Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP – අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Archive for August, 2009

සිංහල ජීවිතයක වටිනාකම ලක්ෂ පහකි. දෙමළ ජීවිතයක් සත පහක් වත් නොවටින්නේද?

Posted by Ajith on August 23, 2009

මිය ගිය දෙමළ දියණියන් දෙදෙනාගේ දෙමාපියන්. මේ මිනිසුන්ද අපේ රටේම පුරවැසියන් බව අපි කවරදාක නම් අවබෝධ කරගනිමුද?

මිය ගිය දෙමළ දියණියන් දෙදෙනාගේ දෙමාපියන්. මේ මිනිසුන්ද අපේ රටේම පුරවැසියන් බව අපි කවරදාක නම් අවබෝධ කරගනිමුද?

මේ රටේ වර්තමාන ආණ්ඩුව හා සමාජය බහුතර සිංහලයන්ට හා සුළුතරයන්ට සැලකීමේ ඇති පරස්පරය දෛවය විසින් අපට පෙන්වනු ලබන්නේ පුදුමාකාර විදියටය.

කෲර ලෙස ඝාතනය කරන ලද අහිංසක සිංහල තරුණයන් දෙදෙනකුගේ සිරුරු අඟුලානේ තිබී හමුවන්නේ සති කිහිපයකට පෙරය. දැන් මේ සිද්ධිය ඉතිහාසයට එක්වී හමාරය. වරදකරුවන්ට නිසි දඬුවම් ලැබුනේය අපි නොකියමු. එහෙත් මේ සිද්ධියෙන් පසු යම් පියවර ගන්නට ආණ්ඩුවට සිදුව ඇත. සිද්ධියට සම්බන්ධ පොලිස් ස්ථානාධිපතිවරයා තම සගයන්ද සමඟ රිමාන්ඩ්ය. සිංහල ජන මාධ්‍ය හැමෙකක්ම සිද්ධිය ගැන පිටු ගණන් කතා කොට ඇත. රටේ ජනාධිපතිවරයා මේ සිංහල ජීවිතයක් මිළ කරන්නේ රුපියල් ලක්ෂ පහකටය.

ඊට සතියකට පසු දෙමළ තරුණියන් දෙදනකුගේ සිරුරුද කොළඹ බෞද්ධාලෝක මාවතේ කුණු ඇලක තිබී හමුවේ. වයස අවුරුදු 13 හා 14 වයසේ මේ දැරියන් කොළඹ පැමිණ ඇත්තේ වැඩකාරකමටලු. පොලිසියට අනුව මේ මරණ ‘සිය දිවි නසා ගැනීම්ය’. අඟුලානේ තරුණයින් පාතාලයට සම්බන්ධ බව කීවේද පොලීසියමය. මාසයකට පමණ ඉහත අවාසනාවන්ත අන්දමින් මියැදුනු කාවින්දි අනුත්තරා දියණියගේම වයසේ මේ දෙමළ දියණියන් දෙදෙනා එකවිට දිවි නසා ගන්නට බෞද්ධාලෝක මාවතේ කුණු ඇළට ආවේ කොහොමදැයි පොලිසිය කියන්නේ නැත. ඔවුන් සිංහල බෞද්ධ නොවන නිසාදෝ සිංහල ජන මාධ්‍යවලට මේ නොවැදගත් ප්‍රවෘත්තියකි. එය වාර්තා කරන්නේද සන්ඩේ ටයිම්ස් බඳු මාධ්‍ය අතළොස්සක් පමණි.

සිංහල තරුණයන්ගේ මරණ වෙනුවෙන් කඳුළු හෙලූ, යළි එවැන්නක් සිදු නොවන්නේ යැයි මූණ ඉච්චාවට හෝ පොරොන්දු දුන්, රටේ ජනාධිපතිවරයාට මේ දෙමළ දියණියන් දෙදෙනාගේ මරණ ගැන කිසිම කැක්කුමක් නැත. උන් දෙමළනේ, ඔහු සිතනවා ඇත.

විහිළුව මේ සියල්ල මෙසේ සිදුවෙද්දීත් මේරටේ අන්ත වාර්ගික කොටස් දෙමළාට කිසිම ප්‍රශ්නයක් නැතැයි පුන පුනා කීමය. මේ රටේ සුළුතර ජන කොටස් හඬක් නැගීමට නොහැකි කමින් පීඩනයට බඳුන්වන ආකාරය ඉතාම ලෙහෙසියෙන් “ඕවා සිංහලයන්ටත් වෙනවාය” ආත්මාර්ථකාමී ලෙස ඕනෑකමින්ම සැඟවීමය.

ඇත්ත. මේ රටෙ සිංහලයන්ටද කිසි විටෙක සම්පූර්ණ සාධාරණය ඉටු වන්නේ නැත. අඟුලානේ තරුණයින් වෙනුවෙන් ලක්ෂ පහක් වත් ලැබෙන්නේද ගම් වැසියන් ඒ වෙනුවෙන් මහ හඬක් නැඟූ පසුය. නැතිනම් ඒ පවා විහාගයක් නැතිව යට යන්නට තිබුණේය. නමුත් හඬක් ඇති සිංහල බහුතරයටද එසේනම් හඬක් නැති දෙමළ සුළුතරයට මේ රජයෙන් සහනයක් ලැබේ යැයි අපි කෙසේ නම් සිතමුද?

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , | 7 Comments »

ටී. එම්. ජී. චන්ද්‍රසේකර: මර්වින් සිල්වාගෙන් ගුටි කෑ අහිංසකයාගේ වර්තමාන කතාව

Posted by Ajith on August 21, 2009

main8pic42007 දෙසැම්බර් මාසයේ දිනෙක, තමන් මෙරට බුදුන්ට පමණක් දෙවැනි මිනිසාය සිතා සිටින මර්වින් සිල්වා නම් මැරයා, තම තග් සහචරයන්ද කැටුව රූපවාහිනි සංස්ථා ගොඩ නැඟිල්ලට කඩා වදින්නේය. ඒ ඉන් පෙර දිනයෙහි ඔහු මාතරදී මංගල සමරවීරයන්ගේ මෑණියන් ගැන කී කුණු කතාවක් රූපවාහිනියෙහි ප්‍රචාරය නොකළැයි කේන්තියෙනි. විනය හා හැදියාව ගැන නිතර පොර ටෝක් දෙන කුරක්කන් රජ්ජුරුවන්ද මුල්පෙළෙහි තියාගෙන, මර්වින් සිල්වා කරන මේ ප්‍රකාශය මේ රටේ රජයේ මාධ්‍යයකින් පවා ප්‍රචාරය නොකළ හැකි අන්දමේ, ඔහුටම අපූරුවට ගැළපෙන වනචර කතාවකි.

මේ ඓතිහාසික රූපවාහිනි ගමනේදී මර්වින් සිල්වා හා ඔහුගේ තගයෝ රූපවාහිණියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ටී. එම් ජී. චන්ද්‍රසේකරට පහර දෙති. මර්වින් සිල්වා, චන්ද්‍රසේකර කමිස කොලරයෙන් ඇදගෙන සභාපතිවරයාගේ කාමරයට ඇද ගෙන යන්නට තැත්කරන මුත් ඒ උත්සාහය අසාර්ථක වේ. මේ අතර තම සගයාට නිරපරාදේ පහර දෙනු දකින රූපවාහිනී සේවකයෝ මර්වින් සිල්වාට අමතක නොවන පාඩමක් උගන්වති. තම ජීවිතයේ ප්‍රථම හා විශාලතම පරාජය මර්වින් සිල්වා ලබන්නේ එදිනය. හිසින් ලේ පෙරාගෙන, රෝස පැහැති තීන්ත නා ඔහු සංස්ථා භූමියෙන් පිට වන්නේ තෙමිච්ච කුකුළකු ලෙසිනි.

මින් සති කිහිපයකට පසු වරින් වර රූපවාහිනී සේවක පිරිසට මැර ප්‍රහාර එල්ල වේ. ඒවා පිටුපස සිටින්නේ කවරකුදැයි කිසිවකුට රහසක් නොවේ. අවසානයේ ජනාධිපතිවරයාගේ මැදිහත් වීමෙන් මේ සිද්ධි මාලාව නතර වේ. අරුමයකි. කිසිදු වරදකරුවෙක් දඬුවම් නොලබති. ඒ කුරක්කන් රජ්ජුරුවන්ගේ විජිතයේ නීතියය.

ඒ අතීත කතාවය.

වර්තමාන කතාව මීට වඩා ශෝචනීයය. මර්වින් සිල්වාගේ මැර ක්‍රියාවට සැබැවින්ම දඬුවම් ලබන්නේ ඒ අවාසනාවන්ත සිද්ධියට මැදි වූ අහිංසකයාමය. සිද්ධිය වන අවස්ථාවේ රූපවාහිනියේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂකගේ පුටුවේ වාඩිවී සිටි ටී. එම්. ජී. චන්ද්‍රසේකර මේ වන විට කාර්ය භාරයක් නැති නිලධරයකුගේ තත්ත්වයට ඇද දමා ඇත. ඔහු Eye චැනලයට මාරුකර යවා ඇති එකම නිලධරයා වේ. එහි ඔහුට කරන්නට යමක් නැත. වරෙක ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රවෘත්ති වාර්තාකරුවකු වූ චන්ද්‍රසේකර දැන් උදෑසන වැඩට පැමිණ පොත අස්සන් කොට නැවත සවස පොත අස්සන් කර ගෙදර යයි. ඔහුට වැටුප් ලැබෙතත් කරන්නට වැඩක් නැත.

මෙය ටී. එම්. ජී. චන්ද්‍රසේකරට පමණක් සීමාවූ දඬුවමක් නොවේ. මර්වින් සිල්වා සිද්ධියට සම්බන්ධ හැම කෙනකුටම මෙවන් දඬුවම් මාරු ලබා දී ඇත. ඒ ඔවුන්ගේ හැකියාවට කිසිසේත් නොගැළපෙන අංශ වලටය. මූල්‍ය අංශයේ නිලධරයන් පරිපාලන අංශයට මාරුකර යවා ඇත. ගණකාධිවරයකු පර්යේෂණ අංශයට යවා තිබේ. මේ කිසිම කෙනකුට තම නව පදවි යටතේ රූපවාහිනියට හෝ රටට කළ හැකි සේවාවක් නැත. එක අතකින් එය ඔවුන්ගේ කාලය වැනසීමකි. අනෙක් අතින් රටේ ජාතික ධනය වැනසීමකි.

රටේ මාධ්‍ය සියල්ලක්ම තමන්ගේ පෞද්ගලික දේශපාලන න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම උදෙසා නිර්ලජ්ජි ලෙස යොදා ගත යුතුය සිතන මෝඩ නායකයකු යටතේ මේවා සිදුවීම එක අතකින් පුදුමයට කාරණාවක්ද නොවේ. එය මේ කාලකණ්ණි පාලන තන්ත්‍රයේ තවත් අවාසනාවන්ත පැතිකඩක් පමණය.

SRI LANKA-MEDIA-KIDNAP-RESCUE

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , | 3 Comments »

ලක්ෂ පහක් කියන්නෙ උඹලට ස්වීප් එකක් ඇදුන වගේනෙ…

Posted by Ajith on August 21, 2009

otmq4155d5hlv0b2n3zzakjq_angulana_600

ලක්ෂ පහක් කියන්නෙ උඹලට ස්වීප් එකක් ඇදුන වගේනෙ…

කුරක්කන් මාමා අඟුලානේ තම දරුවන් අහිමි වූ දෙමාපියන්ට මෙසේ කීවේදැයි අපි නොදනිමු. සමහරවිට ඔහු, අද ඔවුන් තමන් හමු වූ අවස්ථාවේ එසේ සිතන්නට ඇත. මන්ද උතුරු නැඟෙනහිර යුද්ධයේදී රටට අහිමි කරන ලද දහස් ගණන් ජීවිත වලින් එකක් වෙනුවෙන් වත් ඔහු සතයක් වත් නොගෙව් නිසාය. බෝම්බ වලින් මියගිය වැඩිහිටියන් වෙනුවෙන් ඔහු ගෙව්වේ ගෙඩි රුපියල් 50,000 කි. දරුවන් වෙනුවෙන් රුපියල් 25,000 කි. මේ නිසා කුරක්කන් මාමාට අනුව ලක්ෂ පහක් යනු ජීවිතයකට ලොකු මිලකි. ඒකත් දෙන්නට ඇත්තේ ලෝබකමින් විය හැකිය.

ජීවිතයක් ලක්ෂ පහකට මිළ කොට එය දෙමාපියන්ට ගෙවා අත සෝදා ගෙන තමන්ගේ වගකීමෙන් නිදහස් වන්නට රටේ නායකයාට පුළුවන්ද? මේ මරා දමනු ලැබ ඇත්තේ තමන්ගේම දරුවන්ගේ වයසේ තරුණයින් දෙදෙනකු බව ඔහුට එතරම් ලෙහෙසියෙන් අමතක කළ හැකිද?

තමන්ගේ හිතුමතයට අහිංසකයන් මරා දමන තැනට පොලිසිය එක රැයින් ළඟා උනේ නැත. ඒසා බල සම්පන්න පොලිස් විජිතය ගොඩ නැඟෙන්නේ කුරක්කන් මාමාගේ පූර්ණ ආශිර්වාදය මැදය. සුදු වෑන්වලින් දවසට පහක් ගණනේ කෙරෙන පහර ගැනීම් බොරුකතා කියා කිසිම පරීක්ෂණයක් නොකර ඒවා අතුගා දමන්නේ කුරක්කන් මාමාගේම පාලන තන්ත්‍රයයි. මවිබිම පුවත්පතේ ලේඛිකාවක් කිසිම හේතුවක් නැතිව අත්ඩංගුවට ගත් විට පොලිසියේ ක්‍රියාව සාධාරණීකරණයට එන්නේ කුරක්කන් මාමාය. මාධ්‍යවේදීන් එකකුට පසු එකකු මැර ප්‍රහාරයට ලක් වීමේදී කුරක්කන් මාමාගේ ගෝලයින් කියන්නේ ඒ රට යන්නට මඟ පාදා ගනු පිණිස තමන් තමන්ටම ගහ ගන්න බවය. සිරසට ගැසීම ගැන කිසිම පරීක්ෂණ‍යක් සිදු නොවේ. ලසන්ත වික්‍රමතුංග තුච්ඡ ලෙස මරා දැමේ. කුරක්කන් මාමා මේවා අසා කවර හැඟීම් පහළ කර ගත්තේද අපි නොදනිමු. සමහරවිට ජීවිතයේ අනියත භාවය ගැන සිතා භාවනා කරන්නට ඇත.

පොලිසිය වැරදි ආදර්ශ ගන්නේ කුරක්කන් මාමාගේ මේ වැරදි ක්‍රියා කලාපය නිසාය. වැරැද්ද වැරැද්ද සේ පිළි ගන්නටත් ඒවාට දඬුවම් කරන්නටත් කුරක්කන් මාමාට කොන්දක් හා ඕනෑකමක් තිබුනේ නම් පොලීසිය මේතරම් හිතුවක්කාර තත්ත්වයකට පත් වන්නේ නැත.

මේ නිසා මහජන මුදලින් ලක්ෂ පහක්, තමන්ගේ පොකැට්ටුවෙන් ඇද දුන්නාක් මෙන් දී අත සෝදා ගන්නට කුරක්කන් මාමාට පුළුවන්කමක් නැත. අඟුලානේ පොලිස් වෙඩි පහරින් මළ තරුණයන්ගේ අවතාර ඔහුගේද සිහින වල හොල්මන් කරනු ඇත්තේය.

Posted in Uncategorized | Tagged: , , , , , , | 1 Comment »

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයේ අපකීර්තියට ලක්‌ නොවීමට නම් උතුරේ අවතැන් කඳවුරුවල සිටින ජනතාව ඉන් මුඳවා ගැනීමට වහා වැඩපිළිවෙළක්‌ ඕනෑගැනීමට වහා වැඩපිළිවෙළක්‌ ඕනෑ

Posted by Ajith on August 19, 2009

Hon_Ranil_Wickramasingheඋතුරේ අවතැන් කඳවුරුවල අති මහත් දුෂ්කර තත්ත්වයකට පත්ව ඇති ජනතාව ඉන් මුදවා ගැනීමේ හදිසි වැඩපිළිවෙළක්‌ ක්‍රියාත්මක නොකළහොත් තත්ත්වය ඉතා නරක අතට හැරී ලංකාව ජාත්‍යන්තර වශයෙන් අපකීර්තියට පත්වීම වැලැක්‌විය නොහැකි බව විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා පැවැසීය.

පෙරේදා (17 වැනිදා) ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේදී එක්‌සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු කණ්‌ඩායම අමතමින් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ අවතැන් කඳවුරුවල සිරවී සිටින ජනතාව වෙනුවෙන් විධිමත් වැඩපිළිවෙළක්‌ දියත් කරන ලෙස අවස්‌ථා ගණනාවකදීම ආණ්‌ඩුවෙන් ඉල්ලා සිටියද, මේ වන තුරු ආණ්‌ඩුව ඒ ගැන කිසිදු සැළකිල්ලක්‌ දැක්‌වූයේ නැති බවය.

අවතැන් කඳවුරුවල සිටින ජනතාවට සහන සැළසීම සඳහා පූර්ණ සහාය ලබා දීමට එක්‌සත් ජාතික පක්‍ෂය සූදානම් බව පුන පුනා ප්‍රකාශ කරද්දීත් ආණ්‌ඩුව කළේ අප පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුනට කඳවුරු කරා යැම පවා තහනම් කිරීම බවද විපක්‍ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

කඳවුරුවල වෙසෙන ජනතාවට සහන සැපයීමට එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම්වරයා ඉදිරිපත් කළ යෝජනා පවා ආණ්‌ඩුව නොසලකා හැරිය බවද දැන් වර්ෂා සමයේ මේ කඳවුරු බලවත් දුෂ්කරතාවනට මුහුණ දෙමින් ඇති බවද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

රාමනාදන්, ආනන්ද කුමාරස්‌වාමි සහ මැණික්‌ ෆාම් යන කඳවුරු මේ වන විට ජලයෙන් යටවී තිබේ. මේ කඳවුරු පහත් බිම්වල පිහිටා ඇති නිසා වැසි ජලය ඉක්‌මණින් බැස යන්නේද නැත. තාවකාලික වැසිකිළි උතුරා යමින් පවතී. මේ නිසා කඳවුරු බිම්වල ඇති ළිං ජලය අපිරිසිදු වී ඇත. සෞඛ්‍ය තත්ත්වය සීග්‍රයෙන් පිරිහෙමින් පවතී. වසංගත රෝග පැතිරීමේ ඉඩකඩ බොහෝය. කූඩාරම්වල වෙසෙන පවුල්වල වැඩිහිටියන්, කාන්තාවන් සහ ළදරුවන් දැඩි අපහසුතාවයකට ලක්‌ව සිටිති” යනුයෙන් පැවැසූ වික්‍රමසිංහ මහතා අවධාරණය කළේ මේ තත්ත්වයෙන් කඳවුරුවල සිටින ජනතාව ගලවා ගැනීමේ වගකීම සම්පූර්ණයෙන්ම ආණ්‌ඩුව සතු බවත්, ඒ වගකීමෙන් ගැලවීමට ආණ්‌ඩුවට නොහැකි බවත්ය.

කොටි සාමාජිකයන් හෝ ත්‍රස්‌තවාදයට සම්බන්ධ පුද්ගලයන් හෝ කඳවුරුවල සිටී නම් ආණ්‌ඩුව කළ යුත්තේ එම සැකකරුවන් රඳවා ගැනීම විනා ලක්‍ෂ තුනකට අධික ජනතාවක්‌ අවතැන් කඳවුරුවල කටුකම්බි මැද සිරකරුවන් බවට පත් කිරීම නොවන බවද වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , | 1 Comment »

Kurakkan mama abuses G.C.E (A/L) paper for his political gains?

Posted by Ajith on August 19, 2009

5580_116953827460_116024702460_2821874_8293254_n

I didn’t have time to check this (so please correct me if I am wrong) but it seems the G.C.E. (A/L) Sinhala II paper (Aug 19) today had been abused for Mahinda mama’s political gains.

According to what had been posted in my Face Book page these were two questions asked in the paper.

Question 1 : “The weapons of the LTTE which were taken into the custody of the SL Armed forces, during the Humanitarian Operations which in North, shows that the LTTE had an Agenda going beyond the EELAM Dream they showed to the world.” Write an essay with your views of this.

Question 2 : “There are various views on the negative impact some of the NGO’s operating in Sri Lanka are creating on the sovereignty, peace, culture and the development of the country” Write an essay elaborating your views on this.

It is sad the education has fallen into this low level under a government that sees no value of it.

Posted in Uncategorized | Tagged: , , , , , , | 1 Comment »

Floods hit Mahinda mama’s concentration camps; Human Rights Watch calls for the immediate release of Tamil civilians

Posted by Ajith on August 19, 2009

Three days of heavy rains have damaged or destroyed nearly 2,000 shelters housing the refugees in the Vavuniya District and in Menik Farm, according to the U.N. Office for the Coordination of Humanitarian Affairs.

phoca_thumb_l_02

An internal U.N. memo obtained by CNN painted a dismal picture for the refugees, who have been caught in mud flows and the runoff from flooded latrines.

“Due to heavy showers on 14 August 09 … many tents and toilets were submerged/badly damaged,” the memo said.

“Reportedly more than 300 families gathered together and marched towards the main access gate of the Zone to protest,” the memo continued. “Though … not violent, they seemed disgruntled and agitated due to the sufferings and expressed their resentment by hooting and making noises.”

phoca_thumb_l_09

The camps spread across northern Sri Lanka are home to about 280,000 people, who were displaced in the final months of the nation’s civil war.

The flooding came ahead of Sri Lanka’s monsoon season, which typically brings heavy rains to the country’s northeast from October till January.

“If the rain continues, which is very likely, then the overall situation may go out of control of the management and lead to serious security threat,” the memo warned, saying contingency plans are being “discussed and worked out.”

Human Rights Watch has called for the immediate release of Tamil civilians living in the camps, which are surrounded by barbed wire, saying they are being confined against their will, like criminals.

“Those are not detention camps,” Lakshman Hulugalle, a Defense Ministry spokesman, said in late July. “They are relief villages. All the basic facilities are being given to the people.”

phoca_thumb_l_04

Hulugalle said that barbed wire is commonly used to define barriers in Sri Lanka and that military guards were being used out of security concerns. The government fears that rebels are hiding in the camps and is screening people living in them.

Sri Lanka declared victory in May in its 25-year battle with the Tamil Tiger rebels, but concerns remain about how the island nation can heal its deep war wounds.

The rebels — formally known as the Liberation Tigers of Tamil Eelam — had waged war for an independent state for minority Tamils in Sri Lanka since July 1983. As many as 70,000 people were killed in the conflict.

Last month the government said it had a 18-day plan to resettle most of the refugees, but added that a lot of work remains to be done to infrastructure and basic services destroyed in the fighting.

Human rights activists say, however, that the government is not working fast enough.

Human Rights Watch said Sri Lanka’s goal now was to resettle only 60 percent of the refugees by year’s end.

6134_124411670939_634185939_2908004_1478478_n

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , | Leave a Comment »

Minister D. M. Jayaratne’s vehicle hits Buddhist monks

Posted by Ajith on August 8, 2009

DMJMinister of Plantation Industries D.M Jayaratnes’ vehicle had been involved in a collision in the Luhunuwatte area at around 11 am today.

The Minister had reportedly been travelling in the Uva Paranagama police division on an inspection when his vehicle had collided with that of a threewheeler, bearing six persons who had been on their way to cast their ballot at the Uva Urban Council Elections.

Four of the six passengers in the threewheeler, including three buddhist monks had recieved minor injuries in the incident while the driver of the threewheeler is said to be in a more serious condition.

Minister D.M Jayaratne had confirmed the incident to Daily Mirror online, adding that he had not been injured in the incident.

www.dailymirror.lk

Posted in Uncategorized | Tagged: , , , , , , | 3 Comments »

දියවඩන්නාගේ ඇත් දඩයම

Posted by Ajith on August 3, 2009

දියවඩන නිලමේ යනු ආගමික වැදගත්කමක් ඇති, හොඳ බෞද්ධයින් පමණක් විසින් දරණු ලබන වැදගත් පදවියකැයි බොහෝදෙනා විශ්වාස කරති. පදවිය පමණක් ගත් කළ එවැන්නක් නැත. පොලිස් කොස්තාපල් කෙනෙකුට ඇති රාජ්‍ය බලය පවා නැති, මේ නාමික පදවිය අතීතයේ වැඩවසම් යුගයේ සිට පැවත එන්නා වූ නෂ්ඨාවශේෂයකි. එහෙත් යම් යම් වකවානුකල වැදගත් මහත්වරුන් විසින් දැරීම තුළින් මේ පදවියටද ගෞරවයක් හා පිළිගැනීමක් හිමිවිය. නිශ්ශංක විජේරත්න හා නෙරන්ජන් විජේරත්න යනු මෑත භාගයේ එසේ පදවියට ගෞරවයක් ලබාදුන් වැදගත් දියවඩන නිලමේවරුන් දෙදෙනෙකි.

අනෙක් අතට නුසුදුස්සන් විසින් දැරීම තුළින් ඉතිහාසයේ යම් යම් වකවානු වල දියවඩන නිලමේ පදවිය ඊට හිමි ගෞරවය ලබා නොගත් අවස්ථාද ඇත. අද අන්තර්ජාලයේ විහිළුවක් බවට පත්ව සිටිනා, “අයි ඈම් ලෝඩ් බුද්ධාස් ඩෙන්ටිස්ට්” කියුවායැයි කියන හීන්බණ්ඩා උඩුරාවණද අපේ හිටපු දියවඩන නිලමේ කෙනෙකි.

nilanga_1වර්තමාන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල එතැනට එන්නේ තනිකරම දේශපාලන බලපුලුවන්කාරකමටය. දෑලට අවශ්‍ය වන්නේ කතරගම දේවාලයේ බස්නායක නිලමේකමය. එහෙත් ඒ පදවිය තම ඥාතිපුත්‍ර ශෂින්ද්‍ර රාජපක්ෂට දීමට බලාගෙන ඉන්නා රාජ්‍ය නායකයා උපක්‍රමශීලීව දෑලව දළදා මාළිගාවේ දියවඩන නිලමේ බවට පත් කරයි. මේ වෙනුවෙන් නොයෙක් පුද පඬුරු දීමටද රාජ්‍ය නායකයාට සිදුවේ. එහෙත් රට තම රජ පවුලේ පෞද්ගලික බූදලයක් යැයි සිතාසිටින ඔහුට ඒවා කරන්නට බැරි හිරිකිත දේවල්ද නොවේ. මේ වර්තමාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුහක සදාචාරයයි.

අරවින්ද ද සිල්වා මෝටර් රථ එකතු කරන්නාක්සේ ප්‍රදීප් නිලංග දෑලගේ විනෝදාංශය අලි ඇතුන් එකතු කිරීමයි. තමන්ගේ ආසාව නිසා කෙනකු අලි නොවේ කොටි එකතු කළත් අපට කමක් නැත. එහෙත් ඒ සඳහා කෙනකු තම පදවියේ බලය භාවිතා කර මහජන මුදල් වැය කරන්නේ නම් එය වරදකි. නිලංග දෑල කරන්නේ මෙයයි. ඔහු මුලින්ම රාජ්‍ය නායකයා ලවා තායිලන්තයෙන්ද බුරුමයෙන්ද අලි ගෙන්වා ගනී. ඉන්පසු ඔහුගේ ඇස ගැටෙන්නේ පින්නවල උපත ලබන කුඩා ඇත් පැටවුන් දෙදෙනෙකි. පින්නවලදී උපත ලබන එකම ඇත් පැටවුන්ද මොවුන්ය. (අලින් හා ඇතුන් අතර ඇති වෙනස ඇතුන්ට දළ තිබීමය.)

පුදුමයකට මෙන් මේ ප්‍රශ්නයේදී එක්තරා දුරකට තම සාම්ප්‍රදායික රාජ්‍යපාක්ෂිකභාවය හා ජාතිවාදී පුවත්පත් කලාව අතහැර සිටින ‘දිවයින’ පුවත්පත කියන හැටියට නිලංග දෑල මේ ඇත් පැටවුන් බැලීමට කිහිප වාරයක් පින්නවලට ගොස් ඇත. “ඔහොම හිටපන්, කවදා හරි උඹලා මගේ තමා” යි ඔහු මේ ගමන් වලදී සිතා ගන්නට ඇත.

["පුංචි" නමැති අම්මාටත් "නීලගිරි" නමැති තාත්තාටත් දාව "රාජු" නමැති සිඟිත්තා පින්නවලදී එළිය දුටුවේ 2006 වසරේ සැප්තැම්බර් මස දෙවැනිදාය. එසේම "ශාන්ති" නමැති අම්මාටත් "ජයසු" නමැති තාත්තාටත් දාව "සින්දු" නමැති සිඟිත්තා එහිදීම මෙලොව එළිය දුටුවේ 2006 නොවැම්බර් මස නවවැනිදාය. මෙසේ එළිය දුටු රාජුටත් සින්දුටත් අප මේ කතාකරන අලි හොරුන්ට තරම් මහා මේරු පර්වතය තරම් විශාල බලාපොරොත්තු තිබුණේ නැත. අම්මාගේ සෙනෙහෙ ගැලී, අම්මාගේ කිරිපොදක මිහිර විඳ කෙළි දෙලෙන් පසුවනවා මිස තවත් සතුටක්‌ මොවුන් දෙදෙනාට වෙන මොකටද?

මේ අලි පැටවුන් දෙදෙනා ගැන (අලි හොරුන්ට අමතරව) මහා මේඝයක්‌ තරම් බලාපොරොත්තු තිබුණා නම් ඒ වෙනකාටවත් නොව පින්නවල අලි රැකවලුන්ගේ කාර්ය මණ්‌ඩලයට පමණි. ලෝකයේ හොඳම අලි අභිජනන හා සංරක්‍ෂණ මධ්‍යස්‌ථානය වශයෙන් පින්නවල නමක්‌ දිනා යන ගමනේදී උපන් ප්‍රථම ඇත්පැටවුන් දෙදෙනා මොවුන්වීමද පැහැදිලිවම මව්-පියන් නමින්ම හඳුනා ගෙන තිබූ පෙළපත ඇත් ජානය ඉදිරියට ගෙනයැමට තිබු අනර්ඝතම අවස්‌ථාවක්‌ මෙය වීමද ඊට හේතුවයි. එහෙත්, කාටත් වඩා මේ පුංචි පැටවුන්ගේ දළ සටහන්වන තුරු ඇඟිලි ගනිමින් සිටි අයද පින්නවලට නිතර ආගිය බව වැටහුණේ කිරිවැරීමටත් පෙර මේ දඟකාරයින් දෙදෙනාට පසුගියදා මුහුණ දෙන්නට සිදුවු ඉරණම ගැන කල්පනා කිරීමේදීය.

- දිවයින ඉරිදා සංග්‍රහය 02-08-2009]

5370_112374263481_794478481_2195829_536731_n

එක් පියවරකින්ම තමන්ට පුද්ගලිකව මෙම ඇත් පැටවුන් හිමි කර ගත නොහැකි බව දන්නා නිලංග දෑල තමන් රාජ්‍ය නායකයා සමඟ ඇති කිට්ටු සම්බන්ධතාවය භාවිතා කර ඔවුන් අස්ගිරි හා මල්වතු විහාර වලට ‘පූජා කිරීමට’ කැබිනට් පත්‍රිකාවක් සම්මත කර ගනියි. ඉන්පසු දිනක රාත්‍රියේ තමාම පොලිසිය සමඟ පැමිණ අවි බලය යොදවා මහ ජරමරයක් කොට මේ කිරි බොන කුඩා පැටවුන් අමානුෂිකව හා බුදුන් වහන්සේ වදාළ අහිංසා ධර්මයට ඉඳුරා පටහැනිව මව් ඇකයෙන් උදුරාගෙන ගෙන යයි. ‘දිවයින’ මෙ පුවත් වාර්තා කරන්නේ මෙසේය (දිවයින මේ ප්‍රශ්නය ගැන දරණ ස්ථාවරය අනුමත කිරීමක් මින් අදහස් නොකෙරේ. මේ පහසුව තකා වාර්තාවක කොටසක් උපුටා ගැන්මක් පමණකි.):

[ක්‍රීඩා හා පොදු විනෝදාත්මක කටයුතු පිළිබඳ අමාත්‍ය ගාමිණී ලොකුගේ විසින් (පින්නවල අලි අනාථාගාරය අයත්වන්නේ ඔහුගේ අමාත්‍යාංශයටයි.) 2009-06-10 දින අංක 09/0970/341/012 දරන කැබිනට්‌ පත්‍රිකාව මගින් මල්වතු, අස්‌ගිරි උභය විහාරස්‌ථාන සඳහා අලි පැටවුන් දෙදෙනකු පින්නවලින් ලබාගැනීම සඳහා අනුමැතිය පතන අතර ඊට ලැබෙන කැබිනට්‌ අනුමැතියේ පරිදි අලි පැටවුන් දෙදෙනකු ලබාදීම සඳහා අවසර ලැබේ. එහෙත් එහිදී කිසි ලෙසකින්වත් ඇත් පැටවුන් දෙදෙනකු ලබාගැනීමට අනුමැතිය පළ නොවන අතර එම අනුමැතියේ "රාජු" සහ සින්දු යන පැටවුන් දෙදෙනා ලබා ගැනීමටද අනුමැතිය පළ නොවේ.

ඉහත තීරණය දඩමීමා කරගනිමින්, සහ මීට ප්‍රථම අභියාචනාධිකරණය මගින් ලබාදී ඇති තීරණයක්‌ පරිදි වයස අවුරුදු පහට අඩු පැටවුන් සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවෙන් (පින්නවල අයත්වන්නේ එම දෙපාර්තමේන්තුවටයි) ඉවත් නොකිරීමේ කොන්දේසියද කඩා දමමින් ඉකුත් (25) සෙනසුරාදා රාත්‍රි 8-9 ට පමණ අලි අනාථාගාරයට ස්‌වයංක්‍රීය අවිවල ආධාර හා රැකවරණය මැද්දේ පැමිණෙන දියවඩන නිලමේවරයා මාර්ග වසා බලහත්කාරයෙන් මවුඇකයේ කිරිඋරාබොමින් සිටි රාජු සහ සින්දු නමැති මේ ලාබාල පැටවුන් දෙදෙනා රැගෙන යන්නේ කිරි බුරුල තෙත්වු මවු ඇතින්නන්ගේ පමණක්‌ නොව උන් රැක බලාගත් සේවක මණ්‌ඩලයේද හදවත් තුළ වේදනා ජනිත කරලමිනි.

"සින්දු" තවමත් වයස අවුරුදු 2 යි මාස 8 ක්‌ වන කෙළිලොල් වියේය. "රාජු" ට වයස අවුරුදු 2 යි. මාස 10 සම්පූර්ණ වූවා පමණි. තවත් අවුරුදු දෙකක්‌වත් අම්මාගේ කිරි උරමින් කෙළි දෙලෙන් ඉන්නට තිබූ මේ දඟකාරයින් දෙදෙනා දැන් මව්වරුන්ගෙන් වෙන්ව දළදා මාලිගාව පිටුපස දියවඩන නිළමේ නිල නිවසට යාබද ගරාජයක්‌ තුළ රඳවා ඇත. ඒ නිකම්ම නොව හීලෑ කිරීම සඳහා මුගුරුවලින් පහර දෙමින් සහ හීලෑකිරීම සඳහාම කරනු ලබන යකඩ රත්කර පුළුස්‌සා දැමීම් මධ්‍යයේය.

- දිවයින ඉරිදා සංග්‍රහය 02-08-2009]

5aqaf455kpk2svmm4a5kme45_PresProsConferHonors-MAIN

රාජ්‍ය නායකයා සමඟ තමාගේ ඇති කිට්ටු සම්බන්ධතාව නිසා ලබන බලපුළුවන්කාරකම නිසා ප්‍රදීප් නිලංග දෑල තවත් කියන්නේ පරිසර වේදීන් මොනවා කිව්වත් ඇත් පැටවුන් යළි පින්නවලට භාර නොදෙන බවය. රාජ්‍ය නායකයා කියන කියන තැනකට වඳින නිවට තත්වයට පත්ව සිටින ජාතික හෙළ උරුමයේ චම්පික රණවක පරිසර අමාත්‍යවරයාද මේ ප්‍රශ්නයේදී කසාය බිව් ගොළුවකු මෙන් නිහඬය.

අප තවදුරටත් මේ පාපතරයින් බුදුන් වහන්සේගේ නාමයෙන් කරන මේ තුච්ඡ හිංසක ක්‍රියාවලියට ඉඩ දිය යුතුද?

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , , | 4 Comments »

අපේ කඳුළු කාවින්දි දියණිය වෙනුවෙන් පමණක්ද? අයේෂා, නිරෝෂා දියණියන්ගේ ජීවිත අපට නොවැදගත්ද?

Posted by Ajith on August 1, 2009

පසුගිය ජූලි 25 වැනිදා ශ්‍රී ලංකාවේ ස්ථාන දෙකකදී, එකකට එකක් සම්බන්ධයක් නැති එහෙත් එකිනෙකට අතිශයින් සමාන සිද්ධීන් දෙකක් සිදුවූයේය. එකක් කොළඹය. අනෙක පොළොන්නරුවට නුදුරු බකමූනේය.

ජංගම දුරකථනයක් සම්බන්ධ සිද්ධියක් නිසා කොළඹ මියුසියස් විද්‍යාලයේ අනුත්තරා කාවින්දි ජයවර්ධන (14) ගෙළ වැළ ලා දින තුනකට පසුව එදින මිය ගිය අතර බකමූණ ගඟේයාය කනිෂ්ඨ විද්‍යාලයේ අයේෂා ගයානි කුමාරි (15)ද, නිරෝෂා සංජීවනී (15)ද හේතුව අපැහැදිළි සිද්ධියක් නිසා එදිනම කනේරු ඇට කා දිවි තොර කර ගත්හ. සිද්ධීන් දෙකම සම්පූර්ණයෙන් පැහැදිළි නැති මුත් අඩු වැඩි වශයෙන් ගැටවර වියේ ප්‍රේම සම්බන්ධතාවයන් ඒවාට මුල් වන්නට ඇතැයි සිතිය හැකිය. එනයින්ද සිද්ධීන් දෙක අතර යම් සම්බන්ධතාවයක් ඇත.

3-2

එකම දිනයේ එක හා සමාන වයසේ මල් කැකුළු තුනක් පරවී ගියේය. සමාජයක් හැටියට අප පොදුවේත් ජන මාධ්‍ය විශේෂයෙනුත් මේ ජීවිත තුනට දී ඇත්තේ එකම අගයක්ද?

නැත. අපි මින් එක ජීවිතයක් ගැන දුක්වෙමු. මහ සයුර පිරෙන්නට මෙන් කඳුළු හෙළමු. පත්තර පිටු පුරවමු. (සති අන්තයේ මා දුටු සියළු පුවත්පත් කාවින්දිගේ මරණය වෙනුවෙන් අඩු තරමින් පිටුවක් වෙන් කොට තිබිණි.) බ්ලොග් ලියමු. වාද කරමු. ශෝකය පළ කරමු. කාවින්දිගේම වයසේ අයේෂාත්, නිරෝෂාත් අපට අවැදගත්ය. ඔවුන් වෙනුවෙන් හෙළන්නට අපට කඳුළු නැත. හරියට “මේ ගොඩේ කෙල්ලො කනේරු ඇට කාල මළාම අපි මොනව කරන්නද?” අහනවා වගේය.

සමාජයේ පිරිහීම ගැන අනුන්ට බණ කියන අපේ සමහර ජන මාධ්‍ය ඇතුළතින් කොයිතරම් පිරිහී ඇත්ද යන්න පෙන්වීමට ඔවුන් මේ සිද්ධි දෙක වාර්තා කළ එකිනෙකට ඉඳුරාම වෙනස් ආකාර පමණක් දැක්වීම සෑහේය.

කාවින්දි පිළිබඳ සිද්ධිය වාර්තා කිරීමේදී පුවත්පත් ඇගේ නම හෝ විද්‍යාලයේ නම සඳහන් නොකිරීමට වග බලාගත්හ. ඇය ගැන සඳහන් කරන ලද්දේද ‘සිසුවිය’ ලෙසිනි.

[මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ මාලඹේ පදිංචි නවය වසරේ ඉගෙනුම ලබන 14 හැවිරිදි පාසල් සිසුවියක බව දන්වා සිටි පොලිසිය ඒ පිළිබඳව කීප දෙනකුගෙන් ප්‍රකාශ ලබා ගැනීම සිදු කළ බවත් මහෙස්‌ත්‍රාත් පරික්‍ෂණයට සාක්‌ෂි කැඳවීමට අවශ්‍යව ඇති බවත් කියා සිටියේය. - දිවයින 2009.07.29]

මේ දිවයින පුවත්පතම අයේෂාගේත් නිරෝෂාගේත් මරණ වාර්තා කරන්නේ ඊට ඉඳුරා වෙනස් ලෙසය. එහිදී පාසලේ නම හෝ ඔවුන්ගේ සම්පුර්ණ නම් දෙමාපියන්ගේ නමත් ඇතුළුව සඳහන් කිරීමට දිවයිනට කිසිම පැකිළීමක් නැත. කොළඹ දියණියට ‘සිසුවිය’ ලෙසින් කෙරෙන ආමන්ත්‍රණය ගමේ දියණියන් සම්බන්ධයෙන් ‘නැමැත්තිය’ වෙයි.

[...ඒ මහතා එසේ පැවැසුවේ බකමූණ ගඟේයාය කනිෂ්ඨ විද්‍යාලයේ 10 වසරේ සිසුවියක වන මොහොට්‌ටාලලාගේ අයේෂා ගයානි කුමාරි (15) නමැත්තිය කනේරු ඇට කා මිය යැමෙන් පසු 2009 ජූලි 25 දින (ඊයේ) දඹුල්ල රෝහලේදී පශ්චාත් මරණ පරීක්‍ෂණය පවත්වමිනි.

දඹුල්ල මූලික රෝහලේදී පැවැති පශ්චාත් මරණ පරීක්‍ෂණයේදී හදිසි මරණ පරීක්‍ෂක පියදාස වනසිංහ මහතා ඉදිරියේ සාක්‍ෂි දුන් මියගිය මොහොට්‌ටාලලාගේ අයේෂා ගයානි කුමාරි සිසුවියගේ මව වන හේරත් මුදියන්සේලාගේ පොඩිමැණිකේ (55) නමැත්තිය මෙසේ පැවැසුවාය.

"මේ මියගියේ මගේ හයවන දරුවා. ලොකු දරුවන් දෙදෙනා විවාහකයි. ඉතිරි අය අපේ ගෙදරයි ඉන්නේ. සිද්ධිය වුණු 24 වැනිදාත් දුව පාසල් ගිහින් ඇවිත් කෑම කාලා නාන්න ගියා. ඊට පැය කාලකට විතර පස්‌සේ බකමූණ පොලිසියෙන් ඇවිත් දුව ඉන්නවද ඇහුවා. මම ඔව් කිව්වා. එතකොටත් ජීප් එකේ තව ළමයෙක්‌ හිටියා. පොලිසියෙන් කිව්වා මේ ළමයි කනේරු ඇට කාලා රෝහලට ගෙනියනවා කියලා. රෑ අටයි තිහට විතර දුව මියගිහින් කියලා දැනගත්තා. දුවගේ ප්‍රේම සම්බන්ධයක්‌ ගැන දන්නේ නැහැ. මොනවා හරි වැරැද්දකට ගුරුවරු දෙමවුපියන් ගෙන්වනවා කියාවි කියන බයට කනේරු ඇට කන්න ඇති." - දිවයින 27-07-2009]

කණගාටුවට මෙන් බ්ලොග් අවකාශයෙහි හැසිරීමද මීට නොවෙනස්ය. කාවින්දි වෙනුවෙන්ම දැනටමත් අඩු තරමින් සිංහල ඉංග්‍රීසි බ්ලොග් විසිපහක් වත් ලියැවී ඇතැයි සිතමි. අයේෂාත් නිරෝෂාත් වෙනුවෙන් එකම බ්ලොග් එකක් වත් නැත. ඔවුන් වෙනුවෙන් කතා කරන්නට කෙනෙක් නැත. හැම කෙනෙකුටම වැදගත් කොළඹ දියණියයි. හැමෝටම වටින්නේ ඇගේ ජීවිතයයි. ගමේ දියණියන් කාටවත් වැදගත් නැත. ඔවුන්ගේ ජීවිත තුට්ටුවකට වත් වටින්නේ නැත.

අනේ, එකම විදියට අපට අහිමි වන ජීවිත වෙනුවෙන් අපට එකම විදියට සලකන්නට බැරි ඇයි? ගමේ-කොළඹ; දුප්පත්-පොහොසත්; සිංහල-දෙමළ භේදයකින් තොරව මිනිස් ජීවිත වලට මිනිස් ජීවිත වලට ලැබිය යුතු සැබෑ වටිනාකම දෙන්නට අපට බැරි ඇයි?

ලක්බිම පුවත්පත කාවින්දි දියණියගේ මරණ දැන්වීම පළ කළේය. කිසිම පුවත්පතක් අයේෂාගේත්, නිරෝෂාගේත් මරණ දැන්වීම් පළ නොකළ නිසා මට ඒවා උපුටා දක්වන්නට නොහැකිය.

අපට අකාලයේ අහිමි වූ මේ දියණියන් තිදෙනාටම සසර කෙළවර නිවන් සුව ප්‍රාර්ථනා කරමි. නැවත මනු ලොව උපදිතොත් මේ පහත් සමාජයේ නොව දුප්පත්-පොහොසත්, ගමේ-කොළඹ, සිංහල-දෙමළ භේදයකින් තොරව හැම දෙනාගේම ජීවිත වලට ගරු කරන සමාජයක උපත ලැබීමට වාසනා වේවායිද ප්‍රාර්ථනා කරමි.

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , | 19 Comments »

What Next? Sri Lanka to ban Condoms?

Posted by Ajith on August 1, 2009

Returning to the pre-colonial feudal system might be what the Emperor wants. Sadly he will not achieve even that and end up making Sri Lanka another Taleban.

Not a developed society in contemporary standards, but even the feudal Sri Lankan society was not a closed one. No women were publicly stoned for adultery. Nudity was never seen as obscene. In the Kotte era, immediately before the Portuguese period, noble women bathed in public near-naked. (Selalihini Sandeshaya) In Sigiri frescoes the attendants were depicted with jackets, while the fair skinned maidens were topless. Since the practice was banned by British, mind you, not by any of our own rulers, the low caste rodiya women were never allowed to cover their tops.

new_vstup-do-bud

Kandyan girls visiting Temple of Tooth (Dhalada Maligava) – a painting by Czech artist T. F. Simon circa 1910

Now The Emperor wants to ban everything even distantly related to sex -as if he had just come from Iran, having spent half of his life there.

Pornography is not for children. They should neither be consumers not actors of porno movies. We all agree. Still when it comes to adults, it should be individual choice. Who is Mahinda Yapa Abeywardena to decide what the adults do? Would it be different from him with a lamp in his hand, standing on the bed and instructing a couple what to do and not in sex? Who has given such powers to this pathetic dirty old man? Isn’t his job only to maintain the archeological sites?   

If he insists doing that all we can conclude is this man having serious sex related problems. Perhaps his wife or mistress is not anymore capable of offering what he wants. So Mahinda Yapa Abeywardena could be jealous when he see others enjoying healthy sex lives.

Having banned twelve adult sites (not just porn sites, but even an adult friend finder site was in the list), mobile phones for students and teachers the next possible step for the government to ban public using condoms. A married couple, the government can argue, does not need condoms. In their books, the sole purpose of having sex is reproduction. (So the country gets enough boys to be employed in the over-grown army and be ordinate) In their feudal mind sets having sex for fun is confined for VIPs – not for general public. So it is not impossible for them to think the possibility.

What about HIV/AIDS and STDs? No problem. Nimal Siripala De Silva, Minister of Health says the sole reason Sri Lanka to be a low prevalence country is we as a society refrain from multiple sexual relationships. Not sure how he came to this conclusion. Perhaps Mr. Archimedes is thinking multiple sex relationships is a privilege reserved for VIPs like him. His explanation does not say why other Sexually Transmitted Diseases are highly prevalent in Sri Lanka, but hope it does not prevent the government banning condom use.

It looks like these jokers are going to leave enough rubbish for a future UNP government to clean. All I hope is people stop them before irreparable damage is being done.

india_ethnic_nude098

Posted in Uncategorized | Tagged: , , , , , , , , , , , , , , , , , , , , , , , | 12 Comments »