) were some of his well acclaimed plays.

Before retiring from government service, he also served as Deputy Director for the National Youth Services Council (Arts and Sports Division) and also at the Sri Lanka Rupavahini Corporation (Programmes Division).

(Ethayala.com and Wikipedia)

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , | 1 Comment »

ජෙනරාල් සරත් ෆොන්සේකාට ‘ඕඩර්’ දෙන්නට නිමල් වෙල්ගමට ඇති අයිතිය කුමක්ද?

Posted by Ajith on November 6, 2009

z_sec350

ජෙනරාල් සරත් ෆොන්සේකා - යුගයේ අභියෝගය පිළි ගැනීමට සූදානම්ව

”රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවනු” (දිවයින කතුවැකිය – නොවැම්බර් 04, 2009)

මේ අණ කිරීමකි. විධානයකි. නැතිනම් ඕඩරයකි. ‘ආදායකයාගේ ගිණුමට රුපියල් පන්දහසක් ගෙවනු’ වැනිම වූ ඕඩරයකි. ඕඩරය කරනු ලබන්නේ (නමින් කියා නැතද) අපේ රටේ ආරක්ෂක හමුදා ප්‍රධානි, හිටපු හමුදාපති සරත් ෆොන්සේකාටය. කියන්නේ ඇමරිකානු බලධරයන් සමඟ කතා නොකරන ලෙස විය හැකිය. (පළ කෙරුණු දිනය අනුව මෙය ලියැවෙන්නේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ඇමෙරිකාවෙන් පිටත්වීමට මත්තෙනි.) තම බත් බැලයන් ලවා ලියවාගෙන දිවයින නැමැති තම ජාතිවාදී පඩංගුව මාර්ගයෙන් මේ විධානය කරනු ලබන්නේ උපාලි විජේවර්ධන අතුරුදන් වූවායින් පසුව ඔහුගේ වැන්දඹුව විවාහ කොටගෙන විජේවර්ධන විසින් ගොඩ නැඟූ ව්‍යාපාර ජාලයට, ඉත්තෑවාගේ ගෙට කබල්ලෑවා රිංගා ගත්තාක් සේ රිංගාගෙන තමන් ලොකු මිනිහෙකැයි සිතා ඉන්නා නිමල් වෙල්ගමය.

මේ නිර්ලජ්ජිත ක්‍රියාව මාර්ගයෙන් නිමල් වෙල්ගම තමාගේ හා තම ස්වාමියාගේ සෙළුව කිහිප ආකාරයකින් ප්‍රකාශ කරයි. පළමුව ඔහු මෙරට රජෙක් විසින් ආණ්ඩු කරන්නේයයි සිතයි. මහ රජාණන්ගේ සුවච කීකරු බලු ගැත්තන් වන නිමල් වෙල්ගම වැන්නන්ට කොයිතරම් සුවදායී හැඟීමක් වුවද සිංහලේ අවසාන රජු ශ්‍රී වික්‍රම රාජසිංහ මැරී ගොස් දැන් බොහෝ කල්ය. නිමල් වෙල්ගමලා පිළි ගැනීමට අකැමැති වුවද දැන් මෙරට ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයකි. තමන් දේශයේ රජයැයි සිතා සිටින මෝඩයින් කතිර පහරින් ගෙදර යවන්නට නොපැකිළෙන ජනතාවක් ඇති ප්‍රජාතන්ත්‍රීය රාජ්‍යයකි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක බලයේ පවත්නා ආණ්ඩුව සමඟ එකඟ වීමට හෝ නොවීමට ජනතාවට පූර්ණ අයිතියක් ඇත. එය ඔවුන්ගෙන් උදුරාගත හැකි නොවේ. රජුට ද්‍රෝහීවීම ගැන නිමල් වෙල්ගමලා බයිලා කියන්නේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය පිළිගැනීමට ඇති නොකැමැත්ත නිසාය. හෙට තමන්ගේ මහලොකු රජා ජනතා ඡන්දයෙන් පරාජය වී ගෙදර යා හැකිය යන භයානක සිතිවිල්ල ඔහු සිත පෙළනවා විය හැකිය. තම පුවත්පත් මාර්ගයෙන් ජනතාව මුළාකොට, බිය ගන්වා රජුට එරෙහිව වචනයක් හෝ දෙඩීම මහා අපරාධයකැයි යන සිතිවිල්ල පැතිරවීමට ඔහු උත්සුක වන්නේ එනිසා විය හැකිය.

දෙවනුව රටේ ආරක්ෂක හමුදා ප්‍රධානියාට මෙසේ විධාන කරන්නට නිමල් වෙල්ගමට ඇති අයිතිය කුමක්ද? මෙරට LTTE ත්‍රස්තවාදයෙන් නිදහස් කරන ලද්දේ ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුතු යුද හමුදාවය. නිමල් වෙල්ගම හා ඔහුගේ අතවැස්සන් එකල කළේ යුද්ධය හා දේශප්‍රේමය වවාගෙන කෑම තුළින් තම ජාතිවාදී පුවත්පත් (දිවයින හා The Island) විකිණා ගැනීමය. යුද්ධයෙන් සදාචාරාත්මක නොවන ලෙස විශාල ආර්ථික ප්‍රතිලාභයක් ලද මේ පත්තර මුදලාලි දැන් ඒ යුද්ධයේම නියමුවන්ට පල් පාට් දාන්නට පටන් ගෙන ඇත්තේය. ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා නොවන්නට තමන් හා තම පත්තර කොම්පැණියද ඒ යුද්ධයේම කොටසක්ව නැති භංගව යන්නට ඉඩ තිබුණු බව මේ මිනිසා විසින් මෙතෙක් පහසුවෙන් අමතක කරන ලද්දේද?

තෙවනුව නිමල් වෙල්ගම කිසිම හිරිකිතයක් නැතිව දේශපාලන විචාරකයින් විසින් කුණු මාළු කෑල්ලක් ලෙසින් ඉවත දැමිය යුතුය සිතන විධායක බලය වෙනුවෙන් පෙනීසිටී. (මෙහිදී ඔහුගේ අරමුණු පැහැදිළිය. තම ලොක්කාට වැඩි බලතල ලබෙන්නේ නම් තමන්ටද වැඩි බලතල ලැබෙන බැව් ඔහු දනී.) මේ පුවත්පතකැයි සමහරුන් තවමත් වරදවා සිතා සිටින ඔහුගේ ජාතිවාදී පඩංගුවෙන් උපුටා ගත් වචනය.

”යුද්ධය නිමව ඇති නිසා විධායක බලතල තවදුරටත් මොකටදැයි සමහරු ප්‍රශ්න කරති. ධාරානිපාත වැස්‌සක්‌ වැස පෑවූ සැනින් මිනිසුන් මඟට බසින්නේ නැත. යළි ඇතිවිය හැකි වර්ෂාවෙන් ආරක්‍ෂා වීම සඳහා ඔවුහු කුඩයක්‌ ගෙන මඟට බසිති. ශ්‍රී ලංකාවේ කොටි බලය වැනසී ගිය ද කොටින්ගේ ජාත්‍යන්තර ජාලය තවමත් නිමාවට පත්වී නැත. එම ජාලයේ ප්‍රධානියා වන කුමාරන් පද්මනාදන් වමාරන තොරතුරුවල හැටියට ප්‍රභාකරන් තව පරම්පරා හතකට ප්‍රමාණවත් කොටි ජාලයක්‌ හදා ඇත. ඒ නිසා තවත් කලකට මේ බලතල පවත්වාගෙන යා යුතු බව ඉතා කෙටියෙනුත් පැහැදිලිවත් කියමු. රජුට ද්‍රෝහී වුවද රටට ද්‍රෝහී නොවන ලෙසට පැරණි සිංහල කියමනක්‌ තිබේ. මේ වෙලාවේදී සේනාධි නායකයා පළවා හැරීමට කරන උත්සාහයන් නිර්වචනය කළ හැක්‌කේ රටට ද්‍රෝහී වීමක්‌ ලෙස ය.”

අපි නිමල් වෙල්ගමට මෙසේ කියමු. බංකොළොත් දේශපාලකයින්ගේ වල්ගයේ එල්ලී ඔවුන්ට බැල මෙහෙවර කරමින්, තම පඩංගු ඔවුන්ගේ ඡන්ද ව්‍යාපාරය වෙනුවෙන් නිර්ලජ්ජිව, කිසිම සමබරතාවයක් නැතිව යොදවමින් කඩේ ගියාට කම් නැත. රට වෙනුවෙන් මහඟු මෙහෙවරක් කළ මිනිසුන්ට විධාන කිරීම නවතනු. ඔවුන්ට තමන්ගේ රාජකාරිය, දෛවය විසින් තමන් වෙත පවරා ඇති යුගයේ අව්ශ්‍යතාවය සපුරා ලීමට ඉඩ දෙනු.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , | 3 Comments »

“මා ඉතින් යන්න යනවා. මට යන්න අවසරයි.” නන්දන විමලාට බූට් එක දෙයි. පව් නේද?

Posted by Ajith on November 6, 2009

leaders

ජාතික නිදහස් පෙරමුණේ ලේකම් නන්දන ගුණතිලක සහ ජාතික සංවිධායක කමල් දේශප්‍රිය ඔවුන් එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වී ඇති බව වාර්තාවේ. ඔවුන් දෙදෙනා මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස්වරයාට ලිඛිතව දැනුම්දී ඇත. ඔවුන්ගේ ඉල්ලා අස්වීමට තුඩුදුන් හේතු සහිත විස්තරාත්මක ලිපියක් ඔවුන්ගේ ඉල්ලා අස්වීමේ ලිපිය සමග මැතිවරණ කොමසාරිස්වරයාට යවා තිබේ විමල් වීරවංශ පක්ෂය තුළ අනුගමනය කරන ක්‍රියාමාර්ග වලට විරෝධය පෑමක් වශයෙන් තමන් ඉල්ලා අස්වූ බව නන්දන ගුණතිලක සිය මාධ්‍ය හිතවතුන්ට පවසා තිබේ.

www.lankatruth.com

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , | 1 Comment »