Dare to be different

Ajith P. Perera, Chief Organiser, Bandaragama, UNP - අධිනීතිඥ අජිත් පී. පෙරේරා, ප්‍රධාන සංවිධායක, බණ්ඩාරගම, එක්සත් ජාතික පක්ෂය

Archive for March 21st, 2008

ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිතුමාගේ අභාවය ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවක් - රනිල් වික්‍රමසිංහ Opposition leader appreciates the role played by Sir Arthur Clarke

Posted by Ajith on March 21, 2008

medium_clarke0319.jpg

ශ්‍රී ලංකාව සිය වාසභූමිය කර ගනිමින් මෙරටට මහත් ගෞරවයක් හිමිකර දුන් කීර්තිමත් ජාත්‍යන්තර විද්‍යා ලේඛක ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිතුමාගේ අභාවය පිළිබඳ පුවත අසා මම අතිශයින්ම සංවේගයට පත් වීමි.
 
අනාගත ලෝකය පිළිබඳ අපූර්ව ආකාරයේ ප්‍රබන්ධකරණ රැසක නියැලෙමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිතුමා මුල් වරට ලෝක ජනතාවගේ සුවිශේෂ අවධානයට පාත්‍ර වූයේ මීට දශක පහකට පමණ එපිට වකවානුවකදීය.

අපගේ වත්මන් ජීවිතයේ විවිධ පැතිකඩ හා බැඳී පවතින පෘථිවි චන්ද්‍රිකා තාක්‍ෂණය පිළිබඳව මෙන් ම තවත් බොහෝ නූතන තාක්‍ෂණික සංසිද්ධීන් පිළිබඳ ලෝක අවධානය යොමු කරමින් ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිතුමන් විසින් පත් කළ විද්‍යාත්මක අනාවැකි ලෝකයේ ගමන් මග වෙනස් හා වේගවත් කිරීමට සෘජු ලෙස ම ඉවහල් විය.

තමන් ලෝක අවධානය දිනා ගත් සුවිශේෂී හා සම්බාවනීය පුද්ගලයෙකු බවට පත් වෙමින් සිටියදීම ඉන්දියන් සාගරයේ පිහිටි ස්වාභාවික සම්පතින් පිරි ලංකාව සිය වාසස්ථානය කර ගැනීමට හා අනතුරුව තමන්ට හිමිවන බොහෝ අවස්ථා උපයෝගී කර ගනිමින් මෙරට කෙරෙහි ලෝක වාසීන්ගේ අවධානය යොමු කිරීමට ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිතුමා තුළ පැවති නැඹුරුව කෘතවේදීව සිහිපත් කරමි.

ශ්‍රී ලංකාවේ යොවුන් පරපුර වෙත ලොව නවීනතම තාක්‍ෂණික ඥානය ලබා දිමට හා ඒ ඔස්සේ ඔවුන්ගේ අනාගතය දීප්තිමත් කරලීමට ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිතුමා ඉටු කළ සුවිසල් මෙහෙය මෙරට යොවුන් පරපුර මහත් කෘතවේදීතවයෙන් යුතුව සිහිපත් කරනු නො අනුමාන ය.

ශ්‍රී ලාංකික අප ඇතුළු සමස්ථ ලෝ වාසීන් වෙනුවෙන් සිය ජීවිත කාලය මුල්ල්ලේම ප්‍රශස්ත මෙහෙවරක් ඉටු කළ ශ්‍රීමත් ආතර් සී ක්ලාක් මැතිතුමාගේ අභාවය තත්කාලීන ලෝකයට පිරිමැසිය නොහැකි පාඩුවක් වනු නියතය

රනිල් වික්‍රමසිංහ
විපක්‍ෂනායක

Posted in Uncategorized | Tagged: , , | No Comments »